Wednesday, December 15, 2010

චීන බෙර පදයට අඩව් අල්ලන අපේ ඈයෝ: ලියු ෂාබො ගැන පසුවදනක්





ලංකා දීප පුවත් පතෙහි තිළිණි ද. සිල්වා විසින්ලංකාවත්නොබෙල් උළෙලට ලංකාවත් නෑ” රචිත සටහනක ලංකාව නොබෙල් තාග්‍ය ප්‍රධානෝත්සවය වර්ජනය කිරීමට තීණ්දු කර ඇතයි ලියා තිබිණි. එය මෙසේ ය: “නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර දී අනිද්දා (10) පැවැත්වෙන නොබෙල් සාම ත්‍යාග ප‍්‍රදානෝත්සවය වර්ජනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කැර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. චීන සිරකරුවකු වන ලියු ෂියා ඕ බෝ එම සම්මානයට තෝරා ගැනීම ගැන චීනය විරෝධය පළකරයි. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින”


පසුගිය සතියේ සිකුරාදා (10) හෙවත් ජගත් මානව අයිතිවාසිකම් දින, ඔස්ලො නුවර පැවති නොබෙල් ත්‍යාග ප්‍රධානෝත්සවයේ සාම තග්‍යය සඳහා වූ සහතික පත්‍රය හිස් අසුනක් මත තබා, නොබෙල් ත්‍යග ප්‍රධානෝත්සවයට පැමිණි සියලු අරාධිත අමුත්තෝ 2010 සාම ත්‍යගලාභි චීන ජාතික පනස්-පස් හැවිරිදි ලියූ ෂාබො හට ගෞරව කළේ ය. ලංකාව, රුසියාව, සවුදි අරාබිය, පකිස්තානය ඇතුලු රටවල් 16ක් එම උත්සවය වර්ජනය කළේ, චීනයේ බලපෑම මත හෝ මානව අයිතීන් කඩකරන්නා වූ රජයන් සහිත හෝ චීනය සැනසවීම සඳහා ය. සාමාන්‍යයෙන් අතිමහත් ලෙස ආණ්ඩුවේ ජනමාධ්‍ය හොරණෑවලින් ඉතිහාසය, බටහිර සමජ ආර්ථික දීනත්වය පුරම් බානා විශාරදයන් මෙවර නොබෙල් ත්‍යගය පිළිබඳ නිහඬ වත රකිනු බව පෙනේ. ශ්‍රී ලංකාව ස්වකීය ලොකු අයියා වූ චීනයට ගොටු ඇල්ලීම පිණිස ඔස්ලෝ නුවරට නොගියා විය හැකි ය; යුධ අපරාධ ලේබලය අලවා ගෙන සිටින නායකත්වය මානව අයිතිවාසිකම් අහලකවත් නොසලක රටවල් සමඟ තිබෙන සම්බන්ධතාවන් නිසා නොයන වා විය හැකි ය; සමහර විටක, එක් වරක් යුරෝපයට ගොස් දෙමළ ඩයස්පොරාවේ උදහසට පාත්‍රවීමකට භාජනය වීමට ඇති භිය නිසා එසේ නොගියා විය හැකි ය.


කෙසේ වෙතත්, මේ සියලු ක්‍රියාවලියන් මගින් මතුවන්නේ චීන කොමුනිස්ට් ආණ්ඩුවේ ඇති ව්‍යජ වෙස් මුහුණ ය. චීනය මධ්‍යස්ථ රටක් ලෙසින් විසි එක්වෙනි සියවසේහි නැගී සිටින බව, ඔලිම්පික් උත්සවය සමඟ ඔවුන් රඟ දැක් වූ ව්‍යජ ජවනිකාව ය. ඔවුන් පෙනි වූයේ චීනය නවීකරණය වූ ප්‍රගතිශිලි රටක් ලෙසින් ය. එහෙත් විකල්ප මත දැරීම හෝ ජාතික රජයේ අදහසට විරුද්ධ මත දැරීම හෝ නිදහස් භාෂණය තදින් ම පගා දමා තිබෙන, සත්‍ය විකෘති කොට ආණ්ඩුවට පක්ෂ මතයන් වඩවා ගන්නට උත්සහ කරන පාලනයක් බව මෙකී තාග්‍යය සමඟ නැවත මතු වී පැමිණින. ලංකාව වැනි රටක මිහිදු දේශපාලනය චීනය ආදර්ශයට ගෙන මැරෙන තුරා රජකම් කිරීමට පාර කපමින් සිටි යි. උතුරු කොරියාවේ කිම් ඉල් සුන් (1912-1994) සහ කිම් ‍ජොන් ඉල් (උ. 1941), කියුබාවේ කැස්තෝ, ලිබියාවේ ගඩිපි, සිම්බාබුවේ රොබට් මුගාබේ (උ. 1924) ආදීන් පිඩිත ජනතාවගේ කර මතින් පාලන බලයට පැමිණ අද දක්වා ම, ස්වකීය බලය ආරක්ෂා කරගැනීමේ සාහිතිශය පිඩයන් වී සිටිති. අතීතයේ ද බ්‍රිතන්‍ය පාලනයට එරෙහි ව සටන් වැද, රාජ්‍ය බලය නතු කර ගත් ඉඩි අමින් අවසානයේ මිලියන ගණනක් ස්වකීය ජනතාව මරා දැමී ය. අපේ ජනපතිගේ මිතුරන් මොවුන් වැන්නවුන් ය.


චීනය එදා පටන් ම, නිදහස් මතධාරීන්, විකල්ප මතධාරීන්, විරුද්ධ මතධාරින් ස්වකිය අදහස් ප්‍රකාශ කිරීමේ ලා හෝ විශාරදයන් වෙනත් රටවල් සඳහා යාම වැළැක්වීමට සිර කොට තබයි.


ලූ ෂිබෝ හට නොබෙල් ත්‍යග ප්‍රධානය පිළිබඳ චීන විදේශ කටයුතු භාර අමාත්‍යවරිය ජියන් යූ පසුගිය දිනක පැවසුවේ, “චීන නිතීය යටතේ වරදකාරුවෙකු වූ සිරකරුවෙකු නොබෙල් තග්‍ය ප්‍රධානය කිරීමට තීරණය කිරීම, චීනය තුළ ධාමරිකකම් කිරීමට ප්‍රසිද්ධියේ කරන ධෛර්යමත් කිරිමකි; චීනයේ නීති පද්ධතිය හැල්ලුවකට ලක් කිරීමකි. චීනයේ නෛතික ස්වරීත්වය එල්ල කළ දරුණු පහරකි.”


ලියූ ෂාබො ස්වකීය මතය ප්‍රකාශ කිරීම නිසා අවුරුදු එකළොසක සිර බත් කමින් සිටී; නොබෙල් සාම තාග්‍ය ප්‍රධානය පිළිබඳ නිවේදනය නිකුත් කළ ඔක්තෝබර් මස සිට ම, කිසිදු හේතුවක් නැති ව ඔහුගේ භාර්යාව නිවාස අඩස්සියේ තබා ඇත. චීනය එතරම් ම භියටත්, ලැජ්ජාවටත්, මානව අයිතිවාසිකම් හැල්ලූ කිරීමට පත් වී ඇත. වරද කරුවාට පමණක් නොව, ඔහුගේ භාර්යාව ලීයූ ෂා පවා නිවාස අඩස්සියේ තැබීමට තරම් ජීයන් යූ මහා හරසරින් දක්වන චීන නීතී පද්ධතිය හැල්ලු ය; බාල්දු ය. මේ ගැන මොන කතා ද? කන්න ඕනෑ විට, අප රටේ මෙන් ම චීනයෙත්, කබරගොයාත් තලගොයා ය.


නිදහස් භාෂණය සඳහා චීන ජනතාවට අයිතිය ඇත්තේ නීතීයේ සීමාවන්ට යටත් ව ය; ඒ කොමියුනිස්ට් පක්ෂයේ මතයට හානියක් හෝ විවේචනයක් නොමැති ව ය. පසුගිය දිනක ගූගල් සෙවුම් පද්ධතිය ද චීනයෙන් ඉවත් වී ගියේ ඔවුන්ගේ පාදඩ සීමාවන්ට තව දුරටත් හිස නැමිය නොහැකි නිසාවෙන් ය. චීනය දැනටමත් “ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයට (World Wide Web)” විකල්ප අන්තර්ජාල පද්ධතියක් පිහිටුවා ගෙන ඇත.


සමහර විට ලියූ ෂාබො ගේ නොබෙල් ත්‍යගය ලැබීම චීන ජනතාවට 1989යේ තිනමන් චතුරස්‍රයේ වූ මහා රුධිර ගැලීම සිහි ගන්වන්නේ හෙතෙම එකී විරුද්ධතාවන්ට පක්ෂ ව ශිෂ්‍යශිෂ්‍යාවන්ට ප්‍රසිද්ධියේ ධෛර්ය දුන් නිසාත්, හෙතෙම ඒ සඳහා සිරගත කොට තැබූ නිසාත් ය. ලියූ ෂාබො ද ස්වකීය සාම නොබෙල් තග්‍යාය “ජුනි 4 වෙනි ඳා අහිමි වූ අත්මයන්ට කැප කරන ලදී.” ඔහු මෙසේ ස්මර්ණය කළේ, 1989 වසරේ දී තීනමින් චතුරස්‍රයේ ප්‍රජාතන්ත්‍රවාදය තකා උද්ඝෝෂණය කොට මරා දැමූ සිසුසිසුවියන් සිහි කිරීම පිණිස ය. අනෙක් අතට, නොබෙල් සාම ත්‍යාගය ලාභි දලෙයි ලාමා හා ලියූ ෂාබො සමාන වීම තවත් චීනය ඇති අර්බුදයකි.


ඔස්ලෝ නුවර නොබෙල් ත්‍යාග ප්‍රධානෝත්සවයට දිනකට කලින් චීනය මගින් ද “කොන්ෆියුසියස් සාම ත්‍යාගයක්” ප්‍රධානය කළේ ය. එකී සාම ත්‍යාගය ප්‍රධානය කළේ තායිවානයේ හිටපු උප ජනාධිපති ලීයෙන් චාන් හට ය. එකී ප්‍රධානය සඳහා හේතුපාඨය වූයේ තායිවානය හා චීනය අතර සම්බන්ධතා ගොඩ නැංවීමට ය. එහෙත් ත්‍යාග ප්‍රධානය දක්වා ම ඔහුට ඒ පිළිබඳ දන්වා නො තිබීම චීනයේ හදිසි තිරණයේ ප්‍රමාණය විද්‍යමාන කරවයි. බෙජින් නුවර පැවත් වූ මේ ව්‍යාජ ඊනියා සාම තග්‍යය ප්‍රධානය සඳහා විශේෂ උත්සවයක් ද නොවී ය. මෙ‍වැනි අමනොඥ ක්‍රියාවන් මගින් ලියූ ෂාබො ගේ අනුගමිකයන් හට ‍කැපී පෙනෙන අවධානයක් දිනා දීමට හැකි විණ.


පසුගිය වසරේ නොබෙල් තග්‍යය ජනාධිපති ධූරයට පත් වී වසරක් ද නො ගෙවූ ඔබාමා වෙත ප්‍රධාන කිරීම මා ඇමරිකාවේ සිටිය දීම දැඩි සේ විවේචනය කළෙමි. එයට හේතුව මා දේශපාලන වශයෙන් ප්‍රතිපාක්ෂිකු වූ නිසා නො ව, ඔහු සැබවින් ම කළ දෙයක් නො වූ නිසා ය. මුස්ලිම් රාජ්‍යන් කිහිපයක්ට ගොස්, ඉස්ලාම් ආගම ගැන කථිකා කළා හෝ ඇමරිකන් හමුදා ආපසු ගෙන්වා ගන්නේයයි පුරන් බැවා මිස, පවතින සාම ක්‍රියාකාරකමක් නො කළේ ය. ඔහුට වඩා නොබෙල් සාම තග්‍යයට සුදුසු අයවළු සිටිය හ. අද ඔබාමා ගේ කිර්තිය සිග්‍රයෙන් බැසයමින් පවති.


මා සමහර නොබෙල් ත්‍යග ප්‍රධානයන් විවේචනයට බදුන් කළ ද, මෙවර ප්‍රධානය පිළිබඳ යමක් ලීවීමට සිත් වූයේ ලියූ ෂාබො මා වැනි ම අධ්‍යපනඥයකු වන බැවින් ය. බංගලාදේශ මහාචාර්ය මොහොමඩ් යානුස් වැනි, ස්වකීය ශාස්ත්‍රිය ආවර්ජනයන් ගෙන් සැතැප්පි, සුවපහසු පුටුවකට හාන්සි වී ලෝකය පිළිබඳ දාර්ශනික මත කල්පනා කරනවාට වඩා, උන්මූල ලෙස ජනතාව අතරට ගොස්, තමන් උගත් දෑ මගින් වෙනසක් කරන්නට තනන අධ්‍යපඥනින් ගෞරවාන් විත ය.


ලියූ ෂාබො දේශපාලඥයකු නො ව, ශාස්ත්‍රඥයෙකි; ලේඛකයකි. හෙතෙම කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නො වූ, පවතින පාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ ලා දේශපාලන බල අරගලයන්ට දායක නො වූ චරිතයකි. ඔහු ගේ දායකත්වය වන්නේ 2008 වර්ෂයේ දී, “චීනය ’08 ප්‍රඥප්තිය” යන මැයින් කළ ලියවිල්ලට ය. එයින් චීනයේ පවතින කොමයුනිස්ට් පාලනය විසින් සැලකිය යුතු ප්‍රතිසංවිධානයක් කළ යුතු බවටත්, ප්‍රජාතන්ත්‍රවාදීත්වයට ගරු කළ යුතු අතර, නිදහස් භාෂණය ඉඩ සැලසිය යුතු බවත් ප්‍රකාශ කළේ ය. අවුරුදු එකළොසක් සිරබත් කෑමට වරදකාරයෙකු වූ යේ මෙකී රචනය හවුල් කතුවරයකු වීම නිසාවෙන් ය; “ඔන්න, චීන නීති පද්ධතියේ තරම!”


චෙක් කොමයුනිස්ට් රජයේ මානව අයිතින් සුරැකීම පිළිබඳ ලියූ “ප්‍රඥප්තිය ’77” ලියවිල්ලේ නිර්මාතෘ චෙක් ජාතික වක්වල් හාවල් පවසන්නේ, “අතිශය භයානක වතාවරණයක් තුළ, ලියූ ෂාබො, සත්‍යය වෙනුවෙන් පෙනී සිටීමට නිර්භය මනුෂ්‍යකු” සේ ය.


ප්‍රඥප්තිය 08 චීන පාලනය ප්‍රශ්න කරයි: “චීන රජය විසින් ගෙන ඇති ‘නවිකරණ’ පිළිවෙත දුර්භාග්‍ය සම්පන්න ය. එය මිනිසුන් ගේ අයිතින් ඉරාදමා, ඔවුගේ ආත්ම ගරුත්වය විනාශ කොට සාමාන්‍ය මනුෂ්‍ය සමාජ සම්බන්ධතා දූෂණය කොට ඇත. එහෙයින් අපි අසන්නේ විසිඑක්වැනි සියවසයේ චීනය ගමන් කරන්නේ කොයිබට ද? යන්නයි.” එයින් චීන පාලනය මගින් ගෙන ඇති අතිශය කෲර අයිතිවාසිතම් කඩ කිරීම් මෙන් ම, අතීතයේ කළ ක්‍රියාවන් සඳහා යුක්තිය පසදීම ඉල්ලා සිටි යි.


ඒ ලියවිල්ල සාමාන්‍ය ජනතාව අතර කොතරම් දුරකට ප්‍රචලිත වී ද යත්, චීන කොමයුනිස්ට් පක්ෂය විගසින් එහි නිර්මාතෘවරුන් සහ අත්සන් තැබූ 300 අධික චීනය පුරා විවිධ සමාජ තරාතිරම්වල පිරිසක් සිරභාරයට ගත්තේ ය. එයට හේතූව වූයේ එයින් චීනය සඳහා විකල්ප දේශපාලන ගමන් මගක් එයින් යෝජනා කරනා හෙයිනි; එය පවතින කොමයුනිස්ට් පාලකයන් ට ගැසූ සාහිත්‍යමය අතුල් පහරකි.


සිරගත විටම පෙර ලියූ ෂාබො CNN සාකච්ඡාවක දී පැවසුවේ, “ඔබට ගෞරවාන්විත පුද්ගලයකු වන්නට අවශ්‍ය නම්, අවංක මනුෂ්‍යයකු නම් මානව අවයිතිවාසිකම් හා නිදහස් භාෂණය සඳහා සටන් වදින්න; සිර ගත වී ඒ භාරදූර භාරගැනීමේ ම කොටසකි, ඒ හෙයින් මැසිවිලි නඟන්නට කිසිවක් නැත!”


චීනගැති සමාජවාදී දේශපාන ප්‍රගතිශිලී පක්ෂයෝ සහ ලංකාවේ දකුණ චීනයට බදු දී ඇති වත්මන් පාලනය ඒ නොබෙල් ප්‍රධානයට විරුද්ධ ය; චීනයට එරෙහි ප්‍රතිසංවිධානයට නිහඬ ය.

ත්‍රස්තයන්ගෙන් මුදවාගත් ලංකාවේ දකුණ චීනයට, උතුර ඉන්දියාවට ය!!! එනයින් අපට තවත් මොන කතා ද?

2009 දෙසැම්බර් මස පැවති නඩු විභාගයේ දී, ලියූ ෂාබො මෙසේ කී වචන පෙළින් මා මෙම ලිපිය අවසන් කරමි:


“මා ශුභාවිදී ආකල්පයෙන් පිරී ඇත්තේ නව අනාගතයක අගමනය නිසාවෙනි; ඒ නිදහස් චීනයක් සඳහා ය! කිසිදු බලවේගයකට නිදහස සඳහා මානව ගවේශනය නතර කළ නොහේ—අවසානයේ චීනය, නීතිය මගින් පාලනය වන, මානව අයිතීන් උත්තරීතර ලෙස රජකරන දේශයක් වනු ඇත.”[1]


නොබෙල් සාම තග්‍යය ලාභී ලියූ ෂාබො සංකේතවක් කරන්නේ, කවර බලපුළුවන්කාරකමක් තිබුණ ද, ලෝකයේ නිශ්පාදනයෙන් ඉහළ නම්හිම් පර තෙරක පැමිණිය ද, ආර්ථික අතින් ශක්තිමත්, බලවත්යයි පිළිගැනෙන රාජ්‍යයකට වුව ද, මානව අයිතින් පිළිබඳ විශ්වීය සම්මතයෙන් පිට පැන නොයා හැකි බව ය.


2010 නොබෙල්තග්‍ය ප්‍රධානෝත්සවය වීඩියෝව (පැය 1:27)


පසුගිය දශකය තුළ නොබෙල් ත්‍යග ලාභීන්:

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති කිම් ඩෙ ජුන් (2000)

එක්සත් ජාතින්ගේ සංගමයේ හිටපු මහා ලේකම් කොෆි අන්නාන් (2001)

ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමි කාටර් (2002)

ඉරාන මානව අයිතින් ක්‍රියාකාරිනිය ශිරාන් එබාඩි (2003)

හරිත පට ව්‍යාපාරය නිර්මාතෘ වන්ගාරී මුටා මාතායි (2004)

ඉරාන මානව අයිති ක්‍රියාකාරී මොහොමඩ් එල්බාරාඩයි (2005)

බංගලදේශ මහාචාර්ය හා ශුද්ධ මුල්‍ය ව්‍යාපරයේ නිර්මාතෘ මොහොමඩ් යානුස් (2006)

ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ඇල් ගොර් සහ IPCC (2007)

ෆින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ට්ටි අහටිසාරි (2008)

ඇමරිකාවේ වත්මන් ජනාධිපති බරක් ඔබාමා (2009)


මෙවර නොබෙල් තග්‍යය ලාභී:

චීන සාහිත්‍ය මහාචාරය හා ලේඛක ලියූ ෂාබො (2010)




[1] I, filled with optimism, look forward to the advent of a future, free China. For there is no force that can put an end to the human quest for freedom, and China will in the end become a nation ruled by law, where human rights reign supreme (Nation 2, Sunday December 12, 2010: 6).

Wednesday, December 8, 2010

ලාංකේය ජාතිහිතවාදීත්වය හෙවත් දේශපාලන අවස්ථාවාදී දීනත්වය


දිවයින පුවත් පතට “එදා මොකද වුනේ! මැයින් විශේෂාංගයක් ලියමින් සමන් ගමගේ එංගලන්ත වැසියවන් පිළිබඳ මෙසේ පවසයි: “වැසිකිළි කැසිකිළි ගොස්‌ කොළ කැබැල්ලකින් පශ්චාත්භාගය පිස දා ගැනීමට පුරුදුව සිටිනා බව කියන සුද්දන් යනු තවමත් ගඳ සුවඳ නොහඳුනන ජාතියක්‌ බව පසුගියදා රාජ්‍ය නායකයකු ලෙස බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරටදී සිදු වූ කෙනහිලකම් මගින් බ්‍රිතාන්‍යයන් මුළු ලෝකයටම යළි පසක්‌ කර තිබේ.” සමන් ගමගේ අමතක කරන අතීතය නම් වැසිකිලි කැසිකිලි යාමට “අහල පහලට” හෝ “කැළැවැද” හෝ “ගං ඉවුරක” ශරීර කෘත්‍යය කරගත් සිංහලයන්ට ඉගැන් වූයේ සුද්දන් බව ය.

ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝ වරින් වර කතා මවා ජනතා අවධානය සුක්ෂම ලෙස තත්‍ය ජීවන අර්බුදයෙන් ඉවත් කරන්නට මාන බලති. මෙම ව්‍යාපෘතියේ පෙර ගමන්කරුවන් සේ ක්‍රියා කරන්නේ විමල් වීරවංශ ය. හෙතෙම කිහිපවිටක් සිරස්තල නිර්මාණයේ ලා ක්‍රියා කළේ, ව්‍යාජ මාරාංතික උපවාසයක් රඟ දක්වා සහ විවිධ වූ තානාපති කාර්යාලයන් ආක්‍රමණය කරන්නා සේ චණ්ඩි පාට් දැමීමෙන් ය. දැන් ඒ අමන මඩ ව්‍යාපාරයට බො‍රළුගොඩ සිහ පරම්පරාවද එක් වී ඇත්තේ, සිය පන පවා දී ජනපති රකිත’යි පුරම්බාමින් ය. එයට හොරණෑ හඬ සපයන අනතවාදී ජඩ මාධ්‍යයන්ට ආණ්ඩුවේ මාධ්‍යජාලයට අමතර ව, පෞද්ගලික පක්ෂග්‍රාහීන් ද එක් වී ඇත. වතමන් ආණ්ඩුවේ තේමා පාඨය හා ක්‍රියාකාරී ක්‍රමවේදය ධාමරික පාට් දැමීම ය. ඒ සඳහා ආරම්භය ලබා දුන්නේ අපගේ ම ජනපතිවරයා යි. ඔහුගේ චණ්ඩි කතාවන් සේ ම, අන් අයගේ අවවාද නොතකා කරන අපරිස්සම් සහගත දුර්වල තීරණ නිසා සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකික ජන ප්‍රජාව ම අපකීර්තියට පත් වේ. අපගේ ජනපති හට කරණු ලබන කවර තරාතිරමක වූව ද, කෙනෙහිලිකම් ඍජුව ම අපට බලපාන හෙයිනි. අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා තමාට එරෙහි ඇති විරෝධතාවය සහ උත්‍ඝෝෂණ පෙළපාලි සඳහා මුහුණ දීමට සූදානමෙන් එංගලන්තය බලා යන්නට ඇත. එයදු එක්තරාකාර අතකට දෙමළ ඩයස්පොරාවට චණ්ඩි පාට් දැමීමකි. එහෙත් ඒ චණ්ඩි පාට් නිම වූයේ දෙමළ ඩයස්පොරාවේ චණ්ඩි පාට්වලට බිය වූ ඔක්සවර්ඩ් යුනියන් හි පසුබැසීම සමඟ ය.

තමුන් කරනා යුද්ධය මනා සේ තෝරා බේරා කළ යුතුය’යි ආප්තෝප‍දේශයක් ඇත. එසේ නොකරන්නෝ අවසානයේ ලැජ්ජාව කරපින්නා ආපසු එති. ඒ ලැජ්ජාව වසා ගැනීමටත්, ආණ්ඩුව අයවැය අර්බුදයෙන් ගළවා ගැනීමටත්, වීරවංශ ඇතුලු අවස්ථාවාදී කාඩ්බෝ වීර චණ්ඩින් අවැසි ය. එහෙව් දුබුළු චණ්ඩි ඇති තැතතත්, නැති තැනත්, එහේ මෙහේ අතගා ගෙන අවසානයේ සුද්දන් කොළ කැබැල්ලෙන් පිදසා ගත් දෑ, ඇඟ පුරාත්, අවට සිටින ජාතීහිත්‍යශින් මතත් ගාගනිති. එවැනි දීන ගැලරියට විසිල් තබන්නට කරන වීර ජවනිකා ඔවුගේ පසුපස ලෙව කකා යන, ගැත්තන්ට නම් අගනේ ය. අපට නම් පුහු හාස්‍ය ජනක මූඨ ප්‍රලාපයන් ය.

එකී පුවත්පතේ ම, කතුවැකිය නම්කොට තිබුණේ “පස්වන ඊළාම් යුද්ධය (පණ්‌ඩක හටන)” යනු වෙනි. එයින් ද බැට දීමට අපේෂිත ඉලක්කය සිංහල ජනසමාජයේ විකල්ප මතදාරී කොටස් කිහිපයකි. සමහරු දක්ෂිනාංශක ‍විදේශ ගැති ය; තවකෙක් වාමංශික සමසමාජ කොටස ය; මේ අතරට එක් කළ අනෙක් කොටස නම් “විපක්ෂය” ය. එහෙත් ගල්ගැසීමට ගල් අතට දෙන්නේ මේ සියල්ලට ම වඩා නාමමාත්‍ර දේශහිත්‍යශින් ය. ඔව්හූ දස දෙස අන්ධයන් සේ පහර දෙති. ඔවුන් ගේ පහර දීමට ඉලක්ක ගත දෙමළ ඩයස්පොරාව හසු නොවේ. එහෙත් ස්වකීය ජනප්‍රසාධය වඩවා ගැනීම පිණිස, ඝෝෂා පවත්වමින්, නොසන්ඩාල රැලක් සේ කටයුතු කරති. අවසානයේ කළ දෙයක් නැත. තමුන් බො‍රැවට කෑ ගසා මහජන අවධානය ලබා ගත්තේ’යයි දිවාසිහින දකිමින් සතුටු වෙති. දෙමළ ඩයස්පොරාවට අභියෝග කිරීමට ඇවසි නම්, ජනපති සමඟ එංගලන්තයට පියඹන්නට විරවංශට තිබිණි. ජනපති සමඟ සකළ සබ්බමනාවට ම යන හේ එංගලන්තයට ගොස්, තවත් දේශහිත්‍යශින් ගොන්නක් එකතු කොට දෙමළ ඩයස්පොරාවට අභියෝග කරන්නට ඉඩ තිබිණි. එහෙත් බොරුවට ලංකාවේ සිට තානාපති කාර්යාලයට ආක්‍රමණය කරන්නට යන ලෙස මවා පාන්නට අවැසි නැති. රණ්ඩුවකට යන්නන් කවුරු හෝ තමුන් අල්ලා ගත්විට දෙගුණ තෙගුණ ලෙසින් චණ්ඩිකම් පාති. මේ ව්‍යජ ජාතිහිත්‍යශින් ද එලෙස ය. ඔවුන් මෙතුවක් කළ උත්ඝොෂණවලින් ලබා ගත්තේ කුමක් ද? කවුරුන් මට්ටු කළො ද? ඔවුන් මට්ටු කළේ සාමාන්‍ය ජනතාව ය. මහා පුරාජෙරු කම් පා අද එංගලන්තයට විසා ගැනීම සඳහා විදේශ ගමන් බලපත ඉන්දියාවට යැවිය යුතු ය. දින තුනෙන් ලබා ගත හැකි විසාව සඳහා අද, සති තුනක් පමණ බලා හිඳිය යුතු ය. දිවයින කතුවරයා කියන පරිදි, දේශද්‍රොහින් දැන්, “ශ්‍රී ලංකාවට එරෙහි සකල දේශෙද්‍රහීන් දැන් ලන්ඩනයේ කුණුකාණු දිගේද, යුරෝපයේ වෙනත් රටවල තැන්තැන්වලද "ලිප්ටන් වටරවුම්" තනමින් සිටින්නෝය.” ම‍ගේ ආරාධනය ව්‍යාජ ජාතිහිත්‍යශින්ට ලන්ඩනයට ගොස් උත්ඝෝෂණය කරන ලෙස ය. වළං බිඳින්නේ පාළු ගෙදර ය; බිඳිනවා නම් වළං බිඳිය යුත්තේ අයිතිකරුවන් සිටින තැනක ය. එහෙත් කිවයුතු සත්‍ය නම් මෙකී උත්ඝෝෂණ සඳහා සපයා ගන්නවුන්ගෙන් එකෙක් දෙන්නෙකුට හැරුණු කොට, උත්ඝෝෂණ තබා එංගලන්තය කරා යාමටවත් හැකියාවක් නැත. ඒ හෙයින් ඔවුන් ගේ පරම අභිලාශය එලෙස යාමට හැකි, විදේශගත ලාංකිකයන්‍ හට එවන් රටවල දොර කවුළු වසා දැමීම ය. “උඹළාත් මේ නරා වලේ ම ලැගපල්ලා!” යන්න ඔවුන් ගේ දර්ශනය ය. අනෙක් අතට මඩ ගසන්නේ, කලක් ජපතිගේ දෑත් සවිකිරීමට එක් වූ කරු ජයසූරීය වැන්නවුන්ට ය.

ජාතීහිතවාදීන්ගේ මතකය කෙටි ය; ඔව්හු සාතිශය අවස්ථාවාදී යෝ ය.

කරු ජයසූරියගේ මේ වචනවලින් මා මෙ ලිපිය අවසාන කරමි:

“දේශප්‍රේමියෙක්‌ කියලා බෝඩ් එකක්‌ එල්ල නොගත්තාට මමත් රටට ආදරය කරනවා. අවුරුදු හතක්‌ මම හමුදා සේවයේ හිටියා. එල්.ටී.ටී.ඊ.ය මාවත් ඝාතනය කරන්න උත්සාහ කළා. මේ විදිහට බොරුවට මෙය දේශපාලනීකරණය කරන්න එපා. මේක මුව හමට තඩි බානවා වගේ වැඩක්‌. මම කිව්වේ මේ ගැන ලෝකයට කරුණු පැහැදිලි කරන්න කියලායි. සරත් ෆොන්සේකාව ද්‍රොහියෙක්‌ කරලා හිරේ දැම්මා නම් මාව ද්‍රොහියෙක්‌ කරන එක එතරම් දෙයක්‌ නොවේ. තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කරලා බලි ඇරලා හූ කියලා මේවා කරන්න බැහැ. මමත් තානාපතිවරයෙක්‌ව ඉඳලා තියෙනවා. මම මේ රටට ආදරෙයි. මගේ ඇටකටු මිහිදන් කරන්නෙත් මේ රටේ.”

සැබෑ දේශප්‍රෙමියෝ සැබෑ ලෙසට ම මේ මාතෘ භූමිය ආදරේ ය; සත්‍යවාදී ය.

Friday, December 3, 2010

Wikileaks සහ ලාංකේය දැක්ම

ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඇමරිකානු ජනාතාව ජිවන දෘෂ්ටිය යන පරස්පරි විරෝධි අන්දර දෙකක් බව තේරුම් ගත්තේ ඇමරිකාවේ ගත කළ ස්වල්ප කාලය තුළ දී ය. රටක විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ නිළධාරිදූරාවලිය හා දේශපාලන අණ්ඩු පක්ෂය විසිනි. දේශපාලකයන් පත් කරනු ලබන ජනතාව ගේ අභිලාශයන්ට වඩා ස්වකීය බල ක්ෂත්‍රය පතුරුවාලීමේ ව්‍යාපාරක යෙදෙන ඔව්හූ එකී බල ව්‍යාප්තියට එරෙහි ව නැගී සිටින්නන් කවරෙකු හට ද නිර්දය ලෙස පහර එල්ල කර යි. ඇමරිකාව පැවතීමට නම් ඔවුන්ට අවශ්‍ය සම්පත් හූරා කෑම සඳහා මර්ගයන් විවෘත කොට පවත්වා ගත යුතු ය. පරිභෝජනය අතින් පරිභෝජන දාමයේ ඉහළින් වැජබෙන ඇමරිකානු ජන සමාජය එලෙසින් ම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දෑ සපයා දීම තුළ ස්වකීය බලය රදවා ගැනීමට දේශපාලන රෙජීම උත්සහ ගනී. මේ සා විශාල දේශයක් සතුටින් පවත්වා ගැනීමටත්, ඔවුන් ගේ වෙළෙඳ ව්‍යාපාරයන්, සම්පත් නෙලා ගැනීම් තහවුරු කිරීමේ ලා පරම වගකීම ඉෂ්ට කිරීමට උත්සහ කරන ආණ්ඩු, එසේ කිරීමේ ලා ලෝකයේ ස්වෛරී රාජ්‍යයන් කෙරෙහි අනිසි ලෙස අත් පෙවීම් කරයි. ලෝකයේ ඇති වී ඇති මහත් සමාජීය හා ජාතියන්තර ව්‍යසන සඳහා ප්‍රස්තුතය සකසා ඇත්තේ බොහෝ විට ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිසා ය. එක් වරක් කියුබාව හා න්‍යෂ්ටික යුද්ධක් ඇති කර ගැනීම දක්වා ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය මුඨ වි ය. මෙවර ඇමරිකාවේ ‍විදේශ ප්‍රතිපත්තිය සඳහා අතුල් පහරක් දුන්නේ “විකිලීක්ස් යන අන්තර්ජාල අඩවිය යි. එයට ප්‍රවේශ වීම විවිධ ආණ්ඩු විසින් අවහිර කොට ඇති අතර, ඇමරිකානු ජනතාව එය කියවීම රාජ්‍ය ද්‍රොහි ක්‍රියාවක් ලෙස සලකා, රැකී රක්ෂා පවා අහිමි විය හැකි බවට “අනතුරු අඟවා ඇත. එ සේ ම, රාජ්‍ය සහ රාජ්‍ය නොවන අයතනයන්ට විකීලික්ස් අන්තර්ජාල අඩවි ප්‍රවේශය අහුරන ලෙසට ද උපදෙස් දී ඇත.

විකීලීක්ස් හි ලංකාව සම්බන්ධවයන් වූ සඳහන ද්වීතීය මුලාශයක් භාවිත කොට කරන ලද්දක් වන අතර, එහි නිරවද්‍යතාවය පිළිබඳ දැඩි සැකයක් මතු වේ. එයින් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු පවුලේ කිහිප දෙනෙකු සහ ජෙනරාල් සරත් ෆොන්සෙකා යුධ අපරාධ සඳහා චෝදනාවන්ට ලක් කොට ඇත. එහෙත් එකී ලියවිල්ලේ සම්භවයේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් අතිශයින්ම සැක පහළ වේ. ඔබගේ අධ්‍යනය සඳහා එකී ලියවිල්ල පහත දක්වා ඇත:

Sri Lanka - Ambassador reports Sri Lankan President responsible for "alleged war crimes"

WikiLeaks Staff, 1 December 2010, 19.00 GMT

Sri Lankan President Mahinda Rajapaksa and his family are responsible for alleged war crimes against the Tamil, according to a cable sent by US ambassador to Sri Lanka Patricia Butenis.

Butenis said complicity in alleged war crimes by the president and leader of the opposition was stalling progress in launching investigations into the country’s civil war.

The long running conflict between the government of Sri Lanka and the LTTE, also known as the Tamil Tigers, was ended in May 2009 after the Sri Lankan army defeated LTTE leaders in an area known as the “no fire zone”.

The cable, dated 15 January 2010, updated the Secretary of State on war crimes accountability following the end of the country’s long and bloody conflict.

Ambassador Butenis noted there had been some limited progress in investigating potential war crimes, but noted:

“There are no examples we know of a regime undertaking wholesale investigations of its own troops or senior officials for war crimes while that regime or government remained in power.

“In Sri Lanka this is further complicated by the fact that responsibility for many of the alleged crimes rests with the country’s senior civilian and military leadership, including President Rajapaksa and his brothers and opposition candidate General Fonseka.”

With regard to alleged LTTE war crimes, Butenis noted:

“Most of the LTTE leadership was killed at the end of the war, leaving few to be held responsible for those crimes. The Government of Sri Lanka (GSL) is holding thousands of mid- and lower-level ex-LTTE combatants for future rehabilitation and/or criminal prosecution. It is unclear whether any such prosecutions will meet international standards.”

The revelations coincide with a visit by President Rajapaksa to the United Kingdom. Rajapaksa, who has been in the UK since Monday, is due to meet with UK Defence Secretary Liam Fox.

Rajapaksa was also scheduled to speak at the Oxford Union on Thursday until the university issued a statement cancelling the event on Wednesday afternoon. The statement cited “security concerns” due to the large number of protestors expected to picket the event.

Friday, May 14, 2010

කඩතුරා හැරී හෙළයේ හෙළුව දිටිම්!



සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහලයන් තරම් අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ජන කොට්ඨාශයක් මා දැක නැත. මා සිංහලයකු බැවින් මා උපන් ජාතිය විවේචනය කිරීමේ අයිතිය ඇත්තේ ය. පසුගිය දිනක මා අනුරාධපුරය දක්වා පෞද්ගලික බසයකින් ගමන් කෙළෙමි. දිළිඳුකමේ අඟට ම මිරිකුණු ජනතාව රැස් කකා බස් රියට ගොඩ විය. අතුරු සිදුරු නැති වන පමණට බස් රිය පිරී ඉතිරිණි. පැය හයක කාලයක් බස් රථයේ හුදී ජනයා සමඟ ගමන් කිරීමෙන් අප්‍රසාදී අත්දැකිම් රාශියකට මුහුණ දීමට සිඳු විය. එයින් සටහන් තැබිය යුතු වැදගත් කරුණු සතරකි. පළමුවැන්න, නම් අපගේ අකාරුණිකත්වය යි. වැඩිහිටියන් කිහිපදෙනෙකු ම අසුනක් අහිමි ව මුළු ගමන්දුර ම සිට ගෙන ගමන් කරනු ලැබී ය. අන්තිම අසුනේ මා සිර වී සිටිය බැවින් මගේ අසුන ද, ඔවුන්ට පරිත්‍යාග කිරීමට තරම් තබා හුස්ම ගැනීමට ඉඩක්වත් නොවී ය. අසුන් හිස් වන විට ළඟන් හුන් සවි ශක්තිමත් තරුණයෝ පැන ඒ අසුන් හි හිඳ,ගත්තේ වැඩිහිටියන් දෙස අල්පමාත්‍රයක වන අනුකම්පාවක් නොතබා ය. මා දැනට සංවර්දිතයයි සලකන එහෙත් අදික ලෙස පෞද්ගලික අත්මාර්ථකාමී ලෙස සැලකෙන ඇමරිකාව හා එංගලන්තයේ සංචාරය කොට ඇත. සැම විටකදී ම, වහසක අයෙකු පොදු ප්‍රවාහන සේවයේ දී දිටි විට ළඟින් වුන් මගියා නැගිට අසුන පරිත්‍යාග කරයි. මහා ශිෂ්ට සංස්කෘතියක් ඇතයි පාරම්බාන, දිවා රාත්‍රියේ රූපවාහිනයෙන් මඩ සෝදන ලාංකික වත්මන් පරපුරට වැඩිහිටියන් ට සැලකීමට තරම්වත් පරාර්ථකාමයක් නැත. දෙවැන්න, යමෙකුගේ පය පැගෙන විටක දී හෝ යමෙක් ඉඩ ඉල්ලූ විට අනෙක් මගියාගේ ප්‍රතිචාර, වළියක් ඇද ගැනීමට ය. ඔහු අසන්නේ “ඇයි මොක ද?” යනුවෙන් ය. අපගේ ශබ්දකෝෂයේ “සමාවන්න!”, “කරුණාකර . . .” වැනි වචන නැත. බස්රියට නැගි කොළුවන් තම අත් මළු ඉඳගෙන සිටින්නන් වෙත දමා ගසති; ඉඳ ගෙන හුන් පුද්ගලයා මල්ල ඇඟ වැදී, ගැස්සී එය ‍තවෙකු වෙත විසි කර යි. මෙය හරියට පන්දු කෙලින්නාක් මෙන් ය. මා මෙ දෙස පුදුමයෙන් බලා සිටියෙමි. තවෙකුගෙන් අයෙක් වතුර ඉල්ලී ය. හේ නැතයි පිළිතුරු දුණි. මා මානවදයාවෙන් වතුර බෝතලය ඔහුට දුන්නේය. කිසි ගරුසරුවක් නොදක්වා ඔහු වතුර බෝතලයෙන් අඩක් හිස්කොට මා වෙත දිගු කළේ තමාගේ වතුර බෝතලය මට දෙන්නාක් මෙන් ය. “ස්තූති!” යන්න කියන්න තරම් වත් සභ්‍යාත්වයක් නොවිණ. මට සිතුණේ මෙවැන් අත්මාථකාමියකු වෙත වතුර බෝතලය දීමේ මෝඩකම ය; මට ම මා බැණ ගත්තෙමි. කුඩා දරුවන් ද පුදුමාකාර දුෂ්ඨකමකට පත් වී ඇති සේ ය. එක් දරුවෙන් නැඟි වේලාවේ සිට, ස්වකීය මව් හට නොදුන් වඳයක් නැත. ඇය ගේ කොණ්ඩය ඇද කැඩී ය; අත් කොණ්ඩයෙන් ඈත් කළ විට කොණ්ඩය ඉල්ලා විලාප දුන්නේ ය. එසේ නොලැබුණ විට පයින් පැගී ය; අත් කොනිත කොනිතා වඳ දුන්නා ය. පසුව ඈ ඇගේ මුත්‍රා කළා ය; විලාප නැගුවා ය. මගේ ඇගේ ලේ වතුර කේතලයක් උතුරන්නා සේ උතුරන්නට පටන් ගති. ඉතා අමාරුවෙන් මා මගේ හැඟිම් පාලනය කොට එක්තැන්හි සන්සුන් ව සිටියෙමි. දරුවන් ද හැදෙන්නේ වැඩිහිටියන් මෙන් ය. ඒ ආත්මාර්ථයෙන් මිරිකී, අන් අයට වඳ දෙන නියාවෙන් ය.

Monday, April 19, 2010

ජඩ මාධ්‍යය, මඩ මාධ්‍යය සහ ගැති මාධ්‍යය


පසුගිය දිනක මේ තීරයේ ලංකා ටෲත් වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කරන ලද හඬ පටියක දී, අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් දෙමළ ජනතාවට බැණ වැදීමක් ගැන වාර්තා කොට තිබිණ. එහිදී හඬ පටියේ සඳහන් කොටස, “මමත් සිංහල; රටත් සිංහල; අහන් ඉන්නවා දෙමළා” යනුවෙන් දක්වා තිබිණි. පසුව ලංකාදීප පුවත් පත විසින් නිවැරදි විඩියෝ පටය ප්‍රකාශ කරද්දීම එකී පිටුව අනතර්ජාලයෙන් ඉවත් කොට හෝ අවහිර කොට ඇත. එහෙයින් මෙවැනි අතලොස්සක් මාධ්‍යයන් ජනතාවගේ විශ්වාසය තමුන්ගේ අනර්ථ ක්‍රියාවන් සඳහා භාවිත කරනු පෙනේ. එසේ ම, බී. බී. සී. මාධ්‍යය ජාලයට අනියුක්ත “චැනල් ෆෝ මාධ්‍යයතනය බොහෝවිට එල්.ටී.ටීය නියෝජනය කරමින් ප්‍රකාශයන් හා විවිධ පුවත් මවන ලදී. කෙසේ හෝ කූඨක්‍රමයෝපායන් තුළින් ලබා ගන්නා අසම්පූර්ණ විඩියෝ පට මගින් හෝ කොටි හිතවාදී හෝ කොටි සාමාජීකාවන් විසින් කරන ප්‍රකාශ ප්‍රචාරණය කරන ලදී. මේ අතර, සමහර විට සත්‍යයයි සැලකිය හැකි වර්තාවන් ද ප්‍රකාශයට පත් විය. පසුගිය මාස කිහිපයකට පෙරාතුව සිංහල හමුදාව විසින් ඝාතනය කරනු ලබන්නේ යයි පවසමින් විඩියෝ පටයක් නිකුත් කරන ලදී. මේ විඩියෝ පටය පිළිබඳ ටැමිල් නෙට් ජාලය ඔස්සේ ද විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නාක් පමණක් නොව, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ආයතන දක්වා ඒ වීඩියෝ ව ගමන් කළේ ය. මෙය නැරඹු මට නැවතසිහි ගැන් වූයේ 1988-1989 කාලය යි. එවකට පැවති ආණ්ඩුව විසින් නිර්දය ලෙස ජේ.වී.පි. සම්බන්ධ පුද්ගලයන් අතොරක් නොමැති ව හන්දියක් හන්දියක් පුරා ඝාතනය කොට, ගස්බැඳ වෙඩි තබා, ටයර් සෑයවල්වල ආදාහනය කොට, හෝ ගඟේ මුහුදේ පාකොට හරින ලදී. ඒ සිංහලයන් සඳහා සිංහල ආණ්ඩුව විසින් නිල නොනිල හමුදාවක් තනා කළ හදිය යි. අනෙක් අතට යුද්ධ සමයේ උන්හිටි හැටියේ මහා මාර්ගවල නාදුනන තුවක්කු කරුවන් අතින් දෙමළ සිංහල ජනතාව මැරී වැටිණි. ඒ සඳහා යුක්තියක් තවම ඉටු වී නැති සේ ම, යුක්තියක් ඉටු වෙන්නේ ද නැත. සුදු වෑන් රථවලින් මිනිසුන් පැහැර ගෙන ගොස්, අතුරුදහන් කරන විලාසයෙන් ම, තැන තැන මෘත ශරීර හමුවීම් හා සන්සන්දනය කරන විට මෙවැන්නක් සිඳු නො‍වුනේ යයි සිතිමටත් නුපුළුවන. සාමාන්‍යයෙන් ආරක්ෂාව ඇති දකුණේ දෙමළ ජනතාව වෙත එල්ල වූ මේ අභියෝග හමුවේ, උතුරේ අසරණ වූ, කොටින් යයි සැක කරන්නන්ට කුමක් සිඳු වුනේ ද, නොවුනේ ද යන්න උඩ ඉන්නා දෙවි හාමුදුරුවෝ පමණක් දන්නා සේ ක. තවම මේ විඩියෝ පටය සත්‍ය හෝ අසත්‍ය හෝ ලෙස තහවුරු කොට නැත. ආණ්ඩුවේ පාර්ෂව විසින් අසත්‍යයි කියද්දී, අන්තර්ජාතික ව පෙනී සිටින නානාමාදිලියේ ආයතයන් මේවා සත්‍ය යයි ප්‍රකාශ කරත්. මගේ ප්‍රශ්නය කවුරු විශ්වාස කරම් ද? මේවා ජඩ මාධ්‍යය ලෙසින් වර්ගී කළ හැකි ද?

දෙවනුව, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිට, මේ පසුගිය මහා මැතිවරණය දක්වා වූ මඩ ව්‍යාපාරය ආණ්ඩුවේ සහ සමහර ආණ්ඩු විරෝධි මධ්‍යය අරභයා සිඳු විය. වසරකට කලින් යුධ විරයකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ අවස්ථාවේදී දේශ ‍ද්‍රෝහියකු කරනු ලැබී ය. සමහර මාධ්‍යයන් විසින් ගුත්තිල මූසිල කතාව ඈඳා සේනාධිපති තුමා මූසිලයකු කරනු ලැබිණ. යුද්ධයක් දිනූ කිසිදු සේනාධිපති වරයකු හට යහතින් සිටින්නට ඒ රටේහි පාලයන් ඉඩ නොදෙන්නේ ඔවුන්ට ඇති විය හැකි අභියෝගය නිසාවෙනි. ඇමරිකා එක්සත් ජනපදය හෝ බ්‍රිතන්‍ය හැරුණු කොට අනෙක් සෑම රටක ම කුමන හෝ කුමන්ත්‍රණයක් අටවා සේනාධිපතිවරුන් මරණයට පත් කොට ඇත. ලංකාවේ වාසනාවට ජෙනරාල් තුමා ඝාතනය කළේ නැත; ඒ වෙනුවට කළේ එතුමාගේ චරිතය ඝාතනය කිරීම ය. අදටත් යුධ වීරයා මංකොල්ල කෑමේ වරදට හිරේ ය. ජාත්‍යාන්තර ලෙස මංකොල්ල කෑ, රටට ඇසෙන සේ කෑ ගැසීම මිස වෙනත් සත පහක සේවයක් නොකළ දේශපා‍ළුවෝ යහතින් රජ්ජුරුවන්ගේ කුරහන් සාඨකයට මුවා වී දිවි‍ ගෙවයි. රජ කාලේ හැටි එහෙම යි. මඩ මාධ්‍යයේ මුලීක කාර්ය භාරය වන්නේ ආණ්ඩුවට හෝ රජ්ජූරුවන් වහන්සේ ට අභියෝග වන සියල්ලන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට ය. එයට සෑදී පැහැදී සිටින පුද්ගලයෝ ඇත්තා හ. ලංකාවේ බහුතරයක් ජනතාව අන් අයෙකු උදෙසා කඩේ යාමට හෝ ආණ්ඩුවේ දේශපාලන හිතවත්කමෙන් ලබා ගත් පඩිපතින් යැපෙනන්ගේ විකෘති සහගත කියමන් තුළින් සත්‍ය දකින්නට හෝ සමස්ථ ලෝකය දකින්නට උත්සහ කිරීම තුළ රැවටි රැවටි රැවටෙන්නට ඇති ආශාව පුදුම සහගත ය. ලංකාවෙන් පිටත අඩියක් තබන්නට බැරි පුද්ගලයෝ සිතන්නේ මුළු ලෝකය ම, විශේෂයෙන් ඇමරිකාව සහ එංගලන්තය ලංකාව අල්ලා ගැනීමට රැස් කකා බලා සිටින බව ය. අධ්‍යපනයට පිං සිඳුවන්නට මේ රටවල් වල ඇවිද අත්දැකිම් ලබන්නට අවස්ථාවක් ලද්දෙකු වශයෙන් මෙවැනි හිතළු අසා නිකටේ අත ගසනු මිස වෙන කවරක් කරන්න ද? ලංකාවේ ලිං මැඩියන් වයින් කරන මෙවැනි මාධ්‍යයකරුවෝ ඔවුන්ගේ ම කර පිටින් මෙවැනි රට රාජ්‍යයන්හි විනෝද චාරිකා යති; දරුමුණුපුරන් එවන් රටවල ඉගන ගැනීමටත්, සමහරුන්ගේ දරුවන් නැවත ලංකාවට නොයෙන්න ම තැනට කටයුතු සම්පාදනය කර ගෙන ඇත. එහෙත් එවුන් ගේ කතා අසා ජාත්‍යාලයෙන් ඔද ගැන්වෙන එදා වේළ සරි කර ගන්නට නොගන්නා තැතක් ගන්නා මිනිසුන්ට තමුන්ගේ දරුවන් ලංකා නිදහස් අධ්‍යාපන පාසලකට යවා මොවුන්ට අතවැසිකම් කරන්නට දරුපරපුරක් ගොඩ නඟන තත්ත්වයට වැටී ඇත. ලාංකිකයන්ට ආත්ම අභිමානයක් නැත; ඇත්තේ ගැතිකම් පැමේ මානසිකත්වයක් පමණි. මගේ එක් ඥාතියෙකු උදේ හවා කුඩා ගුවන් විදුලියක් කන ගසා ගමන් යයි. ඔහු අපේ නිවසට පැමිණි සැනින්, කතාවට ඇද ගන්නේ එදා දවසේ මඩ මාධ්‍යයෙන් කතා කළ දෑ ය. හේ උදේ කථිකාවක කියූ දෑ ඒ ලෙසින් ම නැවත වමාරා කයි. අහක සිට අසා සිටින මට ඇතිවන්නේ මහා ම මහා පිළිකුලකි. සිතක් මිනිසාට ලැබි ඇත්තේ සිතන්නට මිස, වෙනෙකෙකු තමුන්ගේ වාසිය, පඩිය, වන්දිබට්ටකමට කී දෑ වමාරන්නට නොවේ. අවාසනාවක මහත, ලංකාවේ සිතා මතා යමක් විශ්ලේශනය කර ගත හැකි පාඨකයන් ඇත්තේ අතලොස්සක පමණි. අනෙක් උන් “රටට යුතුකම්” කිරීම හෝ “ජාතිය ආරක්ෂා කිරීම” හෝ “ආගම සුරැකීම” හෝ “ත්‍රස්තයන්ගෙන් නැතහොත් විදේශිය බලවේගවලින් රට බේරා ගැනිම” වැනි කිසිදු සම්බන්ධයක් නැති බොල් උදෘත පාඨමත ඇලී ගැලී හදවතින් සන්තර්පනය වී අවේගාත්මක ලෙස කියති; සිතති; කටයුතු කරති. පසුව කලක් ගිය විට ඒ සියල්ලත ම අමතක කර දමති.

අවසාන වශයෙන් අපගේ කථිකාවට ගෝචර වන්නේ මේ දෙකටම අයිති නොවන ඊනියා මධ්‍යස්ථ මාධ්‍යයයි ලෙබල් අලවා ගන්නා “ගැති මාධ්‍යය” පිළිබඳ සටනක් තබන්නට ය. මොවුන් දේශපාලන ගැතිකම් කරනවා පමණක් නොව, රෙට්ස්වලට ගිජුකමෙන් මෘත ශරීර පවා විකුණා විකුණා ප්‍රදර්ශනය කරයි. ලංකාවේ අනුවේදනීය සිඳුවීමක් වුවහොත් මොවුන් ඒ අන් කිසිවෙකුට කලින් පෙන්වා, සති දෙකක්, මාසයක් පමණ එකම රූපරාමු ටික විවිධ වශයෙන් පෙළ ගස්වා හඬ කවා ප්‍රදර්ශනය කරති. ඔවුන් පවසන්නේ මහජනයා තකා වැඩ කරන බවකි; එහෙත් ඔවුන්ගේ සැබෑ පක්ෂ පාතීත්වය රැදී ඇතිතේ ඉහළම මුල්‍ය ලන්සුව වෙත ය. ඒ සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. ප්‍රසිද්ධිය ජනප්‍රියතාවය උදෙසා ඕනෑම කුණු ගොඩක් පෙන්වන්නට ඔවුන් පසුබට නොවේ. සමහර විට, ඔවුන් විසින් මාධ්‍යයයෙන් ජනප්‍රිය කොට තනන කාඩ්බොඩ් වීරයන් ම, ජනප්‍රිය සුළඟ අනෙක් අතට හමයි නම් වස්ත්‍ර ගළවා නිරුවත් කොට හෙළුව මුළු රටට ම ප්‍රදර්ශනය කරවයි. මුල් මාධ්‍යය දෙක හෙවත් ජඩ හා මඩ මාධ්‍යය අපට කල් තියා ම හඳුනා ගත හැක. එහෙත් සැඟවුණු න්‍යායපත්‍රයක් සහිත ගැති මධ්‍යයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වෙයි.

කෙසේ වෙතත්, මේ මාධ්‍යය හැසිරවීමෙන් සහ භාවිතයෙන් විවිධ වූ චරිත ලංකා කරලියට සපැමිණ ඇත. මෙයින් සුවිශේෂ චරිත නම් විමල්වීරවංශ, උපේකා ස්වර්ණමාලි, දුමින්ද සිල්වා, මනිෂ වැන්නවුන් පෙන්වා දිය හැකි ය. විරවංශයෝ කළ මහජන සේවය නම් යටිගිරියෙන් කෑ ගැසීම ය. හේ ඇමරිකාවට, එංගලන්තයට, ලෝක බැංකුවට, අන්තර්ජාතික කොටි ජාලයට, එක්සත් ජාතින්ගේ සංවිධානයට ආදී අනේක විධ ආයතනයන්ට සිංහලෙන් බැණ අඬ ගසමින් මාධ්‍යය මනරම් පුවත් මවයි. ඒවා ආදාළ පාර්ශවයන්ට ඇසුනත් නැතත් කම් නැත. මේ අසන සිංහල ඡන්ද දායකයා චූන් වී මනාප ගොඩ වැඩි කරවයි. උපේකා ද මෙවන් තලයකට ඔසවා තැබුවේ ඈ වාරණයට පත්කළ ආණ්ඩුවේ මාධ්‍යය සහ ඇගේ “ස්ටාර්” ගුණාංග මතු කළ ස්වර්ණවාහිනියත් ය. ඒ නිසා ඈ මන්ත්‍රීවරයකු ලෙස පත් වූව ද ටෙලි නිලියක කරන ලඳබොළද මුඨ ක්‍රියාවන් මාධ්‍යයන් හරහා ප්‍රදර්ශනය කළා ය. ඈ අවුරුදු උත්සවයක ගෝණි පැනීම, අලියාට ඇහැ තැබිම වැනි ක්‍රිඩාවන්හි නිරිත වෙමින් ඈ ස්වකීය බොළඳ බව දැක් වූවා ය. මා අසා ඇති කතාවකට අනුව එක්තරා මිනිසෙකු රාජකාර්යය ලැබුණු පසු තමුන් දහවලේ පැන ආ දියදොළට බැස ගියා ලු. එයින් ගම්‍ය කළේ ඔහු පත් වූ තත්ත්වයේ වූ තේජාන්විත භාවයයි. එහෙත් දැන් ලංකාවට අවශ්‍ය අවුරුදු සෙල්ලම් කරන, රඟ පාන, නිවේදක හෝ නළු මන්ත්‍රීවරුන් ය; මහජන සේවකයන් නොවේ ය. අයි. පී. එල්. ගසන සනත් වැනි ක්‍රීඩකයන් ය. සනත් පාර්ලිමේන්තුවට පත්වීමට තරම් කළ මහජන සේවය කුමක් ද? අනෙක් දෙදෙනා ගැන කතා කළත් කියන්නට ඇත්තේ ඔවැනි කතා ය. මොවුන් මාධ්‍යය විසින් ගොඩ නැගූ බොල් ප්‍රතිරූපයන් ය. අද ඡන්දය භාවිතා කරන බහුතර කොටස කාන්තාවන් ය. අනෙක් බහුතර කොටස තරුණයන් ය. මෙවැනි අය තමුන් නියෝජනය සඳහා පත්කන්නේ කවර ආකාර අයවළුන්දැයි පසුගිය දිනවල අපට මනාව පෙනිණ. ඒ කවුරුන්වත් නොව මාධ්‍යය විසින් ගොඩ නඟන බොල් පිළිම ය. ඒ හෙයින් අනාගතය පිළිබඳ අපට ඇති විශ්වාසය කවරක් ද? අපට මග බලාසිටින අනාගතය වනාහි කාඩ්බොඩ් බොල් සර්වපිත්තල හිතළුවකි; මහා ම මහා විහිළුවකි.

Monday, April 12, 2010

ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද සෙල්ලම හා එක්තැන පල් වන දෙමළය

මෙවර මැතිවරණයේ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු එක්සත් නිදහස් සංධානයේ ඇමති මන්ත්‍රී පිරිස ලබා ගත් හ. එහෙත් මෙසේ තවම අවසානයක් නොමැති ඡන්දය පිළිබඳ රොබටෝ බෙලෙක් ප්‍රකාශ කරන්නේ “දෙමළ ප්‍රශ්නය විසදීම පිණිස මෙය ස්වර්ණමය අවස්ථාවක්” බව ය. ලංකාවේ දෙමළ ප්‍රශ්නය තවමත් නොවිසිදුණු එකතැන පල් වන ප්‍රශ්නයකි. මුලින් ම දේශපාලන මාතවාද වශයෙන් මෙය “වර්ගවාදී ප්‍රශ්නයක් ද?” නොහොත් “ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ද?” යන්න පිළිබඳ ගැඹුරු මත ගැටුම් හා කථිකා විය. අද හොඳින් හෝ නරකින් ප්‍රභාකරන් නැමති සාධකය ඉවත් කොට ඇත. එයින් එකී සාධකය වටා යුක්තිය, සාධාරණත්වය, සමානතාව අපේක්ෂාවෙන් වට වූ දෙමළ ජන ප්‍රජාව මංමුලා වී ඇත. තවමත් උතුරේ ලක්ෂයකට අධික දෙමල ජනතාවක් “සුබසාධන (අනාථ) කදවුරු” හෙවත් දෙමළ ඩයස්පොරාව විසින් නම් කරන “විවෘත සිරකදවුරු” ගාල කර ඇත. එකී තෙවන ඊලාම් යුද්ධය ජය තෙරට ගෙ‍නගිය සේනාධිපති දකුණේ යුධාධිකරණයක තිරණ පොරොත්තුවෙන් සිරගත හෙවත් ආණ්ඩුව පවසන පරදි “නිවාස අඩස්සි” කොට ඇත.

පසුගිය දවසක වව්නියාවේ අපේ ජනාධිපති විසින් වර්ගවාදී ලෙස කළ බැණ වැදීම තුළ ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වී ඇත. සමහර විට “මතට තිත” තබන්න ගිය ජනාධිපති මතින් මත් ව, “කටට තිත” තියා ගන්නට නොහැකි වූවා විය හැති ය. හෙතෙම, වව්නියාවේ දී තමුන්ට අභියෝග කළ දෙමළ තරුණයන්ට මෙසේ “අපිත් සිංහල; රටත් සිංහල! . . . අහගෙන ඉන්නවා!! . . . දෙමළා!!!” බැන වැදී ඇතයි ලංකා ටෘත් වෙබ් අඩවියෙ දක්වා තිබිණි. අපගේ කෂේරුකා බිදී, සෙවෙල, දේශපාලක සෙරෙප්පු ලෙව කන ජන මාධ්‍ය මේ ‍පිළිබඳ, “මීක්” ශබ්දයක් වත් කළේ නැත. ජනතාවට ප්‍රවෘත්ති දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කළ ආණ්ඩුවේ ජනමාධ්‍ය විසින් වෙනදා මෙන් මේ ප්‍රවෘත්තිය කණපිට පෙරළා දක්වා ති‍බුණේ ජනාධිපති වරයා විසින් තමුන්ට දෙමළින් කතා කිරීම පිළිබඳ විරෝධය පෑ සිංහළුන් හට බැණ වැදී ඇති ලෙසකින් ය [ඉහත දැක්වූ සඳහන පිළිබඳ අදහස් දැක්වූ කිහිප දෙනෙකු විසින් නිවැරදි කිරීමක් ලෙස ලංකාදීප පුවත් පත විසින් නිකුත් කළ විඩියෝපටයක් සඳහා සම්බන්ධතාවක් එවන ලදී. එහෙත් මා විසින් දැක් වූ අදහස් සඳහා එකී නිවැරදි කිරීම මගින් කිසිඳු බලපෑමක් ඇති නොවේ. මන්ද මා දක්වා ඇත්තේ "ලංකා ටෲත්" විසින් ප්‍රකාශ කරන ලදැයි සැලකෙන ප්‍රවෘතියක් මිස වෙන කිසිවක් නොවන බව කරුණාවෙන් සැලකුව මැනවි].

රටෙහි ජනාධිපති වැරදී වැරදී දෙමළ භාෂාවට නිගාවන පරිදී, සිංහලයන් හට ව්‍යාජ ප්‍රතිරූපයක් මැවිමට කරන දෙමළ කතාවන් මගින් ඇති වී ඇති දෙමළ ජනතාවගේ දුක්කදොමනස්සයන් සැනසිය නොහැති වේ. බහුතර සිංහල අපි මේ ප්‍රශ්නය දෙස බලන, මතුපිට දැක්මෙන් සහ දෙමළ දුක්ගැනවිලි නොතකා සිටීමෙන් නුදුරක දීම නැවත “දෙවන ප්‍රභාකරන්” කෙනෙකු බිහි නොවී යයි කිව හැක්කේ කවරෙකුට ද? සාම අධ්‍යයනයන්ගේ පියා ලෙස සැලකෙන නොවිජිනියානු ජාතික මහාචාර්ය යොහානස් පවසන්නේ තව අවුරුදු පහක් හෝ දහයක් ඇතුලත දෙමළ බෙදුම්වාදී සාධකයක් පළිගැනීම පිණිස මතුවන බව ය. ස්වකීය අන්තර්ජාතික වෙළෙඳවාදී යුධ මානසික ව්‍යාපාරික ජාලය “ඩයස්පොරා වැස්සිය” දොවා මිළ මුදල් ගරා ගැනීමට එකී පළිගැනීමේ ගින්නට ඉන්ධන සපයනු ඇත. මා ඔහු විසින් පවසන ෆෙඩරල් සංකල්පයන් පිළි නොගත්තත්, ඔහු මතු කරන තත්‍ය එක් තැන පල්වන ‍ජාතිවාදී, අයුක්තියේ ජරා නරවලින් තව දෙමළ ජාතික සන්නද්ධ නායයකු මතු වීම කරුණු පෙළ ගැස්මට අනුව ඇති නොවුණ හොත් පුදුමයකි. තිස්වසරක පමණ යුද්ධයට හේතු පාදක වන්නේ දෙමළ දුක්ගැනවිල්ල සහ ඒ පිළිබඳ ප්‍රතිචාර දක් වූ දෙමළ ජාතිවාදී දේශපාලන නායකත්වය හා සිංහල ජාතිවාදී නායකත්වය විසින් සැකකසු ජාතිවාදී, වාර්ගවාදී කලිළ නරවල, කාලය සම්පූණ වූ කල, “ප්‍රභාකරන්” නැමති සාධකයට තිබිරි ගෙය විය. ප්‍රභාකරන් ගේ රුධිරු හස්තයෙන් පිඩාවට පත් වූයේ සිංහල ජනසමාජය වත්, මායිම් ගම්මාන වල ජනතාව වත් නොවේ. එකී සාධකයේ දරුණු පහරට ලක් වූයේ, විමුක්කිය සම්පාදනය කළ යුතු වූ ලාංකික දෙමළ ජන ප්‍රජාවට ම ය. මව මරා උපන් කුමරෙකු සේ, ස්වකීය පැවැත්ම සඳහා පාදක වූ, දෙමළ දේශපාලන නායකත්වය එල්.ටී.ටී.ඊය විසින් විනාශ කර දමන ලදී. එතැනින් නොනැවති, ප්‍රබල සිංහල බහුතරයක් හා කෙවල් කළ හැකි උගත් බුද්ධිමය සම්පත ද මරා දමන ලද්දේ ය. මේ සියල්ල කළේ දෙමළ ජනතාවගේ කේවල හඬ හැටියට එල්.ටී.ටී.ඊය කිරුළු පැළදා ගැනීමට ය. උතුරේ පිහිටි ඉතා පොහොසත් සංස්කෘතිය, සංස්කෘතික උරුමය, සාහිත්‍ය සහ පොතපත විනාශ කළේ ය. ඒ සඳහා මුල පිරුවේ දකුණේ ඊර්ෂ්‍යවෙන් පිරුණු සිංහල දේශපාලකයන් ය. එවකට ආසියාවේ විශාලතම පුස්ථකාලයක් වූ යාපනයේ පුස්තකාලය දවා විනාශ කරමින් සිංහල ජාතිවාදී ගිනිදැල් අවුලන විට, එල්.ටී.ටී.ඊය ඒ ගිනිදැල් භාවිත කොට, කෝසය වෛරය වැනි ඉන්ධන ද එක් කොට, ශේෂ වූ දෙමළ සංස්කෘතිය හා උරුමය දවා ලී ය. ලංකාවේ හොඳම අධ්‍යපනය තිබූ උතුර, අවසානයේ සන්නද්ධ යුධ පෙරමුණක් සඳහා අන්නත මොඩ ලෙස දුන් අණින් කොකා ගැස්සීමට හෝ ආණ්ඩුවේ හමුදාව විනාශ කළ හැකි හෝ මිනිස් බොම්බයක් ව අණ තකා පුපුරා ගන්නා තත්ත්වයකට පත් කළ අනාගත පරපුරක් බිහි කළේ ය. අද ලංකාවේ ශේෂ වූ දෙමළ ජනාතාවට තමුන්ට ම කියා මතවාදයක් නැත; මෙතෙක් “තලෙවර්” කී දෑ තම මතය කර ගත් ඔව්හූ කරකියා ගත නොහැකිව මතවාදී ලෙස අතරමං වී ඇත. යාපනයේ අධ්‍යාපන ශ්‍රේෂ්ටත්වය අද, හෝඩිය පොත හරිහැටි නොදන්නා ළමා සොල්දාදුවන් සහිත ජන ප්‍රජාවක් බවට පත් වී ඇත. එහෙත් මේ සියලු වඳ විඳ, ආනාථ කදවුරු ගාල් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බිඳි අභිමානයෙන් සියදිවි තොර කර ගන්නා තත්ත්වයට වත්මන් ආණ්ඩුව පත් කොට ඇත.

මේ ආණ්ඩුව යුද්ධය දිනා ගැනීම තකා ක‍ළ උපක්‍රමය කුමක් ද? මම එවකට විදෙස් රටක වූ බැවින් කෙහෙලිය රබුක්වැල්ල විසින් දුන් සංඛ්‍යා ලේඛන විශ්වාස කරමින් නන්තිකඩාල් කලපුවේ රැදුන ජනතාව 50,000-70,000 බවට විශ්වාස කළෙමි. එපමණක් නොව මා අවට සිටි අයට මා පැවසුවේ ස්වල්ප දෙනෙකු සිටින බව ය. යුද්ධය අවසාන වී ලක්ෂ තුනක් පමණ ජනතාවක් පැමිණෙන විට මා අවට සිටි අය මා බොරුකාරයකු බවට ප්‍රකාශ කළේ, සිංහල ජනතාව දෙමළ ජනතාවට දක්වන සැලකිල්ල පිළිබඳ ප්‍රශ්න නගමින් ය. මා නොදැන සිටි, එහෙත් සැබෑව දැන සිටි ආණ්ඩුව, ලක්ෂ තුනක පමණ ජනතාවක් සඳහා අවශ්‍ය කරන ආහාර වෙනුවට 70,000 අවශ්‍ය ආහාර සහ වෛද්‍යාධාර යවමින්, ක්‍රමානුකූල ව සිවිල් ජනතාව කුසගින්නේ සහ හාමතයේ තබන ලදී. ඒ හෙයින් මහල්ලන් රාශියක් ද, කුඩා දරුවන් විශාල සංඛ්‍යවක් ද කුස ගින්නේ මියැදුනේ ය. බොම්බ වලින් මියැදුන සංඛ්‍යාවට වඩා කුසගින්නෙන් මියැදුන සංඛ්‍යාව වැඩි බව ප්‍රකාශ විය. අවසානයේ ලුණු කැඳ හෝ ජලය නොමැති ව සිවිල් ජනතාව අධික පරිපීඩාවකට ලක් විණ. අහිංසක සිවිල් ජනතාවක් ආහාර, ජලය සහ වෛද්‍යාධාර නො සපයා කුසගින්නේ මැර වීම, කවරෙකු වත් පිළි නොගන්නා, මිලේජ්ජ්‍ය හා දරුණු යුධ අපරාධයකි; පොළොව නුහුලන අයුක්තියකි. එය ප්‍රජාතන්ත්‍රවාදී රජයක්, එල්.ටී.ටී.ඊය වැනි දීන මිලේජ්ජ්‍ය ත්‍රස්තවාදීත්වයකට වැටීමකි. ඒවැන්නෝ යම් දිනක දී, අපගේ සේනාධිපති වරයා මෙන් යුක්තිය විසින් දඬුවමට පත් වෙනු ඇත. පසුව දෙමළ ජනතාව, කටුකම්බි ගසන ලද, ගම්මාන පහක අවුරුදු පහකට පදිංචි කර වීමේ සැලැස්ම, ජනාධිපතිවරණ ඡන්දය සමඟ අහොසි වී ගියේ ය. එකී ඡන්දයට පිං සිදුවන්නට සහ දෙමළ ජනතා හදවත ජය ගැනීමට සරණාගත කදවුරුවල සිටි ජනතාව ආණ්ඩුව විසින් හරි හරියට නිදහස් කර හරින ලදී. එසේ අකලට, ඡන්දයක් නොපැණියේ නම්, තව ම මේ සරණාගතයෝ කදවුරු තුළ දුක් වේඳනා විඳිණු ඇත.

දකුණේ ජනතාව යුද්ධය දිනීම පිළිබඳ උදම් අනනවිට, උතුරේ ජනතාව ඒ පිළිබඳ දරන අදහස කුමක් ද? ත්‍රස්තවාදය හෙවත් ප්‍රභාකරන් නැමැති සාධකය ඉවත් වූ උතුරු නැගෙනහිර ඡන්දය සඳහා සහභාගී වූයේ 20% අඩු ජනතා ප්‍රතිශතයකි. එනයින් පෙනෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවට තවම සිංහල ආණ්ඩු පිළිබඳ හෝ දකුණේ දේශපාලනය පිළිබඳ විශ්වාසනියක්වයක් ඇති වී නොමැති බැව් නොවේ ද? අනෙක් අතට, මෙසේ සරණාගත තත්ත්වයට පත් වූවෝ ස්වකීය ඡන්ද ප්‍රදේශවලින් ඈතට පදිංචියට ගොස් විය හැකි ය. මේ සා වැදගත් ඡන්දයක දී ඔවුනගේ හඬ නිහඬ කළේ භූගෝලිය දුරස්ථභාවය හෝ ප්‍රවාහන පහසුකම් විය හැකි ය. දැන් ඡන්ද දැමුවහොත් අත් කපන්නට, මරා දමන්නට, පවුල් පිටින් පුළුස්සා දමන්නට ත්‍රස්තයෝ නොවෙති. එහෙත් උතුරේ දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට මැළි වූ යේ මන් ද? තුනෙන් දෙකකක් ලැබිම පිළිබඳ සන්තෝෂ වන ආණ්ඩුව කල්පනා කළ යුත්තේ මෙයට පිළියම් කිරීම මිස, වෙන තැනින් මන්ත්‍රීන් බිළිබා ගැනීම නොවේ. එසේ නොමැති වූ කළ මේ ජනාධිපතිගේ ධූර කාලයේ ම, මේ අභිනව පාර්ලිමෙන්තු කාලයේ දීම, තවත් දෙමළ සන්නද්ධ නැගීටිමක ආරම්භයක් වැළැක්විය නොහැකි වෙයි. ඒ සඳහා විශාල හමුදාවක් අවශ්‍ය නැත. සුළුතර කණ්ඩායම්ක් විසින් රටක් දැඩි අවුලෙන් අවුලට පත් කළ හැකි බව අල්කයිඩා ව ත්‍රස්ත ජාලය පෙන්වා දී තිබේ.

වරක් ජනාධිපති වරයා විසින් වත්මන් ලංකවේ “සුළුතරයක් නැතැ”යි ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, “ප්‍රජාතන්ත්‍රවාදය” සාධාරණ යුක්ති සහගත දේශපාලන ක්‍රමයක් නොවේ. එහි ගම්‍ය අර්ථයෙන් ම ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන වා නොව, බහුතරයක් විසින් සමස්ථ ප්‍රජාව ම පාලනය වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු (50 + 1)% තීරණය ඉටු වීම ය. මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා 50% පමණ ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කළේ නැත. එසේ ප්‍රකාශිත ඡන්ද 50%න් 60%-70%ක බහුතර මතයකින් අද තුනෙන් දෙකක ආසන්න පාර්ලිමෙන්තු සංචිතයක් සැකසී ඇත. සත්‍ය වශයෙන් පැවසුවොත්, ආණ්ඩුව සඳහා තුනෙන් දෙකකට ආසන්න ඡන්ද ප්‍රකාශ වීමක් සිඳු වී තිබෙන්නේ මුළු ඡන්ද ලාභි පුරවැසියන්ගේ 30%- 35% පමණ ප්‍රමාණයකින් ය. යමෙකුට මේ විශ්ලේශනය ‍දෙස බලා ඡන්ද නොදැමූ අය කර ගත් මෝඩ කමක් යයි කිව හැකි ය. මම ද එයට එකඟ වෙමි. එනයින් ඡන්ද නොදැමුවන් මතු පැමිණෙන ආණ්ඩුව විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් නැත්තේ, තොරා ගැනීමේ කාර්යය සඳහා ඔවුන් ක්‍රියාකාරී සහභිගීත්වයක් දරා නොමැති බැවින් ය. අනෙක් අතට, මෙයින් පෙනෙන්නේ අවම වශයෙන් බහුතර කැමැත්ත වත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ ප්‍රකාශ නොවන බව නොවේ ද? එසේ නම් සුළුතරයක් වන අසිංහල හෙවත් දෙමළ, මුස්ලිම් හා වෙනත් ජන කාණ්ඩ ගැන කවර කතා ද?

Monday, March 29, 2010

නැවතත් ඡන්දයක්-මිනිසුන්ට තවත් පොරොන්දු මල්ලක්

පසුගිය දවසක අපගේ එක් රැස්වීමක දී, මගේ මිත්‍රයකු මෙසේ විමසුවේ ය: "ලංකාවට පැමිණි විට 'ප්‍රතිසංස්කෘතික කම්පනයක්' ඇති වුණේ නැද්ද?" ඔහු මවිත කරමින් මා දුන් පිළිතුර වූයේ "නැත" යන්න යි. ප්‍රතිසංස්කෘතික කම්පනය යනු වසර කිහිපයක් විදේශ රටක ජීවත්වන එහි සුඛෝපබෝගී ජීවිත රටාවට හැඩ ගැසුණු විට නැවත තමුන්ගේ රටවලට පැමිණි විට ඇති වන කම්පනය යි. එලෙස ම යමෙක් විදේශිය රටටකට ගිය පසු ද, සංස්කෘතික කම්පනය ඇති වේ. මෙහිදී අවස්ථා හතරක් දක්නට ලැබේ.

  1. මධුසමය-මෙහිදී අලුත හමු වූ සංස්කෘතිය සමඟ පුදුම ඇළුම් කමක් ඇති වෙයි
  2. අර්බුදකාරී සමය-මෙහිදී එකී අලුත්ඇතුල් වූ සංස්කෘතියේ වූ වෙනස්කම් හෝ ගැටලු සහගත තත්ත්ව අභියෝගක් ගෙනේ.
  3. විවේචනාත්මක සමය-අත්විඳින ගැහැට සහ අපහසුතා විවේචනාත්මක ලෙස මුහුණ දීම හෝ විහිළු සහගත තත්වයෙන් සිතට ගැනීම සිඳු වේ. මෙහිදී විවිධ අර්බුධ හෝ වෙනස්කම් සිනහවෙන් හෝ කෝපයෙන් පිළිකෙව් කිරීමට පෙළඹේ.
  4. පිළිගැනීමේ සමය-මෙහිදී විවිධ වෙනස්කම් පිළිබඳ පිළිගැනීමකට එළඹිම ද, ඒවා අගය කිරීම ද සිඳු වේ. සමහරවිට මේ අවස්ථාවේදී සංස්කෘතික කම්පනය නිසා ඇතිවන ආතතියේ දී, සමාජයෙන් කොන් වී ජීවත් වීමට වුවද පෙළඹේ.
එහෙත් ප්‍රතිසංස්කෘතික කම්පනය අවස්ථාවේ දී, තමුන් විසූ විදේශයේ සහ තමුන්ගේ මවු රටෙහි වූ තත්ත්වයන් විශේෂයෙන් ම නොදියුණු, අවනීත, සංස්කෘතිකමය වශයෙන් ඇති පහත් ස්වභාවය, පහසුකම් හිඟ බව, නිදහස සීමා වීම, ආදයම් මාර්ගවල වූ විශමතා, කාලගුණය, සුඛෝපබෝගීත්වයේ සීමාවන් නිසා ඔවුන් විසු රටවලට ම යාමට සිත් වේ. එනයින්, දිර්ඝ කාලයක් ලංකාවෙන් පිට විසු අයෙක් නැවත ලංකාවට පැමිණ අනුගත වීමට වඩා නැවත ඒ රටවලට ම යාමට උත්සහ දරයි. මා හට ප්‍රතිසංස්කෘතික කම්පනයක් ඇති නොවූණේ මා ලංකාවට පැමිණියේ ලංකාවේ තත්ත්වය තේරුම් අරගෙන සහ එකී සීමාවන් හා ගැහැට අපේක්ෂාවෙන් ය. එබැවින් මා හට දැඩි අපහසුතාවක් ඇති නොවිණ. දිනපතා පොදු ප්‍රවාහන සේවයේ පිහිට පැතිම ද, සමහර විට බස් නොමැති කල පයින් කිලෝමිටර ගණන් ඇවිද යාම ද, මාගේ පුරුදු දිවියේ ම කොටසකි. ලංකාවේ පවතින දේශපාලන පිල් මාරුවෙන් ඇති වූ කැපී පෙනෙන වෙනසක් නැතත්, සැමවිට ම, අනාගතය පිළිබඳ සොඳුරැ සිහින දැක්ම පසෙක ලා නැත. මා යුද්ධය පැවති කාලයේ ද, උතුරු නැගෙනහිර විවිධ සේවාවන් කර ඇත. යුද්ධය නිම වීම දකුණේ ජනතාවට ප්‍රීතී ගොස ගෙනෙන කරුණක් වූව ද, තවමත් අනාථ කඳවුරුවල වෙසෙන ජනතාවට ප්‍රභාකරන්ගේ කොටි නියෙන් සහ දතින් ගැළවීම පිළිබඳ සාධනීය බලාපොරොත්තුවක් නැත. අනෙක් අතට පදිංචි කළ ජනතාවගේ සුබසාධනය සඳහා කාලයක් පක්ෂ හෝ විපක්ෂ‍ය දෙකටම නැති. ඔවුන් හට ඇත්තේ උනුන් පොර කා ගැනීමට ඡන්ද පොරටකට පැටලීම ය. ඒ පොරය දෙස බලා සිටින්නට ජනතාවට සිඳුව ඇත. එක එකා මනාපයට පොරකා ගන්නා අතරතුර, ජනතාවට ජීවින බර සහ අවට සිඳුවන මානව හා සත්ත්ව අයිතිවාසිකම් උල්ලංඝනය මතකයෙන් පහව ගොස් ය. එයත් ක්‍රිකට් පෙන්වා වේඳනාවෙන් වුන්නවුන් හට අබිං කවන්නාක් මෙන් ය. දැනටමත් දේශය සුකිත මුදිත ය; තේජාන්විත ය. සිංහලයන්ගේ මතයේ ප්‍රශ්නය දේශපාළුවන්ට නම් හොඳ තුරුම්පුවකි. ලොකයේ පළමු වරට සර්වජන ඡන්දබලය හිමි වූ ලංකාව වැනි රටක අනගතය කුරිරු ලෙස කේදජනක වීමට හේතුව නම් ඡන්ද දායකයා ගේ වූ අමොනොඥ, අදූරදර්ෂි, ලාබප්‍රයෝජනතකා ගන්නා අගතාගාමි තිරණය යි. සමහරු ඡන්ද කාර්යාලයන් විවෘත කරන්නේ රු. 25,000 ලැබෙන නිසා මිස, සැබෑ ජනතා හිතවාදීත්වයෙන් නොවේ. ඡන්ද කාලයට පමණක් මතුවන දූෂකයෝ සහ සමාජපරිහානිය ගෙන යන්නෝ කොහෙන් හෝ සොයා ගන්නා මුදල්වලින් ඡන්ද ප්‍රචාරය කරයි. මේ දවස්වල කෝටි ‍ගණන් මුදල් වියදම් කර කරනු ලබන ඡන්ද ප්‍රචාරයන් නොතකා හැර, සුදුස්සා සුදුසු තැන පිහිටු වීමට තරම් ලාංකිකයන්ට විතක්ෂණ ප්‍රඥාව පහළ වේවා යනු මගේ පැතීම...

ඇත්තට ම මට ප්‍රතිසංස්කෘතික කම්පනයක් ඇති නොවූවා ම නොවේ. ලංකා‍වට පැමිණ බඩු මිළදී ගැනීමට යන අවස්ථාවේ දී, බඩු මිළ දැකීමෙන් දැඩි කම්පනයක් ඇති විය. ඒ ගණන් බොහෝ දුරට ඇමරිකාවේ භාණ්ඩ මිළ හා සැසදේ. එහෙත් ආදයම් ලැබිම අතින් ලංකාවේ ඇමරිකාවට 100 ගුණනයක පහළ මට්ටමේ පවතියි. ළඟ දී මගේ මල්ලි යම් භාණ්ඩයක් ලංකාවට ගෙන්වීම සඳහා තීරු බදු පිළිබඳ විමසිමක් කරන ලදී. ඔහු කලකිරීමට පත් කරමින් තිරුබදු 116% බව දැන ගන්නට ලැබිණ. ඒ හෙයින්, ලංකාවේ වරායට පැමිණෙන රු. 100 වටිනා භාණ්ඩයක්, වරය තුළ තීරූ බද්දට යටත් වූ කළ ක්ෂනික‍ව ම රු. 216 වෙයි. ඒවිට අනෙක් විවිධ බදුවර්ග, ප්‍රවාහන ගාස්තු සහ වියදම් ඇතුලු කොට ලාබය සලකුණු කළ විට රු. 100 භාණ්ඩය අවම වශයෙන් රු. 700-800 පමණ විශාල මුදලකට වෙළඳ පලට පැමිණේ. මේ ක්‍රමයෙන් තැලෙන්නේ කවුරු ද? මෙය නම් තැලෙන යකඩයට උඩ පැන පැන තලන්නා සේ ය.

Wednesday, January 27, 2010

නිදිගැට කඩා අවදිව නැවත සුපුරුදු ලෙස වැඩට යමු...


සර්වජන ඡන්ද බලය ලැබුණු ‍ලෝකයේ පළමු රට ශ්‍රී ලංකා‍ව යි. ඒ ඩොනමොර් කොමිෂන් සභාව යටතේ 1931 දී ය. සර්ව ජන ඡන්ද බලය යනුවෙන් හැඳින් වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම ය. එයට පෙර පැවති ඡන්ද ක්‍රමය වූයේ ඉඩම් හිමි, රජයට බදුගෙවන රදළ පුරුෂයන් සුළුතරයක විසින් පත් කරනු ලබන නියෝජීත මණ්ඩලයක් සහ බ්‍රින්‍ය කීරිටය මගින් පත් කරනු ලබන අණ්ඩුකාර වරයෙක් යටතේ ය. සර්වජන ඡන්ද අයිතිය නිසා සාමාන්‍ය ජනතාව වෙත ස්වකීය කැමත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුනා පමණක් නොව, කන්තාවන් වෙත ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවද ලැබිණි. මෙකී වරප්‍රසාදය ලංකාව හැර බ්‍රිතන්‍යයේ හෝ ඒකී යටත් විජිතයන්ගේ වත්, ඇමරිකාවේ වත් තිබුණේ නැත. සර්ව ජන ඡන්ද බලය ලබා දෙන විට චෙල්වනායගම් සහ සුළු පක්ෂ කිහිපයක් එයට විරුද්ධ වූ බවත්, එසේ ඔවුන් විරුද්ධ වීමට හේතුව රටක් පාලනය සඳහා වූ සුදුසු නායකත්වයක් පත් කිරීම සඳහා බහුතර ජනතාව විතක්ෂණ ඥානය නොමැති බව දක්වමින් ය. එතුවක් මෙතුනක් පැවති සර්වජන ඡන්දයන් මනස හෝ විතක්ෂණය වෙනුවට ආවෙග හෝ කෙටි කාලීන ලාබ ප්‍රයෝජන තකා හෝ රැවටිලි වදන් වලින් මුසපත් ව ප්‍රකාශ වූ බව ප්‍රකාශ නොකර සිටින්නට බැරි ය. පසුගිය අවුරුදු 79ය තුළ ලාංකික ජනතාව තෝරා පත් කළ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට 2010 ජනාධිපතිවරණය දක්වා චෙල්වනායගම් විසින් ප්‍රකාශ කළ කියමන සත්‍ය බව පසක් වනු ඇත (එහෙත් මා තවමත් සර්වජන ඡන්ද බලය හා ජනතාව විසින් තෝරා පත් කරන ජනතා නියෝජිත්වයකට ගැති වෙමි; පක්ෂ වෙමි). මෙසේ ලංකා ජනතාව ආවේගී ලෙස ඡන්ද ප්‍රකාශ කරන ආකාරයට හේතුව ප්‍රභාකරන්ට අනුව දින පහළෝවක සීමිත මතකය ද, ටෑබූ අනුව වැඩවසම් මානසිකත්වය හෙවත් රාජකීයත්වයට ගැතී කම ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ලංකා ජනතාවගේ තෝරා ගැනීම කෙතරම් ප්‍රඥා ගෝචර දැ යි අතීතය දෙස ආවර්ජනයක යෙදීමෙන් අපට පහදා ගත හැකි ය.


මා උපන් දවසේ සිට, අත්දුටුවේ සර්ව ජන ඡන්ද බලයේ මාහැගී සර්වබලධාරීත්වයට ය. මා උපත ලැබූවේ සිරි‍මාවෝ මැතිනියගේ වාමංශික කැඳ හවුලේ දුර්භික්ෂ සමයේ දී ය. සර්වජන ඡන්ද බලයෙන් පත් කරගත් මේ හවුල අවසානයේ ජනතාවට කෙසෙල් බඩ, බතල ම‍ඤඤෝක්කා ආහාරයට දුන්නා පමන්ක් නොව හාල් පොළු, මිරිස් පොළු, රෙදී සීමාවන් යොදා ජනතාව හෙබ්බත් ‍කළේ ය. මගේ පියා මා හට කිරි ලබා ගැනීම සඳහා කොළඹ සිට රට වටෙ කරක් ගසන්සට සිඳු කළ කාලයේ ම, ආණ්ඩුවට පක්ෂපාතී ගැත්තන්ගේ නිවෙස් වලට සමුපාකාරයේ සිට ලොරි පැමිණ ආහාර ගොඩ බස්සන අයුරු, බඩපොත්ත අතගානා කුස ගින්නේ සිටින ජනතාවට දකින්නට සැලැස්වි ය.


එයින් හෙම්බත් වූ පීඩිත ජනතාව කළේ ජේ.ආර්. හට හයෙන් පහක බලයක් ලබා දීම ය. ‍ජේ.ආර් ද ලැබූ ජන වරමින් ඔදවැටී, විපක්ෂයේ මැතිනියගේ ප්‍රජා අයිතිය ද අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී නොපිලි මගකට පිවිසියේ ය. ඔහු විසින් සකසන ලද නව ව්‍යවස්ථාව කරන කොට ගෙන, විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන්නේ ය. එසේ කිරීම සඳහා ඔහුගේ සාධාරනීයකරණය වූයේ වේගවත් සංවර්ධනයක් සඳහා එවැනි බලතල අවශ්‍ය බව සඳහන් කරමින් ය. නව ව්‍යවස්ථාව ස්ථාපනය කරමින් ඔහු‍ගේ ප්‍රසිද්ධ උදන් වාක්‍ය වූයේ දැන් අපට කළ නොහැක්කේ "ගැහැණියක් පිරිමියකු කිරීම පමණක්" බව ය. එකී බලගතු ව්‍යවස්ථාව හා විධායක ජනපති ධූරය භාවිත කොට විසි අවුරුදු මහවැලි ව්‍යාපාරය අවුරුදු කිහිපයකින් නිමා කළ අතර, වෙළඳපළ ද, විවෘත කළේ ය.


මැතිනියගේ (පාක්ෂිකයන්ට අදාළ නොවන එහෙත්) ජනතාවට පමණක් සීමා‍ වූ "ස්වදේශිය ප්‍රතිපත්ති" වලින් හෙම්බත් වූ ගම්මුන් බතබුලතින් සැනැහී, මොටර් බයිසිකල් ගෙන රවුම් ගසන තත්ත්වවට පත් විය. එහෙත් ජේ.ආර්. විධායක අධිකාරීත්වයත්, කලින් ලැබූ පාර්ලිමේන්තු බලය රැක ගැනීමට කළගෙඩි පහන හෙවත් අලුත් "ජනමත වීචාරය" නැමැති සෙල්ලමක් 1980දී හඳුන්වා දී, ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස බලය දීර්ඝ කර ගත්තේ ය. එසේ ම, ජේ.ආර්. විසින් අත්නොමතික ලෙස ක්‍රියා කිරීම නිසා 1983දී සිවිල් කොලහාලයක් ඇති වී, දෙමළ ජනතාවගේ සිත් සිංහල ජනතාව කෙරෙහි වෛරී අදහසින් පුරවා දමන්නට විණ. මෙයින් තිස් අවුරුදු යුද්ධයකට මං පෑදිණ. එය නිම කිරීමේ සියලු අපේක්ෂාවන් ධූරින්භූත කරමින් ඉන්දියාව දෙමළ ආයුධ සන්නද්ධ ව්‍යාපාරය සමඟ අතිනත ගත්තේ ය.


ප්‍රේමදාස ද විධායක ජනපති ධූරයේ බලය භාවිතා කරමින් කඩිනම් සංවර්ධනයක් රටට කළේ ගම් උදාව සහ මහා මාර්ග තැනීම මගින් ය. ප්‍රේමදාසගේ පේෂ කර්මාන්ත ද, ජන සවිය ද දිළිඳු ජනතාව වෙත මාහැඟී වාසීන් ද, අතමිට සරුවීම් ද ගෙනෙන ලදී. එසේ ම කවදාවත් නොවූ විරූ ලෙස සංස්කෘතික දේහයේ බිඳ වැටීමකට මේ පේෂ කර්මාන් (ගාමන්ට්)යෝ ඉවහලි විණ. එහෙත් විධායක ජනපති ධූරයේ වූ භයානක්වය සහ කෲරත්වය විදහා දක්වමින් ඝාතන රැල්ලක් ආරම්භ විණ. ඒ වනාහි ලංකා සමාජය කිසිදා නොදැක්ක, නොවූ විරූ ආකාර දරුණු මිලේජ්‍ය ඝාතන රැල්ලක් විණ. අවසානයේ අනුන්ට දිගු කළ ඝාතන හස්තය ප්‍රේමදාස වෙත ද, යොමු වූයේ අදිසි අයුරින් ය.


චන්ද්‍රිකා යුගයේ කියන්නට තරම් කැපී පෙනෙන දෙයක් සිඳු නොවුණු යුගයකි. විවිධ රාජ්‍ය ආයතන රාශියක් පෞද්ගලීකරණය වීම සහ රජයේ දේපළ පෞද්ගලික අංශයට (කොමිස් තකා) විකුණා දැමීම හැරුණු කොට, කාලය පැය භාගයක් වෙනස් කිරීම ඇයගේ දායා ද ය වි ය.එහෙත් මෙහිදී සටහන් කළ යුතු වැදගත් සිඳුවීමක් වන්නේ ජේ.වී.පි.ය චන්ද්‍රිකා බලයට පත් කිරීම සඳහා ඉදිරිපත් පත් වීමත්, නාසි යුධ ප්‍රකාශකයකු වූ හයිරික් හිම්ලර්ගේ සිය වරක් බොරුවක් ප්‍රකාශ කිරීමෙන් "ජනප්‍රිය සත්‍යයක්" කිරීමේ උපක්‍රමය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන විට, යම් යම් පෞද්ගලික මාධ්‍යයන් ද ස්වකීය අපේක්ෂකයාට වාසීසේ මාධ්‍ය මෙහෙය වීම සිඳු විය. චන්ද්‍රකා යුගයේ දී, කැපීපෙනෙන ජන මාධ්‍ය ප්‍රමාණයක් කලඑළි බැසීමත් සමඟ නවතම මාධ්‍ය භාවිතයක් ආරම්භ විණ. එෆ්. එම්. නාලිකාවන් මගින් සංස්කෘතික හර පද්ධතියින් උඩුයටි කුරු කරමින් බටහිර සංස්කෘතික වටිනාකම් හා ජීවන දෘෂ්ටිය ගමට ආයනය කරන ලදී. ඒ සමඟ පැය 4, 6, 8 දක්වා විදුලිය ඇණහිටිමේ රාත්‍රියේ තාරකාවිද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පාඩම් ඉගන ගැනීමේ ආනන්දජනක අත්දැකීම් අපට ලැබුණේ දුර්වල ජාතික සැලසුම්වල ප්‍රතිපලයක් වශයෙන් ය. එහෙත් චන්ද්‍රිකා යුගයේ ඇතිවූ කැපිපෙනෙන ප්‍රවණතාවයක් වන්නේ චන්ද්‍රිකා-රනිල් සාම ගිවිසුම යි. එයින් වන්නියේ වැසියන්ට දකුණේ ජනතාවත්, එකිනෙකා සුදු ද, කළු ද යන වග වත් දැන තේරුම් ගැනීමට අවස්ථාවත්, දකුණේ වැසියන්ට උතුර නැරඹිමටත්, වන්නිය පාලනය කළ කොටින් හට රුපියල් මිලියන ගණනක් දවසකට උපයා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් ඇති කර ලී ය.


එයින් පසුව එළැඹි මහින්ද යුගය අපට ගෙනෙන වැදගත් ම ලාංකෛය සන්ධිස්ථානය වන්නේ තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් ය. ඒ සඳහා වූ විශේෂ ගෞරවය ඔහුට හිමි ය. එහෙත් මහින්ද යුගයේ කැපී පෙනෙන සංවර්ධන තත්ත්වයන් ඇති වී නැති බව කිව යුතු ය. ජෙ.වි.පි.ය සමග වැව් දහස, මග නැගුම, ගම නැගුම, උතුරු වසන්තය, අපි වවමු ආදී ලේබල් සමුදායක් විනා කැපී පෙනෙන ජාතික සංවර්ධන ඉලක්කයක් කරා රට ගමන් කිරීමට හැකියාවක් නොවිණ. මා විසින් මෙම තීරයේ නිතර නිතර ප්‍රකාශ කළ පරිදි, මහින්ද පාර්ලිමෙන්තු සංයුතිය කෘත්‍රීම ව වෙනස් කර ගත්තේ ඇමති නියෝජ්‍ය ඇමතිකම් ලබා දීම මගින් ය. එසේ ම, විරුද්ධ තීණ්ඳු දුන් ජේ. ආර් නඩුකාරයන්ට ගල් ගැසූවාට වඩැ ඉදිරියට යමින්, ස්වාධීන අධිකරණයට අත පෙවීම් සහ අභියෝග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්ඳු ක්‍රියා නොකර හැල්ලු කිරීමෙන් ය.


එහෙත් කෙසේ හෝ කවර හේතුවක් පෙරදැඩි කොට ගෙන හෝ මහජනතාව නැවතත් මහින්ද හට ජනවරමක් ලබා දෙමින් ජනපති ධූරයට පත් කොට ඇත්තේ, ඔහු විසින් ප්‍රකාශිත "මහින්ද චින්තන ඉදිරිදැක්ම" වූ කරුණු ඉෂ්ට කරනු බලාපොරොත්තුවෙන් විය හැකි ය.


මී ළඟට ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය යි. එය ද, තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත අතර, එහි දී ජනතාව වෙත තවත් අවස්ථාවක් ස්වකීය දේශපාලකයන් පාර්ලිමෙන්තුවට යැවීමට හැකියාවක් ලැබෙනු ඇත. කළගෙඩි-පහන් සෙල්ලමක් මගින් පවතින පාර්ලිමේන්තුව පවත්වා ගන්නට උත්සහ නොකළොත්, සහ පත්වන අභිනව පාර්ලිමේන්තුවේ විපක්ෂ මැතිවරුන් ඇමති-නියෝජ්‍ය ඇමති බිළි පිත්තෙන් බිළි බා නොගත්ත හොත්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදීත්වයට කරන ගරු කිරීමකි. අතීතය දෙස බලන කල, ඒ ගැන කවර විශ්වාසක් තැබිය හැකි ද?


එහෙත් ලැබූ ජනවරම පවතින තත්ත්වය එසේ පවත්වා ගෙන යාම සඳහා දුන් අවස්ථාවකඳු සලකා බැසිල් රාජපක්ෂ අගමැති කොට, සුවිසාල ඇමති-නියොජ්‍ය මණ්ඩල පරිවාරය පවත්වාගෙන යන්නේ නම් පැවසූ සුබ අනාගතය ජනතාව වෙත අසුබ දුර්මුඛ සිහිනයක් වනු ඇත. රජයේ මාධ්‍ය හරහා කතා කළ අතිමහත් කලා කරුවන්ට ඒ ඒ රජයේ වරප්‍රසාදත්, ආචාර මහාචාර්ය වරුන්ට ඒ ඒ කුලපති, උපකුලපති, අංශ ප්‍රධානි ආදී නිලතලත් ලැබෙනු ඇතැයි සිතමු. විරුද්ධ අදහස් දැරූ, ආණ්ඩුවට විරුද්ධ ව ලියූ කියූ මාධ්‍යවේදීන් ට ද ස්වකීය ප්‍රසාද දීමනාවන් ලබා දෙනු ඇත.


ඡන්දයේ උද්දාමයෙන් අවදී වී අවට බැලීමට කාලය එළෙඹ ඇත:


උදෑසන අවදි වී අතේ ඇති සොච්චම සුවිසාල බස් ගාස්තුවක් වැය කොට, රැකියාවට යන මිනිසා, බන්දුලගේ මිල සුත්‍රයේ පිහිටෙන් ඉහළ නැගෙන එළවළු මාළු මල්ලක් සඳහා වෙහෙසවී, අතට වැටුණු සැනින් වියැකෙන පඩි පතකට වැඩ කරනු ඇත. තවත් දින පසළොසකින් පමණ පැත්තකට විසිකර දැමූ බොඩ් ලෑලීවල දූලී මකුළු දැල් පිසදා ගෙන, කර පින්නා විත් පඩි වැඩි කරනු, අර දෙය කරනු, මේ දේ කරනු යනුවෙන් රජයේ කාර්යාලවල වූ පියුම්ගේ සිට රැකියා විරහිත උපාධිධරයා දක්වා පුද්ගලයෝ පාරට බසිනු ඇත. පිකටින් වැඩවර්ජන ආයෙත් සුපුරුදු ලෙස ආරම්භවනු ඇත. නැවත කොන කොන ආණ්ඩුවට බනිනු අරම්භවනු ඇත.


ආවේගශිලී ලෙස කටයුතු කර, අවසානයේ හිස් අතින්, කරගත් දෙයක් නොමැති ව, එයින් වූ වෙහෙසින් හෙම්බත්වන, සමහර විට වහසි බසට රැවටුණු සර්වජන ඡන්ද හිමි බහුතරය, "යම්තම් රට සතුරු විදේශිය ආක්‍රමණයකින් බේරා ගත් බැව්" සිතමින් නින්දට වැටෙනු ඇත.


ඡන්ද කාලයේ දිටි සොදුරු සිත්කළු සිහින දැක්ම, පෙන්නුම දැන් අවසාන ය. අවදි වන්න, දැන් උදෑසන ය. නැවත යාථාර්ථයේ වර්තමාන ලංකාව වෙත නිදිගැට කඩමින් පියමං කළ යුතු කාලය පැමිණ ඇත. එකී යථාර්ථය ඊයෙන් අදට වෙනසක් නැත.


෴ඔබට සුබ අනාගතයක්෴


Monday, January 25, 2010

රු. 350 පොහොර නාඩගම හෙවත් ලාංකික කෘෂි සමෘධි මිත්‍යාව

පසුගිය දිනක "සත්දින" අඩවියේ ලියවුණු ලිපියක් සඳහා ප්‍රතිපිළිතුරු සපයමින් රු. 350න් පොහොර නිසා ලංකා කෘෂිකර්මය දියුණු වූ බව හෝ ගොවිතැන ආරක්ෂා වූ බව ලියා තිබිණ. ඒ සඳහා කෙටි සටහනක් තැබීමට මගේ යුතු කම ය. මේ විෂය කෙරෙහි දිර්ඝ ලිපියක් පසුව ලීවීමට අපේක්ෂා කරමි.


රු. 350හේ පොහොර මිටිය අමු ම අමු ඡන්ද ගුණුඩුවකි. එය මේ මැතිවරණයට මහින්ද පොරොන්දු වූවත්, ‍සරත් පොරොන්දු වුවත් එය ජනතාව රැවටිමකි.


පළමුවෙන් ම, පොහොර සහනාධාරය නිදහසෙන් දශකයකට පසුව දිගින් දිගට ම පැවතිණ. සෑම ආණ්ඩුවක් විසින් පොහොර සහනශිලී මිළකට ලබා දීම සඳහා යම් තාක් මැදිහත් වීමක් කරන ලදී. චන්ද්‍රිකා ආණ්ඩුව පැවති සමයේ අවසාන කාලයේ යුරියා මිළ රු. 650ව පැවතිණි. රනිල් පොහොර සහනාධාරය වැඩි කොට, රු 500 දෙන බවට පොරොන්දු විය. මහින්ද ජයග්‍රහණය සඳහා වූ අපේක්ෂාවෙන් රු 350 පොහොර මිටිය දෙන බවට පොරොන්දු විණ. ඡන්දය ජයග්‍රහනයෙන් පසුව යුරියා රු 350ට දෙන ලදී. එහෙත් සාර්ථක වී වගාවක් සඳහා යූරියා පමණක් ප්‍රමාණවත් නොවේ.


විවගාවේ අක්කරයක් සඳහා යුරියා මිටි දෙකක් ද, ට්‍රපල් සුපර් පොස්පෙට් (TSP) මිටි 2-1.5ක් ද, ම්‍යුරෙට් ඔෆ් පොටෑෂ් (MOP) මිටියක් ද අවශ්‍ය ය. අද සාමාන්‍ය වෙළඳ පළේහි යුරියා මිළ 1500-2000 අතර උච්චාවචනය වේ. එලෙසින් ම, අනෙකුත් පොහොර වර්ගවල ද මිළ වෙනසක් නොමැති ව ඉහළ යයි. රු. 350 යුරියා මිටි දෙකක් අක්කරයට දමන විට අනෙක් වර්ගයේ පොහොර සඳහා වී ගොවියා සමාන්‍ය මිළ ගෙවා අනෙක් පොහොර මිලයට ගත යුතු ය. මක් නිසාද ඡන්ද ගුණුඩුවෙන් ආවර්ණය වන්නේ රු. 350හේ යුරියා පොහොර පමණි. මෙයින් ම මේ රැවටිමේ තරම පෙනේ.


අනෙක් අතට, වී ගොවිතැන හැර අනෙක් කිසිදු කෘෂිකරම වගාවකට රු. 350හේ යුරියා පොහොර ලැබෙන්නේ නැත. පසුගිය දවසක මේ සහනාධාරය උක්වගාවට ලබා දෙන ලෙසට ද, කුඩා තේ හිමියන් විසින් මෙය තේ වගාවට ලබා දෙන ලෙස ද, උඩරට එළවළු වගා කරන්නන් එය එළවළු වගාවට දෙන ලෙසත් ආණ්ඩුව වෙත කන්නලවු කරන ලදී.


මේ පොහොර රැවටීම පිළිබඳ අජිත් කබ්රාල් පවසන්නේ:


"පොහොර මිල ගණන් සම්බන්ධව ගෙන බැලූ විට, අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලට සමගාමී ව යූරියා පොහොර මිල පමණක් අඩුවී ඇත. අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් ලෝක වෙළෙඳපොළ තුළ තවදුරටත් ඉහළ මට්ටමක පවතී. රජය විසින්, පොහොර සහනාධාර ලබාදෙන බැවින් පොහොර මිල ගණන්වල වෙනස්වීම පාරිභෝගිකයාට එතරම් බල නොපානු ඇතැයි අපේක්ෂා කෙරේ."


යුරියා සහනාධාරයෙන් පාරිබෝගික සහනය ලැබෙන අජිත්ගේ විගඩම් ප්‍රලාප මොඩයන්ට නම් හොඳ ය. අනෙක් පොහොර මිළ සිඝ්‍රයෙන් ඉහළ යන විට වී ගොවීන්ට පමණක් ලැබෙන රු 350 යුරීයා මගින් සමස්ථ ලාංකික ජනතාවගේ ජීවන වියදමට ඇති ප්‍රතිපලය කුමක් ද?


හැමදාම මුහුණ බලා බොරු කියන ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයා වන බන්දුල ගුණවර්ධන පවසන්නේ:


"2003 දී රුපියල් 850 ට දීපු පොහොරමිටිය ලෝක වෙළෙඳ පොළේ අසාමාන්‍ය ලෙස පොහොර මිල වැඩිවෙලා තියෙද්දිත් රුපියල් 350ට ලබා දෙනවා. 2003 දී පොහොර සහනාධාරය ට වියදම් කළේ බිලියන 2 යි.

ගිය අවුරුද්දෙ පොහොර සහනාධාරයට වියදම් කළ මුදල බිලියන 26. 2003 ට සාපේක්‍ෂව පොහොර සහනාධාර වියදම පමණක් 1200% කින් රජයට වැඩිවෙලා. රජය මෙය සළකන්නේ නිෂ්පාදන සහනාධාරයක් ලෙස නෙවෙයි, කෘෂිකාර්මික අංශය සඳහා කෙරෙන දිගු කාලීන ආයෝජනයක් හැටියට. ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීමකින් තොරවම ආනයනික කෘෂිකාර්මික ද්‍රව්‍ය වෙනුවට ආනයන ආදේශන කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොමු වෙලා තියෙනවා."


පොහොර සහනාධාරයක් දීම තුළින් දිගු කාලීන වාසියක් ලැබෙන්නේ කෙසේ ද? ලංකාවේ වී මණ්ඩලය බොඩ් ලැල්ලට සීමා වී පවතින විටත්, වී සැකසුම් මධ්‍යස්ථානවල උපකරණ මළකා අබිලි යකඩ බවට පත්වන්ට ඉඩ දී ඇති කාලයකත්, කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවලට පක්ෂයේ සහචරයන් යට සිට උඩට අනුගත කරන විටත්, ‍සහල් මුදලාලීවරුන් කිහිපදෙනෙකුගේ ඒකාධිකාරයේ දංගෙඩියට අහිංසක වී ගොවියාගේ අස්වන්න හිරකොට ඇති ආණ්ඩුවක කෘෂිකර්මයේ දිර්ඝ කාලීන ආයෝජන බේගල් කොණ්ඩේ බැඳපු චීන්නුන්ට නම් හොඳ ය.


ආණ්ඩුව පවසන්නේ යුරියා සහනාධාරයෙන් 14%ක වී වගාවේ වර්ධනයක් ලැබූ බව ය:


"වත්මන් රජය ගොවීන්ට න් රු. 350 කට ‍පොහොර ලබාදීම සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 101888.36 ක් වැය කර තිබෙන බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යංශය පවසයි.

මෙම මුදල 2005 සිට මේ දක්වා වන අතර මේ තුළින් කෘෂි කර්මානත්යේ දැවැන්ත ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බවද රජය පවසයි.


මෙහි ප්‍රතිඵලයක් ලෙස 2007 සිට වී නිෂ්පාදනයේ 14% ක වර්ධනයක් ඇති වී තිබෙන අතර වී අලෙවි මණ්ඩලය මගින් නැවත ස්ථාපිත කළ සහතික මිල යටතේ සාර්ථක ලෙස වී මිලදී ගැනීම සිදු කෙරේ.

එමෙන්ම සෙසු ආහාර භෝග නිෂ්පාදනය ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන අතර නව ගෙවතු වගා 6,08205 ක් ද සංවර්ධන‍ය කෙරෙන බව අමාත්‍යංශය පවසයි."


ලංකාවේ පොහොර සහනාධාරය දෙන්නේ අද ඊයේ නොවේ. දැනට දශක හතරක සිට පොහොර සහානාධාරය සපයනු ලැබේ. මේ පිළිබඳ ලිය වූ පර්යේෂණ පත්‍රීකාවක් එච්. කේ. ජේ. එකනායක "The Impact of Fertilizer Subsidy on Paddy Cultivation in Sri Lanka" විසින් ප්‍රකාශයට පත්කොට ඇත. ඔහුගේ අවසාන විශ්ලේශනයේ දී, වී වගාව සඳහා සහනාධාරය දීම තුළින් පොහොර භාවිතයේ විශේෂ වෙනසක් නොමැති බවත්, මිළ වැඩිවන විට ගොවියාගේ ලාභයට වෙනසක් විය හැකි බව ප්‍රකාශ විණ. එහෙත් මේ සහනාධාර කෙටිකාලීන සහල් මිල කෙරෙහි බලපාන අතර, එසේ ම, යුරියා සඳහා පමණක් කැපී පෙනෙන සහනාධාරයන් සැපයීමේන් තුළිත ලෙස, නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් වී වගාවට නොලැබෙන බවත් ඔහු විසින් දක්වා ඇත. ඒහෙයින් ඔහු නි‍ර්දේශ කරන්නේ, කෘෂිකර්ම ක්ෂේත්‍ර නිළධාරින් ලවා නිවැරදි භාවිතයට ගොවින් යොමු කිරීමත්, එයින් නිෂ්පාදන වියදම අඩු කළ හැකි බවත් දක්වයි. අනෙක් අතට, ඔහු ස්වකීය පර්යේෂණය අවසාන කරන්නේ සහනාධාරයෙන් නොනැවති, සහල් මිළ පහත හෙළිමට, අනෙකුත් කෘෂිකාර්මික යටිතල පහසුකම් සහ වෙළඳ පසුතලයක් යොමු කිරීම කළ යුතු බව දක්වයි.


ලංකාව අනෙක් රටවල් වලට සාපේක්ෂ ව අතිශය සශ්‍රීක රටකි. පණැති දණ්ඩක් විසි කළ කල්හී, දළු ලා වැඩෙන තරම ට ස්වභාවික දේශගුණය හිතැති ය. එහෙත් ඒවන් වටිනා රටක කෘෂිකර්මය වල පල්ලට යවන්නේ අඥාන දේශපාලකයන්ගේ අදීන අදුරදර්ශි ක්‍රියා කලාපයන් නිසා ය. මිනිසුන් ගොනාට ඇන්ද වීමට, ඡන්දයට ලකුණු ගැනීම පමණක්, "අපි වමමු-අපි (මා) හැදෙමු" යන විකාර නොදොඩා, කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන්ට කෘෂිකර්මය දියුණු කළ හැකි දිර්ඝකාලින සැලසුමක් ගොඩ නගන්නට සලසන්නේ නම් මැනවි.


අවශ්‍ය නම් ලංකාවේ පොහොර නිශ්පාදනය කිරීමට හොද හැටි අවකාශ තිබේ. යුරියා සඳහා යොදා ගන්නේ වායුගෝලයේ නයිට්‍රජන් උත්ප්‍රේරක ආශ්‍රීත ප්‍රතික්‍රියාවකි. අනෙක් අතට ට්‍රිපල් පොස්පෙට් සඳහා එප්පාවල පොස්පෙට් භාවිතයට ගෙන රසානික ලෙස සැකසීක කළ හැකි ය. මේ සඳහා අවශ්‍ය සල්ෆියුරික් අම්ල වානේ කර්මාන්තය ආශ්‍රයෙන් ලබා ගත හැකි ය. එහෙත් මේ යෝජනා ක්‍රියාවට නැංවීම මා මෙහි සටහන් කරන අයුරින් පහසු නැත. එහෙත් රට කෙරෙහි ආදරය කරන නායකයකු හට අනාගත පරපුර සහ රටෙහි අනාගතය වෙනුවෙන් කළ හැකි දෑ සීමාවක් නැත.


අද භාවිත කරන බොහෝ බීජ දෙමුහුන් බීජ වන අතර, මෙතුවක් මා දන්නා තරමට දෙමුහුන් බීජ නිශ්පාදනය සඳහා රාජ්‍ය අංශය ඉදිරිපත් වී නැත. පටක රෝපණය මගින් කෙසෙල් වගාව ප්‍රචාරනය සඳහා පෞද්ගලික ආයතන ක්‍රියා කරන විට, සුදු මැස්සන්ගේ රෝගය බොවී පැපොල් වගාව ලංකා ධරණි තලයෙන් සහමුලින් මැකි යන තුරු කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව බලා සිටියේ ය. ඒපමණ දීන තත්ත්වයකට ලාංකික කෘෂිකර්මය පත් වීමට වග කිවයුත්තේ මේ මෝඩ දේශපාලක රැල යි; ජනතාව ගොනාට අන්දවන ඡන්ද ගුණ්ඩු යි; ඒවා ගිලින තකතීරු, පුරසාරම් දොඩන අමනොඥ පක්ෂ ගැත්තන් රොත්ත යි.

Related Posts with Thumbnails