Monday, May 30, 2011

පුවතක පසුබිම
උගතුන්ගේ සංස්‌කෘතියට
එරෙහි තර්ජනය

විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක්‌ නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක්‌ සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට්‌ සංස්‌කෘතියක්‌ බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.

කාල්මාක්‌ස්‌ විසින් 1835 සැප්තැම්බර් 24 දින ටි්‍රයෙර් උසස්‌ ශාස්‌ත්‍රාලයෙහි උගනිමින් සිටියදී ලියූ "Reflections of a Youth on Choosing an Occupation", නමැති රචනාවක්‌ වෙයි. එය, මහාචාර්ය ඩෙස්‌මන් මල්ලිකාරච්චි විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ 2003 දී නිකුත් වූ "මාක්‌ස්‌වාදී රචනා" නම් පොතේ ඇතුළත් වෙයි. එහි එක්‌ තැනක මෙසේ කියෑවේ.

"උගතෙකුට ගෞරවනීයත්වය ලබාදිය හැක්‌කේ කිසියම් බලයක දීන අතකොළු නොවී, ඔවුනට තම විදග්ධ වපසරිය තුළ ස්‌වාධීනව ක්‍රියාකළ හැකි වෘත්තියකටය. ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක්‌ විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලබනු ඇත."

මාක්‌ස්‌ මෙම ලියවිල්ල ලියා මේවනවිට වසර 176 ක්‌ පමණ, එනම් ශතවර්ෂ එකහමාරකට වඩා ගතවී තිබේ. එහෙත් මාක්‌ස්‌ එයින් ඉඟිකළ අවදානම මේ වනතුරුද පහවී නැත. මේ ලිපිය ලියන මම, තවමත් වියපත් නැති, මැදි තරුණ වියක පසුවන්නෙක්‌මි. කිසිදු ලෙසකින් ශිල්ප අලෙවියේ නොයෙදෙන්නෙක්‌මි. කිසිදු අයුරකින් මගේ වෘත්තියට අතිරේකව රජයේ හෝ රාජ්‍ය නොවන ආයතනයකින් වේතනයක්‌ නොලබන්නෙක්‌මි. රටේ ඒ ඒ සමයේ සිදුවන ජනතා හිතෛෂී වෙනස්‌කම් හමුවේ රජය හෝ වේවා අන්කිසි සමාජ බලවේගයක්‌ වේවා සිදුකරන යහපත් කර්තව්‍ය අගය කරමින් ලිපි ලියා ඇත්තෙමි. නිදසුනක්‌ ලෙස දක්‌වතොත් ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සම්බන්ධයෙන් මවිසින්, එසේ වඩා සාධනීය ලිපි පළ කරනු ලැබිණි. ඒ හැර මම, කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ නොවෙමි. මේ කියන්නා වූ මධ්‍යස්‌ථභාවයේ සිටිමින් මා සහ මා වැනි තවෙකෙකු අදහස්‌ දක්‌වන්නේ නම් එය කාගේ හෝ මෙහෙයවීමකින් සිදුවන කටයුතතක්‌ සේ නොසැලකීමට තරම් මෙය කියවන්නාද මධ්‍යස්‌ථ විය යුතු වේ.

විශ්වවිද්‍යාල ආචාර්වරයෙකුගේ භූමිකාව අන් කවර වෘත්තිකයෙකුගේ වෘත්තීය තත්ත්වයකට වඩා වෙනස්‌ වේ. ඔහුගේ රාජකාරිය උදේ අට හෝ හවස හතර අතරතුර පමණක්‌ සීමා නොවන්නකි, අවසන් වසර ශිෂ්‍යයන් සිය පර්යේෂණ නිබන්ධන ලියන විටකදී ඔවුහු මිටි ගණන් පරිච්ඡේද ගෙනැවිත් ආචාර්යවරුනට භාරදෙති. එක්‌ ඇදුරෙකුට එවන් ශිෂ්‍යයන් හතක්‌ අටක්‌ පමණ අධීක්‍ෂණය පැවරෙයි. එවිට උදේ සිට හවස්‌වනතුරු දේශන පවත්වා හවස පටන්ගෙන රෑ වනතුරු අර නිබන්ධන වල හරි වැරදි බැලිය යුතුය. ඊට අමතරව හැම සමාසිකයකට වරක්‌ දෙන පැවරුම් 20 - 30 ක්‌ පමණ එක්‌ ඇදුරෙකුට පැවරෙයි. ඊටත් අතිරේකව ඔහු පසු දිනට ඇති දේශන සඳහා සූදානම් විය යුතුය.

ඇතැම් දේශපාලකයන්, මාධ්‍ය අබියසදී ඔවුනට කැමැති ඕනෑම දෙයක්‌ කීමට නිදහස භුක්‌ති වින්දත්, සරසවි ඇදුරන් වන අපට කැමැති ඕනෑම දෙයක්‌ ශිෂ්‍යයන් ඉදිරියේ කිව නොහැක. අපි නිතරම, නව දැනුම සමග සිසුන් හා ගැවසෙමු. එය එසේ වන ලෙස සියලු පද්ධතීන් සකස්‌ වී ඇත. යම් විෂයක්‌ පිළිබඳ ප්‍රාමාණික දැනුමක්‌ අදාළ ආචාර්යවරයා තුළ තහවුරුව පවතින බවට, ඔහු ආයතනයේ පසුකරන කඩඉම් විසින් සනාථ කෙරෙනු ඇත. සහාය කථිකාචාර්යවරයෙකු තෝරා ගැනෙන්නේ අදාළ විෂයට පළමු පංති සාමාර්ථයක්‌ ගත් අයෙකු පමණි. එවැන්නෙකුට ස්‌ථිර කථිකාචාර්යවරයෙකු විය හැක්‌කේ විශාල වශයෙන් ශාස්‌ත්‍රීය ලිපි ලේඛන ලියා ශාස්‌ත්‍රීය භූමිකාවක්‌ නිර්මාණය කරගතහොත් පමණි. ඔහුට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන්නට නම් වසර හය හතක්‌ තුළ පශ්චාත් උපාධි පර්යේෂණයක්‌ කළ යුතුමය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු වැනි ශ්‍රේණිය සඳහා පශ්චාත් උපාධිය ඇතුළු ශාස්‌ත්‍රීය පර්යේෂණ සලකා බැලේ. මහාචාර්යවරයෙකු වීමට ආචාර්ය උපාධිය ((PhD)) සමග විශාල ශාස්‌ත්‍රීය පර්යේෂණ හා පතපොත ලිවීම අවශ්‍යය.

තත්ත්වය මෙසේ නමුදු, ස්‌ථිර කථිකාචාර්යවරයෙකු ලබාගන්නා ආරම්භක වැටුප රු. 26000 කි. පංති සාමාර්ථයක්‌ කිසිත් නැතිව මූලික උපාධිය පමණක්‌ සහිත උපාධිධාරියෙකුට කෙටි පුහුණුවක්‌ සහිතව මධ්‍යම බැංකුවේ ලැබෙන ආරම්භක වැටුප 37,000 කි. මා දන්නා තවත් නිදසුනක්‌ කියමි. එක්‌තරා පෞද්ගලික ව්‍යාපාරයක සේවය කරන උසස්‌ පෙළ පමණක්‌ ඇති, වෙළෙඳ නියෝජිතයෙකුට ඉන්ධන ගාස්‌තුද සහිතව රු, 40,000 ක වැටුපක්‌ ලැබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට ලැබෙන්නේ 65000 - 70000 ත් අතර වැටුපකි. මෙය අප දන්නා සත්‍යම කාරණය වේ. සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කළ යුතු බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ පවා නොයෙක්‌ ආන්දොaලන සිදු වුවද එවැන්නක්‌ සඳහා මේ වනතුරු කිසිදු පියවරක්‌ ගෙන නැති බව කාරුණිකව සඳහන් කළ යුතුය. සරසවි ඇදුරන්ට වැඩ වර්ජනයක්‌ කිරීම ප්‍රායෝගික කාර්යයක්‌ නොවේ. සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන අධීක්‍ෂණය කිරීමේ පටන් ඉගැන්වීම දක්‌වා කාර්යයේ මේ වනතුරුද අපි යෙදී සිටිමු. එහෙත් කිසිදු ස්‌වෙච්ඡා තනතුරක්‌ දරන ආචාර්යවරයෙකුට ඒ සඳහා අතිරේක ගෙවීම් සරසවි පද්ධතිය තුළ නැත. සාධාරණ වෘත්තීය කාරණයක්‌ පිළිබඳ මතක්‌ කරමින්, ඒ පිළිබඳ නිතර නිතර සිදුවූ අපේක්‍ෂා භංගත්වය තුළම සියලු ආචාර්යවරු සිය රාජකාරිමය භූමිකා තුළම විනා ඉන් පරිබාහිර උද්ඝෝෂණයක නියෑළී නොසිටිති. ස්‌වෙච්ඡාවෙන් සිදුකරන ඇතැම් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කිසිවකුට බල කළ නොහැක. ඒ කටයුතු අඩාල වුවද නැතද අපට නම්, රාජකාරියට අදාළ කටයුතුවල නිමක්‌ නැත. එසේ තිබියදීත් මේ මස වැටුපටද අපි හිමිකම් නොලබමු. රටේ ඉහළම බුද්ධි ස්‌ථරය වූ අපි, රටේ තීරණාත්මක තත්ත්ව වලදී දායක වූ සම්පත් දායකයන් වූ අපි, අද ඒ සියල්ලට පොහොනා පරිදි ඉහළම සැලකුම් ලබමු·

මාක්‌ස්‌ ගේ "Reflections of a Youth on Choosing an Occupation", නම් ලේඛනයෙන් උපුටා අවධාරණය කළ පරිදි ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක්‌ විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලැබ තිබේ. මෙවන් වැටුපක්‌ ලබමින් සියලු ඇදුරනට සිය විදුලි බිල්, වතුර බිල් ගෙවීමටද, දරුවන් පාසලට දැමීමටද, කුමක්‌ හෝ වාහනයක්‌ ගමන් බිමන් සඳහා යොදා ගැනීමටද සිදුවේ. ඇතැම් රාජ්‍ය හා එසේ නොවන උත්සව, සම්මන්ත්‍රණවලදී, ලැබෙන ආරාධනා සඳහා අපේම ඉන්ධන වැයකරමින් අනන්ත, අප්‍රමාණ ගමන් බිමන් ගොස්‌ ඇත්තෙමු. අපට ඉන්ධන වියදම් දෙන්නෝ නැත්තාහ. The Mysterious Universe නම් ග්‍රන්ථයේ කර්තෘ Sir Games Jenas මෙසේ කියා තිබේ. "කටමැත දෙඩීමට මිනිසා බොහෝ කැමතිය. එසේ කළ විට එහි වැදගැම්මක්‌ ඇති දෙයක්‌ නැති බැවින් වගකීමක්‌ද නැත. ගැඹුරු හා ස්‌ථිරසාර කථා කරන මිනිසුන්ගෙන් පමණි මිහිතලයට යහපතක්‌ සිදුව ඇත්තේ".

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක කුලපති වූ සර් අයිවර් ජෙනිංග්ස්‌ ලියූ ,"The Kandy Road" කෘතියේ තැනක මෙසේ දක්‌වයි.
"The autonomy or essential independence of a University community is not an end in itself.It involves the gurantee and the protection of the freedom to think,speak,read and write".

එහි සරල අරුත වන්නේ, "සරසවි ප්‍රජාවක්‌ සතු අවශ්‍යතම බලය හෝ ශක්‌තිය එතෙකින් නිමාවට නොයයි. (එහි වූ ඉදිකිරීම් පද්ධතියට සමගාමීව) ඔවුනට නිදහසේ සිතන්නට, කථා කරන්නට, කියවන්නට හා ලියන්නට ඇති අයිතිය හා වගකීම ආරක්‍ෂාවීමද ඊට ඇතුළත්ය.

විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක්‌ නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක්‌ සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට්‌ සංස්‌කෘතියක්‌ බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.

සරසවි ඇදුරෙකුගේ වාහනයක්‌, යම් හෙයිකින් අධිවේගයෙන් යන දේශපාලන මැරයකුගේ වාහනයක යාන්තම් ගැටුනොත්, (වරද මැරයාගේ වුවද) අපහසුවට පත්වන්නේ ඇදුරාය. ඕනෑම හීලෑ මස්‌කන වර්ගයේ සතෙකුට මිනීකෑමට ඉගැන්විය හැකිය.

උගතකු අතින් මානුෂික වැරදි සිදුවිය හැකිය. මන්ද ඔහු පෘථග්ජන බැවිනි. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණද මේ කරුණට සාක්‍ෂි දරයි. ඕනෑම උගතෙකුගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු පැවතිය හැකිය. ඔහුට ආදරය, ප්‍රේමය සම්බන්ධ අත්වැරදි පැවතිය හැකිය. එබඳු මානෂික දුබලකමකදී වුවද උගතා, ඊට පහළ නූගත්, අවස්‌ථාවාදී, බලකාමී මැරයකුගේ තත්ත්වයට පත් නොවේ. කෝපයකදී, ශෝකයකදී මානුෂික හැඟීම් මත පිහිටා සිටියද උගත්කම නමැති ශික්‍ෂණය, මේ රටේ අන් සියලු ශික්‍ෂණ ක්‍රම අභිබවා ඉදිරියෙන් සිටී.

උගතුන්ගේ සංස්‌කෘතිය හෑල්ලු කරන, කටට ආවක්‌ම කියන ඕනෑම අයෙකුට කාරුණිකව සිතා බැලිය යුතු කරුණක්‌ වේ. තමන් මොනතරම් අවස්‌ථාවාදී වුවද, තම දරුවන් වඩා උගත් වඩා උසස්‌ වඩා ශික්‍ෂිත අයවළුන් කිරීම ඔවුන්ගේ අවංක ප්‍රාර්ථනය විය හැකිය. එවන් දරුවෙකුට සරසවියට පැමිණීමට සිදුවනු ඇත. එවිට ඔවුනට ශිල්ප දිය යුතු වන්නේ අර ඇදුරන්ටමය. ගුරු යනු ලෝකය පාලනය කරන්නා යන අදහස එක්‌ ශ්ලෝකයක ඇත. "ග" කාරාඋච්‍යතෙ විෂ්ණුඃ" ගුරු යන්නෙහි "ග" අකුරින් ලොව පාලනය කරන විෂ්ණු හැඳින්වෙයි. ලොව පාලනය කරන්නාට පහර දුන්විට ලෝකයේ ආධ්‍යාත්මික පැවැත්ම විනාශ වේ.

ආචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

විශ්‍රාමය හා විජ්ජුම්බරය

රටක පාලකයන් අත්තනොමතික ලෙස ස්වකීය වාසිය සඳහා කටයුතු කිරීම ජනතාවට අනර්ථකාරී ය. තමුන් බලාධිකාරයට පත් කළ ජනකාවගේ හඬට කන් නොදී, සිහ තේජසින් කරන ගර්ජනාවන් මගින් බලහත්කාරකම් කිරීම නිච සහගත ය. මිනිසුන් රවටා ස්කීය ජීවිතය පුරා මහන්සී වී, මෙවැනි කාලකන්නි රටක හරිහමන් කුසට අහරක් නොමැතිව, සිතට සහනයක් නොමැතිව කරන මැඩවීමෙන් හෙම්බත් වන මිනිසා, වයසට ගිය කල ජීවත් වීම තබා හිඟන තත්ත්වයකට පත් කරන පාලකයන්ට සාප වේවා!

ඒ හෙයින් බුද්ධිඝලනය මෙන් ම, මේ රට හැර දමා යන ශ්‍රමික සංඛ්‍යව තව තවත් වැඩි වනු ඇත. එසේ රටින් පිට පනින්නට බැරී වූවෝ තමුන්ට වූ හදිය ගැන විලාප නඟමින් හුල්ලනු ඇත.

යෝජිත පනත වහා අහෝසි කර
ජනතාවට වැඩි ප්‍රතිලාභ සහිත
විශ්‍රාම වැටුප් පනතක්‌ ගෙන එන්න
ජාතික වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිට දන්වයි

පියසේන දිසානායක

පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ්‍රාම වැටුප් පනත වහා අහෝසි කර වැඩ කරන ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජාතික වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිත දැනුම්දීමක්‌ කර ඇත. නව විශ්‍රාම වැටුප් පනතක්‌ සැකසීමේදී එමගින් සේවකයන් දැනට භුක්‌ති විඳින වරප්‍රසාද සහ අරමුදල් සියල්ල සුරක්‍ෂිත වියයුතු බව ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ. වේලායුදන් මහතාගේ අත්සනින් යුතුව මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවන ලද ලිපියේ සඳහන්කොට ඇත.

යෝජිත විශ්‍රාම වැටුප් පනතට අනුව සේවකයකුගේ වැටුපෙන් 2% ක්‌ද, සේවා යෝජකයාගෙන් 2% ක්‌ද, අර්ථසාධක ප්‍රතිලාභවලින් 2% ක්‌ද, පාරිතෝෂිතයෙන් 10% ක්‌ද, සමුපකාර සේවකයන්ගේ ඉපයීම්වලින් 10% ක්‌ද සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදලේ වාර්ෂික ලාභයෙන් 10% ක්‌ද වයස අවුරුදු 70 ඉක්‌මවූ අයගේ අක්‍රීය ගිණුම්වල සියලු මුදල් ද විශ්‍රාම වැටුප් අරමුදලට ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් සේවකයන්ගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ මුදල් මෙලෙස අරමුදලට ලබාගැනීම නීති විරෝධී ක්‍රියාවක්‌ බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විශ්‍රාම වැටුප් පනතට අනුව අදාළ අරමුදලට සේවකයන්ගෙන් කපා ගන්නා මුදල් ප්‍රමාණය විෂයභාර ඇමැතිවරයාගේ කැමැත්ත අනුව ඕනෑම අවස්‌ථාවක වැඩි කළ හැකි බවත් එය සේවකයන්ගේ පැත්තෙන් ඉතා භයානක අනතුරක්‌ බවත් වේලායුදන් මහතා ජනාධිපතිවරයා වෙත යෑවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.

විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබීමට වයස අවුරුදු 60 සම්පූර්ණ වන තෙක්‌ සිටිය යුතු බව පනතේ සඳහන්ව තිබෙන බවත් ඒ අනුව වයස 55 දී විශ්‍රාම යන පිරිමි පාර්ශ්වයට වසර පහකුත්, වයස 50 දී විශ්‍රාම යන කාන්තා පාර්ශ්වයට වසර 10 කුත් යෝජිත විශ්‍රාම වැටුප ලබාගැනීමට බලාසිටිය යුතු බවත්

රැකියාවෙන් ඉවත්වූ සේවකයෙක්‌ කිසිදු ආදායම් මාර්ගයක්‌ නොමැතිව එවැනි කාලයක්‌ බලාසිටින්නේ කෙසේදැයි එම ලිපියෙන් පෙන්වා දී ඇත.

විශ්‍රාම වැටුප ජීවිත කාලයටම ලබාදිය යුතු වුවත් යෝජිත විශ්‍රාම වැටුප් පනතට අනුව සේවකයාගෙන් කපා ගන්නා ලද තැන්පතු මුදල් අවසන් වන විට විශ්‍රාම වැටුප් ලබාදීමත් නතර කෙරෙන බවත්, විශ්‍රාම වැටුපට රජය කිසිදු දායකත්වයක්‌ නොදක්‌වන බවත් එA අනුව යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් සේවකයාට කිසිදු ප්‍රතිලාභයක්‌ අත්නොවන බවත් එම ලිපිය මගින් සිහිපත් කර ඇත.
Related Posts with Thumbnails