
දැන් කාබන් විමොචනය නව අතකට යොමූ වී ඇත. ඒ ජනතාව පාලනය කොට ඔවුන් විසින් විමොචනය කරන්නා වූ කාබන් ප්‍රමාණය අවම මට්ටමක පත් කිරීමයි. ඒ සඳහා ඉරානය හා ඉන්දියාව වැනි රටවල කාන්තාවන් දැනුමාති කොට, වන්ද්‍යකරන්ය හා උපත් පාලනය ඇති කිරීම එක්සත් ජාතින්ගේ සමුළුවේ අලුත් යෝජනාවකි. මෙසේ කිරීමෙන් අධික ජනතාවක් විසින් පරිහරණයේ දී ඇති වන කාබන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවන බව ඔවුන් කිය යි. ඔවුන්ගේ උපකල්පනය ජනග්‍රහණය අඩු වූ විට ඔවුන් පරිහරණය කරන රථවාහන, ගුවන් ගමන්, මාංශ ආහාර හා වෙනත් කාබන් ආශ්‍රිත ද්‍රව්‍ය අඩුවන බව ය. ආසියාතික හෝ ඉරානය වැනි රටක ජනතාවගේ ක්‍රියාකාරික්වය නිසා විමොචනය වන කාබන් ප්‍රමාණය සැලකිය යුතු අයුරින් අඩු ප්‍රමාණයක් ගනි. මෙහි එනම් මා ජීවත්වන ඇමරිකාවේ ඩලස් නුවර (මා සිටින තැනේ සිට) සෑම තප්පර 5න් 5ට ගුවන් යානයක් ගුවන් ගත වේ. ඒය හරියට 138, 103, 100 හෝ 145 (155) හෝ එවැනි බස්රථ ගමන් වාර සංඛ්‍යාවට සමාන ය. මෙයට අමතර ව සෑම ඇමරිකානුවක් ම කාර් එකක් භාවිත කරයි; එක් වාහනය සිටින්නේ බොහෝ එක් අයෙකු පමණි.
දැන් එක්සත් ජාතින් ගේ සමුළුම මේ තනන්නේ, මුලීක ප්‍රශනයෙන් පිට පැන. ගෝණ හමට තැලීමක් නොවේ ද? වන්ද්‍යකරණය හා පවුල් සැලසුම් ක්‍රම හඳුන්වා දෙමින් දැන් ඔවුන් අඩුකරන්නට තනන්නේ තුන්වන ලෝකයේ හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව ය. සංවර්ධිත රටවල පවතින සේවක හිඟය පියවීමට, ශ්‍රමය ආයනය කරන තත්ත්වයක වෙසෙන ඔවුන් ප්‍රශ්නය (බෝලය) අපගේ දෙසට දමා ගසා ඇත. දැන් ලෝකයේ උණුසුම මකන්නට තුන්වන ලෝකයේ මතු පරපුර ගප්සාවට බඳුන් විය යුතු ය.
අනේ මෙහෙමත් මෝඩ වැඩ...ඇමරිකාව හීලෑ කරගත නොහැකි පරිසර සමුලුව දැන් පය බරවාට පිටකර බෙහෙත් බඳිති.
චැනල් ෆෝ ප්‍රවෘත්තිය බලන්න:
මොවුන් මෙතෙක් කල් සංවර්ධනයට පැමිණියේ ද අනෙකා පාගාය.දැන් ඒ සඳහා ඔවුන් මිහිතලයට කළ විනාශයට වන්දි ගෙවන්නට කියන්නේද අනෙකාටය.මෙයට එරෙහිව අපට කුමක් කළ හැකිද?
ReplyDeleteඔබගේ දැනුවත් කිරීම බෙහෙවින් අගයමි.
යටත් විජිතවාදයේ අළුත්ම පැතිකඩ තමයි මේ.
ReplyDelete