Monday, May 30, 2011

විශ්‍රාමය හා විජ්ජුම්බරය

රටක පාලකයන් අත්තනොමතික ලෙස ස්වකීය වාසිය සඳහා කටයුතු කිරීම ජනතාවට අනර්ථකාරී ය. තමුන් බලාධිකාරයට පත් කළ ජනකාවගේ හඬට කන් නොදී, සිහ තේජසින් කරන ගර්ජනාවන් මගින් බලහත්කාරකම් කිරීම නිච සහගත ය. මිනිසුන් රවටා ස්කීය ජීවිතය පුරා මහන්සී වී, මෙවැනි කාලකන්නි රටක හරිහමන් කුසට අහරක් නොමැතිව, සිතට සහනයක් නොමැතිව කරන මැඩවීමෙන් හෙම්බත් වන මිනිසා, වයසට ගිය කල ජීවත් වීම තබා හිඟන තත්ත්වයකට පත් කරන පාලකයන්ට සාප වේවා!

ඒ හෙයින් බුද්ධිඝලනය මෙන් ම, මේ රට හැර දමා යන ශ්‍රමික සංඛ්‍යව තව තවත් වැඩි වනු ඇත. එසේ රටින් පිට පනින්නට බැරී වූවෝ තමුන්ට වූ හදිය ගැන විලාප නඟමින් හුල්ලනු ඇත.

යෝජිත පනත වහා අහෝසි කර
ජනතාවට වැඩි ප්‍රතිලාභ සහිත
විශ්‍රාම වැටුප් පනතක්‌ ගෙන එන්න
ජාතික වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිට දන්වයි

පියසේන දිසානායක

පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ්‍රාම වැටුප් පනත වහා අහෝසි කර වැඩ කරන ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජාතික වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිත දැනුම්දීමක්‌ කර ඇත. නව විශ්‍රාම වැටුප් පනතක්‌ සැකසීමේදී එමගින් සේවකයන් දැනට භුක්‌ති විඳින වරප්‍රසාද සහ අරමුදල් සියල්ල සුරක්‍ෂිත වියයුතු බව ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ. වේලායුදන් මහතාගේ අත්සනින් යුතුව මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවන ලද ලිපියේ සඳහන්කොට ඇත.

යෝජිත විශ්‍රාම වැටුප් පනතට අනුව සේවකයකුගේ වැටුපෙන් 2% ක්‌ද, සේවා යෝජකයාගෙන් 2% ක්‌ද, අර්ථසාධක ප්‍රතිලාභවලින් 2% ක්‌ද, පාරිතෝෂිතයෙන් 10% ක්‌ද, සමුපකාර සේවකයන්ගේ ඉපයීම්වලින් 10% ක්‌ද සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදලේ වාර්ෂික ලාභයෙන් 10% ක්‌ද වයස අවුරුදු 70 ඉක්‌මවූ අයගේ අක්‍රීය ගිණුම්වල සියලු මුදල් ද විශ්‍රාම වැටුප් අරමුදලට ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් සේවකයන්ගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ මුදල් මෙලෙස අරමුදලට ලබාගැනීම නීති විරෝධී ක්‍රියාවක්‌ බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විශ්‍රාම වැටුප් පනතට අනුව අදාළ අරමුදලට සේවකයන්ගෙන් කපා ගන්නා මුදල් ප්‍රමාණය විෂයභාර ඇමැතිවරයාගේ කැමැත්ත අනුව ඕනෑම අවස්‌ථාවක වැඩි කළ හැකි බවත් එය සේවකයන්ගේ පැත්තෙන් ඉතා භයානක අනතුරක්‌ බවත් වේලායුදන් මහතා ජනාධිපතිවරයා වෙත යෑවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.

විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබීමට වයස අවුරුදු 60 සම්පූර්ණ වන තෙක්‌ සිටිය යුතු බව පනතේ සඳහන්ව තිබෙන බවත් ඒ අනුව වයස 55 දී විශ්‍රාම යන පිරිමි පාර්ශ්වයට වසර පහකුත්, වයස 50 දී විශ්‍රාම යන කාන්තා පාර්ශ්වයට වසර 10 කුත් යෝජිත විශ්‍රාම වැටුප ලබාගැනීමට බලාසිටිය යුතු බවත්

රැකියාවෙන් ඉවත්වූ සේවකයෙක්‌ කිසිදු ආදායම් මාර්ගයක්‌ නොමැතිව එවැනි කාලයක්‌ බලාසිටින්නේ කෙසේදැයි එම ලිපියෙන් පෙන්වා දී ඇත.

විශ්‍රාම වැටුප ජීවිත කාලයටම ලබාදිය යුතු වුවත් යෝජිත විශ්‍රාම වැටුප් පනතට අනුව සේවකයාගෙන් කපා ගන්නා ලද තැන්පතු මුදල් අවසන් වන විට විශ්‍රාම වැටුප් ලබාදීමත් නතර කෙරෙන බවත්, විශ්‍රාම වැටුපට රජය කිසිදු දායකත්වයක්‌ නොදක්‌වන බවත් එA අනුව යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් සේවකයාට කිසිදු ප්‍රතිලාභයක්‌ අත්නොවන බවත් එම ලිපිය මගින් සිහිපත් කර ඇත.

No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...