Sunday, September 23, 2012

මුස්ලිම් කොන්ග්‍රසයේ රහස් අව‍බෝධතාව හා ඡන්ද පිළිබඳ විශ්වාස



ඊයේ හෙවත් සැත්තැම්බර් 21 වන දා සංදේශයට කතා කළ එම්. එස්. අස්ලාම් පොදුජන එක්සත් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසයේ අවබෝධතා ගිවිසුම හෙළි කිරීමට ප්‍රතික්ෂේප කරන ලැබිණ. මෙහි ප්‍රධාන කේවල් කරු වන රවුෆ් හකීම් මාධ්‍ය සාකච්ඡාවට නො පැමිණ සිටියේ ය. එහිදී සංදේශය මගින් ඇසූ පැනයක් වන්නේ ආසන 8ක් රජයට එරෙහිව නැවත රජයට එක්වීමෙන් ඇත් වූ ප්‍රතිපලය කවරක්ද යන්නයි. එහිදී තම ස්ථාවරය සාධාරණිය කළ ඔවුන් දුක් වූයේ ඒ ඡන්ද කේවල් කිරීම සම්බන්ධයෙන් වැදගත් වූ බවත්, මහා ඇමති ධූරය සඳහා ද, ඇමති පදවි දෙකක සඳහා ද කේවල් කිරීමක් කළ බව පැවසුවේ ය. ජනතාව නො දන්නා ගිවිසුම නම් රවුෆ් හකීම් හා රජය ඇති වූ අවබෝධය වූයේ රජය එක්සත් ජනතා නිදහස් පක්ෂයට පක්ෂපාති ඡන්ද දිනා ගැනීමටත්, මුස්ලිම් කොන්ග්‍රසය රජයට විරුද්ධ ව වූ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමත් ය. අවසානයේ මුස්ලිම් කොන්ග්‍රසය අලංකාර ජවනිකාවක් රඟ පා අවසානයේ රජයට එක් වීම ඔවුන් ගේ අපේක්ෂාව වි ය. මෙහි දී රැවටීමට බඳුන් වූයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව ය.

ඊයේ පැවතුණේ මුස්ලිම් කොන්ග්‍රසයේ නාට්‍යයේ අවසාන ජවනිකාව ය. එහි දී තමුන් ගේ ස්ථාවරය සඳහා සාධාරණියකරණයක් ගෙ‍නෙන ලදී. එහෙත් බොහෝ දෙනා නොදන්නා කාරණය වූ යේ රවුෆ් හකීම් මුල සිට ම ඡන්ද මංකොල්ලය සඳහා රජය හා ගිවිසුමෙන් බැඳි සිටි බවය. එනයින් රජය රවුෆ් ගේ සහාය හා පාක්ෂිකත්වය ගැන කිසිඳු බියක් සැකක් නොවිණ.

රවුෆ්ගේ තීරණය පසුපස ඇති යථාර්ථය අවබෝධ වූයේ තමිල් අරසු කච්චිහි සාකච්ඡාවේ දී, තමිල් අරසු කච්චිය මුස්ලිම් කොන්ග්‍රසයට සම්පූර්ණ අවුරුදු පහක මහා ඇමති ධූරයත්, ඇමති ධූර සතරත් දීමට පොරොන්දු වීම තුළ ය. විශ්වාස වන්ත ආරංචි මාර්ගයන් තුළින් ලැබූ කරුණු අනුව තමිල් අරසු කච්චිය තමුන් ට කිසි නිල පදවියක් අවශ්‍ය නොවන බවත්, ඔවුන් ගේ සහාය ලබා දීමට පොරොන්දු වුව ද, මුස්ලිම් කොන්ග්‍රසය එයට වඩා පහත් කේවල් කිරීමක් වෙතට යොමු වූයේ මුලින් ඔවුන් විසින් කළ ගිවිසුම හේතුවෙන් ය.

මෙම සෙල්ලමින් සිදු වූ කරුණ කුමක් ද? කිසිඳු තේරුමක් නොමැති ලෙස මුදල් කාබාසිනියා වීම පමණි. කිසිඳු වලංගු හේතුවක් නොමැති ව, නියමිත කාලයට පෙර පළාත් සභාව විසුරුවා හැරීණි. එහිදී ආණ්ඩුවට විපක්ෂ ඡන්ද මංකොල්ලා කෑමට රජය මුස්ලිම් කොන්ග්‍රසය භාවිතා කළේ ය. පැහැදිලි ලෙස විපක්ෂයට ඡන්දය හිමි වී තිබෙන විටක දී, කවර ආකාර හෝ ක්‍රමෝපායන් යොදා ගෙන විපක්ෂ ඡන්ද කඩා ගෙන නැවත රජය බලයට පත් වි ය. විපක්ෂ මුස්ලිම් ජනතාව වෙතට කළ ද්‍රෝහි කම මුස්ලිම් වරුන් විසින් අමතක කරනු ඇත. ලැජ්ජා නැතිව ඉදිරි මැතිවරණයන්හි ද මුස්ලිම් කොන්ග්‍රසය විවිධ වූ ආණ්ඩු සඳහා කේවට්ට කම් කරනු ඇත. එහෙත් මෙම ක්‍රියාදාමයෙන් ඡන්ද පිළිබඳ විශ්වාසය බිඳ වැටීම හා ඡන්ද දැමීම සඳහා ඕනෑකම අඩු වී, පවතින රජයන් හට සදාකාලික ලෙස බලයේ සිටීමට මංපෙත් තැනෙන ඇත.

1 comment:

  1. දුරකථන ඇමතුම් නිසා නිදාගන්නත් නෑ
    වැඩිම මනාපයට මින් පසු
    මහ ඇමැති පදවිය නෑ -ජනපති

    අනුර බාලසූරිය

    පළාත් සභා සඳහා වැඩිම මනාපයට ප්‍රධාන ඇමැති ධුරය ලබාදෙන අවසාන අවස්‌ථාව මෙය බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කළේය.

    ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව අවධාරණය කළේ උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ඇමැතිවරුන් ඇතුළු මැති ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදීය.

    දිවුරුම් දීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24 දා) පෙරවරුවේ පැවැත්විණි.

    මෙම මනාප ඡන්ද ක්‍රමය හේතුවෙන් මැතිවරණයකින් පසු තමා ඇතුළු ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ට නිදාගන්නවත් නැතුව දුරකථන ඇමතුම් ලැබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    පළාත් පාලන ආයතන සඳහා සමානුපාතික ඡන්ද ක්‍රමය ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක්‌ ඉදිරිපත් කර තිබෙන බවත් එම ක්‍රමය පළාත් සභා සඳහාත් ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ඉන්පසු මනාප තුළින් ඇතිවන ගැටලු මතු නොවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

    පළාත් සභා ව්‍යවස්‌ථාව යටතේ හැම දෙනාටම ඇමැතිකම් දිය නොහැකි බවත් වාසනාවකට හෝ අවාසනාවකට හෝ ඇමැති ධුර හතරකට සීමා වී තිබෙන බවත් අලුතෙන් ව්‍යවස්‌ථා හැදීමේදී මේ සීමාකිරීම මධ්‍යම ආණ්‌ඩුවටත් ඇතුළත් කළහොත් එය රටට වැඩදායක වන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

    ReplyDelete

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...