Monday, February 26, 2018

පළාත් මැතිවරණය ජනවාර්ගිකත්වයේ ප්‍රතිපලයක් ද?

පළාත් පාලන ඡන්දය පිළිබඳ පෙබරවාරි මස 25 වන දින පළ වූ රාජිත රත්නායකයන් ගේ ‘පළාත් පාළනය ඡන්ද ප‍්‍රතිපලයෙන් මතු වූ බිහිසුණු යථාර්ථයය’ මැයින්  පළ වූ ලිපියේ ඡන්ද ප‍්‍රතිපලය වාර්ගික හා මතවාදී ලෙස බෙදා තිබුණි. මෙහිදී දත්ත හා විශ්ලේශනීය කිරීම පිළිබඳ මා හට සැක සංකා ඇති නමුත් එය අපගේ අවධානයට ලක් විය යුතු කරුණ හෙයින් සත්දිනේ සටහන් කරන්නට කැමැත්තෙමි. ඒ සඳහා කතුවරයා විසින් දුරකථනය මගින් ගත් නියැදියක් යොදා ගෙන ඇත්තේ ය. මෙහිදී ප‍්‍රකාශ වූයේ මිනිසුන් විශේෂයෙන් ආගමික වශයෙන් කරන ලද පෙළඹිම් ද ඡන්ද ප‍්‍රතිපල සඳහා හෙතු වූ බව ය. රාජිත රත්නායක පවසන්නේ ‘මෙවර මැතිවරණයෙදී මහින්ද නැමති ජනමූල නායකයා වටා කෘත්‍රිමව ගොඩනගන ලද සිංහල බෞද්ධ බලවේගයන්ගේ ක්‍රියාකාරීත්වය බලපෑ බවට කරුණු හෙළිදරව් විය.’ ලංකාවේ බොහෝ විහාරස්ථාන  කේන්ද්‍රකොට බෞද්ධ භික්ෂුන් වහන්සේලා මගින් ශ්‍රී ලංකාවේ පොදුජන පෙරමුණේ නායකයින් විසින් සිංහල බෞද්ධ මෙන් ම රණවිරුවන් ද ආරක්ෂා කර ගැනීමේ ස‍ඳහා ලැබෙන අවසාන අවස්ථාව ලෙසින් ය.
රාජිතගේ විශ්ලේශනයට අනුව පහත කරුණු සඳහා සම්මුඛ සාකච්ඡාවට සහභාගී වූවෝ ප්‍රතිචාර දැක් වූ හ.

පළමු සටහන: මැතිවරණයට සහභාගී වුවන් ඡන්දය භාවිත කිරීමේ අරමුණ
 
උපුටා ගත්තේ රාවය, 2018 පෙබරවාරි 25 පිටුව 14.

දෙවන සටහනෙන්  දක්නට ලැබෙන්නේ රාජිත විසින් ඡන්දය දුන් ප්‍රදේශයන්හි ජන සංයුතියන් ගේ ප්‍රවනතාවන් හා ආගමික-ජාතික ජන ව්‍යාප්තිය සලකා සකසන ලද ඡන්ද දීම පිළිබඳ ආකෘතියකි:

දෙවන සටහන: ආගමික සංයුතිය අනුව මැතිවරණ ප්‍රතපලය සකසන ලද ආකෘතිය

උපුටා ගත්තේ රාවය, 2018 පෙබරවාරි 25 පිටුව 14.


ඒ හෙයින් ආගම හා ජාතිය යන සංරචක දෙක ඡන්ද පරිහරණයේදී ප්‍රධාන වූ බව පෙනේ. ජාති හා වාර්ගික වශයෙන් බෙදා ජාතිමාමකත්වය අවුස්සා බලය ලබා ගැනීමේ උත්සහයක් බව මෙවර මැතිවරණය දක්වන බව ඔහු ගේ අදහස ය. මෙය සැලසුම් සහගත ලෙස කරන ලද ක්‍රියාවක් බව පෙනෙන අතර, එයින් අනාගතයේ පැමිණිය හැකි වාර්ගික ගැටුමක ඡයාවන් මතුවන බව ඔහුගේ  විශ්ලේශනය යි. 

No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...