Friday, November 27, 2009

මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් ද?

පසුගිය දිනක ඡන්ද උණුසුම ක්‍රමයෙන් වැඩිවේද්දී, සමහර ප්‍රවෘති පත්‍රවල ඡන්දයට පක්ෂ සහ විපක්ෂ ලෙස ඍජු ව හෝ අනියම් ලෙස ස්වකීය අපේක්ෂකයාට සහය පළ කිරීමේ ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ආරම්භ විය. එක් එක් අපේක්ෂකයාට සහය දැක්විය යුත්තේ මන්දැයි සාධාරණියකරණය සඳහා විවිධ වූ නිදහසට කරුණු රාශියක් පෙළ ගස්වන ලදී. අනවශ්‍ය ලෙස ජාතිත ධනය මිලියන ගණනින් නාස්තිකර අකාලයේ අවුරුදු දෙකකට කලින් ඡන්දක් පැවැත්වීමට හේතුව ලෙස දැක්වූයේ, නැතිවන ජනප්‍රියතාවය හා සහයෝගය හමුවේ ඊළඟ මැතිවරණය පරජය වී ගෙදර යාමට වඩා කලින් යන්තම් ජනප්‍රියතාවය ඇති මොහොතේ ඡන්ද පවත්වා තව අවුරුදු හයක් දතා කා හෝ බලයේ රැදීම වෙනුවට, අලුත් ජනවරමක් දෙමළ ජනතාවගෙන් ලබා ගත යුතු යන්න ය. නිදහස් මධ්‍යයට අවුරුද්දකට ආසන්න කාලයක් නිකරුණේ දෙමළ ජනයා ගාල් කොට ඇති සරණාගත කඳවුරු වලට යාමට හෝ නැවත පදිංචි කළ ජනතාව හමුවීමට යාමට වරම් නැති අවස්ථාවක, නිදහස් ස්වාධින ඡන්ද ප්‍රකාශයක් දෙමළ ජනතාවගෙන් ලබා ගත නොහැක. ප්‍රභාකරන් හමුවේ දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය පසුගිය ජනපතිවරණයේ දී අහිමි වුණාක් මෙන් මෙවර ජනපති වරණයේ දී, හමුදාව හා සිවිල් බලපෑම් මත ප්‍රභාකරයන් යටතේ සිඳු වූ දෙයම ප්‍රති නිර්මාණය වනු ඇත. අවසානයේ ජරාජයට පත්වන්නේ මුදවාගැනීමට දේශපාලන තන්ත්‍රය ඝෝෂා කළ අහිංසක නිරායුද සිවිල් දෙමළ ජනතාව ම ය. ඔවුන් එක් එකාධිපති පැසිට් වාදයක ‍සිට අනෙක් ප්‍රජාතන්ත්‍රවාදීයයි කියා ගන්නා එහෙත් මිලිටරි තුවක්කු අමොරාගත් ආණ්ඩුවේ හමුදාවක් යටතේ අසරණ වීමට දැන් කටයුතු යෙදී ඇත. එහෙයින් මේ අනවශ්‍ය ඡන්දයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්නට යන්නේ ප්‍රභාකරන්නේ මිලිටරි පාලනය ම වෙනස් වූ දැන් සිංහල බහුතර හමුදාවක් යටතේ ය.


එසේ ම, සමහරුන් ගෙනෙන තර්කය වන්නේ යුද්ධය නිමා කිරීමේ "කෘතවේදීත්වයෙන්" දැනට ජනාධිපති ධූරය හෙබවන මහින්ද බලයට පත් කළ යුතු බව ය (සමහර ජනමාධ්‍යවෙදීන් ලිපි ලියන්නේ කාගේ පොකට්ටුවේ සිට දැයි කියවන්නෝ අවබෝධ කර ගත යුතු ය). යුද්ධය දිනා ගැනීම සඳහා මහින්ද ඇතුළු දේශපාලන නායකත්වය කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ හ. රනිල් කිසිවිටකත්, යුධමය ක්‍රියා මාර්ගයෙන් මෙකී ප්‍රශ්නය විසඳන බවට, ප්‍රතිඥාවක් දුන්නේ නැත. ඔහු බලයට පැමිණියේ නම් මෙලහකට, ප්‍රභාකරන් ඇතුලු පිරිස තවමත් ජීවතුන් අතර, සිටින්නට තිබුණු අතර, සටන් විරාමයෙන් ඔබ්බට බලය බෙදා වෙන් කිරීමක් කරන්නට ඉඩ තිබිණ. සමහර විට එය එයින් ඔබ්බට ගිය දීන තත්ත්වයකට පත්වන්නට ද ඉඩ තිබිණි. එහෙත් මෙකී ප්‍රකාශ අපගේ හුදු උපකල්පනයන් මත පිහිටා කරන්නන් මිස තත්‍ය මට්ටමේලා සිඳු වූ ඒවා නොවේ. කෙසේ වෙතත්, ජනතාව පසුගිය ජනාධිපති වරණයේ දී රනිල් පරාජය කොට රට යුධ මාවතකට යොමු කළේ, යුද්ධයෙන් මේ ප්‍රශ්නය නිමවා, සාමය උදාකොට, දේශපාලන විසඳුමක් ඉටු කොට, මහින්ද චින්තනය නම් වූ මහා ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ රට සුඛිතමුදිත ‍කිරීමට ය. එහෙත් ජනාධිපති වරණය දිනා ගන්නා මහින්දයන් ස්වකීය අභිමතාර්ථ ඉශ්ට කිරීමට යන්නේ, පාර්ලිමෙන්තු මැතිවරණයක් පිහිටුවා පාර්ලිමෙන්තු වේ බහුතය ලබා ගැනීමෙන් නොව, පාර්ලිමෙන්තුවේ මහජන මතය, ඇමතිකම් සහ වෙනත් වරප්‍රසාද දිගු කොට, කෘතිම ලෙස වෙනස් කිරීමෙන් ය. මේනිසා මහින්ද එක් අතකින් මිලියන දස දහස් ගණනක් ජාතික ධනය ඔහුගේ බලය පවත්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා මැති ඇමැතිවරුන්ට පගා වශයෙන් ‍ප්‍රසිද්ධියේ දෙති. මෙය සැබෑ ජනමතය විකෘති කිරීමකි; ලාංකික ඡන්ද දායකයන්ට කළ නිගාවකි; ඇස්බැන්දුම් වංචාවකි.


මහින්ද යුද්ධය ජයගත් බව සැබවි. රනිල් මෙවන් අමාරු ස්ථානයක සිටියේ නම්, අන්තර්ජාතික අභියෝග සහ බලපෑම් හමුවේ නැමෙනු ඇත; දණ ගසා අත් ඔසවා යටත් වනු ඇත. එහෙත් මහින්ද ස්වකීය ජනපතිවරමට ගරු කරමින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යුද්ධය අවසාන වන තුරු සටන මෙහෙය වී ය. යුද්ධය නිමා කිරීමට දරුණු මිනිස් ජීවිත ප්‍රමාණයක් ඝාතනය කරන්නට සිඳු වි ය. එහෙත් එහි වරද හෝ යුධ අපරාධ ආශ්‍රිත චෝදනාව මහින්ද හෝ ගෝඨාභය වෙත නොව, මුළු මහජනතාව වෙත ම පැට විය යුතු ය; වගකීම භාර ගත යුතු ය. මන්ද මහජනතාවක් ලෙස මහන්ද ජනාධිපති කිරීමෙන් ඔහුගේ අත් සවිකොට, එසේ ක්‍රියාකිරීමට පෙළඹ වූයේ ලාංකික ඡන්ද දායක අප ම බැවිණි.


එහෙත් මෙහිදී, වැදගත් කරුණක් අමතක කළ යුතු නැත. මහින්ද යුද්ධය ජය ගත්තේ ස්වකීය ජනපතිවරම සඳහා ජනතාව දුන් අභිමතය මගින් ය. එය කිරීම සඳහා මහින්ද ජනපති ලෙස ඡන්දයෙන් පත් කළ විට බැදී සිටි. ඔහු දැනට කර ඇත්තේ ස්වකීය වගකීම ඉටු කිරීම පමණි. ඒ සඳහා ජනතාව ඔහුට අමුතුවෙන් කෘතඥ වීමට හෝ දණගසා යටත් වීමට අවශ්‍ය නැත. මන්ද ඔහුට ලැබී ඇති බලය, වරප්‍රසාද, වැටුප් ඇති නානා මාදිලියේ දිමනාවන් හා නෛතික වශයෙන් ඇති මුක්තිය ලැබී ඇත්තේ එකී ජනාධිපති ලෙස පත් කිරීම නිසාවෙනි. එසේ තම යුතු කම ඉටු නොකළේ නම් ලබන ජනාධිපති වරණයට ලැජ්ජාවක් නොමැතිව ඉදිරිපත් වීමටවත් මහින්දට නොහැකි වනු ඇත.


අපට අමතක නොකළ යුතු කරුණක් සිහි කටයුතු ය. එනම්, ජනවරමින් මහින්ද පත් කළේ, අවුරුදු හයක කාලයක් තුළ, යුද්ධය හමාර කොට, මහින්ද චින්තනයේ දැක් වූ සංවර්ධනය ඉටු කිරීමට ය. යුද්ධය අවසානය එහෙත් තවම ඔහු පොරොන්දු වූ දේශපාලන විසඳුම ගෙන ඒම හෝ රට සංවර්ධනය කර නැත. මේ ජනපති වරම සඳහා ඔහු ඉදිරිපත් වන්නේ, රාජ්‍ය ආයතනයන්ගේ බහුතරයක්ගේ වර්ජන රැල්ලක් සමඟ ය. අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සහ ‍සෞඛ්‍ය සේවයේ කඩාවැටීම් හා දූෂිත තත්ත්වයේ හමුවේ ය. සෞඛ්‍ය ඇමති නිළධාරින්ගෙන් මුදල් අය කරන බවට හැමදාම කරන පුරම්බෑම කර, ජනතාව ගැලරියට අන්දවා විසිල් හා අත්පොලසන් ගස්වා තප්පු මුක්කු කිරීම තරම් අවර ගණයට වැටී ඇත්තේ ය. කිය කිය ඉන්නේ නැතිව පුළුවන් නම්, ඒ සෞඛ්‍ය නිළධාරින් නම් කොට, උසාවියට ගෙනවිත් දඬුවම් කරන්න; තවත් බොරුවට ජනතාව මුළා නොකරන්න.


ජනපති පාශ්චාත් යුධ වතාවර්ණයක තමුන්ට රට සංවර්ධනය කළ හැකි බව, ක්‍රියාවෙන් පෙන්වා දී නැත. දෙවනු ව ජනාධිපති ධූරය අහොසිකරන්න ජෙ.වි.පෙ හි එකඟ වූ සහ ජනතාව ඉදිරියේ ස්වකීය පොරොන්දු අතරට එක් කළ, ඔහු ලැජ්ජා නැතිව දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉල්ල යි. එසේ කිරීමට කිසිඳු නෛතික පනතක් හෝ එවැන්නක් පසුගිය වසර කිහිපයේ නොගෙනා ඔහු දැනි ස්වකීය ජනවරම තුළ වූ, වගකීමක් බිඳ හෙළා, එකී අහොසි කරනවායි කී ධූරයට ම ඡන්ද කිරීමට ස්වකීය දේශපාලන ව්‍යාපරය මෙහෙවයි. මා පෞද්ගලික ලෙස හීලෑ කළ ජනාධිපති ධූරයක් ප්‍රිය කරන නමුදු, මහින්ද ජනතාව ඉදිරියේ ‍පොරොන්දුව ස්වකීය වගකීම මෙයින් ඉටු කර නැති බව පෙනේ.


මුල් ජනවරමේ පොරොන්දු වූ වැඩපිළිවෙළ අඩක් පමණක් නිම කොට, නැවතත් තමන් නොකළ කරුණ ම ඉදිරිපත් කොට, තමුන් අහොසි කරන්නට නියම කළ ජනපති ධූරයට අකාලයේ ඉල්ලීම කවුරුන් වෙනුවෙන් කරන්නක් ද? ජනාධිපතිවරයා කර ඇත්තේ ඔහුගේ රැකියාවේ ජනතාව විසින් නියම කළ රජකාරීයෙන් කොටසක් ඉටු කිරීම පමණ. ඔහු හමුදා නිළධරයකුට වඩා වැඩි යමකට ජනතාව පත් කොට නැත. ඒනිසා ජනතාව ඔහුට ණය නැති; මහා අබිමන් ලෙස කෘතඥ වී, නැවත පත් කිරීමට ද කිසිඳූ සාධාරණ සදාචාරමය වගකීමක් ජනතාවට නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක රජ්ජූරුවන් දේශපාලකයන් නොව, ඔවුන් පත් කොට ඔවුන්ගේ අත් බල ගන්වන මහජනතාව ම ය. අප රජුන් මිස, යටත් අසරණ පිළිසරණක් ලැබියුතු වහල් යට වැසියන් සේ පරාජීත දීන මානසිකත්වයකින් කටයුතු නොකළ යුතු ය. පක්ෂනාකයන් හෝ තමුන් පත්කරන දේශපාලකයන්ට "සර්" හෝ "මැඩම්" කිය කියා දෙකට තුනට නැමෙන්නට කොන්ද කෙළින් ඇති මහජනතාවට අවශ්‍ය නැති වග මතක තබා ගත යුතු ය. මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් නොවන බව දේශපාලකයන් මනා සේ තේරුම් ගත යුතු කාලය එළෙඹ ඇත. එසේ ම, මහජනතාව ද තමුන් දේශපාලන පක්ෂාක්ෂිකත්වය හා ගැලරි කියන සුරංගනා කතා නැමැති කෙවිටෙන් දක්කන, මී ගොන් රැලක් නොවන බව ද එත්තු ගත යුතු ය.


2 comments:

  1. බලනකොට මොකුත්ම කොරලා නෑනෙ,ගොනො ලියනකොට ඔඉට වඩා බොරුවට හරි සමබර බව පේන්න්න ලියාපිය ..බූරුවො...තෝ කඩේ යන්නේ අහවල් එකාටද???මේ බ්ලොගේ බලන එවුන් මේ බුරු රට විකුනං කන පාහරයාගේ මතය තෙරුම් ගනිත්වා::::උම්බූ,උම්බො


    මහජනත්හාව යනු කොන්දක් නෑති ගොන් රෑලක්ද
    බුරුවො
    බලාපිය සියලු මහජනයා උබ වගේ නොවේ.....

    ReplyDelete
  2. @wahupatta,
    මගේ අවාසනාවකට, පෙනෙන පරිදි, වහුපැටවාගේ හිත රිදිලා වගේ...මා මෙහි ලිවූ කරුණ වහු පැටවුන් සම්බන්ධයෙන් නොව, වැඩුණු මීගොනුන් සම්බන්ධව යි. වැදගත් බුද්ධිමත් හා විචාරාත්මක ලෙස යමක් ලියන්න නුපුළුවන් නම් කරුණාකර මේ වටිනා බොලගයේ ඉඩ නාස්ති නොකරන්න. මා විසින් එවන් වැඩකට නැති පල්හෑලී ඉවත් කරන බව දන්වනු කැමැත්තෙමි. ඔවැන්නන්ට දක්වන පළමු හා අවසාන අවවාදයයි මේ.

    අප මෙහිදී බලාපොරොත්තු වන්නේ සහ අගය කරන්නේ බුද්ධිමක් විචාරාත්මක හා විශ්ලේශනාත්මක, සිතන්නට හැකි විවරණ පමණි. බුද්ධිමත් ව සිතා, මහජනතාව දේශපාලන වහල්භායයෙන් මිදවීම හා තමුන් පත් කරන දේශපාලකයන් වගකීමකට යටත් කොට, නැවත ස්වකීය ප්‍රජාතන්ත්‍රන අයිතිය සපථ කිරීම මේ ඉඩෙහි අරමුණ යි.

    මෙම ඉඩ වෙන්කොට ඇත්තේ බුද්ධිමතුන්ට විනා, හයහතර නොතෙරෙන සිතන්ට කම්මැලි දේශපාලකගැති මුග්ධයන්ට නොවේ.

    ReplyDelete

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...