Saturday, November 21, 2009

අහෝ... කළගුණ නොදත් මෙවන් අමනයෝ


වරක් මා රැකියාව කළ පෞද්ගලික ආයතනයක විධායක අධ්‍යක්ෂක වරයා තමුන් අකමැති පුද්ගයන් ඉවත් කිරීම සඳහා අපූරු ක්‍රමයක් භාවිත කළේ ය. ඔහු අසකරන්නට අවශ්‍ය පුද්ගලයා හට විවිධ සුළු සේවකයන් කරන වැඩ පැවරීමත්, විවිධ ආකාර නොහොබිනා කම් කිරීමත් කරනු ලබ යි. කිසි අභිමානයක් නැති හෝ යමක් කරකියා ගත නොහැකි පුද්ගලයකු කරබාගෙන ස්වකීය වැඩ කටයුතු කළ ද, ආත්මගෞරවයක් ඇත්තේකුට ඉහත ක්‍රියා රුස්සන්නේ නැත. බොහෝ විට එවැන්නේ ඉල්ලා අස්වෙති. නැතහෝත් විධායක අධ්‍යයක්ෂක වෙත ගොස් පැමිණිලි කරන අතර, ඔහු විසින් කෙසේ හෝ පුද්ගලයාගේ ඉවසීමේ සීමාව නික්ම යන තුරු කවර හෝ කරුණක් අළලා අපවාද කරනු ලැබේ. අවසානයේ දී, ඉවසීමේ සීමාව පසු කල පුද්ගලයා අතින් වැරදි යමක් කියවුණු විට, එය ඇසුරින් ලිපියක් සකසා සේවයෙන් පහ කරයි. වරක් රියදුරෙකු හට මෙවැනි ආකාරයේ කුඩම්මාගේ සැලකිල්ල දක්වමින් සේවයෙන් ඉවත් කිරීමට උත්සහ දැරී ය. එහෙත් ඔහු අධ්‍යක්ෂක වරයාට වඩා කපටි වූ අතර, ඒ නිසා, අධ්‍යෂක තුමාගේ සෙල්ලමේ හොඳින් සෙල්ලම් කරන ලදි. සමහර දිනවලට ඔහු පැමිණ මුළු දවසට කිසිවක් නොකර, ඔහේ සිටීම සිඳු වේ. ඔහු මෙසේ කාලයක් මෙසේ කිසිදු වැඩක් නොකර මාසේ පඩි ගන්නා ලදී. එහෙත් වරක් ඔහු ප්‍රමාණය ඉක්මවා නිවාඩු ගැනීමක් නිසා, නැවති පැමිණිමේ ලේඛනය සකසා, එය ඇසුරු කොට සේවයෙන් පහ කරන ලදී. අවුරුදු ගණනාවක් ඔහු කම්කරු උසාවියේ ආයතනයට විරුද්ධ ව නඩුවක් ගෙන ගියේ ය.

මට මේ සිඳුවීම සිහි වූයේ, ලාංකා ආණ්ඩුව, විශේෂයෙන් ම, ජනපති මහින්දත්, ආරක්ෂක ලේකම් ගෝඨාභයත්, දැන් තමුන්ට අවශ්‍ය නොවන හා සමහර විට අනාගත තර්ජනයක් යයි සිතූ, ජෙනරාල් ෆොන්සේකා හට, සේවය හැර යාමට අවස්ථාවක් ඇති කිරීම යි. පළමු ව ඔහු යමක් කළ නොහැකි තනතුරකට පත් කොට, අත්බැඳ ඔහුගේ හිඩැස පිරවීමට ඔවුන් හිතවත් එහෙත්, ‍ජෙනරාල් විසින් නිර්දේශ නොසලකමින් ඔහුගේ මතයට අනුව නුසුදුස්සෙකු පත් කරයි; ඔහුගේ පහළ නිළයන් හමුවේ විහිලුවක් ද, අසරණ කමට ද, විකටයකු බවට මේ අදුර දර්ශි දේශපාලක සංධානය පත් කරති.

ඒ නුසුදුස්සා තමුන්ට හා තමුන් පත්කළ දේශපාලන සන්ධානයට අභියෝගයක් විය හැකි , ජෙනරාල් ක්‍රමයෙන් හමුදාවෙන් කොන් කරන තත්ත්වයක් ඇති කර යි; ලැජ්ජා ඇතිවන සේ කටයුතු කර යි. ජෙනරාල්ගේ අභිමානය සුළු වන පරිද්දෙන් ඔහුගේ ආරක්ෂාවට, හිතුමතේ වෙනස් කොට ජෙනරාල්තුමා තමුන් නායකත්වය දුන් හමුදාවේ නායකත්වය හමුවේ ලැජ්ජාවට පත් කරයි. අවසානයේ ඉවසීමේ සීමාව නික්ම යන ජෙනරාල් තැන හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරති. මේ අතර, ආණ්ඩුවය පක්ෂපාති කාලකණ්නි දේශපාලකයෝ සහ ඔවුන්ට උඩගෙඩි දෙන චිවරධාරින් ජෙනරාල්ට තර්ජනය කරමින් සහ දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසති; සංඝ ආඥා (පත්තනික්කුජ්ජණ දණ්ඩන) ගෙනෙන බවට ගොරනාඩු කරති. විවිධ පුවත්පත් ද ජනපති මහින්දගේ හෙංචයියලා මෙන් කටයුතු කරමින් ජෙනරාල් ‍ගේ චරිතය, විශ්වාස බව ප්‍රශ්න කරමින්, කොටින්ගේ හෝ විදේශක බලවේග ආදී පටලවමින් ඇවිලෙන ගින්නට පිදුරු දාති.

අභිමානය ඇති අයෙක්, දිගින් දිගට ම මෙලෙස, කෙනෙහෙලිකම් ලක් වෙමින් සිටින්නේ නැත. විශේෂයෙන් ම හමුදාවේ නිළධාරියකුට අභිමානය ඉතා ඉහළ වටිනා කමකි. එවැන්නෝ මෙවැනි සංවිධාත්මක පහරදීම් වලදී නොසැලී, ‍ඍජු ව ස්වකීය ආත්ම ගෞරවය සලකා ඉල්ලා අස්වෙති. පිටකොණ්දක් නොමැති අභිමානයක් නැති, පුද්ගලයෝ තමුන්ගේ තානාන්තරය අල්ලාගෙන ඒ මත්තේ මැරෙන්නට උත්සහ කරති.

ජෙනරාල් ස්වකීය අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ වහාම, රටේ ජනපති කරන්නේ ඊළග වැඩ කරන දවසේ ඔහුට සේවයෙන් ඉවත්වන ලෙස නියෝග කිරීම යි. ජනපතිට ජෙනරාල් ‍ෆොන්සේකා වටිනා වස්තුවක් වූවා නම්, ඔහුව පෞද්ගලිකව කැඳවා සුහඳ ලෙස සාකච්ඡා කළ හැකි ව තිබිණි (සාමාන්‍යයෙන් රැකියාවකින් අස්වන්නට යමෙක් ඉල්ලූ විට එකී පුද්ගලයා ආයතනට වටින්නේ නම්, විධායක අධ්‍යක්ෂ ඔහු හා කතා කොට පඩි වැඩිවීමක් හෝ එවැනි විශේෂ වරප්‍රසාදයක් දී, පුද්ගලයා රදවා ගැනීම උත්සහ කරයි; අඩතරමේ ඔවුන්ගේ දුක් ගැනවිලලටවත් ඇහුම් කම් දෙනු ඇත). එසේ ම, නොවැම්බර් මාසය ඉවර වන තුරු සේවයේ යෙදිමට ඉඩ හරින්නට තිබිණි. ඔහුට සපයා තිබුණු ‍ආරක්ෂා 25 දක්වා අඩුකර, ස්වකීය සගයන් හා ලැජ්ජාවට පත් වන ආකාරයෙන් කටයුතු නොකරන්නට තිබිණ. ඔහුගේ නිවස දින 14කින් ඉල්ලීම නොකර, සමහර මැති ඇමති වරුන් අවුරුදු ගණනාවක් නිල නිවෙස්වල සිටීමට දුන්නාක් මෙන් අවම වශයෙන් මාස කිහිපයක්, මනා ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්නා තුරු, එම නිල නිවස පරිහරණය කරන්නට ඉඩ තිබුණි.

පසුගිය දිනක ඔහු මෙසේ කියා තිබිණි:

"මාගේ ආරක්‍ෂාව 25කට අඩුකලේ ජීවිත තර්ජන පිළිබද ඇති තත්ත්වය සලකා 100ක භට පිරිසක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හරිමිනි. දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ 60ක භට පිරිසකුත්, වාහන3කුත් ලබාදෙන බව පවසා තිබේ. නිල වශයෙන් විශ‍්‍රාමගත් වහාම නිල නිවස ලබාදී ඉවත්වයන ලෙස මා හට ඉහළින් නියෝග ලැබී ඇත. සුදුසු කුළී නිවසක් සොයාගැනීමටද බාධා රැසක් මතුවී ඇතත්, මා මහමගට ඇද දැමීමට ඇතැමුන් වෙරදරති. ඔබ වෙනුවෙන්ද ආරක්‍ෂක ආමාත්‍යංශයේ නිවහන ඉදිකිරීමද කන්දක් විලිලා මී පැටවෙකු වැදුවාක් මෙන් කාරණයක් බව ඔබද මමද දනිමු. ඔබද හිසට සෙවනක් අහිමි වූවාක් මෙන් ලතවෙන බව දනිමි. මාතෘ භූමිය වෙනුවෙන් බොහෝ දේ කැපකල අපහට අවසානයේ උරුමවී ඇති තත්ත්වය මෙයයි."

(මූලාශ්‍රය W3)

මේ කිසිවක් නොකර, ස්වකීය සේනාධිනායකයකු පාරට ඇද දමන තත්ත්වයට පත් කරන ජනපති ස්වකීය නියම දේශපාලන දීනත්වය ප්‍රකාශ කර ඇත. ජෙනරාල් ඡන්දයට ඉල්ලනවා ද, නැද්ද යන්නත්, ඔහු මහින්දට අභියෝගයක් ද නැද්ද යන්න වෙනත් කරුණකි. එහෙත් රටදැය වෙනුවෙන් වැඩ කොට, ජීවිතය පරදුවට තබන ශ්‍රේෂ්ඨ අභිමානවත් සෙන්පතියකුට මෙසේ සැලකීම ලැජ්ජාවට කරුණකි; අතිශය කණගාටුවට කරුණකි. අනෙක් අතට මේ ලැජ්ජා කිරීම, අවමාන, අභියෝග ජෙනරාල් හට පමණක් නොව, ඔහු නියෝජනය කරන හමුදාවට පෘථුල ව ත්‍රිවිධ හමුදාවට කරන නිගාවකි. මෙසේ දේශපාලකටන් පසුපස යන දීනත්වයට පත් වීම අභිත හමුදාව බාල්දු කිරීමකි. ජෙනරාල් ෆෝනසේකාගේ විශ්‍රාම ගැනීමේ අවසාන සමුගැනීමේ හමුදා ආචාර ආරක්ෂක ලේකම්, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක, පොලිස්පති හෝ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් නොපැමිණෙන්නේ ඔවුගේ රැකියාවට හා නිලයට විය හැකි භිය තකා විය හැකි ය; අනාගත තානාන්තර ලැබීම පිළිබඳ අවිනිශ්චිතතාවන් නිසා විය හැකි ය. මොව්නු තේරුම් ගත යුතු කරුණක් ඇත. ජෙනරාල්ට බෙදූ හැන්දෙන් ම ඔවුන්ට ද යම් දවසක බෙදනු ඇත. ඔවුගේ වැඩය, වටිනා කම හමාර වූ විට හපයක් සේ ඉවතට විසිකරනු ඇත. යම් දිනක මොවුන් ද, අවලංගු කාසියක් මෙන් පාරට ඇද දමනු ඇත. මෙවන් විරුවන් ලංකාවේ නො ඉපිද බටහිර ර‍ටක උපන්නේ ඔවුන්ට හිමි නියම ගෞරවය නොපිරිහෙලා ලැබෙනු ඇත. අත්මාර්ථකාමී අධම දේශපාලනය නිසා ලංකාවේ ඇති බංකොලොත් බව, හා කෙලෙහිගුණ නොදන්නා කම අතිශයින් ම කේදජනක ආවර්ජනයකි.

මෙවැනි ජවනිකා දකින මට කිව හැක්කේ, "අහෝ සුනකයකු තරම් වත්, කෙළගුණ නොදත් මෙවන් අමනයෝ භංගිවේවා!; දූරින්භූත වේවා!" යන්න යි.

පසු වදන

දිගින් දිගට ම දිවයින පුවත් පත ද දේශපාලන නිය්‍යය පත්‍රයක් අනුව ජෙනරාල් ෆොන්සේකා හට නින්දා ඇති කරන ලිපි පළ කරන ලදි. අදදු දිවයින පුවත්පතේ මගේ අදහස් සාක්ශාත් කරමින් නැවත් අවමන් ඇති කරන ලිපියක් පළ විය:

ජනරාල්ගේ නික්‌මයැම සහ ගිනි අවුළුවන්නන්ගේ ක්‍රියාදාමය?


9 comments:

  1. විවිධ පුවත්පත් ද ජනපති මහින්දගේ හෙංචයියලා මෙන් කටයුතු කරමින්

    මොන පිස්සුද ? සිරසයි ඉරුදිනයි ඇරුනම ඔක්කොම මහින්දගේ හන්චයියෝ තමයි. හෙන්චයියලා වගේ නෙමේ.

    ReplyDelete
  2. ශ්‍රී ලාංකිකයෝ තරම් ඉක්මනට අතීතය අමතක කරන ජාතියක් ලොව ඇත්දැයි සැක සිතෙන තරමට සමහර වැඩ කටයුතු සිදුවේ . . .

    ටෙරන්ස් පූරසිංහ ගුරුතුමා වරක් පැවසූ යමක් මට සිහියට නැගේ . . .

    "ශ්‍රී ලාංකිකයෝ හැමෝම හරියට ගෑනු වගේ . . . . .

    ගෑනුන්ට ළමය හම්බුවෙන වෙලාවේ බෙරිහන් දෙනවා උඹ ආයේ වරෙන්කෝ . . ඇඳ ලඟට වත් එන්න දෙන්නේ නෑ . . ආවොත් හොඳ වැඩක් කරන්නම් මම කියලා . . . මාස තුනක් යන්නත් කලින් හෙමීට අහනවා ඒයි . . . . ඔයා නිදිද ?? කියලා . . "

    ReplyDelete
  3. We don't know what really happened. Same thing can be said about General! Why he waited 30 years to win the war? It is a team work and blame should go to everybody including general about the current situation.

    ReplyDelete
  4. meke api nodanna godak dewal yata thiyana bava dannam tiken tika eliyata enewa. eke paththaka witharak neme 2paththema godak waradi thiyenebawa thamaa penne. vasantha karannagoda ge siddiyedi me bava penewa. habai me waden wenne ape jaathiya bedene eke witharai

    ReplyDelete
  5. @මහසෙන් බණ්ඩාර, ටෙලිපිස්සා,

    ඔබගේ දෘෂ්ටිකොණයේ සැබෑ සත්‍යයක් තිබේ. යුද්ධය ජය ගැනීමට දේශපාල නායකත්වය අතිශයින් ම වැදගත්. එහෙත් ප්‍රශ්න ජයග්‍රහණය කාගෙද යන්න නොව, ජාතික විරුවෙකුට දීන ලෙස සැලකීම යි. එය බොහෝම වැරදි පුර්වාදර්ශයක්. බලයේ සිටින දේශපාලඥයෙක් මිය ගිය විට රාජ්‍ය ගෞරව සහිත ව ආදාහනය කරන නමුත් මෙවන් වීරයන් මිය ගිය කළ, ඔවුන්ට හමුදා ගෞරව මිස, රාජ්‍ය ගෞරව නැත. මගේ චෝදනාව තමුන්ගේ යටත් වැසි සේවකයකුට පහත් ලෙස සැලකීමෙන් දක්වන වැරදි ආදර්ශය යි.

    ReplyDelete
  6. මට පෙනෙන විදියට ජෙනරල්ට සැලකුව මදි. රජයෙ ඉන්න ගොබ්බයො ටික දැන් ජෙනරල් ද්‍රොහියෙක් කරලා. රටට වැඩක් කරනවා. ගොඩක් සල්ලි ගහගන්නව කමක් නැහැ. එත් මෙ මනුස්සයට සලකපු විදිය. අපෙ මහරජතුමා ගෙ ප්‍රතිරූපය දැන් එලියට එන්නව. මම U.N.P , J.V.P ත් නෙමෙ.මිනිස්සුන්ගෙ එකමුතු කමක් නැති කමින් මුන් හොදට සෙල්ලම් කරනව.

    ReplyDelete
  7. "මේ කිසිවක් නොකර, ස්වකීය සේනාධිනායකයකු පාරට ඇද දමන තත්ත්වයට පත් කරන ජනපති ස්වකීය නියම දේශපාලන දීනත්වය ප්‍රකාශ කර ඇත."

    සරත් ෆොන්සේකා ගැලවීමේ හමුදාවට සුදුසු බව පවසිමින් අවමන් කල, ඹහුගේ අස්වීමේ ලිපිය පවා විකෘති කල අයගේ දේශපාලන දීනත්වය නොපෙනෙනුයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි කණ්නාඩිය දමා ටගන බැලීමේ කරුමය නිසා දෝ හෝ යි සැක සිතේ.

    ReplyDelete
  8. @මිගාර,
    ඔබගේ "පන්හිඳ" අන්තර්ජාල අවකාශයේ එ.ජා.ප. (එ.ජා.ස) විවේචනය කරමින්, පවතින ආණ්ඩුවට වාසි වන ලෙස ලිපිය සකසා ඇත (මා හට කිසිවෙක් සන්තර්පණය කොට සැනසීමට අවශ්‍ය නැත). මගේ උත්සහය වූයේ මහින්ද ජනපති ලෙස ස්වකීය යටතේ සිටින රාජ්‍ය සේවකයකුට හෙවත් ඔවුන් විසින් යුධ විරයෙකු ලෙස හැඳින් වූ පුද්ගලයකුට කළ කුඩම්මාගේ සැලකිල්ල පිළිබඳ අවධානය ඇති කිරීමත්, ඒයින් ගම්‍යවන පහත් පළිගැනීමේ ලක්ෂණයක් පෙන්ව දීමට ය. හමුදා නිළධාරියෙන් වශයෙන් ජෙනරාල් ෆොන්සේකා කිසිවිටකත්, තමුන් සේවය කරන රජයට විරුද්ධව හෝ දේශපාලන මතයක් ප්‍රකාශ කළේ නැත. එවන් මනුෂ්‍යයකුට රජයේ ප්‍රධානියා ලෙස ජනපතිගෙන් ලැබිය යුතු සැලකිල්ල හා අවධානය මද බව සිහි කටයුතු ය. ළඟකක් වන තුරා ජෙනරාල් ජනාධිපති වරණයට තරඟ කරන බව ප්‍රකාශ කළේ වත්, ජනාධිපති වරණයක් තබන බවවත් (මගේ අදහසට අනුව අනවශ්‍ය මැතිවරණයක්), ප්‍රකාශ වී තිබුණේ නැත. එවන් අවධියක මහින්ද විසින් කළ නොකටයුතු කම් සහ අසාධාරණ තුළින් පිළිඹිබුවන්නේ ඔහුගේ දීනත්වය මිස උදාරත්වය නොවේ. උදාර පුද්ගලයන් හට කිසිවෙක් අභියෝගයක් නොවේ, දැන් ජනාධිපති වරයා දොස් පවරන්නේ පාර්ලිමෙන්තුවේ බලයට යි.

    දෙවන කරුණ නම් හිතවත් මිගාර, මිනිසුන්ට ලේබල ඇලවීම ඔබගේ ඇති පටු ස්වභාවය පිළිඹිබු කරයි. මා මෙම විචාරයන් සඳහා කිසිඳු ආගමක් ප්‍රතිපත්තියක් වශයෙන් වැද්ද නොගනි. අනෙක් අතට මා, ඔබගේ චෝදනාවට අනුව, "ඇංග්ලිකානු ක්‍රිස්තියානුවෙක්" ද නොවෙමි. අනුන්ට ලේබල් අලවා බුද්ධිමය වාසියක් ලබා ගැනීමට තැත් කිරීමේ, පටු ස්වභාවයෙන් මිඳී ඔබගේ අදහස පෙන්වීමට තර්කය, සාමාන්‍ය දැනීම, අනුකූලතාවය හා මුලාශ්‍ර භාවිත කරන්නේ නම් මැනවි.

    ReplyDelete
  9. කරුණු ‍16 ලිපිය.. යුද්ධය ඉවර වී මාස 2කට පසු මංගල සහ විපක්ෂය පටන් ගත් උගුලේ ප්‍රථිඵලයකි.

    ඒ ලිපියට කරුණු එකින් එක එකතු කර ගත්තේද ඊට පසුය.

    හිතන්න ඔබගේ ලොක්කාට ඔබ පල් පාට් දැමුවොත් ඔහුගේ ප්‍රතිචාරය කුමක් වේවිද??

    ඔහුගේ ප්‍රතිචාර ඔබ පටිගත කර අනවශ්‍ය කො‍ටස් කපා දමා අධ්‍යක්ෂක මණ්ඩලය‍ට යොමු ‍කලොත්?

    ඔබ ඒ නාටකය සැප පහසු පුටුවක සිට නැරඔුවන් ම පමණකි.

    ReplyDelete

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...