Friday, January 22, 2010

රවටන්නෝ සහ රැවටෙන්නෝ: අවසාන සිනාහව


මේ දිනවල ඡන්දය සඳහා ආසන්න දින වකවානු ළංව තිබෙන විට බොහෝ බො‍ලොග් මඩවලින් සහ කුණුවලින් පිරී පවති. මේ අතර ජනමාධ්‍යයේ ප්‍රචාරයවන දේශපාලක ප්‍රකාශ රාශියක මූලීක අරමුණ මහජනතාව ගොනාට ඇන්දීමට ය. මේ දිනවල උණුසුම් කතාව හංසයා විසින් ගැසූ රට බෙදෙන හොර ගිවිසුමක් පිළිබඳව ය. අනෙක් පැත්ත එයට පිළතුරු දෙමින් ප්‍රකාශ කරනුයේ එකී හොර ගිවිසුම ආණ්ඩු පක්ෂය විසින් හොරට හදා හොර අස්සන් තැබූබක් බව ය. දෙමළ අන්තවාදීයකු හා කොටින්ට ප්‍රත්‍යෝපකාර කළ, ආණ්ඩුපක්ෂයට අනුව කොටි නියෝජිතයා මේ ගිවිසුමට අතසන් කොට ඇත්තේ සිංහලෙනි. අනෙක් අතට විමල් වීරවංශ විසින් කොටි 300ක් පගා ගෙන ජෙනරාල්ට පක්ෂ ව ඡන්ද සටනෙන් ඉවත් වූ මුස්තාපා පිළිබඳ ප්‍රකාශය ද අල්ලස් කොමිසම හමුවට ගෙන විත් ඔප්පු කිරීමට නුපුළුවන් වීම තවත් රැවටීමක අවසාන ය. ජෙනරාල් පොන්සෙකාගේ බැනනුවන්ගේ කෝප් ලංකා ආයකනය රැපියල් 25,000 හෝ එයට වැඩි මුදල් වංචා කිරීම පිළිබඳ උසාවිය ඉදිරියේ වූ නඩුව ඔප්පු කිරීමට තරම් සාධක තව ම රහස් පොලිස්සියට හැකි වී නැත. ඒ වෙනුවට ඔවුන් මාධ්‍යයට කෙසේ හෝ මුදා හැරෙන (ලීක්) වන රහස්‍ය ප්‍රකාශ උසාවියේ ගොණු කරනු ලැබේ. පසුගිය දිනක රජය විසින් වියම් කළ මුදල් හා මගඩි ගැසූ මුදල් පිළිබඳ අජිත් කබ්රාල් මහතා නිදහසට කරුණු දැක්වීමක් කරන ලදී. එහෙත් ඒ නිදහසට දැක්වීම බන්දුල ගුණවර්ධනයන්ගේ මහ බැංකු වාර්තා ගෙන කරන අංක ගණිතයට සමාන ය. පසුගිය දින වල ඡන්ද කොමසාරිස් රජයේ මාධ්‍ය ප්‍රකාශන පිළිබඳ පත් කළ ස්වකීය නියෝජිතයා එයින් ඉවත් කර ගත්තේ රජයේ මාධ්‍ය හා නිළධරයන් අසීමිත ලෙස දේශපාලන පක්ෂග්‍රාහිත්වයක නියැලෙන බව දක්වමින් ය. පසුගිය දින වල ප්‍රකාශයට පත් වූ වාර්ථාවන්ට අනුව විශාල සංඛ්‍යවක් හමුදා, පොලිස්, විශ්විද්‍යාල උපකුලපතිවරුන්, හා රජයේ සේවකයන් ස්වකීය කැමැත්තෙන්ම හෝ බලහත් කාරයෙන් ඡන්ද වැඩ ‍වලට යොමු කොට තිබිණි. ලංකා ගමනා ගමන මණ්ඩලයෙ බස් රථ ඡන්ද රැලි සඳහා පාක්ෂිකයන් අද්දවා ගැනීමට යොමු කරනු ලැබිණ. තවත් සමහරුන් විධායක අගමැති වරයකු පිළිබඳ ව්‍යවස්ථා ප්‍රතිපාදන තර්කය යෙදී ඇත.


මා විසින් සටහන් කළ සටහනකට මහින්දට හිතැති අයෙක් මෙසේ ලීයා තිබිණි:


"තවමත් පෙහොර මිටිය 350යි. සත්‍ය මිළ 6000යි. ගොවීන්ට ඉහළ මිළක් ගෙවීමේ ක්‍රමයක් සකසා මගින් ගොවියා‍ගේ ආදායම තහවුරු කොට තිබියදී පවා තවමත් ඔබ සහල් ගන්නේ කිලෝව රුපියල් 100කට අඩුවෙනි. අද පාන් මිළ කීය ? 6000 (වරක් එය 9000 දක්වා ඉහළ ගියේය) පොහොර ගන්නට සිදුවිණි නම් හාල් මිළ කීයක් වේවිද කියා ඔබ සිතුවාද? එසේ විණි නම් කළ හැක්කේ කුමක් ? පිටරටින් සහල් ගෙන්විය යුතුය. නමුත් එය කළ හැකි වේවි ? ඉන්දියාව පවා සහල් අපනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වූ‍ බව මතකද? (අපි වවමු රට නගමු ඇරඹුනේ අනුව .) සල්ලි වලටවත් ගන්නට තැනක් නැතිව ගිය විට සහනාධාරය ක්‍රියාත්මක නොවිණි නම් අපගේ කෘෂිනකර්මාන්තය මේ වන විට බිද වැටී අවසාන .,


ඔහු විසින් අමතක කළ සාධක කිහිපයක් මා මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි. පළමු ව, රුපියල් 350 පොහොර මිටිය ගොවියාට දෙන විට, එකී සාහනාධාරය සඳහා රජය විසින් දරන රුපියල් 5,650 (හෝ 8,650) දරන්නේ කවුරුන් ද? සහනාධාර දුන් පලියට වියදම නැතිවන්නේ නැත.ඒ වියදම කවුරු හෝ ගෙවිය යුතු ය. එසේ ගෙවීමට සිඳු වන්නේ රටේ මහජනතාව සඳහා ම ය. එසේ ම, පසුගිය දිනවල සහනාධාර පොහොර විශාල ප්‍රමාණයක් කළු කඩකාරයන් වෙත විකුණා ඇති බව හෙළිදරව් විය. එසේ නම් මහජනතාව විසින් බරපැණ දරන පොහොර ටික දෙනෙකුගේ සුඛිත මුදිතකාවය වෙනුවෙන් කැප කොට ඇත. යුද්ධය අවසානය සමඟ ම දකින්නට ලැබුණෙ මහින්දගේ සහනාධාර පොහොර මිටි ටොන් ගණනක් කොටින් විසින් බොම්බ සෑදීම පිණිස යොදවා ගෙන තිබූ ආකාරය යි. මහජනතාවගේ කර පිටින් කොටින් හට බෝම්බ තනා අපේ හමුදාව සහ සමාන්‍ය වැසියා අනතුරේ හෙළිමට අඩු වියදමින් ඇමොනියා පොහොර ලබා දී තිබුණි. කෘෂි කර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇත්තෙක් වුවද, තේරුම් ගත හැකි, කරුණ නම් ලොවිතැනෙහි වැඩිම වියදමක් යන්නේ ශ්‍රමයට, පළිබොධ නාශක හා බිම් පිළිසකර කිරීමට විනා පොහොර සඳහා නොවේ. අනෙක් අතට ලාභ පොහොර ලබන ගොවින් අස්වනු වැඩි කරන නියාවෙන් වැඩිපුර පොහොර යොදන අතර, නයිට්‍රජන් පොහොර වැඩියෙන් යෙදූ කළ, පත්‍ර විශාල සහ මෘදු වෙමින් පළිබෝධ හානියට තව තවත් පාත්‍රී වෙයි. පොහොර වල අඩංගු විවිධ බර ලොහ සහ කැඩ්මියම් මෙන් ම, අතිරික්ත නයිට්‍රජන් පොහොර ජලය සමඟ මිශ්‍ර වී වැවු කරතාත්, වැව් ආශ්‍රීත ජිවත් වන පුද්ගලයන්නේ ආහාර දාමයටත් එක් වේ. එයින් ඇතිවන අතුරු ප්‍රතිපලය වකුගඩු රෝග හා ඒ ආශ්‍රීත රොගාබාධයන් ය. මේ රොගීන් විසින් නිදහස් රොහල් පද්ධතිය වෙත අනවශ්‍ය බරක් ඇති කරන අතර, එයින් නැවතත් ජාතික ආර්ථික වෙත බලපෑම් ඇති වේ.


මුළු නිශ්පාද වියදමෙන් 15%-5% අතර ප්‍රමාණයක් පොහොර මගින් සිඳුවන අතර, කෘෂි විද්‍යව පිළිබඳ කිසිදු දැනීමක් නැත්තෙකුට රුපියල් 350 පොහොර හොඳ ඡන්ද ගුංඩුවකි. මා විසින් කතා කළ ගැමි ගොවීන් විසින් මට ප්‍රකාශ කළේ ඔවුන්ගේ සකල ප්‍රශ්න රුපියල් 350 පොහොර සමඟ නිමා වී ඇති බව යි. එහෙත් විෂය පිළිබඳ දැනුමැත්තෙකුට මේ රැවටීමේ තරම සක්සුදක් සේ පැහැදිලි ය (මේ තර්කය ඔප්පු කරනු පිණිස අක්කර යක නිශ්පාදන වියදම ළඟක දී මෙහි සටහන් කොට තබන්නෙමි). [1]


මේ තීරයෙන් මා දක්වන්නේ රවටන්න‍න්ගේ රැවටීම් ය. මේ රැවටීම් සඳහා රැවටෙන "යථාර්ථවාදීන්" තමුන් හඳුන්වා ගන්නා කොටසක් ද වෙති. රවටන්නෝ කෙසේ රැවටීම කළත් "අවසාන සිනාව" අයිති මහජනතාවට ය. දේශපාලකයන්ගේ උවමනාව ස්වකීය සැප සම්පත් සහ බලය රැක ගැනීම සහ තව පරම්පරා ගණනාවකට මුදල් හරිහම්බ කර ගැනීමට ය. මහින්ද අවුරුදු දෙකක ධූර කාලය ඉතිරි ව තිබිය දී, අනවශ්‍ය ඡන්දයක් කඳ වූයේ ඒ නිසා ය. තව අවුරුදු දෙකක් ස්වකීය මහින්ද චින්තනය යටතේ රට සුඛිත මුදිත කොට නියම කලට ඡන්දයක් කැඳවුයේ නම්, ජෙනරාල් කෙනෙකුගේ තර්ජනයට හෙතෙම පාත්‍ර නොවුණු ඇත. සත්‍ය මහින්ද පර්සි රාජපක්ෂ හොඳින් දනී. ඒ නම්, ඔහුට මෙතැනින් ඉදිරියට රටේ තත්ත්වය සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යා නොහැකි බව ය. ඒ නිසා, තැටිය රත්වී ඇති විට, රොටිය පුළුස්සා ගැනීමට හෙතෙම බලාපොරොත්තු වූවා විය හැකි ය. මේ අනවශ්‍ය ඡන්දය කැඳවීමෙන් විපක්ෂය මහින්ද අඩු තක්සේරු කළා පමණක් නොව, රට සංවර්ධනයට ස්වකීය නොහැකියාවත් හුවා දැක්විම කළේ ය.


මෙවැනි අවස්ථාවක මාගේ අවධානය යොමු වන්නේ මහජන සේවය සිඝ්‍රයෙන් දේශපානීයකරණය වීම ගැන ය. මහජනතාව නිවහල් ය. දේශපාලකයන්ගේ මාපටගිල්ලට යට ව සිටින්නට ඔවුනට අවශ්‍ය නැත. ඡන්ද කොමසාරිස් විසින් සිවකීය බලය භාවිත කොට, රාජ්‍ය මාධ්‍ය නිළධරුවන් උසාවියට ගෙන ගොස් දඬුවමට පත් කළේ නම් ඔහු විසින් මහජන අයිතියට කළ මාහැඟි දායාදයක් වීමට තිබිණි. එවැනි පුර්වා දර්ශයක් කළේ නම් ඉදිරියේ පත්වන කවර වර්ණයේ ආණ්ඩුවක වුව ද, මහජන දෙපළ වලට අත තැබීමට මත්තෙන් දෙවරක් සිතනු ඇත. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් රවටන්නෝ රැවටිමකට ලක් කිරීම මහජන යුතු කමකි. රවටන්නෝ රැවටුන විට, රවටන්නන් දෙස බලා අවසාන සිනාහව උරුම වන්නේ මහජනතාව වෙතට ය. එවිට සැබෑ සුබ අනාගතයක් සහ විශ්වාසනීය වෙනසක් මහජනතාවට ලැබෙනු ඇත.



[1] නිශ්පාදන වියදම සඳහා නිදර්ශන ලෙස කෘෂි කර්ම දෙපාර්තුමෙන්තුව මගින් නිකුත් කළ සංඛ්‍යා ලේඛනයක් පහත දැක්වේ:

Production cost: Labour (73%) is the highest cost component in radish cultivation, follows with seed (18%), pesticide (6%) and fertilizer (3%) (Source: Department of Census and Statistics, 1996). The unit cost of production for the period of 1998-2001 is given in Table. The estimated production cost indicates that increasing the productivity of the crop by adopting appropriate technologies could reduce the unit cost of production.
මෙහි පොහොර සඳහා දක්වා ඇත්තේ 3% පමණ ප්‍රතිශතයකි.

4 comments:

  1. අවශාන වශයෙන් මටනම් කියන්න ඇත්තේ " මුන් ඔක්කොම හොරු" බවයි

    ReplyDelete
  2. ප්‍රතිපත්තියක් නැති අවස්ථාවාදි මිනිසුන් දෙශපාලන ආගමනයත් සමග මෙරට තවදුරටත් පහතට වැටිම වැලැක්විය නොහැක. කපටි මිනිසා මොඩය. මොඩ මිනිසුන් කපටි මිනිසුන්හට අසුවෙති. රාජ්‍ය දෙපල හසුරවන ආකාරයෙන් මහින්දගෙ නිරුවත පෙනෙයි. තමන් හට අවලාද නැගු මිනිසුන් හා එක්විමට ලැබිම ජෙනරල්ට සිදු වු සරදම්කි. ජෙනරල් ගෙ දෙශපාලනය ගැන නොදන්නා මම කිසිවක් ඔහු ගැන නොකියමි. නමුත් ඔහු කල කි දැ වලින් මම තිරනය කර ඇත්තෙ ඔහු රට ජනාධිපති විමට සුදුසු බවයි. යමක් කර මිනිසුන්ගෙන් රවටා හොරකම් කරනවාට වඩා තුවක්කුවක් පෙන්නා "මෙහාට දිය තොගෙ පසුම්බිය" ලෙස හොරකම් කිරිම වටින බව මගෙ හැගිමයි.

    ReplyDelete
  3. ඔබගේ අදහස් වලට එකඟ වෙමි. ඔබ මේ ලිපියේදී වැදගත් කරුණු රැසක් මතුකර තිබෙනවා. මේ සියල්ල ඇත්ත. මේ මොහොතේ අපට තේරීමට ඇත්තේ මහින්දගේ සහ සගයන්ගේ බොරු වලට රැවටෙනවාද නැත්තම් ආර්ථිකමය ශක්තිමත් භාවයක් සහිත ජනතාවගේ පාලනය තහවුරු වන ආණ්ඩුවකට පාර කපා ගන්නවාද යන්නයි. මේ වෙලාවේ මහින්ද වටේ ඉඳන් කහින හැමෝම දන්නවා නීති ගරුක පාලනයක් ආවොත් ඔය ගැහිලි බැරි බව. මට තියෙන ලොකුම ගැටළුව අපේ සල්ලි වමට ගහන බැසිල් වැනි ඕපපාතිකයන්ගේ අනවශ්‍ය පාලනයකට අප නතුවීමට සිදු වීමයි. එනිසා ඡන්දය දී පත්කළ එක රාජපක්ෂ කෙනෙකු වෙනුවට අද රාජපක්ෂ වරු රොත්තක් අපව සූරාගෙන කති. මේ විකාර නැවැත්විය යුතුය.

    ReplyDelete
  4. මහින්දට පක්ෂපාතී අයකු කියා මා ගැන සදහන් කර තිබීම ගැන කණගාටුයි.

    හැබැයි ඔබේ ඔය තර්කය මහින්දට ඡන්දය නොදීමට හේතුවක් සරත් ෆොන්සේකා තමනුත් රු.350ට පොහොර දෙන බව කියන්නේ ඇයි කියා මට කියනවාද?

    6000 පොහොර මිටිය 350 ට දීම වැරදියි නම් ඒ වගේ දසගුණයක් වැරදියි රුපියල් 10000 ක් රජයේ සේවකයන්ට දෙන එක මිනිසුන්ගේ බදු මුදල් වලින්.

    ඒ නිසා යමක් පවසද්දී ඒ දෙස මධ්‍යස්තව බලන්න.

    රට ගැන හිතන්න. එය මේ මොහොතේ ඊනියා ජාත්‍යන්තරවාදි‍යකු වීමට වඩාවටී.

    ඔක්කොම හොරු යන්න පරණ තර්කයකි


    Production cost: Labour (73%) is the highest cost component in radish cultivation, follows with seed (18%), pesticide (6%) and fertilizer (3%) (Source: Department of Census and Statistics, 1996). The unit cost of production for the period of 1998-2001 is given in Table. The estimated production cost indicates that increasing the productivity of the crop by adopting appropriate technologies could reduce the unit cost of production.


    මේ දත්ත වලංගු වන්නේ 1998-2001 කියා තිබෙනවා දැක්කේ නැත්තේ මොකද?

    දෑස් හැර බලන්න.

    Unit Cost calculate කරන කොට 350ට තියෙන දේ 6000-8000ක් අතර වුණාම ඒකෙන් unit cost එක වැඩි වෙන ප්‍රතිශතය ඉතා විශාලයි කියන එක සාමාන්‍ය පෙළ සමත් නම් අවබෝධ විය යුතු යි.

    සියල්ලට ම වඩා වැදගත් දේශය කෘෂිකර්මාන්තය රැක ගැනීමය. එය එසේ කළ යුත්තේ මන්දැයි මම විස්තර කළා ඒ comment එක මගින්.

    මේ රැවටීමක් නොවේ. මෙය රටේ එක් මූලික ක්ෂෙත්‍රයක් ආරක්ෂා කර ගැනීමට ගත් පියවරකි.
    මීට වඩා විශාල රැවටීමක් තිබෙන බව ඔබට නොපෙනෙන්නේ ඇයි.

    ඒ රැවටීම තුළ මුලු සිංහල ජාතියමත් ඉන් පසු ශ්‍රී ලංකාව මුලුමනින්මත් අගාධයට යනු ඇතැයි නොසිතෙන කරුමය කුමක් ද?

    ReplyDelete

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...