දෙවනුව, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිට, මේ පසුගිය මහා මැතිවරණය දක්වා වූ මඩ ව්‍යාපාරය ආණ්ඩුවේ සහ සමහර ආණ්ඩු විරෝධි මධ්‍යය අරභයා සිඳු විය. වසරකට කලින් යුධ විරයකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ අවස්ථාවේදී දේශ ද්‍රෝහියකු කරනු ලැබී ය. සමහර මාධ්‍යයන් විසින් ගුත්තිල මූසිල කතාව ඈඳා සේනාධිපති තුමා මූසිලයකු කරනු ලැබිණ. යුද්ධයක් දිනූ කිසිදු සේනාධිපති වරයකු හට යහතින් සිටින්නට ඒ රටේහි පාලයන් ඉඩ නොදෙන්නේ ඔවුන්ට ඇති විය හැකි අභියෝගය නිසාවෙනි. ඇමරිකා එක්සත් ජනපදය හෝ බ්‍රිතන්‍ය හැරුණු කොට අනෙක් සෑම රටක ම කුමන හෝ කුමන්ත්‍රණයක් අටවා සේනාධිපතිවරුන් මරණයට පත් කොට ඇත. ලංකාවේ වාසනාවට ජෙනරාල් තුමා ඝාතනය කළේ නැත; ඒ වෙනුවට කළේ එතුමාගේ චරිතය ඝාතනය කිරීම ය. අදටත් යුධ වීරයා මංකොල්ල කෑමේ වරදට හිරේ ය. ජාත්‍යාන්තර ලෙස මංකොල්ල කෑ, රටට ඇසෙන සේ කෑ ගැසීම මිස වෙනත් සත පහක සේවයක් නොකළ දේශපාළුවෝ යහතින් රජ්ජුරුවන්ගේ කුරහන් සාඨකයට මුවා වී දිවි ගෙවයි. රජ කාලේ හැටි එහෙම යි. මඩ මාධ්‍යයේ මුලීක කාර්ය භාරය වන්නේ ආණ්ඩුවට හෝ රජ්ජූරුවන් වහන්සේ ට අභියෝග වන සියල්ලන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට ය. එයට සෑදී පැහැදී සිටින පුද්ගලයෝ ඇත්තා හ. ලංකාවේ බහුතරයක් ජනතාව අන් අයෙකු උදෙසා කඩේ යාමට හෝ ආණ්ඩුවේ දේශපාලන හිතවත්කමෙන් ලබා ගත් පඩිපතින් යැපෙනන්ගේ විකෘති සහගත කියමන් තුළින් සත්‍ය දකින්නට හෝ සමස්ථ ලෝකය දකින්නට උත්සහ කිරීම තුළ රැවටි රැවටි රැවටෙන්නට ඇති ආශාව පුදුම සහගත ය. ලංකාවෙන් පිටත අඩියක් තබන්නට බැරි පුද්ගලයෝ සිතන්නේ මුළු ලෝකය ම, විශේෂයෙන් ඇමරිකාව සහ එංගලන්තය ලංකාව අල්ලා ගැනීමට රැස් කකා බලා සිටින බව ය. අධ්‍යපනයට පිං සිඳුවන්නට මේ රටවල් වල ඇවිද අත්දැකිම් ලබන්නට අවස්ථාවක් ලද්දෙකු වශයෙන් මෙවැනි හිතළු අසා නිකටේ අත ගසනු මිස වෙන කවරක් කරන්න ද? ලංකාවේ ලිං මැඩියන් වයින් කරන මෙවැනි මාධ්‍යයකරුවෝ ඔවුන්ගේ ම කර පිටින් මෙවැනි රට රාජ්‍යයන්හි විනෝද චාරිකා යති; දරුමුණුපුරන් එවන් රටවල ඉගන ගැනීමටත්, සමහරුන්ගේ දරුවන් නැවත ලංකාවට නොයෙන්න ම තැනට කටයුතු සම්පාදනය කර ගෙන ඇත. එහෙත් එවුන් ගේ කතා අසා ජාත්‍යාලයෙන් ඔද ගැන්වෙන එදා වේළ සරි කර ගන්නට නොගන්නා තැතක් ගන්නා මිනිසුන්ට තමුන්ගේ දරුවන් ලංකා නිදහස් අධ්‍යාපන පාසලකට යවා මොවුන්ට අතවැසිකම් කරන්නට දරුපරපුරක් ගොඩ නඟන තත්ත්වයට වැටී ඇත. ලාංකිකයන්ට ආත්ම අභිමානයක් නැත; ඇත්තේ ගැතිකම් පැමේ මානසිකත්වයක් පමණි. මගේ එක් ඥාතියෙකු උදේ හවා කුඩා ගුවන් විදුලියක් කන ගසා ගමන් යයි. ඔහු අපේ නිවසට පැමිණි සැනින්, කතාවට ඇද ගන්නේ එදා දවසේ මඩ මාධ්‍යයෙන් කතා කළ දෑ ය. හේ උදේ කථිකාවක කියූ දෑ ඒ ලෙසින් ම නැවත වමාරා කයි. අහක සිට අසා සිටින මට ඇතිවන්නේ මහා ම මහා පිළිකුලකි. සිතක් මිනිසාට ලැබි ඇත්තේ සිතන්නට මිස, වෙනෙකෙකු තමුන්ගේ වාසිය, පඩිය, වන්දිබට්ටකමට කී දෑ වමාරන්නට නොවේ. අවාසනාවක මහත, ලංකාවේ සිතා මතා යමක් විශ්ලේශනය කර ගත හැකි පාඨකයන් ඇත්තේ අතලොස්සක පමණි. අනෙක් උන් “රටට යුතුකම්” කිරීම හෝ “ජාතිය ආරක්ෂා කිරීම” හෝ “ආගම සුරැකීම” හෝ “ත්‍රස්තයන්ගෙන් නැතහොත් විදේශිය බලවේගවලින් රට බේරා ගැනිම” වැනි කිසිදු සම්බන්ධයක් නැති බොල් උදෘත පාඨමත ඇලී ගැලී හදවතින් සන්තර්පනය වී අවේගාත්මක ලෙස කියති; සිතති; කටයුතු කරති. පසුව කලක් ගිය විට ඒ සියල්ලත ම අමතක කර දමති.
අවසාන වශයෙන් අපගේ කථිකාවට ගෝචර වන්නේ මේ දෙකටම අයිති නොවන ඊනියා මධ්‍යස්ථ මාධ්‍යයයි ලෙබල් අලවා ගන්නා “ගැති මාධ්‍යය” පිළිබඳ සටනක් තබන්නට ය. මොවුන් දේශපාලන ගැතිකම් කරනවා පමණක් නොව, රෙට්ස්වලට ගිජුකමෙන් මෘත ශරීර පවා විකුණා විකුණා ප්‍රදර්ශනය කරයි. ලංකාවේ අනුවේදනීය සිඳුවීමක් වුවහොත් මොවුන් ඒ අන් කිසිවෙකුට කලින් පෙන්වා, සති දෙකක්, මාසයක් පමණ එකම රූපරාමු ටික විවිධ වශයෙන් පෙළ ගස්වා හඬ කවා ප්‍රදර්ශනය කරති. ඔවුන් පවසන්නේ මහජනයා තකා වැඩ කරන බවකි; එහෙත් ඔවුන්ගේ සැබෑ පක්ෂ පාතීත්වය රැදී ඇතිතේ ඉහළම මුල්‍ය ලන්සුව වෙත ය. ඒ සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. ප්‍රසිද්ධිය ජනප්‍රියතාවය උදෙසා ඕනෑම කුණු ගොඩක් පෙන්වන්නට ඔවුන් පසුබට නොවේ. සමහර විට, ඔවුන් විසින් මාධ්‍යයයෙන් ජනප්‍රිය කොට තනන කාඩ්බොඩ් වීරයන් ම, ජනප්‍රිය සුළඟ අනෙක් අතට හමයි නම් වස්ත්‍ර ගළවා නිරුවත් කොට හෙළුව මුළු රටට ම ප්‍රදර්ශනය කරවයි. මුල් මාධ්‍යය දෙක හෙවත් ජඩ හා මඩ මාධ්‍යය අපට කල් තියා ම හඳුනා ගත හැක. එහෙත් සැඟවුණු න්‍යායපත්‍රයක් සහිත ගැති මධ්‍යයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වෙයි.
කෙසේ වෙතත්, මේ මාධ්‍යය හැසිරවීමෙන් සහ භාවිතයෙන් විවිධ වූ චරිත ලංකා කරලියට සපැමිණ ඇත. මෙයින් සුවිශේෂ චරිත නම් විමල්වීරවංශ, උපේකා ස්වර්ණමාලි, දුමින්ද සිල්වා, මනිෂ වැන්නවුන් පෙන්වා දිය හැකි ය. විරවංශයෝ කළ මහජන සේවය නම් යටිගිරියෙන් කෑ ගැසීම ය. හේ ඇමරිකාවට, එංගලන්තයට, ලෝක බැංකුවට, අන්තර්ජාතික කොටි ජාලයට, එක්සත් ජාතින්ගේ සංවිධානයට ආදී අනේක විධ ආයතනයන්ට සිංහලෙන් බැණ අඬ ගසමින් මාධ්‍යය මනරම් පුවත් මවයි. ඒවා ආදාළ පාර්ශවයන්ට ඇසුනත් නැතත් කම් නැත. මේ අසන සිංහල ඡන්ද දායකයා චූන් වී මනාප ගොඩ වැඩි කරවයි. උපේකා ද මෙවන් තලයකට ඔසවා තැබුවේ ඈ වාරණයට පත්කළ ආණ්ඩුවේ මාධ්‍යය සහ ඇගේ “ස්ටාර්” ගුණාංග මතු කළ ස්වර්ණවාහිනියත් ය. ඒ නිසා ඈ මන්ත්‍රීවරයකු ලෙස පත් වූව ද ටෙලි නිලියක කරන ලඳබොළද මුඨ ක්‍රියාවන් මාධ්‍යයන් හරහා ප්‍රදර්ශනය කළා ය. ඈ අවුරුදු උත්සවයක ගෝණි පැනීම, අලියාට ඇහැ තැබිම වැනි ක්‍රිඩාවන්හි නිරිත වෙමින් ඈ ස්වකීය බොළඳ බව දැක් වූවා ය. මා අසා ඇති කතාවකට අනුව එක්තරා මිනිසෙකු රාජකාර්යය ලැබුණු පසු තමුන් දහවලේ පැන ආ දියදොළට බැස ගියා ලු. එයින් ගම්‍ය කළේ ඔහු පත් වූ තත්ත්වයේ වූ තේජාන්විත භාවයයි. එහෙත් දැන් ලංකාවට අවශ්‍ය අවුරුදු සෙල්ලම් කරන, රඟ පාන, නිවේදක හෝ නළු මන්ත්‍රීවරුන් ය; මහජන සේවකයන් නොවේ ය. අයි. පී. එල්. ගසන සනත් වැනි ක්‍රීඩකයන් ය. සනත් පාර්ලිමේන්තුවට පත්වීමට තරම් කළ මහජන සේවය කුමක් ද? අනෙක් දෙදෙනා ගැන කතා කළත් කියන්නට ඇත්තේ ඔවැනි කතා ය. මොවුන් මාධ්‍යය විසින් ගොඩ නැගූ බොල් ප්‍රතිරූපයන් ය. අද ඡන්දය භාවිතා කරන බහුතර කොටස කාන්තාවන් ය. අනෙක් බහුතර කොටස තරුණයන් ය. මෙවැනි අය තමුන් නියෝජනය සඳහා පත්කන්නේ කවර ආකාර අයවළුන්දැයි පසුගිය දිනවල අපට මනාව පෙනිණ. ඒ කවුරුන්වත් නොව මාධ්‍යය විසින් ගොඩ නඟන බොල් පිළිම ය. ඒ හෙයින් අනාගතය පිළිබඳ අපට ඇති විශ්වාසය කවරක් ද? අපට මග බලාසිටින අනාගතය වනාහි කාඩ්බොඩ් බොල් සර්වපිත්තල හිතළුවකි; මහා ම මහා විහිළුවකි.
No comments:
Post a Comment