Saturday, March 17, 2018

කම්කරු මැදුරේ මහදැන මුත්තා ගේ බේරුම්කරණය


මා එක්තරා අතකට විප්ලවවාදියෙක්මි. අනෙක් අතට මානව අයිතින්, යුක්තිය පිළිබඳ උමත්තක වූවෙක්මි. මා සැම විටම සිතා සිටියේ ලංකාවේ කම්කරු නීතීය සාධාරණ හා කම්කරුවන් සඳහා යුක්තිය ඉටුවන බවකි. සමහර කතා මා අසා තිබුනේ ආයතන මගින් අල්ලස් හෝ යම් වරප්‍රසාධයන් භාවිත කොට නීති කණපිට හරවන බවකි. අනෙක් අතට සමහර අර්ථසාධක ගැනීමට ලතවන වයස් ගත පුද්ගලන්ගේ කතා පිළිබඳ ඇසීමෙක් මුළු කම්කරු අමාත්‍යංශය පිළිබඳ දැඩි පිළිකුළක් හා වෛරයක් ඇති වෙයි. එහෙත් පසුගිය දිනක කම්කරු  අමාත්‍යංශයයේ සේව්‍ය-සෙවක බේරුම්කරණය පිළිබඳ කැකිල්ලේ නඩු තීණ්දුවක් අසන්නට  ලැබිණි. ඒ මා වැඩ කරන ආයතනයේ ය.

මා වැඩ කරන්නේ අධ්‍යපනය සඳහා සම්බන්ධ ආගමික ආයතනයක ය. එහි වසර පහළොවකට වැඩි කාලයක් වැඩ කරමි. ඒකී ආයතනය ආරම්භ කළ කාලයේ සිට ම, ඉතා සමීපව වැඩ කළ අතර, වසර හතක පමණ අධ්‍යපනය හදාරා පසුව පශ්චාත් උපාධිය කිරීමේන පසු ද, දිගට ම ඒ ආයතනයේ ඉගැන් වීම් කටයුතුවල නිරත වි ය. මේ කතාව ආරම්භවන්නේ දැනට වසර හත අටකකට පමණ පෙර සිට ය. එකී ආයතනයේ අධ්‍යපනය ලැබීමට නියුන් සහෝදරයන් දෙදෙනෙකු දකුණු ප්‍රදේශය සිට පැමිණේ. ඔවුන් කලින් අධ්‍යපනය ලැබූ ආයතයේ මෙන් ම, රැකියා කළ ආයකනවල චොදනා නිසා ඉවතට දැමූ හෝ කොන් කරනු ලැබූවෝ වූ හ. ඒ හෙයින් බහුතර ගුරුවරුන් ගේ විරෝධතා මැද ඔවුන් අධ්‍යපනය සඳහා අවස්ථාවක් දෙන සේ අයඳුම් කළ කෙනෙක් ද මා ය. ඒ මගේ විප්ලව වාදීත්වය හා මනුෂ්‍යත්වය පිළිබඳ වූ විශවාසය නිසා ය. මා සිතන්නේ කවරෙකු හෝ යහපත් අවස්ථාවන් හා ආගමික ආභාසයන් ලැබූ විට යහපතට හැරෙන බව ය (මා බොළඳ අදහස් ඇත්තෙකු සේ ඔබට සිතෙන්නට ඇත). කෙසේ වෙතත්, ඒ පිළිබඳ මට කණගාටුවක් නොවන්නේ එයින් එක් සහෝදරයකු අද ගෞරවනීය සේවයක් කරනා බැවින් ය.මේ කතාව අනෙකා ගැන ය.

ඔවුන් ශිෂ්‍යන් ව සිටි සමයේ අපගේ එක් ප්‍රධානියකු විසින් ඔවුන් ගේ දුක නිතර නිතර අසා, කාරුණික හදවතින් ආයතනයේ පොත් විකිණිම සඳහා යම් ගාස්තුවක් ගෙවීමට තීරණය කරයි. ආරම්භයේ සිට ම, ඔවුන් ශිෂ්‍යයන් බැවින් ඒ භූමිකාවෙන් පොත් විකිණිම හා බෙදා හැරීම සඳහා යොදා ගන්නා ලදී. කිසි විටකත් ඔවුන් ආයතනයේ සෙවකයකු නොවී ය. එකී කාලය තුළ ඔවුන් ගාස්තු ගෙවා ඉගෙන ගත් අතර, ඔවුන් හඳුනවා දෙන පිණිස ලිපියක් මෙම ප්‍රධානියා විසින් දී තිබිණි. මෙසේ අධ්‍යපනය ලබන අඩු ආදයම් ලබන ලාභින් තවත් සිසුන් හය දෙනෙකු ද මෙසේ පොත් බෙදා හැරීමට යොදා ගනී. අවසානයේ දී ‍වසරක හෝ දෙකක කාලයක් තුළ මෙම උපකාර ක්‍රමය අත්හැර දමුනු ලැබේ. එහිදී ඔවුන් ගේ සමඟ ම වැඩ කරන කෙනෙකු ආයතනයට බඳාවා ගන්නා අතර, ඔහුට යම් යම් වර ප්‍රසාද ප්‍රධානියා තුළින් ලැබේ. මේ පිළිබඳ දැඩි ඊර්ෂ්‍යවෙන් පසුවන කතා නායකයා ද විවිධ වූ දක් ගැහැ‍ට කියා කීය කීය හෝ තඩා වඩා ගැනීමට පටන් ගනී. අවසානයේ මෙම ප්‍රධානියා තාවකාලික වශයෙන් වැඩ කළ බැවින්, ඔහු නික්ම ගිය පසු, තවත් ප්‍රධානියකු පත්වන අතර, ඔහු විසින් නිල වශයෙන් ඔහු ගත් දෑ නැවත භාර දෙන ලෙස ඉල්ලා සිටි. අවසානයේ දී පොලිස්සිය දක්වා දුර දිග යාමෙන් ඔහු පොලිස්සියේ දී තමුන් සන්තයේ තබා ගත් පොත් භාර දෙයි. ඒතැන් පසුව ඔහු විසින් විවිධ ආයතන ලබා පදී ගැනීමේ ව්‍යාපෘතියක එළඹෙයි. පළමුවෙන් ම පැමැනේනේ පාරිභෝගීක අධිකාරීයේ නියෝජිතයන් ය. ඔවුන් විභාග කොට පෙන්වා දෙන්නේ මෙම පොත් වල මිල මුද්‍රණය නොකර ඇති බවකි. ඒ සඳහා දඩයක් නියම කළා දැයි මතන නැත. දෙවනුව, තොවනුව, මෙසේ රජයේ අධිකාරීන් අප අයතනය හඹා විටින් විට කඩා පනී. මේ සියල්ල එක් දුෂ්ට පුද්ගලයකු ගේ පලි ගැනීමේ ව්‍යාපෘතිය ගෙතු කතාවන් ය.

එහෙත් කතාවස්තුව මස්තක ප්‍රාප්තවන්නේ කම්කරු අමාත්‍යංශයේ ඔහු විසින් කරන ලද පැමිණිල්ලකින් ය. ඔහු එහිදී කියා සිටින්නේ තමුන් මෙම ආයතනයේ සේවයකු බවත්, ඔහු වැඩ කළ කාලය සඳහා අයවිය යුතු අර්ථසාධන නො ගෙවා ඇති බවත් අයුතු ලෙස ඉවත් කොට ඇති බවත් ය. මෙහිදී විමර්ශනයක් මෙහෙය වන අතර රාජ්‍ය නිළධාරීයා විසින් ආයතනය හට දොෂාරෝපනය කිරීමට පටන් ගෙන විමර්ශනය ආරම්භ වීමටත් පෙර, තීරණය ගෙන ඔහු සේවකයකු බව දක්වයි. ඒ සඳහා ඔහු විසින් දක්වන්නේ ආයතනය විසින් දුන් හඳුන්වා දෙන ලිපිය ය. ඒ අවස්ථාවේදී ඔහු විසින් ආයතනයට සේවකයාව අයවිය යුතු මුදල ලෙස නමදහසක පමණ මුදලක් අය විය යුතු බව දක්වයි. ‍ විමර්ෂණය විධිමත් ව ආරම්භ වීමට පෙර, ඒකපාර්ෂිය ලෙස නඩුඅසා, ජූරී තීර්ණය කොට, වරද කරු කොට දණ්ඩනයක් ද නියම කර නිදහසට කරුණු දක්වන්නයි මේ රාජ්‍ය නිළධාරියා ආයතන ප්‍රධානියාට දක්වයි. ඉතා පහසුවෙන් මේ මුදල ගෙවීම හැකියාව තිබුණ ද, මා සේවය කරන ආයතනය ආගමික ආයතනයක් බැවින් මුදල ගෙවීමට ප්‍රතික්ෂේප කරන්නේ වංචාවට හා අයුක්තිමය තීණ්දුවක් නිසාවෙන් ය.

වසරක දෙකක් පමණ කාලයක් මෙම විමර්ෂණය දික් ගැස්සෙන අතර, එක් අවස්ථාවක දී මෙම ලිපිය පිළිබඳ මතභේදයක් හට ගනී. මෙම ලිපිය අපගේ සේවකයන් හට ලබාදී ඇති ලිපියක් නොවන බවට කරුණු දැක් වූව ද, එක එල්ලේ ම, නිළධාරියා පැවසුවේ ලිපිය වලංගු බව ය. මෙයට අමතර ව උක්ත පුද්ගලයා ස්වකීය සේවකභාවය සඳහා ඉදිරිපත් කළේ ව්‍යාජ හැඳුනුම් පතක් සහ සොරා ගත් රිසිට් පොතකි. එහෙත් අප අයතනය මගින් පැමිණිමේ ලේඛනය, සේවකයකු දෙන ස්ථිර කිරීමේ ලිපිය, අර්ථසාධක ලියවිලි, සත්‍ය හැඳුනුම්පත්, ඔහු සමඟ වැඩ කළ අයගේ දියුරුම් ප්‍රකාශ හා ශිෂ්‍යභාවය සනාථ කරන ලිපිලේඛන ආදී සාක්ෂි රාශියක් ඉදිරිපත් කළේ ය. එහෙත් රාජ්‍ය නිළධාරීයා විසින් සොරා ගත් රිසිටි හා ව්‍යාජ සේවක හැඳුනුපත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්සියට අල්ලා දිය යුතු පුද්ගලයා විපක්ෂව ඇති සාක්ෂි රාශිය පරදා සේවකයකු බව ඒකමතිකව පිළි ගන්නා ලදී. ආයතනය විසින් ආයාචනයට ඉල්ලූ විට ඔහුට ඉහළින් ඇති නිළධාරියකු වෙත ඉදිරිපත් කළ අතර, වැසි සැලකිල්ලක් නොගෙන ම, ඔහු සේවයකු බව තිරණය කොට උසාවියේ තීරණ්ය සඳහා යොමු කෙ‍රිණි. ස්වභාවික යුක්තිය මෙසේ අමු අමුවේ මරණු ලැබ, කැකිල්ලේ තීණ්ඳුවක් දෙනු ලැබිණි.
එවිය ආයතනය සිතා සිටියේ උසාවියෙන් යුක්තියක් ඉටුවනු ඇති බවකි; එහෙත් සිඳු වූයේ අනෙකකි. උසාවිය දන්වා තිබුණේ සමථයට පත් වීම සඳහා කටයුතු කර ඇති බැවින් ද, යුක්ති සහගත ලෙස තිණ්ඳු කර ඇති බැවින් ද, උසාවිය මගින් ගත් තීරණය ක්‍රියාවට  නැංවීමේ නියෝගය දීම පමණක් සිඳු කරන බව ය. එහිදී පුන පුනා අසාධාරණය ගැන පැවසුව ද, නෛතික ප්‍රතිපාදන මගින් එවැනි තීරණයක් හැරවිය නොහැකි බව දැක් වි ය.  අවසානයේ දණ්ඩණය පත් කොට, ඇප ගෙවන තුරු සමාජයේ ඉතා ඉහළ පිළිගැනීමක් ඇති ප්‍රධානියා කූඩු කරනු ලැබි ය. උසාවියේ දී ගෙවිය යුතු මුදල් ගෙවා අවසානයකට පත් කරණු ලැබිණි.

එහෙත් ගැටලුව එතැනින් අවසන් වූයේ නැත; වසර පහක කාලය තුළ වරින් වර කම්කරු අමාත්‍යංශයෙ බේරුම් කරුවන් විසින් වැරදි ලෙස ගණනය කර ඇති බව දක්වමින්, වරින් වර මුදල් ගෙවීමට අණ කරනු ලැබිණි. එක වදකට (නොකළ සහ යුක්තිය කනපිට පෙරළු) කිහිපවරක් දඩ ගෙවීමට සිඳු වි ය. අවසාන සිඳුවීම සිඳු වූයේ පසුගිය සතියේ ය. නැවත වරක් ගෙවිය යුතු මුදල වැරදි ලෙස ගණණය ‍කර ඇති බව දක්වමින් තවත් මුදලක් ගෙවීමට විමර්ෂණයක් ඇති බව දන්වා තිබිණි. එහිදී ප්‍රධානියා දැක් වූයේ පහසුවෙන් මුදල ගෙවිය හැකි වුව ද, ආගමික ආයතනයක් බැවින් යුත්තිය සාධාරණත්වය වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුඛ විය යුතු නිසා වසර පහක පමණ කාලයක් අන්සි ලෙස දුක් ගැහට විදිනට ද, චිත්ත පීඩාවට විඳින්නට සිඳු වූ බවත්, අතිශයින් ලජ්ජා සහගත ලෙස අයුක්ති සහගත ලෙස උසාවි කූඩුවට දැමූ බවටත්, රජයේ නියෝජිතයකු ලෙස මෙසේ රජය රටේ වෘත්තිකයන්ට කරණ පිඩාව පිළිබඳ දුක්වන පවසා පැමිණ ඇත. තවද කම්කරු අමාත්‍යංශයේ එකී නිධාරින්ට තමුන් ගේ ගණණය කිරීම වැරදි බව දක්වා ලිපියක් එවන සේ පවසා පැමිණ ඇත. එකම වරදකට කිහිපවිටක්මේ වරින්වර දණ්ඩනයන් ඉදිරිපත් කිරීමක් කළ නොහේ. එය ස්වභාවික යුකතියට හෝ ව්‍යවස්ථාවේ ඇති සම්පාදනයන්ට එරෙහි ය. උක්ත ගැටලුවෙහි  අවසානයක් නැතිවනු නොවනු මානය; කම්කරු මහදැන මුත්තලාගේ දඪුවන් දීමේ හා අලාභ ගෙවීමේ නියමයන් ගේ අවසානයක් ද නොමැති වනු ඇත. 

මෙයට ප්‍රධාන හේතුව වන්නේ යුක්තිය පසඳලීම, සාක්ෂි විභාගය හා මෙහෙයවීම, විනිශ්‍ය ප්‍රධානය වැනි විශේෂඥ දැනුමක් ඇතිව කළ යුතු කාර්යයක්, නිළධාරීවාදයෙන් පිරි, අකාර්යෂ්‍යම, අදම, මුග්ධ, රාජ්‍ය නිළධාරි තන්ත්‍රයක යටතේ පැවතීම ය.

එක් කම්නිකරු ළධාරික් පැවසුවේ 3000ක සේවක පිරිසකගෙන් යුත් කර්මාන්ත ශාලාවක එක් සේවකයකු විසින් වෛරි සහගත ලෙස කළ පැමිණිල්ලක් වසර ගණනාවක් ඇද ගෙන විත් එහි ප්‍රධානියා කම්කරු නිළධාරින් විසින් අධික ලෙස වෙහෙසට පත් කළ බව ය. අවසානයේ ඇති වූ බේරුම් කරණයේ දී, කර්මාන්ත ශලාව වසා දැමීමට සිඳු විය. ඒ නිසා අවසානයේ එක් සේවකයකුට යුක්තිය පසඳලීමේ මුවාවෙන් 3000ක සේවක පිරිසකට රැකියා අහිමි කළේ ය. මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් වැළැක්වීම සඳහා දේශපාලනය දර්ශනයකු හෝ අභිමකයක් නොමැත. ඒ හෙයින් අනාගතයේ දී ද කැකිල්ලේ නඩූ තීණ්ඳුවල අවසානයක් නැත.

මා ව්‍යාපරාකයන්, කර්මාන්ත කරුවන් සහ වෙනත් සේවකයන් යොදා ගෙන කටයුතු කරන අය වෙත අවවාදයක් ලියා තබන්නට කැමැත්තෙමි. ඒ නම් කම්කරු බේරුම්කරණයකට ඔබට යාමට සිඳු වේ නම් ඔවුන් විසින් දෙන කිසිඳු ලියවිල්ලක අත්සන් නොකරන්න. ඔබ යුක්තියක් වන්නනේයයි සිතා විමර්ශනයට කැමැත්ත පළ කොට අත්සන් කළේ නම් අත්තනොමතික නිළධාරියකු ගේ අමනෝඥ, බොළඳ, සුදුසු කමක් නොමැති ලාමක තීරණ සඳහා අවධානමක වැටේ. මොවුන් නීති ක්ෂෙත්‍රයේ හෝ  යුකිත්තිය පසඳලීම පිළිබඳ කිසිදු සුදුසුකමක් නැති නිළධාරීවාදීන් ය. ඒ හෙයින් ඔවුන් ‍ගේ තීර්ණ අසාධාරණ බව දැක් වීමට හෝ අභියාචනකය කළ හැකි නිසි බුද්ධිමත් නිඝධාරින් සහිත ක්‍රමවේදයක් නැත. අනෙක් අතට අල්ලස් අතිනත මාරුවන්නේදැයි අපි නොදනිමු. එහෙත් යමක් විශවාසයෙන් කිව හැකි කැකිල්ලේ තිරීණයක් නම වසර ගණනක කල් මැරීමෙන් පසු ඇතිවෙයි. මෙය කියවන්නෝ මුලින් කී මුදල ගෙවා බෙරෙන්නට තිබුනේයයි  තර්ක කළ හැකි ය. එහෙත් ඒ අය විසින් වරනි වර ගණන් බැලීම වැරඳුන බව පවසා නාවත නැවත මුදල් ඉල්ලීම් එයින් අවසන් වන්නේ නැත. උක්ත සිද්ධියෙදී සිව්වතාවක් ගණන් හදා වරින් වර මුදල් ගෙවීමට තිණ්ඳු දී ඇත. ඒ හෙයින් කැකිල්‍ලේ තිණ්ඳු නිසැක ය. කිසිඳු ලියවිල්ලකට අත්සන් නොකරන්න වඟ බලා ගන්න. එවිට මෙවැනි මොඩ නිළධාරින්ට උසාවියේ දී ඔබ කූඩූ කිරීමේ හැකියාවක් නැත. උසාවියෙන් අඩුම තරමේ යුක්තිය පසඳලීමට සුදුසු පුහුණුලත් විනිශ්චය කරුවන් ඇති බැවින් යම් සාධාරණයක් හෝ ලැබෙනු ඇත.

සමථ මණ්ඩල පිළිබඳ කියන්නට ඇත්තේ ද මෙවැනි ම කතාවකි. සමථ මණ්ඩපවල සිටින්නන් නිසි අධිකරණය හා යුක්තිය පසඳලීමට සුදුසු කමක් ඇතිතෝ නොවන නිසා බලවත් අයට පහසුවෙන් සමථයට පත් කිරීමක් කර ගත හැකි ය. වින්දිතයාව විරුද්ධ දණ්ඩනය පැවැත් වීම ද, යුක්තිය ඉටු නොවීම බහුලව සිඳු වෙයි. මමථ මණ්ඩලවල දුර්වලතා ගැන යම් යම් දේ විවෘත විශ්වවිද්‍යලයේ අපගේ කතිකාචාර්යවරයකු වූ අචාර්ය සේපාලිකා වැලිකල මහත්මිය කියනු මට මතක ය. මේ සඳහා හොඳම නිදර්ශනය දක්නට ඇත්තේ ප්‍රගත් එක්නැලිගොඩ ඝාතන නඩුවේදී ඔහුගේ භාර්යාවට ඥානසාර හිමියන් විසින් කළ බැණ වැදීමක් සමථ මණ්ඩලයට යොමු කරනු ලැබිණි. එහිදී සමථ මණ්ඩලට ඥානසාර හිමියන් වැඩම ("වැඩම" යන වචනය යෙදීමට පමණ නොවටින නමුත්, චිවරධාරී නිසා යොදමි) කළ විට, මුළු සමථ මණ්ඩලයේ සාමාජීකයන් ම අපේ හාමුදුරුවනේ කියා වැඳ වැටී, සමථ මණ්ඩලයේ අසුන් ගත් හ. අවසානය් ඔවුන් ගේ උපදේශ වූයේ මෙවැනි මහණ හිමි නමකට විරුද්ධ උසාවිය නොගොස් සාමාදාන වන ලෙස ය. අවසානයේ එක්නැලිගොඩ මහත්මිය කියා සිටියේ තමුන් උසාවියෙන් සාධාරණත්වය අපේක්ෂා කරන බවත් තමුන්ගේ ආත්ම ගරුත්වය කෙළසමින්, බොදුණු තමට නිගා කරමින් හැසිරුණු කොනෙකු සමඟ සමාදාන නොවන බව ය.

නොදන්නා අයගේ යුක්තිය පසඳලීම විසිදෙවන ශතවර්ශයේ මහදැන මුත්තලාගේ නඩූ විසදීම් වගේ නොවේ ද?


Thursday, March 15, 2018

වඳ කහ සුදියෙන් වඳ පෙති සුදියට

(මෙම ලිපය නැවත පළ කිරීමක් බව සලකන්න. . .)

ලංකාවේ මිනිසුන්ගේ විශේෂයෙන් කාන්තාවන් ගේ  පහසුවෙන් රැවටෙන සුළු බව ප්‍රකාශ වන්නේ 1955හි පැවති පූර්ණ සුර්යග්‍රහණය සමඟ පැතිරුණු රුව වඩවන කෙමක් පිළිබඳ ප්‍රචාරයන් තුළින් ය. ‍ජොතිෂ්‍යවරුන් පැවසුවේ පුර්ණ සුර්යග්‍රහණ අවස්ථාවේදී වද කහ වලින් තැනූ පානයක් ගැනීමෙන් ක්ෂණික ලෙස රූපසම්පත්තිය ලබන බව ය. මේ මුළාව ප්‍රදාරය කිරීමට ඒ කාලයේ ජනමාධ්‍යයත් එකිනෙකට පරයා ප්‍රකාශන කටයුතු කළේ ය. අවසානයේ සුර්යග්‍රහණය ඇති වූ දිනයේ වද කහ සුදියෙන් මත් වී, රෝගාතුර වූවන් ගෙන් රෝහල් පිරී ගියෝ ය. නුතනයේ පවා ගැයෙන "බිව්වා නේද වදගහ සුදිය මැයෙන්" බයිලා ගීයක් ද තැනිණි.

වත්මනනේ වඳ පෙති කතාවත් එසේ ම වූ මිත්‍යාවකි. වඳ කිරීමේ රසානයන් ඉස දෙනු ලබන යට ඇඳුම් මගින් වන්ධ්‍යකරණය පත් කිරීම වැනි මිත්‍යවකි. සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ පවසා සිටියේ "මනුෂ්‍යයන් සම්බන්ධව සලකන විට වෛද්‍ය විද්‍යාත්මක වන්ද්‍යකරණය ලෙස ලෙස සැලකෙන්නේ ප්‍රජනන හැකියාව සදාකාලිකව අහිමි කිරීම ය. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වන්ධ්‍යකරණය සඳහා ඇති එකම ක්‍රමය ශල්‍යකර්මයකි. කාන්තාවන් සඳහා එල්.ආර්.ටී. සැත්කම ද පුරුෂයන් සඳහා වාසෙක්තමි සැත්කම ද වේ. වන්ධ්‍යකරණය සඳහා මේ දක්වා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධ ක්‍රමයක් සොයා ගෙන නැත (රාවය, 2018.03.11, පිටු 12).

ලංකිකයන් හට මුස්ලිම් සතුරා ඉදිරිපත් කළේ සෝම හාමුදුරුවන් ගේ බණවලින් ය. එහිදී සිංහලයන් ජනවර්ගයක් ලෙස වඳ වෙමින් පවතින බව ප්‍රකාශ විණි. ඒ සඳහා කළ යුතු කාර්යය ලෙස උන් වහන්සේ ප්‍රකාශ කළේ දරුවන් පොදි ලෙස ඉපැද්ද වීම ය. පසුකාලීන වශයෙන් මුස්ලිම් සතුරා නිර්මාණය කළ හිමිවරු ද දහම් පාසල්වල දරුවන්ට දරුවන් රෝතු පිටින් වදන්නයි අවවාද අනුශාසනා කළ සේක. මෙවා වර්ගවාදී දේශපාලන ව්‍යාපෘතින් ගේ නිර්මාණයන් ය. ඒහි ආර්ථික පැති කඩක් ද ඇත්තේ ය. මේ සඳහා මුදලින් උපකාර කළේ මුස්ලිම් ව්‍යාපාර අල්ලා ගැනීමේ ආශාවෙන් පෙළුණු වෘාපාරික ප්‍රජාවකි. තමුන්ගේ කාලකන්නිභාවය හිට්ලර් ජුදෙව්වන් මත පැටවූවාක් මෙන් මේ වර්ගවාදී "සිහල ලේ" ඇත්තන් මුස්ලිම් ප්‍රජාවට පටවන්නට උත්සහ කළේ ය. ධර්මපාල වැන්නවුන් විසින් මුස්ලිම් ප්‍රජාව කෙරෙහි වෛරය ඇති කරවන ප්‍රකාශ කියා තිබුණු ලෙස "සිංහලයන් ගසා කන පරදේසක්කාරන්" යන්න සමාජ ගත කරන්න නූතන ධර්මපාලවරු උත්සහ කළ හ. මේ සඳහා අඳින පළදින ආකාරය (බෞද්ධ ළමුන් ද ළමා සාරි කියා හැටේ දශකයේ පමණ කළ ඇඳුම් නිර්මාණයක් අදිති), සමඟිය හා ජනව්‍යාප්තිය වැනි සාධක මගින් මහා පිදුරු රකුසෙකු නිර්මාණය කළේ ය.

සිංහල ජාතිය ක්‍රමයෙන් වන්ධකරණයකට පත්වන්නේ දැයි ජන සංඛ්‍යා ලෙඛන දෙස බැලීමෙන් කරුණු පහදා ගත හැකි ය. වික්ටර් අයිවන් හා චානුක වත්තේගම විසින් ජනවාර්ගික වර්ධනය පිළිබඳ මනා ලිපි රාවය පුවත් පතට ලියා ඇත. වික්ටර් අයිවන් විසින් රචිත "රට හම්බයන්ගෙන් බේරා ගැනීම" නැමති ලිපියේ වගුවක් තුළින් ජනවාර්ගික වර්ධනය මැනවින් දක්වා ඇත්තේ ය (රාවය, 2018.03.11, පිටුව 07).



වික්ටර් අයිවන් දක්වන්නේ 2017 වර්ෂය දක්වා ජනවර්ධන අනුපාතය 0.913%කි. එයින් ද සිංහල අනුපාතය 74.9%, දෙමළ අනුපාතය 11.2%, මුස්ලිම් අනුපාතය 9.2%, උඩරට දෙමළ 4.2% වෙයි.


ඓතිහාසික වශයෙන් ජයග්‍රහණ වර්ධනය සැලකූ කල, 1911-2012 දක්වා වර්ධනයට ප්‍රතිශත 66.13% (1911) සිට 78.88% (2012) වර්ධනයක් දක්නට ඇත්තේ ය. මෙනයින් කැපී පෙනෙන ලෙස සිංහල ජනවර්ධනයක් දක්නට ඇත්තේ ය. එහෙත් සාපෙක්ෂ වශයෙන් මුස්ල්ම් වර්ධනය 5.70% සිට 9.23% දක්වා වර්ධනයක් දක්නට ඇත. එහෙත් උඩරට දෙමළ හා ලංකික දෙමළ ජනතාවගේ අනුපාතය කැපී පෙනෙන සේ පහත වැටී ඇති අතර එයින් මුස්ලිම් ප්‍රතිශතය අනුපාතයේ පහත වැටීමේ ප්‍රතිපලයක් ලෙස වර්ධනයක් දක්නට ඇත. දෙමළ ජනතාවගේ අනුපාතය 25.79% (1911) සිට 15.37% (2012) දක්වා පහත වැටි ඇත.
 
මූලාශ්‍රය: 2.4 Population by Ethnic Group, CensusYears, පිටුව 8 (http://www.statistics.gov.lk/Pocket%20Book/chap02.pdf).
වසර 100ක් තුළ දෙමළ ජනතාවගේ  වැටීමේ අනුපාතය 10.47% කි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ විදේශ ගත වීමත් තිස් අවුරුදු යුද්ධයත් මෙසේ ලංකාවේ දෙමළ ජනතාවට හේතු විය හැකි ය. මුස්ලිම් වරුන්ගේ අනුපාතයේ වර්ධනය 3.53% කි. සිංහල ජනතාව ගේ වර්ධනය 12.75%කි. අනෙක් පාර්ෂවය ලෙස පහත වැටී ඇත්තේ වෙනත් හෙවත් සුළු ජාතීන් ය. මෙයට ප්‍රධාන හේතු විය හැක්කේ 1960-1970 දශකයන් ගේ බර්ගර් ජනතාවට කළ අඩම්‍තේට්ම් නිසා රට හැර යාම් නිසා ය.

පසුගිය අවුරුදු 100ක් ඇතුළ සිංහල ජනතාවගේ කැපී පෙ‍නෙන වර්ධනයක් ඇති බව ජන සංඛ්‍යා ලේඛන දත්තවලින් පෙනේ. එහෙයින් ගංගොඩවිල සෝමි හිමියන් වැන්නවුන් විසින් සමාජ ගත කරන්නට යෙදුණු සිංහල ජනතාවගේ පහත වැටීම පිළිබඳ අදහස මිත්‍යවකි. අවාසනාවකට මේ පිළිබඳ කැපී පෙනෙන ලෙස ජනතාවගේ සිත් නිවැරදි කිරීමට කිසිවෙකු සමත් නොවීම රටෙහි අවාසනාවන්ත කමකි.

ඒ නිසා ජාතියේ නාමන් ධාමරික ක්‍රියා කිරීමටත්, වෙනත් ජාතීන්ගේ දේපළ වස්තුන් මංකොල්ල කෑමත් (1956, 1958, 1983දී මෙන්), ඒ තුළින් දියුණු වීමටත් අප අනිසි ලෙස අන්තවාදී කණ්ඩායම්වලට අවස්ථාව දී ඇත. මෙය ජාතියේ අවාසනාවකි. 

මෙවැනි මිත්‍යවන් ප්‍රචාරය කිරීමට පූජ්‍ය පක්ෂය, සමහර අන්තවාදී බුද්ධිමතුන්, ගෝත්‍රවාදී හා ආගම්වාදී සාහිත්‍යධරයන් හා දිවයින වැනි දේශපාලන දෘෂ්ටියෙන් උම්මත්ක වූ කිසිඳු  වගකීමක් නොමැති පුවත්පත් මෙවැනි අදහස් කිසිඳු බාධාවක් නොමැති ව ප්‍රචාරය කරති. එහෙත් සත්‍ය දන්නෝ නිශ්ශබ්ද වීම එයටත් වඩා කේදවාචිකයකි.





Friday, March 9, 2018

අමෘතයෙන් කසිප්පු පෙ‍රා බීම: ලංකා ප්‍රජාතන්ත්‍රවාදය!


පසුගිය දවස් දෙක තුන තුළ එක් ඇමතිවරයකු විසින් ලංකාවේ ප්‍රතිස්ථාපනය කළ යහපාලන ප්‍රජතන්ත්‍රවාදය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ එය අතිශයින් හ සීමා රහිත වීම විවිධ වූ සමාජීය ප්‍රශ්නයන්ට හේතු වූ බව ය. ඒ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සීමා පැණවිය යුතු බව පැවසුවේ දෙවියන් ගේ ආහාරයක් වූ අමෘතය ගෙන එයින් ලාංකිකයෝ සමහරෙක් කසිප්පු පෙරා පානය කරන බව දැක්වීමෙන් ය. පසුගිය සතියේ ඇති වූ නො සන්සුන්තාවය සමගින් ම විවිධ දේශපාලකයන් පැවසුවේ යහපාලනය මගින් ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදය සීමාවන් අසීමිත ලෙස භූක්ති විඳිමින්, අහිතකර සේ භාවිත කරන බවකිත ඒ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා කළ යුතු බව ඔවුන් ගේ අදහස වි ය. නිදහස් පක්ෂයේ මහලේකම් තුමා ගේ සිට එක්සත් ජාතික පාක්ෂික සමහර මන්ත්‍රීවරුන් දක්වා ප්‍රජාතන්ත්‍ර නිදහස සීමා කළ යුතු බව පවසා ඇත. ඒ හෙයින් ලංකාවේ කිසිදි නොකළ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කිසි හිරිකිතයක් නොමැතිව සීමා කිරීම මෙකී යහපාලන ආණ්ඩුව කර ඇත. ඒ සමාජ වෙබ් අඩවි කිහිපයක් හි භාවිතය සීමා කිරීම ය. ඒ ෆෙස්බුක්, වට්ස් අප්, හා වයිබර් යන වාධ්‍යයන් ය. දරුණු ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාකලාපයක් පැවති මහින්ද පාලනයේ දී වත් මෙවැනි අතපෙවීමක් කිරීමට ආණ්ඩුව ධෛර්යවත් නො වී ය. මෙසේ  සමාජ වෙබ් අඩවි සීමා කිරීම වත්මන් යහ පාලන ආණ්ඩුවේ නොහැකියාව මැනවින් ප්‍රකාශ කිරීමක් විනා වෙන යමක් නොවේ.

මුල සිට ම යහ පාලන ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවය වූයේ සන්නිවේදනය කිරීම යි. ලංකාවේ ගම් මට්ටමේ බිම් මට්ටමේ (ප්‍රේමදාසගේ වචයෙන්) මිනිසුන් ගේ හද ගැස්ම ඉහළ නායකත්වයට දැනීමක් නැත. ඒ හෙයින් කරන සියල්ල නිහඬව කරයි. වරක් දේශපාලකයෙන් ප්‍රේමදාස ජනාධිපති වරයා කී කතාවක් මතක් කොට කීවේ "අපි කරන වැඩ මේ ගස්වල කොළයක් කොළයක් පාසා ලියන්න" යනු ය. ප්‍රේමදාස ජනාධිපති තුමා සන්න‍ෙවේදනයේ වැදගත් කම මැනවින් දැන සිටියේ ය. එහෙත් යහ පාලන ආණ්ඩුවට එසේ බුද්ධිමය කල්පනාවක් නැත. 

රනිල් මෙවර මැතිවරණයේ ද කටමෑත දොඩවමින් (සෑම මැතිවරණයක ම මෙන් ම අවසාන මො‍හොතේ) නාවත නොමිලේ "වයි-ෆයි" කතා කීයේ ය. වයි-ෆයි භාවිත කරන්නේ කාරුණ්‍ය නම්, නොමිලේ වයි-ෆයි අවශ්‍ය ඔවුනට විද්යුත්-ලිපි යවන්නට නොව සමාජ වෙබ්ජාලාවල සැරී සැරීමට ය. එ සේ නම් සමාජ වෙබ් අඩවිවල සැරී සරන රනිල්ගේ ඡන්ද පදනම බිඳ දැමීමක් කරන බව පෙනේ. මෙසේ පරස්පරතා රාශියක් යහපාලන ආණ්ඩුවේ පසුබෑමට හේතු වෙයි. පසුගිය ප්‍රාදේශිය මැතිවරණයේ ද පිළිබිඹු කළේ යහ පාලන ආණ්ඩුවට ප්‍රතිගාමී පිරිස් කැපීපෙනෙන සේ ආණ්ඩුව වෙත හරවා ගෙන නොමැති බව ය.වයි-ෆයි වලින් ඡන්ද දිනන්නට සිතන එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමාජ වෙබ් අඩවි අවහිර කිරීමෙන් ඒ ඡන්ද නැති කර ගන්නේ ය. අනෙක් අතට "වී.පී.එන්" ආකාරයට මෙසේ අවහිර කළ අන්තර් ජාල අඩවිවලට ප්‍රවේශ වීමට උත්සහ කරන නිසාවෙන් සමහරුන් හා නිති කඩන්නන් පැහැදිලිව හඳුනා කත නෙහේ. අනෙක් අතට පරිඝනක වෛරස හා රන්සම් වෙයා සඳහා ලංකාවේ පරිඝණක විවෘත වීමක් ද සිඳු වෙයි මෙයින් රටේ පරිඝනක ජාලාවන්ට හා රටෙහි ආරක්ෂාව සඳහා තර්ජනයන් ඇති වීම නොවැළැක් විය හැකි ය. නො‍මිලේ වයි-ෆයි කතා වෙනුවට අඩු තරමින් දුරකථන සඳහා වූ බදු මුදල අඩු කළේ ‍නම් යම් තකා සහනයක් ජනතාවය ලබා දිය හැකි විණි. එහෙත් ගැමි හෝ දිළිඳු මිනිස් හදෙහි වූ තෙරපෙන උවමානාවන් කුරුදු වත්තේ කෙමිබ්‍රිජ් ඇත්තන්ට දැනෙන්නේ නැත. රොයල් විද්‍යාලයේ ආදි සිසුවන්‍ගෙන් සමන්විත ර.ජා.ප. දේශපාලන ජුන්ටාවට පරතොටෙහි මිනිසා ගේ දුක්කදොමනස්සයන් දැනෙන්නේ  නැත. සමහර ඇමතිවරුන් කෙසේ කරළියට පැමිණියේ දැයි අපටද අපැහැදිලි ය.  මෙවර අලියාට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් දුන්නේ වෙනකකට කතිරය ගැසීමෙහි වූ හිතේ නොහැකියාව නිසා මිස, එ.ජා.ප. නායකත්වය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි වූ ප්‍රසාදයෙන් නොවන බව සිතට ගත යුතු ය. 

ඒ හෙයින් රනිල් වැන්නවුන් දැන් අගමැති පුටවේ සමීප සුවයේ සිටිය ද, ලබන පාර්ලිමෙන්තු මැතිවරණයෙන් අසුන පවා අහිමි වීම නොවැළැක් විය හැකි ය. සමහර එ.ජා.ප සාමාජීකයන් පවසන්නේ රනිල් ඉන්නා තුරු අලියාට ඡන්දය නොදෙන බව ය. මා මහරාජා ජාලය මෙන් රනිල් විරෝධයක් වපුරන්නට තනන්නේ නැති නමුත්, තමුන් ගන්නා තීරණ මුළු පක්ෂය කෙරෙහි ම බලපාන බව සිතට ගත යුතු ය. මෙවර කැබැනට් සංශේදනය මහා ම මහා විහිලුවකි (ජෝකරයකි). බොහෝ පාක්ෂිකයෝ ජෙනරාල් ෆොන්සෙකා පත් වෙතයි අපේක්ෂා කළ නීතිය හා සාමය අමාත්‍යංශයට මද්දුම බණ්ඩාර වැනි එහෙටත් නැති මෙහෙටත් නැති පුද්ගලයකු පත් කිරීමෙන්, දූෂිතයන් ආරක්ෂා කිරීමට දක්වන උවමනාව ප්‍රකට කරයි. නැවත රනිල් විපක්ෂ නායක කම ගැන සිහින මවනවා විය හැකි ය; යහ පාලන ආණ්ඩුව හට දේශපාලන අභිමතයක් (Political will) නොතැබීමේ හේතුව මේ සියල්ලට මුල ය.  ඒ හෙයින් නැවත ජයග්‍රහණයක් වෙත යෑමට යහපාලනය ද ආඥාදායකත්වයට යෑම මෙයින් සංඥා කරයි. අමෘත්තයෙන් කසිප්පු පෙරණ නරයන් ද නැත්තේ නොවේ. එහෙත් එයට පිළියම අමෘතය වාරණය කිරීම නෙවේ. කසිප්පු පෙරන්නේ අල්ලා කූඩු කිරීම ය. කන මැක්කා වෙනුවට දකින දකින හැම කෘමියෙකු ම මරා දැමිය යුතු නැත. එය විකාරයකි. ඒ හෙයින් මහත්‍තයෝ ආඥා දායකත්වයේ යකඩ සපත්තුව ආපස්සට ගනු; අඥාදායක සහිනයෙන් අවදි වනු.  

එ සේ ම, වාරණය වෙනුවට නිවැරදි තොරතුරු සපයනු! මුල සිට ම යහ පාලන ආණ්ඩුව තෙල්දෙණිය-දිගන ප්‍රශ්නයේ දී තොරතුරු සමාජ ගත කළේ වත්, මුස්ලිම් විරෝධ රැල්ල මැඩ පැවැත් වීමට ජන මාධ්‍ය භාවිත කළේ වත් නැත. ඒ සඳහා කළේ සැක ඇති වන ලෙස ගොළු වත රැකීමය; අවසානයේ කටකතා රොතු පිටින් ". . .ලු" සංඥාපනය සමග උණු කැවුම් හෝ උණු වඩේ මෙන් පැතිරිණි. විවිධ කටකතා සමාජ වෙබ් අඩවි මෙන් ම, යූටියුබ් වැනි සමාජ විඩියෝ මගින් ප්‍රචලිත වි ය. ආණ්ඩු විරෝධින් පන්සල් කඩා බිඳ දමන බව, භික්ෂුන් වහන්සෙලා මරා දමන බව, බුදු රූප හි පිළිම වහන්සේ කඩා බිඳ දමන බව, සිංහල කඩ පුළුස්සන බව, සිංහළයන් මරා දමන බව තළු මරමින්, කෙළ හළමින් කී හ. අසා සිටින්නෝ ද, ලුණු ඇබුල් සහිත ව ඒ වා අනෙක් අතට හුවමාරු කළ හ; වැපුරූ හ. දෝෂය ආණ්ඩුවේ ම ය. වරක අගමැති තුමා කීවේ නුවර ප්‍රදේශයේ ගෙවුනු පැය 24 තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව ය; එයට වහාම පසු ප්‍රවෘත්තිය වූයේ එදින ඇති වූ ප්‍රචණ්ඩතාවන් ය. මෙසේ පරස්පරතා දකින මිනිසුන් ආණ්ඩුව පවසන දෑ විශ්වාස කරන්නේ  කෙසේ ද? ජන විශ්වාස බින්ඳ යහපාලනය කියන දෑ එතරම් පහසුවෙන් මිනිසුන් පිළි නොගනියි. මේ අ‍ණ්ඩුවේ මෝඩකම මැතිවරණ පසුබෑමකින් ද අවබෝධ කොට නැත. ඡන්ද ක‍ාලේ උඩ පැන පැන ආණ්ඩුවේ ප්‍රධ‍ාන පක්ෂ දෙක එකිනෙකාට චොදනා කළෝ ය. කිරිඇල්ල වැන්නවුන් අද ආණ්ඩුවේ පොලිස්සියට චෝදනා කරයි.  ප්‍රතිපලය කුමන් ද? උඩ බලා කෙළ ගැසීමකි; ප්‍රතිවාදින්ට ගල් දී, ගල් පහර කෑම ය. මහින්ද අගේට කරන්නේ ඒක ය. මොළේ කලඳක් වත් නැති හැටි!

කියන්න තිබුනේ හා ලියන්න තිබුනේ හාත්පසින් වෙනස් දෙයකි. දිගන වැසියකු කීවේ මත්පැන් බී සිංහල කොළුවට පහර දුන් මුස්ලිම් තරුණයෝ  දිගන පාසල් ක්‍රිඩා පිටියේ සිංහලයන් සමග එකට ක්‍රිකට් ක්‍රිඩා කරන කණ්ඩායමකි. ඔවුන් අතර භේද භින්න අදහස් හෝ ජාති භේද වෛරී ඉස්ලාම් දැඩි මත නැත. එක ගමේ අසල්වැසියන් ය. අනෙක් අතට මැරණු පුද්ගලයා ද, නිතර ම රාත්‍රීයට බස් නැති විට මුස්ලිම් පුද්ගලයන් තම රථයේ රැගෙන එන්නෙකි.  ඔහුත් ජාතිවාදියකු නොවේ. මෙම ගම මිශ්‍ර ගමකි. මරණයෙන් පසු මාර්තු තුන්වෙනිදා පමණ මැරුණු පුද්ගලයාගේ පවුලට වන්දි පිණිස ජීවිතාන්තය දක්වා ම මුස්ලිම් පල්ලියෙන් නඩත්තු කිරීමට ඉස්ලාම් හා බෞද්ධ ආගමික නායකයන් අතර එකඟතාවයකට පැමිණිය හ. මේවා යහ පාලන ආණ්ඩුවට පෙන්නා දෙන්නට තිබිණි. එසේ නොවන විට වැරදි ප්‍රචාර යනවා පමණක් නොව, ඉතා සුළුතර අන්තවාදින් කණ්ඩායමකට එයින් පල ප්‍රයෝජන ගෙන ජාතීන් අතර විරසක වීමක් කිරීමේ ශාක්‍යතාවය සඳහා ඉඩ සැලසී ය.

කිසිඳු සම්බන්ධතාවක් නැති (ඥාතිත්තවයෙන් හෝ වෙනත් සාමජීය සම්බන්ධතාවන් ගෙන්) ඥානසාර හිමියන් මාර්තු 4 මළ ගෙදරට කඩා පාත් වෙයි. ඉස්ලාම් විරෝධයේ මහා සළකුණ වූ ඥානසාර හිමියන් පැමිණ පැය දෙකකින් වාර්ගික ගැටුමක් ඇති වෙයි. එයට දැන් හෙළි වී ඇති කරුණු අනුව අම්පාර, නුවර හා කොළඹ වැනි  තෙල්දෙනිය හා දිගනින් පිට සිට මහසොන් බලකායක් කඩා පහත් වෙයි. ඔව්හු ඉබාගාතයේ හිස් ලූ ලූ අත දුවමින් කඩසාප්පු හා ගෙවල් ගිනි තියන්න පටන් ගනී. කඩවල නාමපූවරුවලින් සිංහල, දෙමළ හෝ මුස්ලිම් යයි කඩ තීරණය කළ නිසා, නමක් නැති වෙනත් අයවළුන්ගේ ද කඩ සාප්පු දැවී අළු වෙයි. මෙසේ නිවාස හා කඩ සාප්පු 50 ආසන්න ප්‍රමාණයක් විනාශ වෙයි. පූජනීය ස්ථානයන්ට ආගම් භේදයක් තොරව සියල්ලෝ ගරුකරන්නා හ. එහෙත් මේ මහසොහොන් යක්කු ජුජ්‍යස්ථාන වෙත ගල්මුල් හා වෙනත් ආකාර‍යේ පහර දෙති. අවසානයේ පූජ්‍යස්ථාන 4කට පමණ අලාභ හානි වෙයි. පිටත පෙනුමෙන්  ඉස්ලාම් යයි හැ‍ඟෙන වාහන ගිනි තබයි; ආසන්න වශයෙන් වාහන 12ක් පමණවත් ගිනි ගෙන විනාශ වෙයි. මේ කොළහාලය නිසා 140කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත් වෙයි. මෙන්න ප්‍රතිපල ය. රට අන්තර් ජාතික ලෙස අපකීර්තියටත්, සංචාරක වාරණයටත් පත් වෙයි; ජිනිවාහි මානව අයිතිවාසිකම් කොමිසමට රටෙහි බහුතර ජනතාවගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තාවන් ඉදිරිපත් වීමට අවස්ථාවක් ඇති වෙයි. 

2004-2006 වසරේ පමණ සිට වැපිරූ මුස්ලිම් විරෝධි බොදුනු කථිකාවන් ගේ ප්‍රතිපලය නම් සමහරෙක් තුළ ජනවාරිගීක වෛරයන් ඇති වී තිබීම ය; මේවා අළු යට ගිනි ය. මෙවැනි පහර දීම් හා දේපල විනාශයන් මුස්ලිම් ප්‍රජාව තුළ ද, අනෙක් මහා ප්‍රජාව පිළිබඳ වෛරය ඇති කරනු වැළකිය නොහැකි ය. විශේෂයෙන් ම ජේෂ්ට මවුලවි තුමන් ආරක්ෂාව පිළිබඳ සහතික වූ විට, මෙවන් තත්ත්වයන් මගින් තරුණයන් ආගමික නායකයන් ගේ අදහසට පිටුපාන තත්ත්වයන් ඇති නොවන්නේ ද? මෙය හැටෙ හා හැත්තැවේ දශකවල උතුරේ ඇති වි ය. දෙමළ වැඩිමහළු දේශපාලකයන් හට තරුණ කණ්ඩායම් ප්‍රකාශ කළේ ඔබේ කතාවලින් වැඩක් නැති බවත් අප ගේ විමුක්තිය තකා අවි අතට ගන්නා බව ය. අසුව දශකයේ කළු ජූලිය සමග තිස් අවුරුදු සිවිල්, වාර්ගික හා ත්‍රස්තවාදී යුද්ධයක් ඇති වි ය.

මේ සියලු ව්‍යසනයන් වළකා ගැනීමට හැකියාවක් නොවිණි ද? ඇති වීමට පෙර කළමනාකරණය කරගත හැකි නො වී ද?


මේ සඳහා දේශපාලන පිළිතුර ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීම ද? ආඥාදායකත්වය නැවත ඔසවා තැබීම ද?

Tuesday, March 6, 2018

දිගන ගැටුමට හා සිංහල-මුස්ලිම් වාර්ගික භේදන කුමන්ත්‍රනය


මාර්තු 5 වන දින ලිපියෙන්. . .

අද දින උදෑසන වාර්තා වූ පරිදී දිගන ගැටුම සඳහා පාදක වී ඇති සිඳුවීමෙන් රට පුරා දින දහයකට හදිසි නීතිය පැනවීමට රජය තීර්ණය කොට ඇතයි ඇමති එස්. බී. දිසානායක පවසා ඇත. ඒ හෙයින් මෙම ජනවාර්ගික ගැටුමෙහි ඇති පෘතුලභාවය ප්‍රකට වෙයි.

ගැටුම්කාරී තත්ත්වයේ දී එහි දෙපල විනාශ කිරීම හා ජීවත හානි කිරීම සඳහා මූලික වූවන් පිටස්තරයෙන් පැමිණි පුද්ගලයන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි. ඒ හෙයින් ගැටුම සංවිධානකාරී ලෙස දරුණු ජනවාර්ගික අර්බුදයක් දක්වා ගොඩ නැගීමේ කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙලක් ඇතයි සිතා ගත හැකි ය. පොලිස්සිය විසින් අත් අඩංගුවය ගත් මෙකී පිටස්තරයන් 24දෙනා මුදා හරින්නයි උද්‍ඝොෂනය මෙහෙය වීම කරන ලද්දේ අවට බෞද්ධ පන්සල් කිහිපයක හිමිවරුන් ගේ සහභාගීත්වයෙන් ය. පූජ්‍ය පක්ෂය මිනිසුන් හට මෙවැනි තීරණාත්මක හා ප්‍රචණ්ඩකාරී අවස්ථාවක සාමය හා සංහිඳියා‍ව වෙනුවෙන් කටයුතු කළ යුතු නමුදු ඔවුන් ද මිනිසුන් උසි ගැන්වීමෙහි නිරිත වූ හ. සමහර විට බෞද්ධ භික්ෂුන් ද පෘතජ්ජන මිනිසුන් නිසා ආවේගකාරී ලෙස හැසිරුනා විය හැකි ය. ඒ සේ නොමැති නම් මෙකී අර්බුධ අවස්ථාවේ පැමිණි  පිටස්තරයන් ආරක්ෂා කිරීම සඳහා උද්ඝොෂණ කළා විය හැකි ය. ඒවැනි තත්ත්වයක් නම්, ‍එය අතිශයින් ම කේදජනක තත්ත්වයකි. බොදුබල සේනා නැමති දේශපාලන ජාතිවාදී හා ආගම්වාදී පක්ෂය මගින් මෙවන් දෑ කිරීම සඳහා මූලිකත්වය ගෙන ඇත. ඔවුන් මුස්ලිම් ජන ප්‍රජාව කෙරෙහි වෛරය හා ද්වේශය වගුරමින් කටයුතු කරන කණ්ඩායමකි. එවැන්නන් හට පසුගිය රාජපක්ෂ සමයේ අනුග්‍රය ලැබුණු අතර, චිවරය පොරොවා ගත් භික්ෂුහූ නිර්ලජ්ජිත ව ධාමරික ක්‍රියාවන් ගේ හා නොරුප් බස් දොඩමින් කටයුතු කළ හ. එක් ප්‍රධාන භික්ෂුන් වහන්සේ නමක් මා හට ප්‍රකාශ කළේ භික්ෂුවකු ලෙස චිවරය පෙරවු කල්හි, එය තමුන් ම ගලවා ඉවත් කළහොත් මිස, කිසිවෙකු‍ හට චිවරය ඉවත් කිරීමට හෝ භික්ෂුත්වයෙන් නෙරපා හැරීමට නොහැකි බව ය. ලංකාවේ භික්ෂු විනයේ ඇති අඩුපාඩුව එය ය. කිසිදු මහා නායක සංඝයා වහන්සේ නමකට හෝ සංඝ සභාවකට කිසිඳු භික්ෂුවක් උපැවදි කළ නොහේ. ඒ හෙයින් ඕනෑම භික්ෂුවක ස්වකීය අභිමතය අනුව හැසිරීමට පිළිවන; එහෙත් එයින් වන්නේ බුදු දහම පිරිහිම ය; ගිහියන් කෙරෙහි ආගම ගැන කලකිරීමක් ඇති වීම ය.

දිගන ගැටුම ගැන කතා කරන විට ලොරි රථ රියදුරි ගේ අභාවය මනුෂ්‍ය ඝාතනයක් බවට පෙරළි ඇත. ත්‍රීරෝද රථ රියදුරන් විසින් පාර බදුගත් යුගයක, ඉස්සර කිරීමට නොදීම පිළිබඳ උරණ වී බැණ අඬ ගැසීම හෝ ගුටි කෙළ ගැනීම සාමන්‍ය දෙයකි. සිංහල පාර්ෂවයක් විසින් මෙසේ කළේ නම් මෙවැනි දරුණු ජනවාර්ගීක අර්බුධයක් ඇති වන්නේ නැත. එහෙත් එම මෙහොතේ මුස්ලිම් වරුන් විසින් කළ බැවින් ජනවාර්ගීක ගැටුමක් බවට පෙරළි ඇත. මවුබිම කතුවාකිය මෙය දක්වන්නේ ද මෙවැනි මතයක පිහිටා සිට ය: "ගාල්ල ගැටුමට මුල් වූයේ සුළු රිය අනතුරකි. දිගන ගැටුමට මුලද ඒ හා සමාන සිදුවීමකි. රිය අනතුරක් සිදු නොවූවද ත්‍රිරෝද රථයකින් හා ලොරියකින් පැමිණි දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් එක් පුද්ගලයකු මිය ගොස් ඇත. අවාසනාවට දෙපාර්ශ්වය එක ජාතියක අය නොවීම නිසා 'පුද්ගල' ප්‍රශ්නයක් වෙනුවට 'ජාති' ප්‍රශ්නයක් බවට පත්විය " (මවුබිම, කතුවැකිය). තවදුරටත් මේ පිළිබඳ අදහස් දක්වන කතුවරයා පෙන්වා දෙන්නේ නැවත අලුත් සතුරෙකු නිර්මාණය කිරීමේ අභිලාශයක පෙර නිමිති ය. ඔහු මෙසේ පවසයි: "ත්‍රිරෝද රියපොළක ඇතිවූ ප්‍රශ්නයක් හේතුවෙන් පිරිසක් පැමිණ නිවාස කිහිපයකට අලාභහානි කළ පුවතක් පෙරේදා මාධ්‍යවල පළවිය.  එය හුදු ගැටුමක් වූයේ අදාළ පාර්ශ්ව දෙකම එකම ජාතියක වීමය. එතැන ජාතීන් දෙකක් සිටියා නම් එය ඉළුක් යායට ගිනි තිබ්බා සේ පැතිරී යනු ඇත.

ජාතිය හෝ ආගම තරම් මනුෂ්‍යයන්ගේ සිත් අවුල් කරන අන් කිසිවක් ලෝකයේ නැති තරම්ය. සිත් සුවපත් කිරීමේ අරමුණින් ඇරැඹුණු 'ආගම' මිනිසුන් එකිනෙකා මරා ගන්නා වෛරී පිරිසක් බවට පත් කිරීම සරදමකි. ISIS වැනි මිනීමරු ආගම්වාදී කල්ලි බිහිවී ඇත්තේම ආගමේ නාමයෙනි.
මිනීමරු ජාතිවාදී කල්ලියක් වූ එල්.ටී.ටී.ඊ.ය නිර්මාණය වූයේ ජාතියේ නාමයෙනි. අසල්වාසී ඉන්දියාව ජාති හා ආගමික ගැටුම්වලට තෝතැන්නකි. ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස ප්‍රකට වූ ලංකාවද ජාතිවාදී හා ආගම්වාදී විසබීජවලින් අපවිත්‍ර වී අවසන්ය. එකතු වීමට වඩා බෙදීමට ප්‍රිය කරන්නන් බහුල මෙරට ජාතිය, ආගම, කුලය, පක්‍ෂය, පාසල ආදී කී නොකී කුලක ඒ සඳහා ගොඩනඟාගෙන ඇත. සතුරකු නොමැතිව ජීවත් වීමට නොහැකි සැලකිය යුතු පිරිසක් තිස් අවුරුදු යුද්ධය නිසා මෙරට නිර්මාණය වී සිටිති. දෙමළ සතුරාට පසු ඔවුන්ට මුස්ලිම් සතුරකු හමුවී ඇත."

මෙම සිඳුවීමේ දී අමතක වී ඇති කාරණය වන්නේ උක්ත තරුණයා මියයන්නේ රෝහලක බව ය. ‍බැලූ බැල්මට පහර කෑ පුද්ගලයා ගේ යම් අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා සිඳු වූ මරණයකි. එහෙත් මේ සම්බන්ධයෙන් රෝහල් වෛද්‍යවරුන් නිසිසේ ක්‍රියා කළේ ද, අභ්‍යන්තර රුධිරවහනයක් වූ බව සොයා නිසි ප්‍රතිකාර කළේ ද යන්න අපාහැදිලි ය. බොහෝ රෝහල්වල කරන්නේ රෝගියා කිසිඳු ප්‍රතිකාරයක් නොකර බාහිර තුවාල සඳහා වෛද්‍ය ප්‍රතිකාර කොට තැබීම ය. මාර්ග අනතුරකට පත් වූ මගේ මිතුරෙකු සහිය පැමිණෙන තුරු පැය තුනකට අධික කාලයක් යකඩ ට්‍රොලියක තැබූ බව කියා ඇත. වෛද්‍ය ප්‍රතිකාර පිළිබඳ ව ද සොයා බැලීම කළ යුතු ව ඇත. මෙවැනි තත්ත්වයක දී සියලු පාර්ෂවයන් කෙරෙහි අවධානය යොමු වීම වැදගත් ය.

 අනෙක් අතට සිංහලයන් විසින් ඇති කර ගෙන ඇති භිතිකාව ද කල්පනාවට ගත යුතු ය. ඔවුන් මුස්ලිම් වරුන් කෙරෙහි උදහස් වන කරුණු ලෙස දකුවිය හැක්කේ පහත කරුණුය:

1. මුස්ලිම්වරු භුගෝලිය වශයෙන් ඉඩම් අල්ලා ගනී.
2. මුස්ලිම් වරුන් ව්‍යාපාර හා ව්‍යාපාරික ස්ථාන අල්ලා ගැනීමෙහි යෙදී සිටියි.
3. සිංහල හෝ දෙමළ ගැහැණු ළමුන් බහුතරයක් හා පිරිමින් සුළුතරයක් විවා මගින් ඉස්ලාම් ආගමට හරවා ගනී.
4. මුස්ලිම්වරුන් ගේ ජනග්‍රහණ වර්ධනය වැඩිය.
5. සිංහලයාන් ගේ වර්ධනය අවම කිරීමට මොවුන් වඳ පෙති වැනි දෑ ආකාරවලට කවලම් කරයි.

ඉහත කරුණු දෙස බැලූ බැල්මට සත්‍ය සේ පෙනේ. මුස්ලිම් වරුන් විස්න සිංහලයන් හෝ දෙමළ ජනතාව බහුතර වශයෙන් විසු ප්‍රදේශ අත්පත් කොට ඇත. ආගමික මධ්‍යස්ථාන ගොඩ නඟා ඇත. එහෙත් මෙසේ චොදනා කරන සිංහලයන් නොපවසන්නේ මෙකී ඉඩම් ඉතා ඉහළ මිළකට විකුණා යන්නේ ද සිංහළුන් ම බව ය. වටිනා දේපල හා මහා මාර්ග අසල දෙපල සිංහලයන් විකුණු දුර බැහැර ප්‍රදේශ කරා යති. එයින් ක්‍රමයෙන් සිංහල බහුතර ප්‍රදේශ මුස්ලිම් බහුතර ප්‍රදේශ බවට පත් වෙයි. මුස්ලිම්වරු වෙසෙන ප්‍රදේශවල සිංහලයන් පදිංචි වීමට කැමති නැත. ඒ හෙයින් සුළුතර සිංහලයන් ද දේපල විකුණා යති. මෙය සිංහලයන් ගේ ප්‍රශ්නයක් මිස, මුස්ලිම්වරුන් ගේ ප්‍රශ්නයක් නොවේ.  

දෙවැන්න සිංහල ගැහැණු ළමුන් විවා කොට ගෙන ඉස්ලාමීයකරණය හා මුස්ලිම් ව්‍යාප්තිය එවැනි ම චෝදනාවකි. විවාහය සඳහා දරුවන් දෙන සිංහල දෙමාපියන් ගෙන් මේ පිළිබඳ විමසිය යුතු ය; නැතහොත් ස්ව කැමැත්තය මුස්ලිම් කෙනෙකු සමඟ පැන යන අයෙකු ගෙන් ඒ පිළිබඳ විමසිය යුතු ය. ඒ ප්‍රශ්නයක් ඇත්තේ සිංහල අප අතර ය. මුස්ලිම් විවාහ නීතීයේ දික්කසාදයට මෙන් ම, සමහර සුවිශේෂ අවස්ථාවන්හි පිරිමි පාර්ෂවයට වාසි ඇති ලෙස නිර්මිතය. එ් හෙයින් එවැනි විවා මගින් අවාසි සහගත තත්ත්වයක් වෙයි.
තෙවන්න මුස්ලිම්වරුන් ගේ ජනග්‍රහණ වර්ධනය සැලකූ කල ලාංකික ජනවාර්ගිකයන් ගේ වර්ධනය බොහෝ සේ සමාන ය. අනෙක් අතින් වඳ පෙති කතාව මනස්ගාත කතාවක් බව වෛද්‍ය විද්‍යාව පිළිබඳ අවබෝධය ඇත්තන්ට සක් සුදක් සේ පැහැදිලි ය.  සිංහල ජාතියේ වඳ වීම සිංහලයන් ගේ වරදින් මිස, මුස්ලිම් වරුන් නිසා නොවේ. තමුන් අත වරද තබා ගෙන වෙනත් අයට, වරද පවරා ස්වකීය පටු දේශපාලන අභිමතාර්ථ ඉටු කිරීම ජාතියේ ඉරණම උකස් කිරීමකි. අවසානයේ නිවිය නො හැකි ගින්නක් ජනවාර්ගික ගැටුම තුළින් නිර්මාණය වනු ඇත. අදත් හෙට දක්වා පොලිස් ඇදිරි නීතීය මහනුවරට පනවා ඇත; හදිසි නීතීය ද දිවයින පුරා පනවා ඇත්තේ ය.  ‍


Monday, March 5, 2018

උතුරා පැසවන ජාතිවාදයේ ගොහොරු ලෝදිය සැලිය


සිංහල හා මුස්ලිම් ප්‍රජාවන් අතර පවතින සම්බන්ධතාවය ආතතියෙන් පූර්ණ ය. ඒ හෙයින් එය කොයි මෙහොතක දී හෝ පුපුරා යන්නට ආසන්න ය. මූලික වශයෙන් සිහළුන් සිතන්නේ ස්වකීය ව්‍යාපරික ඒකාධිකාරයට මුස්ලිම්වරුන් බාධාවක් බව ය. ආර්ථික සාධකය බොහෝ සමාජීය ගැටුම් සඳහා හේතු මූලික වෙයි. මෑතක දී ඇති වූ මහත් කොලහාල දෙකක් අම්පාරහි දී මේ සති අන්තයේ දිගන (තෙල්දෙණිය) ඇසුරු කොට සිඳු වි ය. මෙයට මුල් ව ඇතිවූ ගැටු ම ගාල්ලේ හිනඳුම ප්‍රදේශය ආසන්නයේ සිඳු වි ය. මෙකී සියලු ගැටුම් සඳහා හේතු මූලික වන්නේ පෞද්ගලික ගැටුම් ය. ගාල්ලේ සිඳු වූ ගැටුමට හේතු වූයේ රිය අනතුරක් ය. අම්පාර සිඳු වීම නම් වඳ පෙති ආහාරයට මුසු කිරීමක් ය. ආසන්නතම හේතුව ත්‍රිවිල් කණ්ඩායමක් හා ලොරි රියදුරෙකු අතර ඇති වූ ගැටුමකි. 

එහෙත් ඒවා පුපුරා යන්නේ සාමාජීය පරිපීඩනය හා ආතතියයේ ප්‍රතිපල ලෙසින් ය. ඒ සිඳවීම් ගැටුමට පාදක වූවන් හට පෞද්ගලික කාරාණා නොව මුස්ලිම් වරුන් ගේ ප්‍රචණ්ඩක්වයේ හෝ මුස්ලිම් අන්තවාදයේ ප්‍රතිපලයකි. ඒ හෙයින්  ටෙස්ටෙසිටිරෝන් හොමො‍නයෙන් ගිළුණු සිංහල තරුණයන් කරන්නේ ගෙවල් කඩා දැමීම හා වෙළඳපල ගිනිබත් කිරීම ය. මෙය ජේ. ආර්. ජයවර්ධන 1983 ජූලි මාසයේ දී රාජ්‍ය අනුග්‍රහයෙන් (රාජ්‍ය අනුග්‍රහයෙන් කීවේ මෙයට පෙර 1958දී බණ්ඩාරනායක කළාක් මෙන් රජය විසින් සමතයනට පත් කිරීමට උත්සහ නොගෙන) දෙමළුන්ට උගැන් වූ පාඩම වැන්නක් නිසා ය. ඒ පාඩම අවසාන වූයේ වසර තිහක ත්‍රස්තවාදී යුද්ධයකින් ය. මෙවැනි සිවිල් කොලහාසයන් ගේ ප්‍රතිපලය අවසානයේ සිවිල් යුද්ධ ය. ඒ හෙයින් පැළය දල්ලෙන් ම කඩා දැමිය යුතු ය. සමහර දේශපාළුවෝ මෙවැනි ජාතීවාදී හා ජනවාරිගික අර්බුධයන්ට ඉතාමක් කැමති වන්නේ ඒ සේ ‍භේදබින්න කිරීම මගින් ඇතිවන දේශපාලන වාසී නිසා ය. මිනිසුන් ජාතිවාදී හා ජාතිකත්ව පදනමින් රාශි කර ගැනීමට පහසු ය. පසුගිය මැතිවරණයෙන් පෙනෙනනේ ද එවැන් ම වූ ප්‍රතිපලයකි. ජනතාවෝ කිසිඳු වැඩක් නොකර, කොටින් ම ස්වකීය ප්‍රදේශයේ වත් පදිංචියක් නැති පුද්ගලයන් හට ජාතීයේ නාමයෙන් ඡන්ද දී පත් කළ හ. ප්‍රදේශයට වැඩ කළ පුද්ගලයෝ අතිශයින්ම කලකිරීමට පත් වූ හ; විස්මයට පත් වූ හ. ජාතිවාදය හිසට ගැසූ කල මිනිසුන්ට තුමුන් කරන දෑ පිළිබඳ අවබෝධයක් නැති. එය හරියට සුරාවෙන් හෝ වෙනත් මත්ද්‍රව්‍යයකින් මත්වූවන් සේ ය. කළ කී දෑ පිළිබඳ ලජ්ජාව ඇති වන්නේ වෙරි සිඳී පියවි ලොවට පැමිණි පසු ය. එවිට වන්නට ඔනෑ දේ වී හමාර ය. 

වඳ පෙත්තක් ගැන කට පුරා දොඩවන සමහර මාධ්‍යය වෛද්‍යවරයකුගෙන් මේ පිළිබඳ විමසන්නේ නැත. දිවයින පුවත්පතේ මෙම සති අන්තයේ පළ වූ ''වඳ පෙත්ත ගැන වඳ වෙන්න හේතුව මෙන්න'' වාර්තාවකට අනුව මුසිලිම්වරු ස්ථාන කිහිපයකදීම වද පෙති කෑමට එකතු කිරීම කරන බවත්, එහි ප්‍රතිපල ඇති වන්නේ තව වසර පනහකින් බවත් දක්වයි. ඒ සඳහා සුසන්ති අමරබන්දු දක්වන්නේ දියතලාව, ඔරුවිල් විශ්වවිද්‍යාලය වැනි බොහෝ තැන්වලින් හමු වූ බව දක්වමින් ය. ඔහු තවදුර‍ටත් ලිපිය අවසානයේ ගින්න අවුලුවන්නේ බීතිතිකාවක් ඇති කරමින් ය: "මේ වන විට මෙම ගැටුම නිමා නොවුණත් උණුසුම පහව ගොස්‌ ඇත. යළිත් මෙවන් කතන්දර ඇතිවන්නට ඉඩ ඇත. ඒ නිසා ජාතියක්‌ වඳ කරන වඳ පෙති කථාව සහජීවන කඩතුරාව යටින් සොයාගත යුතුය. එය එසේ නොවුණහොත් මේ වඳ පෙති කතාව සැබෑ නම් මේ ගැන ජාතියට දැනෙන්නේ තවත් වසර පනහක්‌ පමණ ගිය පසුය. ඒ අපි මහජාතිය නොවුණ විටය" (දිවයින, 2018.03.04). සිංහලයන් සුළුතර මානසිකත්වයක් ඇති බහුතර ජාතියක් බව එස්. ජී. තම්බයියා පවසයි. මෙවැනි කතාවලින්ද පෙනෙන්නේ ද එකී යථාර්ථය ය. ඇ‍ඟෙන් මහතට හිටියට සිතෙන් කෙසඟ ය; බෙලහීන ය. මාගේ අලපඥ දැනුමට අනුව  බටහිර වෛද්‍ය විද්‍යාවේ පිරිමින් ගේ උපත් පාලනය සඳහා ක්‍රමවේද දෙකක් ඇත. එකක් වන්නේ සංසර්ඟ අවස්ථාවේ  උපත් පාලන කෙපුවක් (කොන්ඩමයක්) පැළඳීම ය. දෙවැන්න ශල්‍යකර්මයක් මගින් වෘෂණ ග්‍රන්තිවලින් පැමිණෙන වෘෂණ නාල කපා ගැට ගැසීම ය. මේ ක්‍රම දෙකෙන් බැහැරව "පෙත්තක්" මගින් පුරුෂ වඳ්‍යකාරණය සොය ගෙන ඇත්තම් එය පෙටන්ට් බලපත්‍රයක් ගත හැකි, බිලියන ගණනක ලාභයක් උපයා ගත හැකි සොයා ගැනීමකි. මේවා මිත්‍ය කතා ය. එය පෘතුගිසින් මගින් සිංහල ජාතිය බෙලහීන කිරීමට "දෙල්" ගෙනා කතාව වැනි ම සුරංගනා කතාවකි. මේ කතාවල් වල ආරම්භය අද ඊයේ නො වේ.

මෙම සති අනිතයේ තෙල්දෙණියේ සිඳු වූ සිඳුවීම ත්‍රිරෝද රථයකට ඉස්සර කිරීමට නොදුන්නැයි උරණ වූ මුස්ලිම් තරුණයන් සතර දෙනෙකු ලොරිය නවතා ඇති තැනට පැමිණ ලොරි රථ රියදුරාට පහර දී ඇත. ලොරි රියදුරා පොලිස්සියට ගොස් කට උත්තරයක් දී රෝහල් ගත වී ඇති අතර, පසුව රෝග ලක්ෂණ උත්සන්න වීමෙන් මාරු කර යැවූ මහනුවර රෝහලේදී මරණයට පත් වී ඇත. එයින් උරණ වූ ජනතාව ඉවක් බවක් නැති ව දෙපල හානී මෙන් ම, නිවාසවලට හානී පමුණුවා ඇත.  බස් රථවලින් පුද්ගලයන් බස්සවා පහර දුන් බවට ද කටකතා පැතිර ඇත. අවමංගල්‍ය කටයුතු පැවති අද දිනයේ බොහෝ මුස්ලිම් ජනතාව ස්වකීය නිසාව අත්හැර ආරක්ෂිත ස්ථාන කරා ගමන් කොට ඇති බව තෙල්දෙණිය වැසියකු මා හා පැවසී ය. කෙසේ වෙතත් පොලිස් ඇදීරි නිතීය මහනුවර දිස්ත්‍රික්කයට පනවා ඇති බව බී.බී.සී. සංදේශය  ‍දක්වයි.


මෙවැනි සිඳුවීම් අපට ගෙනෙන්නේ අනාගතයේ දී ජනවර්ගීක වශයෙන් ඇති විය හැකි භයානක තත්ත්වයක පෙර නිමිති ය. ඒ හෙයින් ජන වර්ග අතර සංහිදියාව ඇති කිරීමත්, වෙනස්තාවන් මත ඇති වී ඇති සැකය හා කුකුස පහ කිරීමට යම් වශයෙන් රාජ්‍ය වශයෙන් මැදිහත් වීම ය. එසේ නැත‍හොත් අනවශ්‍ය ලෙස තවත් සිවිල් යුද්ධයක පාර්ෂව කරුවන් වීමට සියලුම ලාංකිකයන්ට සිඳුවනු ඇත.
Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...