සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහලයන් තරම් අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ජන කොට්ඨාශයක් මා දැක නැත. මා සිංහලයකු බැවින් මා උපන් ජාතිය විවේචනය කිරීමේ අයිතිය ඇත්තේ ය. පසුගිය දිනක මා අනුරාධපුරය දක්වා පෞද්ගලික බසයකින් ගමන් කෙළෙමි. දිළිඳුකමේ අඟට ම මිරිකුණු ජනතාව රැස් කකා බස් රියට ගොඩ විය. අතුරු සිදුරු නැති වන පමණට බස් රිය පිරී ඉතිරිණි. පැය හයක කාලයක් බස් රථයේ හුදී ජනයා සමඟ ගමන් කිරීමෙන් අප්‍රසාදී අත්දැකිම් රාශියකට මුහුණ දීමට සිඳු විය. එයින් සටහන් තැබිය යුතු වැදගත් කරුණු සතරකි. පළමුවැන්න, නම් අපගේ අකාරුණිකත්වය යි. වැඩිහිටියන් කිහිපදෙනෙකු ම අසුනක් අහිමි ව මුළු ගමන්දුර ම සිට ගෙන ගමන් කරනු ලැබී ය. අන්තිම අසුනේ මා සිර වී සිටිය බැවින් මගේ අසුන ද, ඔවුන්ට පරිත්‍යාග කිරීමට තරම් තබා හුස්ම ගැනීමට ඉඩක්වත් නොවී ය. අසුන් හිස් වන විට ළඟන් හුන් සවි ශක්තිමත් තරුණයෝ පැන ඒ අසුන් හි හිඳ,ගත්තේ වැඩිහිටියන් දෙස අල්පමාත්‍රයක වන අනුකම්පාවක් නොතබා ය. මා දැනට සංවර්දිතයයි සලකන එහෙත් අදික ලෙස පෞද්ගලික අත්මාර්ථකාමී ලෙස සැලකෙන ඇමරිකාව හා එංගලන්තයේ සංචාරය කොට ඇත. සැම විටකදී ම, වහසක අයෙකු පොදු ප්‍රවාහන සේවයේ දී දිටි විට ළඟින් වුන් මගියා නැගිට අසුන පරිත්‍යාග කරයි. මහා ශිෂ්ට සංස්කෘතියක් ඇතයි පාරම්බාන, දිවා රාත්‍රියේ රූපවාහිනයෙන් මඩ සෝදන ලාංකික වත්මන් පරපුරට වැඩිහිටියන් ට සැලකීමට තරම්වත් පරාර්ථකාමයක් නැත. දෙවැන්න, යමෙකුගේ පය පැගෙන විටක දී හෝ යමෙක් ඉඩ ඉල්ලූ විට අනෙක් මගියාගේ ප්‍රතිචාර, වළියක් ඇද ගැනීමට ය. ඔහු අසන්නේ “ඇයි මොක ද?” යනුවෙන් ය. අපගේ ශබ්දකෝෂයේ “සමාවන්න!”, “කරුණාකර . . .” වැනි වචන නැත. බස්රියට නැගි කොළුවන් තම අත් මළු ඉඳගෙන සිටින්නන් වෙත දමා ගසති; ඉඳ ගෙන හුන් පුද්ගලයා මල්ල ඇඟ වැදී, ගැස්සී එය තවෙකු වෙත විසි කර යි. මෙය හරියට පන්දු කෙලින්නාක් මෙන් ය. මා මෙ දෙස පුදුමයෙන් බලා සිටියෙමි. තවෙකුගෙන් අයෙක් වතුර ඉල්ලී ය. හේ නැතයි පිළිතුරු දුණි. මා මානවදයාවෙන් වතුර බෝතලය ඔහුට දුන්නේය. කිසි ගරුසරුවක් නොදක්වා ඔහු වතුර බෝතලයෙන් අඩක් හිස්කොට මා වෙත දිගු කළේ තමාගේ වතුර බෝතලය මට දෙන්නාක් මෙන් ය. “ස්තූති!” යන්න කියන්න තරම් වත් සභ්‍යාත්වයක් නොවිණ. මට සිතුණේ මෙවැන් අත්මාථකාමියකු වෙත වතුර බෝතලය දීමේ මෝඩකම ය; මට ම මා බැණ ගත්තෙමි. කුඩා දරුවන් ද පුදුමාකාර දුෂ්ඨකමකට පත් වී ඇති සේ ය. එක් දරුවෙන් නැඟි වේලාවේ සිට, ස්වකීය මව් හට නොදුන් වඳයක් නැත. ඇය ගේ කොණ්ඩය ඇද කැඩී ය; අත් කොණ්ඩයෙන් ඈත් කළ විට කොණ්ඩය ඉල්ලා විලාප දුන්නේ ය. එසේ නොලැබුණ විට පයින් පැගී ය; අත් කොනිත කොනිතා වඳ දුන්නා ය. පසුව ඈ ඇගේ මුත්‍රා කළා ය; විලාප නැගුවා ය. මගේ ඇගේ ලේ වතුර කේතලයක් උතුරන්නා සේ උතුරන්නට පටන් ගති. ඉතා අමාරුවෙන් මා මගේ හැඟිම් පාලනය කොට එක්තැන්හි සන්සුන් ව සිටියෙමි. දරුවන් ද හැදෙන්නේ වැඩිහිටියන් මෙන් ය. ඒ ආත්මාර්ථයෙන් මිරිකී, අන් අයට වඳ දෙන නියාවෙන් ය.
ලාංකෙයිය සත්දින දේශපාලන හා සමාජීය සිඳුවිම්වල විචාරාත්මක සටහන
පාඨකයන්ට වදනක්: පළවන ලිපි සම්බන්ධයෙන් ඔබගේ බුද්ධිමත් විචාර හා විවරණ අගය කරන අතර, කරුණාකර එවැනි වටිනා අදහස් පළ කිරීමේදී ඔබගේ අදහසට අදාළ මූලාශ්රයන් සහ පදනම සඳහන් කරන්නේ නම් අගනේ ය. අපගේ සාකච්ඡාවට සම්බන්ධ නොවූ, අනවශ්‍ය දේශපාලන පක්ෂගැතී පල්හෑලී මා විසින් ඉවත් කරන බව කරුණාවෙන් සලකන්න. මෙම පිටුවේ අරමුණ බුද්ධිමත් නිවහල් ජනතා මතයකට අතහිත දීමක් පමණි. එනයින්, කිසිදු දේශපාලන පක්ෂයකට හෝ මතවාදයකට මෙහි පළවන ලිපිවලින් සහයක් නොදක්වන අතර, පළ කරන වාස්තිවික නිරීක්ෂණයන් ආශ්‍රීත මාගේ මුලීක අරමුණ, වගකීමක් ඇති නොනැමෙන මහජනතා මතයක් හා අභිමානයක් ඇති කිරීම පමණි. දේශපාලකයන් සිටින්නේ මහජන අපට සේවය කරන්නට විනා, මහජනතාව වනාහි ඔවුන්ගේ බුදලයක් හෝ වහල් අතවැස්සෝ හෝ ගැත්තෝ නොවෙති.
Friday, May 14, 2010
Subscribe to:
Posts (Atom)
ලොව පැරණිතම මත්කාරකය: බලකාමය
බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...