
ලාංකෙයිය සත්දින දේශපාලන හා සමාජීය සිඳුවිම්වල විචාරාත්මක සටහන
Friday, May 14, 2010
කඩතුරා හැරී හෙළයේ හෙළුව දිටිම්!

Monday, April 19, 2010
ජඩ මාධ්යය, මඩ මාධ්යය සහ ගැති මාධ්යය

දෙවනුව, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිට, මේ පසුගිය මහා මැතිවරණය දක්වා වූ මඩ ව්යාපාරය ආණ්ඩුවේ සහ සමහර ආණ්ඩු විරෝධි මධ්යය අරභයා සිඳු විය. වසරකට කලින් යුධ විරයකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ අවස්ථාවේදී දේශ ද්රෝහියකු කරනු ලැබී ය. සමහර මාධ්යයන් විසින් ගුත්තිල මූසිල කතාව ඈඳා සේනාධිපති තුමා මූසිලයකු කරනු ලැබිණ. යුද්ධයක් දිනූ කිසිදු සේනාධිපති වරයකු හට යහතින් සිටින්නට ඒ රටේහි පාලයන් ඉඩ නොදෙන්නේ ඔවුන්ට ඇති විය හැකි අභියෝගය නිසාවෙනි. ඇමරිකා එක්සත් ජනපදය හෝ බ්රිතන්ය හැරුණු කොට අනෙක් සෑම රටක ම කුමන හෝ කුමන්ත්රණයක් අටවා සේනාධිපතිවරුන් මරණයට පත් කොට ඇත. ලංකාවේ වාසනාවට ජෙනරාල් තුමා ඝාතනය කළේ නැත; ඒ වෙනුවට කළේ එතුමාගේ චරිතය ඝාතනය කිරීම ය. අදටත් යුධ වීරයා මංකොල්ල කෑමේ වරදට හිරේ ය. ජාත්යාන්තර ලෙස මංකොල්ල කෑ, රටට ඇසෙන සේ කෑ ගැසීම මිස වෙනත් සත පහක සේවයක් නොකළ දේශපාළුවෝ යහතින් රජ්ජුරුවන්ගේ කුරහන් සාඨකයට මුවා වී දිවි ගෙවයි. රජ කාලේ හැටි එහෙම යි. මඩ මාධ්යයේ මුලීක කාර්ය භාරය වන්නේ ආණ්ඩුවට හෝ රජ්ජූරුවන් වහන්සේ ට අභියෝග වන සියල්ලන්ට මඩ ප්රහාර එල්ල කිරීමට ය. එයට සෑදී පැහැදී සිටින පුද්ගලයෝ ඇත්තා හ. ලංකාවේ බහුතරයක් ජනතාව අන් අයෙකු උදෙසා කඩේ යාමට හෝ ආණ්ඩුවේ දේශපාලන හිතවත්කමෙන් ලබා ගත් පඩිපතින් යැපෙනන්ගේ විකෘති සහගත කියමන් තුළින් සත්ය දකින්නට හෝ සමස්ථ ලෝකය දකින්නට උත්සහ කිරීම තුළ රැවටි රැවටි රැවටෙන්නට ඇති ආශාව පුදුම සහගත ය. ලංකාවෙන් පිටත අඩියක් තබන්නට බැරි පුද්ගලයෝ සිතන්නේ මුළු ලෝකය ම, විශේෂයෙන් ඇමරිකාව සහ එංගලන්තය ලංකාව අල්ලා ගැනීමට රැස් කකා බලා සිටින බව ය. අධ්යපනයට පිං සිඳුවන්නට මේ රටවල් වල ඇවිද අත්දැකිම් ලබන්නට අවස්ථාවක් ලද්දෙකු වශයෙන් මෙවැනි හිතළු අසා නිකටේ අත ගසනු මිස වෙන කවරක් කරන්න ද? ලංකාවේ ලිං මැඩියන් වයින් කරන මෙවැනි මාධ්යයකරුවෝ ඔවුන්ගේ ම කර පිටින් මෙවැනි රට රාජ්යයන්හි විනෝද චාරිකා යති; දරුමුණුපුරන් එවන් රටවල ඉගන ගැනීමටත්, සමහරුන්ගේ දරුවන් නැවත ලංකාවට නොයෙන්න ම තැනට කටයුතු සම්පාදනය කර ගෙන ඇත. එහෙත් එවුන් ගේ කතා අසා ජාත්යාලයෙන් ඔද ගැන්වෙන එදා වේළ සරි කර ගන්නට නොගන්නා තැතක් ගන්නා මිනිසුන්ට තමුන්ගේ දරුවන් ලංකා නිදහස් අධ්යාපන පාසලකට යවා මොවුන්ට අතවැසිකම් කරන්නට දරුපරපුරක් ගොඩ නඟන තත්ත්වයට වැටී ඇත. ලාංකිකයන්ට ආත්ම අභිමානයක් නැත; ඇත්තේ ගැතිකම් පැමේ මානසිකත්වයක් පමණි. මගේ එක් ඥාතියෙකු උදේ හවා කුඩා ගුවන් විදුලියක් කන ගසා ගමන් යයි. ඔහු අපේ නිවසට පැමිණි සැනින්, කතාවට ඇද ගන්නේ එදා දවසේ මඩ මාධ්යයෙන් කතා කළ දෑ ය. හේ උදේ කථිකාවක කියූ දෑ ඒ ලෙසින් ම නැවත වමාරා කයි. අහක සිට අසා සිටින මට ඇතිවන්නේ මහා ම මහා පිළිකුලකි. සිතක් මිනිසාට ලැබි ඇත්තේ සිතන්නට මිස, වෙනෙකෙකු තමුන්ගේ වාසිය, පඩිය, වන්දිබට්ටකමට කී දෑ වමාරන්නට නොවේ. අවාසනාවක මහත, ලංකාවේ සිතා මතා යමක් විශ්ලේශනය කර ගත හැකි පාඨකයන් ඇත්තේ අතලොස්සක පමණි. අනෙක් උන් “රටට යුතුකම්” කිරීම හෝ “ජාතිය ආරක්ෂා කිරීම” හෝ “ආගම සුරැකීම” හෝ “ත්රස්තයන්ගෙන් නැතහොත් විදේශිය බලවේගවලින් රට බේරා ගැනිම” වැනි කිසිදු සම්බන්ධයක් නැති බොල් උදෘත පාඨමත ඇලී ගැලී හදවතින් සන්තර්පනය වී අවේගාත්මක ලෙස කියති; සිතති; කටයුතු කරති. පසුව කලක් ගිය විට ඒ සියල්ලත ම අමතක කර දමති.
අවසාන වශයෙන් අපගේ කථිකාවට ගෝචර වන්නේ මේ දෙකටම අයිති නොවන ඊනියා මධ්යස්ථ මාධ්යයයි ලෙබල් අලවා ගන්නා “ගැති මාධ්යය” පිළිබඳ සටනක් තබන්නට ය. මොවුන් දේශපාලන ගැතිකම් කරනවා පමණක් නොව, රෙට්ස්වලට ගිජුකමෙන් මෘත ශරීර පවා විකුණා විකුණා ප්රදර්ශනය කරයි. ලංකාවේ අනුවේදනීය සිඳුවීමක් වුවහොත් මොවුන් ඒ අන් කිසිවෙකුට කලින් පෙන්වා, සති දෙකක්, මාසයක් පමණ එකම රූපරාමු ටික විවිධ වශයෙන් පෙළ ගස්වා හඬ කවා ප්රදර්ශනය කරති. ඔවුන් පවසන්නේ මහජනයා තකා වැඩ කරන බවකි; එහෙත් ඔවුන්ගේ සැබෑ පක්ෂ පාතීත්වය රැදී ඇතිතේ ඉහළම මුල්ය ලන්සුව වෙත ය. ඒ සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. ප්රසිද්ධිය ජනප්රියතාවය උදෙසා ඕනෑම කුණු ගොඩක් පෙන්වන්නට ඔවුන් පසුබට නොවේ. සමහර විට, ඔවුන් විසින් මාධ්යයයෙන් ජනප්රිය කොට තනන කාඩ්බොඩ් වීරයන් ම, ජනප්රිය සුළඟ අනෙක් අතට හමයි නම් වස්ත්ර ගළවා නිරුවත් කොට හෙළුව මුළු රටට ම ප්රදර්ශනය කරවයි. මුල් මාධ්යය දෙක හෙවත් ජඩ හා මඩ මාධ්යය අපට කල් තියා ම හඳුනා ගත හැක. එහෙත් සැඟවුණු න්යායපත්රයක් සහිත ගැති මධ්යයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වෙයි.
කෙසේ වෙතත්, මේ මාධ්යය හැසිරවීමෙන් සහ භාවිතයෙන් විවිධ වූ චරිත ලංකා කරලියට සපැමිණ ඇත. මෙයින් සුවිශේෂ චරිත නම් විමල්වීරවංශ, උපේකා ස්වර්ණමාලි, දුමින්ද සිල්වා, මනිෂ වැන්නවුන් පෙන්වා දිය හැකි ය. විරවංශයෝ කළ මහජන සේවය නම් යටිගිරියෙන් කෑ ගැසීම ය. හේ ඇමරිකාවට, එංගලන්තයට, ලෝක බැංකුවට, අන්තර්ජාතික කොටි ජාලයට, එක්සත් ජාතින්ගේ සංවිධානයට ආදී අනේක විධ ආයතනයන්ට සිංහලෙන් බැණ අඬ ගසමින් මාධ්යය මනරම් පුවත් මවයි. ඒවා ආදාළ පාර්ශවයන්ට ඇසුනත් නැතත් කම් නැත. මේ අසන සිංහල ඡන්ද දායකයා චූන් වී මනාප ගොඩ වැඩි කරවයි. උපේකා ද මෙවන් තලයකට ඔසවා තැබුවේ ඈ වාරණයට පත්කළ ආණ්ඩුවේ මාධ්යය සහ ඇගේ “ස්ටාර්” ගුණාංග මතු කළ ස්වර්ණවාහිනියත් ය. ඒ නිසා ඈ මන්ත්රීවරයකු ලෙස පත් වූව ද ටෙලි නිලියක කරන ලඳබොළද මුඨ ක්රියාවන් මාධ්යයන් හරහා ප්රදර්ශනය කළා ය. ඈ අවුරුදු උත්සවයක ගෝණි පැනීම, අලියාට ඇහැ තැබිම වැනි ක්රිඩාවන්හි නිරිත වෙමින් ඈ ස්වකීය බොළඳ බව දැක් වූවා ය. මා අසා ඇති කතාවකට අනුව එක්තරා මිනිසෙකු රාජකාර්යය ලැබුණු පසු තමුන් දහවලේ පැන ආ දියදොළට බැස ගියා ලු. එයින් ගම්ය කළේ ඔහු පත් වූ තත්ත්වයේ වූ තේජාන්විත භාවයයි. එහෙත් දැන් ලංකාවට අවශ්ය අවුරුදු සෙල්ලම් කරන, රඟ පාන, නිවේදක හෝ නළු මන්ත්රීවරුන් ය; මහජන සේවකයන් නොවේ ය. අයි. පී. එල්. ගසන සනත් වැනි ක්රීඩකයන් ය. සනත් පාර්ලිමේන්තුවට පත්වීමට තරම් කළ මහජන සේවය කුමක් ද? අනෙක් දෙදෙනා ගැන කතා කළත් කියන්නට ඇත්තේ ඔවැනි කතා ය. මොවුන් මාධ්යය විසින් ගොඩ නැගූ බොල් ප්රතිරූපයන් ය. අද ඡන්දය භාවිතා කරන බහුතර කොටස කාන්තාවන් ය. අනෙක් බහුතර කොටස තරුණයන් ය. මෙවැනි අය තමුන් නියෝජනය සඳහා පත්කන්නේ කවර ආකාර අයවළුන්දැයි පසුගිය දිනවල අපට මනාව පෙනිණ. ඒ කවුරුන්වත් නොව මාධ්යය විසින් ගොඩ නඟන බොල් පිළිම ය. ඒ හෙයින් අනාගතය පිළිබඳ අපට ඇති විශ්වාසය කවරක් ද? අපට මග බලාසිටින අනාගතය වනාහි කාඩ්බොඩ් බොල් සර්වපිත්තල හිතළුවකි; මහා ම මහා විහිළුවකි.
Monday, January 25, 2010
ධම්මට පිළිතුරක්: "හබරළ කොළයෙන් විළි වසා ලන්නට තැනීම" (නැවත පළ කිරීමක්)

[මෙම ලිපිය නැවත පළ කිරීමක් බව කරුණාවෙන් සැලකුව මැනව෴]
පසුගිය සතියේ ධම්ම දිසානායක විසින් දිවයින පුවත්පතට ලිපියක් සපයමින් "මහින්ද දිනවිය යුතු ද? විපක්ෂය පැරදවිය යුතු ද?" යනුවෙන් සමාජ කථිකාවකට එළැඹුණි. හෙතෙම මේ ලිපිය ආර්ම්භ කරන්නේ, විපක්ෂය පරදා මහින්ද දිනවිය යුතු යි යන ප්රස්තුතය පෙර දැරි කොට, කරුණු ගොණු කරමින් ය. එහිදී, ලිපිය සඳහා අතිරේක බරක් හා ආධිපත්යක් ඇති කිරීමට "විශේෂයෙන්ම විශ්වවිද්යාලයක උගන්වන ගුරුවරයෙක් විදියට මම එහෙම කියන්නේ ඇයි" වගන්තිය ද යොදයි.
ඔහු ස්වකීය ස්ථාවරය සඳහා කරණු ගෙන හැර පෑම සඳහා ව්යාජ ලෙස නිර්පාර්ෂික සහ වාස්තිවික ලෙස සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දැක්වීමට මෙසේ කියයි:
"මම කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් නොවේ. යම් කිසි දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාගැනීමේ බලාපොරොත්තුවක් ද නැත. එහෙත් මටත් දේශපාලන දැක්මක් තිබෙනවා. ඒ නිසා අපේ රට ජාතිය මුහුණ දෙන තීරණාත්මක දේශපාලන, ආර්ථික, සමාජ සංස්කෘතික කාරණාවලදී පැත්තකට වෙලා භාවනා කිරීමේ පුරුද්දක් මට නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාව වෙනුවෙන් මැදිහත්විය යුතු තීරණාත්මක මොහොතවල්වලදී අපි කරපු මැදිහත්වීම්වල ප්රතිඵල ඉතාම සාධනීයයි."
හෙතෙම, 1994දී චන්ද්රිකා ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ බව පුරාජෙරු දෙඩිමක් ද කර යි. පාන් ගෙඩිය 3.50කට දෙන පොරොන්දුව කරපින්නා බලයට පත් වූ චන්ද්රිකා ආණ්ඩුව කළ හදිය සහ කොටින් සඳහා උතුරු නැගෙනහිර සන්ධාන ගත කරන පිණිසත්, ශ්රී මහා බෝධියේ සිට දළදා මාළිඟා ප්රහාරය දක්වාත්, අලිමංකඩ සිට සියලු ම හමුදා කදවුරු අහිමි කර ගනිමින් හමුදා ජීවිත 5,000 පමණ විනාශ කිරීමට පාදක වූ රෙජිම බලයට පත් කිරීම පිණිස ඔහුට විළි ලැජ්ජාවක් නැති. ප්රසිද්ධ දේශන අවස්ථාවන්හි දී, චන්ද්රීකා අණ්ඩුව පට්ට ගැසූ ධම්ම නැවතත් නිර්ලැජ්ජිත ලෙස මුල් මැදිහත් වීම පිළිබඳ පුරාජෙරු දොඩ යි.
හෙතෙම ස්වකීය නොමග යෑම පිළිබඳ දුක් වෙනවාට වඩා එය සාධාරණිය කරනය කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි හා අවුරුදු 17ක දෝෂ ඉස්මතු කරමින් ය. එලෙස හයෙන පහක බලවත් නොමනා පාලනයක් ඇති වීම සඳහා වාමාශික කැඳ හවුලේ 1970-1977 කාලයේ ක්රියා කලාපය සංදර්භයෙන් ලොප් කොට ඇත.
1994 ඇති වූ ජනතා හැරීමට මූලික වූ කරුණ වුයේ වන්ද්රිකා එවකට පියකරු කන්තාවක් වීම සහ ප්රේමදාසගේ ඝාතන රැල්ල යි. ප්රේමදාස රෙජිම විසින් තමුන්ට අභියෝගයක් විය හැකි ලලිත්, ගාමිණි, විජය වැනි දේශපාලන නායකයන්ගේ දිවි තොර කරන ලදි. එනයින් ඇති වූ රික්තකය ප්රේමදාසගේ ප්රචණ්ඩත්වය හා ජන්ද මංකොල්ල නැමති සාධකය ඉවත් වූ විට 60% ඡන්ද ප්රතිශතයක් ලැබිණ. එහෙත් අවසාන ප්රතිපලය කුමක් ද? ප්රේමදාස විසින් ගෙනෙන ලද සිඝ්ර ආර්ථික වර්ධනය ක්රමයෙන් පහතට වැටී අවසානයේ නිසල නැවතුමකට වැටිණ. දැන් ආර්ථිකය අධික අවපාතයකට පත්ව ඇති අතර සුනාමි ආධාර වලින් ලැබූ විදේශිය මුල්යයන් හේතුවෙන් යන්තමින් නියෙන් දතින් ලංකා ආර්ථිකය එල්ලී පවති.
ඔහු එදා පැවති පාලනය මෙසේ විග්රහ කරයි:
"එජාපය පරාජය වෙනකොට ඔවුන් ගියේ යන යකා කොරහක් බිඳගෙන ගියා වගේ. අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විජාතික කඩපොළක් බවට පත්කරලා අපේ ජන සමාජය බඩගෝස්තරවාදී පරිභෝජනවාදී අන්තවාදී පුද්ගලිකත්වයකට තල්ලු කරලා. ජාතික සංස්කෘතිය මුළුමණින්ම විනාශ කරලා. අධ්යාපනය, සෞඛ්යය, ප්රවාහනය වලපල්ලට යවලා. රාජ්ය දේපළ විකුණලා, මුළුමනින්ම රාජ්යයේ ස්වාධීනත්වය හා අභිමානය විදේශවලට යටපත් කරලා. 94 ආපු ආණ්ඩුවට ඒවා යළි සකස් කරන්න බැරිවුණා. හැබැයි මරණය වෙනුවට ජීවිතය තරුණ අපිට ලබාදුන්නා ඒ ඇති."
අද තත්ත්වය මේ සඳහන් කරන සදහන් කිරීමෙන් වෙනස් වන්නේ කෙසේ ද? ගත වූ අවුරුදු 15 තුළ ධම්ම දක්වන ක්ෂේත්රයන්ගේ ඇති වූ වර්ධනය වරක් ද? පිළිතුර කිසිත් නැත. ක්රමයෙන් තත්ත්වය අසාධ්ය වනු මිස, අනෙක් සියලු අහේතුන්ට නිදහසට කරුණ ලෙස යුද්ධය පෙන්වා මහජනතාව රවටා ඇත.
කෘත්රීම ලෙස ජන මතය වෙනස් කිරීම සඳහා ඇමති, නියෝජ්ය ඇමතිකම් නැමති පගා දී, මහින්ද සුවිශාල කැබිනට් හා නොන් කැබිනට් ඇමති මණ්ඩලයක් ද, සුරාගෙන ගසා කන්නෝ රොත්තක් ද වට කොට ගත් මහින්ද හට කළ හැකි සංවර්ධනයක් නැත. බලය රදාවා ගැනීමේ කෲරතර පාපකර්මයේ යෙදෙන විට ඒ සඳහා බර පැන ගෙවිය යුත්තේ මහජනතාව යි; අනාගත පරපුර යි.
ස්වල්ප දෙනෙකුගේ සැප විහරණය සඳහා ලංකා මාතාවගේ අනාගතය උකස් කරමින් සිටින මහින්ද රෙජිම, විධායක ජනපති බලය භාවිත කරමින් අධිකරණය හා ඡන්ද කොමසාරිස් වෙත ද අනියම් බලපෑම් කරනු ලැබේ. ප්රජාතන්ත්රවාදී රටක ප්රධාන ස්ථම්භයන් වන අධිකරනය හා විව්යස්ථාදායකය හෙවත් පාර්ලිමෙන්තුවට ඍජු ව මහින්ද මැදිගත් වී බලය රැක ගැනීම පිණිස බලපෑම් කර ඇත. පගාදී විපක්ෂයේ මහජන නියෝජිතයන් බිළි බා ගනිමින් ව්යවස්ථාදායකයට ජනපති ගේ අදුරු සෙවනැල්ලට නතු කර ගත්තේ ය. එලෙසින් ම, අධිරණය විසින් දුන් තීරණ වන හෙජින් ගිවිසුම හා ඛණිජ තෙල් මිළ අඩුකිරීමේ සිට, ඡන්ද කොමසාරිස්ගේ නියෝජිතයා ඉවත් කර ගැනීම දක්වා කළ ස්වාධින ආයතන විධායක ජනපතිගේ ඇඟිලි ගැසිම, තවත් වරක් බලයට පැමිණි විට අති විශාල ලෙස කරනු ඇත.
රාජ්යයේ මැදිහත් වීමෙන් මුදා හරින ප්රචණ්ඩත්වය හා මිනිසුන් නිකරුනේ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම්, දේශද්රෝහි ලේබල අලවා ජීවිත අනතුරු හෙළිම ආදී සාකල්යවිධ ත්රස්තවාදය මුදා හැරීම සඳහා මහින්ද රෙජිම වගකිව යුතු ය. මේ ක්රියාවන් දක්වන්නේ ඉදිරියේ දී ඇති විය හැකි ඒකාධිපති පාලනයක පෙරනිමිති ය. එදාට ධම්ම තක්බිර් වනු නියත ය.
ධම්ම ස්වකීය ලිපිය නිම කරන්නේ මෙසේ ය:
"දැන් මාස 7 ක් 8 ක් තිස්සේ බයක් සැකක් නැතිව සිංහල, දෙමළ මුස්ලිම් අපි නිදහසේ ජීවත් වෙනවා. මේක දැක්කම සමහර විදේශ රටවල්වලටත් මේ රටේ සමහරුන්ටත් හරිම අමාරුයි. කොටින්ගේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සන්ධානයත් සහෝදර සමාගම් වන මනෝ ගනේෂන්ලත්, හකීම්ලත්, මංගලලත් කොටින්ට ජීවනාලිය දෙන රනිල්ලත් එකතුවෙලා මේ කරන්න යන්නේ නැවතත් මේ රට මහා වාචකයකට ගෙනයැම මිසක් වෙන දෙයක් නොවේ. එක අතකට අඩු වැඩි වශයෙන් මේ රටේ ජනයා ඝාතනය කරපු එජාපය, කොටි සංවිධානය ජවිපෙ කණ්ඩායම සහ ඒවට අනුබල දෙන ගනේෂන්ලා හකීම්ලා මංගලලා එකට එකතුවීම පුදුමයක් නොවේ. මේ හවුලේ අරමුණ අනාගත ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ අර්බුද ඇතිකොට ඉන් අසරණ වන ජනයාගේ මිනී කඳු මත නව බලලෝභී වෛරී දේශපාලනයේ සව්දිය පිරීමයි.
ඉතින් මේ මහා භීෂක පක්ෂ හවුලට එරෙහිවී අප දිනාගත් නිදහස පරෙස්සම් කරගැනීම සහ තහවුරු කරගැනීම අපේ වගකීමක්. අපිට වගේම අපේ දරුවන්ට ජීවිතය අවශ්යයි. මරණයට එරෙහිව ජීවිතය දිනවමු. මේ මොහොතේ ජීවිතය යනු මහින්දයි. ඔබට සුබ අනාගතයක්."
ධම්ම දක්වන සාමය මනෝමූල හා මනෝරජ්යක සාමයක් මිස, සැබෑ සාමයක් නොවේ. ප්රතිවාදින් හා ප්රති අදහස් නො ඉවසන, ඔවුන්ගේ රැකියාවන්, ජීවනෝපායන්, ජීවිත අහිමි කරන තත්ත්වයක, මාධ්ය නිදහස හිරගෙට හා පොරකයට යවා ඇති යුගයක, දෙමළ මිනිසෙකුට නිදහසේ පාරේ තොටේ යා නොහැකි, ධීවරයකුට රෑ ස්වකීය රැකියාවට යා නොහැකි නම්, දහස් ගණනක් තව ම අනාථ කදවුරුවල ගාල් වී ඇත්තම් ධම්ම කතා කරන සාමය කොහි ද?
ඉදිරියේ ස්වකීය විධායක ජනපති බලතල යොදා ගනිමින් ව්යවස්ථාදායක පාර්ලිමෙන්තුවේ බල තුලනය වෙනස් කළ, අධිකරණය හැල්ලුවකට ලක් කර, විධායක ජනපති ධූරය අහෝසි කරන බව බොරු පවසා තවත් වරක් විධායක ජනපති ධූරය සඳහා ඉල්ලන මහින්ද හා ඔහුගේ සහචර පිරිස අනාගතයේ භිෂක හවුලක් නොවන බවට ඇති තක්සේරුව කුමක් ද? ධම්මගේ මේ කතිතාව අනාගත පරපුර අදුරේ හෙළන ස්වකීය ශාස්ත්රීය දැනුම හා කතිකාරචාර්ය ධූරය නැමති හබරළ කොළයෙන් විළි වසා ලන්ට තනන ධම්මගේ මෘග්ධ ව්යයාමයකි.
ස්වකීට ජනපති ධූරයේ තවත් වසර දෙකක නිල කාලයක් ඉතිරි ව ඇති විටක, මහින්ද ජනපති වරණයක් කැඳවූයේ මහජනතාවට ඇති ස්නේහයෙන් හෝ සත්ත්ව කරුණාවෙන් නොව, ආත්ම ලෝභයෙන් හා බලලෝභයෙන් ස්වකීය බලය තහවුරු කර ගැනීමේ අවසාන තුරුම්පුව ලෙසින් ය.
මේ නම් දක්වන්නේ මහින්දයේ ඇති බල උම්මාදයේ ඉහමොළ යෑමේ රෝග ලක්ෂණය යි. මෙයින් ඉදිරියට රඟ දැක්වෙන්නේ, විධායක උමතු මිලිටරවාදී, බල උම්මාදි විධායක ජනපතිගේ භිෂණ ජවනිකාව යි. තව වසර හයක දී, මේරට අන්ත දූගීත්වයකට පත් වීම මෙවැනි නායකයකුගේ පුරෝගාමිත්වයෙන් සිඳු නොවුන හොත් එය අරුමයකි. මහින්දගේ අවසාන ධූර කාලයෙ දී, පසුගිය කාලය හා සසඳන විට, නැවත ජනපති වීමට අවස්ථාවක් නොමැති නිසාවෙන් , විය හැකි අනතුර මහත් විශාල ය.
දෛවයේ අනාගත වෙනසක් සිඳු නොවුන හොත්, මේ මොදූ වන විධායකයේ අදුරු සෙවනැල්ල ලංකා දේශය මත වැටී, මුළු ලංකාව ම අන්ධකාරය පත් කරන කාලය වැඩි ඈතක නොවේ.
මුල් ලිපිය සඳහා ලැබුණු ප්රතිචාර:
වයස්ගත වනවිට කොන්ද පන නැති වෙලා ලොකු තැන් වලට වාරු වෙන රැඩිකල් පොරවල් වලට හොද උදාහරන කිහිපයක් මෑතකදී දකින්න ලැබුනා.ජැක්සන් ඇන්තනි ගාවට ආපු අනිත් උදාහරනය ධම්ම දිසානායක.මේ විශ්ව විද්යාල ආචාර්වයවරයා වසර කිහිපයකට ඉහත වාමාංශික පාඨ මහත් බරක් ඇතිව ( සමහරවිට අති වාමාංශික විදිහට පවා) උච්චාරනය කල හැටි අපිට මතකයි.
මේ වගේ ව්යාජ රැඩිකලුන් දැකීමට තව තවත් වාසනාව උදාවේවා!
Friday, January 22, 2010
සරසවි ඇදුරන්ගේ වන්දිබට්ටකම්
අද දිවයින පුවත්පතේහි සඳහන් වූයේ වත්මන් ජනාධිපති වරයා 60% ඡන්දය ලබා ගන්නා බවත්, ඔහුගේ ප්රතිගාමියා වූ විශ්රාමික ජෙනරාල් වරයා 38% ලෙස සඳහනක් මහින්ද වෙත කත් අදින, ආචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ප්රකාශ කොට තිබුණි. හෙතෙම, පැහැදිලි ලෙස මහින්ද වෙත වන්දිපබ්ටකම් කරන්නේකු බව රජයේ වෙබ් අඩවියක හේ සඳහන් කළ "ගෝලිය බමුණුකුලය බිඳ දැමූ ශ්රී ලාංකේයිය සලකුණ" නැමති ලිපියෙන් ම පෙනේ.
මෙවැනිම තවත් සමික්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්යලයේ ආචාර්ය වරුන් කිහිපදෙනෙකුගේ සහභගීත්වයෙන් ද කර දිණමිණ පුවත් පතේ පළ කොට තිබිණි. එහි ප්රතිපල වූයේ මහින්ද 74% ද සරත් 35% ද ගන්නා බව ය.
මේ ලෙස බෙගල් දෙසා බා ස්වකීය විශ්ව විද්යලවල කීර්ති නාමය කෙලෙසන මෙවැනි ඇදුරන් සඳහා විශ්ව විද්යාල කොමිෂන් සභාව යම් පියවරක් ගත යුතු ය. නැතහොත් එකී ආයතන පිළිබඳ විශ්වාසනීයත්ව සමාන්ය ජනතාව කෙරෙන් ගිලිහි යනු ඇත. කෙසේ වෙතත් මෙසේ කරලියට පැමිණෙන්නේ ලංකාවේ අධ්යපන ක්ෂත්රය වැටි ඇති අගාදය මිස වෙන කුමක් ද? නිවැරදි ලෙස ප්රශ්න පත්රයක් මුද්රණය කර ගත නොහැකි කලාප අධ්යපන අංශ ද, නිවැරදි ලෙස උසස් පෙළ විභාගය සඳහා ප්රශ්න පත්ර කටයුතු කළ නොහැකි ආචාර්ය වරු ද, සිඝ්රයෙන් වැසෙමින් පවතින ග්රම්ය පාසල් ද, උසස් පෙළ සහ උපාධි පෞද්ගලික පන්ති පවත්වන විශ්විද්යල ආචාර වරුන් ද, දේශපාලකයන්ට පිරිනමන සැදී තිබෙන ගෞරව උපාධින් ද, තඹ සතයකට නොවටින යල්පිනූ අධ්යාපනයක් කර පින්නා පිටවන උපාධි ධරයන් ද, කියා පාන්නේ රටේ සුබ ම සුබ ආනාගත ය. මා දන්න තරමට, පැරණි විශ්ව විද්යාල ආචාරවරු කිසි විටකත් අතීතයේ දේශපාලකයන් ඉදිරියේ නැමි පාද ලෙව කා නැත. එහෙත් අද තත්ත්වය වෙනස් ය. ඒ සඳහා ස්වකීය අධ්යාපන ගෞවරවය පවා දෙන සරසවි ඇදුරන් රොතු පිටින් ඇත. අධ්යපනය ද දේශපාලනකරණයට පත්ව ඇත. එනිසා නිදහස් අධ්යපනය වල පල්ලට යෑම තව ස්ල්ප කාලයකින් සිඳුවනු ඇත.
මෙවන් ඇදුරන් ගෙන් ඇසිය යුතු ප්රශ්නය, මෙවන් මහත් රැවටීමක් කරන්නේ මහජනතාව කවුරුන් ලෙස සිතා මතා ද?
වෙනත් සබැදුම්: W3 සටහන; දිනමිණ ලිපිය
රවටන්නෝ සහ රැවටෙන්නෝ: අවසාන සිනාහව
මේ දිනවල ඡන්දය සඳහා ආසන්න දින වකවානු ළංව තිබෙන විට බොහෝ බොලොග් මඩවලින් සහ කුණුවලින් පිරී පවති. මේ අතර ජනමාධ්යයේ ප්රචාරයවන දේශපාලක ප්රකාශ රාශියක මූලීක අරමුණ මහජනතාව ගොනාට ඇන්දීමට ය. මේ දිනවල උණුසුම් කතාව හංසයා විසින් ගැසූ රට බෙදෙන හොර ගිවිසුමක් පිළිබඳව ය. අනෙක් පැත්ත එයට පිළතුරු දෙමින් ප්රකාශ කරනුයේ එකී හොර ගිවිසුම ආණ්ඩු පක්ෂය විසින් හොරට හදා හොර අස්සන් තැබූබක් බව ය. දෙමළ අන්තවාදීයකු හා කොටින්ට ප්රත්යෝපකාර කළ, ආණ්ඩුපක්ෂයට අනුව කොටි නියෝජිතයා මේ ගිවිසුමට අතසන් කොට ඇත්තේ සිංහලෙනි. අනෙක් අතට විමල් වීරවංශ විසින් කොටි 300ක් පගා ගෙන ජෙනරාල්ට පක්ෂ ව ඡන්ද සටනෙන් ඉවත් වූ මුස්තාපා පිළිබඳ ප්රකාශය ද අල්ලස් කොමිසම හමුවට ගෙන විත් ඔප්පු කිරීමට නුපුළුවන් වීම තවත් රැවටීමක අවසාන ය. ජෙනරාල් පොන්සෙකාගේ බැනනුවන්ගේ කෝප් ලංකා ආයකනය රැපියල් 25,000 හෝ එයට වැඩි මුදල් වංචා කිරීම පිළිබඳ උසාවිය ඉදිරියේ වූ නඩුව ඔප්පු කිරීමට තරම් සාධක තව ම රහස් පොලිස්සියට හැකි වී නැත. ඒ වෙනුවට ඔවුන් මාධ්යයට කෙසේ හෝ මුදා හැරෙන (ලීක්) වන රහස්ය ප්රකාශ උසාවියේ ගොණු කරනු ලැබේ. පසුගිය දිනක රජය විසින් වියම් කළ මුදල් හා මගඩි ගැසූ මුදල් පිළිබඳ අජිත් කබ්රාල් මහතා නිදහසට කරුණු දැක්වීමක් කරන ලදී. එහෙත් ඒ නිදහසට දැක්වීම බන්දුල ගුණවර්ධනයන්ගේ මහ බැංකු වාර්තා ගෙන කරන අංක ගණිතයට සමාන ය. පසුගිය දින වල ඡන්ද කොමසාරිස් රජයේ මාධ්ය ප්රකාශන පිළිබඳ පත් කළ ස්වකීය නියෝජිතයා එයින් ඉවත් කර ගත්තේ රජයේ මාධ්ය හා නිළධරයන් අසීමිත ලෙස දේශපාලන පක්ෂග්රාහිත්වයක නියැලෙන බව දක්වමින් ය. පසුගිය දින වල ප්රකාශයට පත් වූ වාර්ථාවන්ට අනුව විශාල සංඛ්යවක් හමුදා, පොලිස්, විශ්විද්යාල උපකුලපතිවරුන්, හා රජයේ සේවකයන් ස්වකීය කැමැත්තෙන්ම හෝ බලහත් කාරයෙන් ඡන්ද වැඩ වලට යොමු කොට තිබිණි. ලංකා ගමනා ගමන මණ්ඩලයෙ බස් රථ ඡන්ද රැලි සඳහා පාක්ෂිකයන් අද්දවා ගැනීමට යොමු කරනු ලැබිණ. තවත් සමහරුන් විධායක අගමැති වරයකු පිළිබඳ ව්යවස්ථා ප්රතිපාදන තර්කය යෙදී ඇත.
මා විසින් සටහන් කළ සටහනකට මහින්දට හිතැති අයෙක් මෙසේ ලීයා තිබිණි:
"තවමත් පෙහොර මිටිය 350යි. සත්ය මිළ 6000යි. ගොවීන්ට ඉහළ මිළක් ගෙවීමේ ක්රමයක් ද සකසා ඒ මගින් ගොවියාගේ ආදායම තහවුරු කොට තිබියදී පවා තවමත් ඔබ සහල් ගන්නේ කිලෝව රුපියල් 100කට අඩුවෙනි. අද පාන් මිළ කීය ද? 6000ට (වරක් එය 9000 දක්වා ඉහළ ගියේය) පොහොර ගන්නට සිදුවිණි නම් හාල් මිළ කීයක් වේවිද කියා ඔබ සිතුවාද? එසේ විණි නම් කළ හැක්කේ කුමක් ද? පිටරටින් සහල් ගෙන්විය යුතුය. නමුත් එය කළ හැකි වේවි ද? ඉන්දියාව පවා සහල් අපනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වූ බව මතකද? (අපි වවමු රට නගමු ඇරඹුනේ ඒ අනුව ය.) සල්ලි වලටවත් ගන්නට තැනක් නැතිව ගිය විට ඒ සහනාධාරය ක්රියාත්මක නොවිණි නම් අපගේ කෘෂිනකර්මාන්තය මේ වන විට බිද වැටී අවසාන ය.,
ඔහු විසින් අමතක කළ සාධක කිහිපයක් මා මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි. පළමු ව, රුපියල් 350 පොහොර මිටිය ගොවියාට දෙන විට, එකී සාහනාධාරය සඳහා රජය විසින් දරන රුපියල් 5,650 (හෝ 8,650) දරන්නේ කවුරුන් ද? සහනාධාර දුන් පලියට වියදම නැතිවන්නේ නැත.ඒ වියදම කවුරු හෝ ගෙවිය යුතු ය. එසේ ගෙවීමට සිඳු වන්නේ රටේ මහජනතාව සඳහා ම ය. එසේ ම, පසුගිය දිනවල සහනාධාර පොහොර විශාල ප්රමාණයක් කළු කඩකාරයන් වෙත විකුණා ඇති බව හෙළිදරව් විය. එසේ නම් මහජනතාව විසින් බරපැණ දරන පොහොර ටික දෙනෙකුගේ සුඛිත මුදිතකාවය වෙනුවෙන් කැප කොට ඇත. යුද්ධය අවසානය සමඟ ම දකින්නට ලැබුණෙ මහින්දගේ සහනාධාර පොහොර මිටි ටොන් ගණනක් කොටින් විසින් බොම්බ සෑදීම පිණිස යොදවා ගෙන තිබූ ආකාරය යි. මහජනතාවගේ කර පිටින් කොටින් හට බෝම්බ තනා අපේ හමුදාව සහ සමාන්ය වැසියා අනතුරේ හෙළිමට අඩු වියදමින් ඇමොනියා පොහොර ලබා දී තිබුණි. කෘෂි කර්මය පිළිබඳ සාමාන්ය දැනුමක් ඇත්තෙක් වුවද, තේරුම් ගත හැකි, කරුණ නම් ලොවිතැනෙහි වැඩිම වියදමක් යන්නේ ශ්රමයට, පළිබොධ නාශක හා බිම් පිළිසකර කිරීමට විනා පොහොර සඳහා නොවේ. අනෙක් අතට ලාභ පොහොර ලබන ගොවින් අස්වනු වැඩි කරන නියාවෙන් වැඩිපුර පොහොර යොදන අතර, නයිට්රජන් පොහොර වැඩියෙන් යෙදූ කළ, පත්ර විශාල සහ මෘදු වෙමින් පළිබෝධ හානියට තව තවත් පාත්රී වෙයි. පොහොර වල අඩංගු විවිධ බර ලොහ සහ කැඩ්මියම් මෙන් ම, අතිරික්ත නයිට්රජන් පොහොර ජලය සමඟ මිශ්ර වී වැවු කරතාත්, වැව් ආශ්රීත ජිවත් වන පුද්ගලයන්නේ ආහාර දාමයටත් එක් වේ. එයින් ඇතිවන අතුරු ප්රතිපලය වකුගඩු රෝග හා ඒ ආශ්රීත රොගාබාධයන් ය. මේ රොගීන් විසින් නිදහස් රොහල් පද්ධතිය වෙත අනවශ්ය බරක් ඇති කරන අතර, එයින් නැවතත් ජාතික ආර්ථික වෙත බලපෑම් ඇති වේ.
මුළු නිශ්පාද වියදමෙන් 15%-5% අතර ප්රමාණයක් පොහොර මගින් සිඳුවන අතර, කෘෂි විද්යව පිළිබඳ කිසිදු දැනීමක් නැත්තෙකුට රුපියල් 350 පොහොර හොඳ ඡන්ද ගුංඩුවකි. මා විසින් කතා කළ ගැමි ගොවීන් විසින් මට ප්රකාශ කළේ ඔවුන්ගේ සකල ප්රශ්න රුපියල් 350 පොහොර සමඟ නිමා වී ඇති බව යි. එහෙත් විෂය පිළිබඳ දැනුමැත්තෙකුට මේ රැවටීමේ තරම සක්සුදක් සේ පැහැදිලි ය (මේ තර්කය ඔප්පු කරනු පිණිස අක්කර යක නිශ්පාදන වියදම ළඟක දී මෙහි සටහන් කොට තබන්නෙමි). [1]
මේ තීරයෙන් මා දක්වන්නේ රවටන්නන්ගේ රැවටීම් ය. මේ රැවටීම් සඳහා රැවටෙන "යථාර්ථවාදීන්" තමුන් හඳුන්වා ගන්නා කොටසක් ද වෙති. රවටන්නෝ කෙසේ රැවටීම කළත් "අවසාන සිනාව" අයිති මහජනතාවට ය. දේශපාලකයන්ගේ උවමනාව ස්වකීය සැප සම්පත් සහ බලය රැක ගැනීම සහ තව පරම්පරා ගණනාවකට මුදල් හරිහම්බ කර ගැනීමට ය. මහින්ද අවුරුදු දෙකක ධූර කාලය ඉතිරි ව තිබිය දී, අනවශ්ය ඡන්දයක් කඳ වූයේ ඒ නිසා ය. තව අවුරුදු දෙකක් ස්වකීය මහින්ද චින්තනය යටතේ රට සුඛිත මුදිත කොට නියම කලට ඡන්දයක් කැඳවුයේ නම්, ජෙනරාල් කෙනෙකුගේ තර්ජනයට හෙතෙම පාත්ර නොවුණු ඇත. සත්ය මහින්ද පර්සි රාජපක්ෂ හොඳින් දනී. ඒ නම්, ඔහුට මෙතැනින් ඉදිරියට රටේ තත්ත්වය සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යා නොහැකි බව ය. ඒ නිසා, තැටිය රත්වී ඇති විට, රොටිය පුළුස්සා ගැනීමට හෙතෙම බලාපොරොත්තු වූවා විය හැකි ය. මේ අනවශ්ය ඡන්දය කැඳවීමෙන් විපක්ෂය මහින්ද අඩු තක්සේරු කළා පමණක් නොව, රට සංවර්ධනයට ස්වකීය නොහැකියාවත් හුවා දැක්විම කළේ ය.
මෙවැනි අවස්ථාවක මාගේ අවධානය යොමු වන්නේ මහජන සේවය සිඝ්රයෙන් දේශපානීයකරණය වීම ගැන ය. මහජනතාව නිවහල් ය. දේශපාලකයන්ගේ මාපටගිල්ලට යට ව සිටින්නට ඔවුනට අවශ්ය නැත. ඡන්ද කොමසාරිස් විසින් සිවකීය බලය භාවිත කොට, රාජ්ය මාධ්ය නිළධරුවන් උසාවියට ගෙන ගොස් දඬුවමට පත් කළේ නම් ඔහු විසින් මහජන අයිතියට කළ මාහැඟි දායාදයක් වීමට තිබිණි. එවැනි පුර්වා දර්ශයක් කළේ නම් ඉදිරියේ පත්වන කවර වර්ණයේ ආණ්ඩුවක වුව ද, මහජන දෙපළ වලට අත තැබීමට මත්තෙන් දෙවරක් සිතනු ඇත. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් රවටන්නෝ රැවටිමකට ලක් කිරීම මහජන යුතු කමකි. රවටන්නෝ රැවටුන විට, රවටන්නන් දෙස බලා අවසාන සිනාහව උරුම වන්නේ මහජනතාව වෙතට ය. එවිට සැබෑ සුබ අනාගතයක් සහ විශ්වාසනීය වෙනසක් මහජනතාවට ලැබෙනු ඇත.
[1] නිශ්පාදන වියදම සඳහා නිදර්ශන ලෙස කෘෂි කර්ම දෙපාර්තුමෙන්තුව මගින් නිකුත් කළ සංඛ්යා ලේඛනයක් පහත දැක්වේ:
Production cost: Labour (73%) is the highest cost component in radish cultivation, follows with seed (18%), pesticide (6%) and fertilizer (3%) (Source: Department of Census and Statistics, 1996). The unit cost of production for the period of 1998-2001 is given in Table. The estimated production cost indicates that increasing the productivity of the crop by adopting appropriate technologies could reduce the unit cost of production.
මෙහි පොහොර සඳහා දක්වා ඇත්තේ 3% පමණ ප්රතිශතයකි.
Friday, November 27, 2009
මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් ද?
පසුගිය දිනක ඡන්ද උණුසුම ක්රමයෙන් වැඩිවේද්දී, සමහර ප්රවෘති පත්රවල ඡන්දයට පක්ෂ සහ විපක්ෂ ලෙස ඍජු ව හෝ අනියම් ලෙස ස්වකීය අපේක්ෂකයාට සහය පළ කිරීමේ ක්රියාකාරී වැඩ පිළිවෙලක් ආරම්භ විය. එක් එක් අපේක්ෂකයාට සහය දැක්විය යුත්තේ මන්දැයි සාධාරණියකරණය සඳහා විවිධ වූ නිදහසට කරුණු රාශියක් පෙළ ගස්වන ලදී. අනවශ්ය ලෙස ජාතිත ධනය මිලියන ගණනින් නාස්තිකර අකාලයේ අවුරුදු දෙකකට කලින් ඡන්දක් පැවැත්වීමට හේතුව ලෙස දැක්වූයේ, නැතිවන ජනප්රියතාවය හා සහයෝගය හමුවේ ඊළඟ මැතිවරණය පරජය වී ගෙදර යාමට වඩා කලින් යන්තම් ජනප්රියතාවය ඇති මොහොතේ ඡන්ද පවත්වා තව අවුරුදු හයක් දතා කා හෝ බලයේ රැදීම වෙනුවට, අලුත් ජනවරමක් දෙමළ ජනතාවගෙන් ලබා ගත යුතු යන්න ය. නිදහස් මධ්යයට අවුරුද්දකට ආසන්න කාලයක් නිකරුණේ දෙමළ ජනයා ගාල් කොට ඇති සරණාගත කඳවුරු වලට යාමට හෝ නැවත පදිංචි කළ ජනතාව හමුවීමට යාමට වරම් නැති අවස්ථාවක, නිදහස් ස්වාධින ඡන්ද ප්රකාශයක් දෙමළ ජනතාවගෙන් ලබා ගත නොහැක. ප්රභාකරන් හමුවේ දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය පසුගිය ජනපතිවරණයේ දී අහිමි වුණාක් මෙන් මෙවර ජනපති වරණයේ දී, හමුදාව හා සිවිල් බලපෑම් මත ප්රභාකරයන් යටතේ සිඳු වූ දෙයම ප්රති නිර්මාණය වනු ඇත. අවසානයේ ජරාජයට පත්වන්නේ මුදවාගැනීමට දේශපාලන තන්ත්රය ඝෝෂා කළ අහිංසක නිරායුද සිවිල් දෙමළ ජනතාව ම ය. ඔවුන් එක් එකාධිපති පැසිට් වාදයක සිට අනෙක් ප්රජාතන්ත්රවාදීයයි කියා ගන්නා එහෙත් මිලිටරි තුවක්කු අමොරාගත් ආණ්ඩුවේ හමුදාවක් යටතේ අසරණ වීමට දැන් කටයුතු යෙදී ඇත. එහෙයින් මේ අනවශ්ය ඡන්දයෙන් නැවත ප්රතිනිර්මාණය කරන්නට යන්නේ ප්රභාකරන්නේ මිලිටරි පාලනය ම වෙනස් වූ දැන් සිංහල බහුතර හමුදාවක් යටතේ ය.
එසේ ම, සමහරුන් ගෙනෙන තර්කය වන්නේ යුද්ධය නිමා කිරීමේ "කෘතවේදීත්වයෙන්" දැනට ජනාධිපති ධූරය හෙබවන මහින්ද බලයට පත් කළ යුතු බව ය (සමහර ජනමාධ්යවෙදීන් ලිපි ලියන්නේ කාගේ පොකට්ටුවේ සිට දැයි කියවන්නෝ අවබෝධ කර ගත යුතු ය). යුද්ධය දිනා ගැනීම සඳහා මහින්ද ඇතුළු දේශපාලන නායකත්වය කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ හ. රනිල් කිසිවිටකත්, යුධමය ක්රියා මාර්ගයෙන් මෙකී ප්රශ්නය විසඳන බවට, ප්රතිඥාවක් දුන්නේ නැත. ඔහු බලයට පැමිණියේ නම් මෙලහකට, ප්රභාකරන් ඇතුලු පිරිස තවමත් ජීවතුන් අතර, සිටින්නට තිබුණු අතර, සටන් විරාමයෙන් ඔබ්බට බලය බෙදා වෙන් කිරීමක් කරන්නට ඉඩ තිබිණ. සමහර විට එය එයින් ඔබ්බට ගිය දීන තත්ත්වයකට පත්වන්නට ද ඉඩ තිබිණි. එහෙත් මෙකී ප්රකාශ අපගේ හුදු උපකල්පනයන් මත පිහිටා කරන්නන් මිස තත්ය මට්ටමේලා සිඳු වූ ඒවා නොවේ. කෙසේ වෙතත්, ජනතාව පසුගිය ජනාධිපති වරණයේ දී රනිල් පරාජය කොට රට යුධ මාවතකට යොමු කළේ, යුද්ධයෙන් මේ ප්රශ්නය නිමවා, සාමය උදාකොට, දේශපාලන විසඳුමක් ඉටු කොට, මහින්ද චින්තනය නම් වූ මහා ප්රතිපත්ති ප්රකාශය යටතේ රට සුඛිතමුදිත කිරීමට ය. එහෙත් ජනාධිපති වරණය දිනා ගන්නා මහින්දයන් ස්වකීය අභිමතාර්ථ ඉශ්ට කිරීමට යන්නේ, පාර්ලිමෙන්තු මැතිවරණයක් පිහිටුවා පාර්ලිමෙන්තු වේ බහුතය ලබා ගැනීමෙන් නොව, පාර්ලිමෙන්තුවේ මහජන මතය, ඇමතිකම් සහ වෙනත් වරප්රසාද දිගු කොට, කෘතිම ලෙස වෙනස් කිරීමෙන් ය. මේනිසා මහින්ද එක් අතකින් මිලියන දස දහස් ගණනක් ජාතික ධනය ඔහුගේ බලය පවත්වා ගැනීමේ ව්යාපෘතිය සඳහා මැති ඇමැතිවරුන්ට පගා වශයෙන් ප්රසිද්ධියේ දෙති. මෙය සැබෑ ජනමතය විකෘති කිරීමකි; ලාංකික ඡන්ද දායකයන්ට කළ නිගාවකි; ඇස්බැන්දුම් වංචාවකි.
මහින්ද යුද්ධය ජයගත් බව සැබවි. රනිල් මෙවන් අමාරු ස්ථානයක සිටියේ නම්, අන්තර්ජාතික අභියෝග සහ බලපෑම් හමුවේ නැමෙනු ඇත; දණ ගසා අත් ඔසවා යටත් වනු ඇත. එහෙත් මහින්ද ස්වකීය ජනපතිවරමට ගරු කරමින් නිහඬ ප්රතිපත්තියක් අනුගමනය කරමින් යුද්ධය අවසාන වන තුරු සටන මෙහෙය වී ය. යුද්ධය නිමා කිරීමට දරුණු මිනිස් ජීවිත ප්රමාණයක් ඝාතනය කරන්නට සිඳු වි ය. එහෙත් එහි වරද හෝ යුධ අපරාධ ආශ්රිත චෝදනාව මහින්ද හෝ ගෝඨාභය වෙත නොව, මුළු මහජනතාව වෙත ම පැට විය යුතු ය; වගකීම භාර ගත යුතු ය. මන්ද මහජනතාවක් ලෙස මහන්ද ජනාධිපති කිරීමෙන් ඔහුගේ අත් සවිකොට, එසේ ක්රියාකිරීමට පෙළඹ වූයේ ලාංකික ඡන්ද දායක අප ම බැවිණි.
එහෙත් මෙහිදී, වැදගත් කරුණක් අමතක කළ යුතු නැත. මහින්ද යුද්ධය ජය ගත්තේ ස්වකීය ජනපතිවරම සඳහා ජනතාව දුන් අභිමතය මගින් ය. එය කිරීම සඳහා මහින්ද ජනපති ලෙස ඡන්දයෙන් පත් කළ විට බැදී සිටි. ඔහු දැනට කර ඇත්තේ ස්වකීය වගකීම ඉටු කිරීම පමණි. ඒ සඳහා ජනතාව ඔහුට අමුතුවෙන් කෘතඥ වීමට හෝ දණගසා යටත් වීමට අවශ්ය නැත. මන්ද ඔහුට ලැබී ඇති බලය, වරප්රසාද, වැටුප් ඇති නානා මාදිලියේ දිමනාවන් හා නෛතික වශයෙන් ඇති මුක්තිය ලැබී ඇත්තේ එකී ජනාධිපති ලෙස පත් කිරීම නිසාවෙනි. එසේ තම යුතු කම ඉටු නොකළේ නම් ලබන ජනාධිපති වරණයට ලැජ්ජාවක් නොමැතිව ඉදිරිපත් වීමටවත් මහින්දට නොහැකි වනු ඇත.
අපට අමතක නොකළ යුතු කරුණක් සිහි කටයුතු ය. එනම්, ජනවරමින් මහින්ද පත් කළේ, අවුරුදු හයක කාලයක් තුළ, යුද්ධය හමාර කොට, මහින්ද චින්තනයේ දැක් වූ සංවර්ධනය ඉටු කිරීමට ය. යුද්ධය අවසානය එහෙත් තවම ඔහු පොරොන්දු වූ දේශපාලන විසඳුම ගෙන ඒම හෝ රට සංවර්ධනය කර නැත. මේ ජනපති වරම සඳහා ඔහු ඉදිරිපත් වන්නේ, රාජ්ය ආයතනයන්ගේ බහුතරයක්ගේ වර්ජන රැල්ලක් සමඟ ය. අධ්යාපනය ක්ෂේත්රයේ සහ සෞඛ්ය සේවයේ කඩාවැටීම් හා දූෂිත තත්ත්වයේ හමුවේ ය. සෞඛ්ය ඇමති නිළධාරින්ගෙන් මුදල් අය කරන බවට හැමදාම කරන පුරම්බෑම කර, ජනතාව ගැලරියට අන්දවා විසිල් හා අත්පොලසන් ගස්වා තප්පු මුක්කු කිරීම තරම් අවර ගණයට වැටී ඇත්තේ ය. කිය කිය ඉන්නේ නැතිව පුළුවන් නම්, ඒ සෞඛ්ය නිළධාරින් නම් කොට, උසාවියට ගෙනවිත් දඬුවම් කරන්න; තවත් බොරුවට ජනතාව මුළා නොකරන්න.
ජනපති පාශ්චාත් යුධ වතාවර්ණයක තමුන්ට රට සංවර්ධනය කළ හැකි බව, ක්රියාවෙන් පෙන්වා දී නැත. දෙවනු ව ජනාධිපති ධූරය අහොසිකරන්න ජෙ.වි.පෙ හි එකඟ වූ සහ ජනතාව ඉදිරියේ ස්වකීය පොරොන්දු අතරට එක් කළ, ඔහු ලැජ්ජා නැතිව දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉල්ල යි. එසේ කිරීමට කිසිඳු නෛතික පනතක් හෝ එවැන්නක් පසුගිය වසර කිහිපයේ නොගෙනා ඔහු දැනි ස්වකීය ජනවරම තුළ වූ, වගකීමක් බිඳ හෙළා, එකී අහොසි කරනවායි කී ධූරයට ම ඡන්ද කිරීමට ස්වකීය දේශපාලන ව්යාපරය මෙහෙවයි. මා පෞද්ගලික ලෙස හීලෑ කළ ජනාධිපති ධූරයක් ප්රිය කරන නමුදු, මහින්ද ජනතාව ඉදිරියේ පොරොන්දුව ස්වකීය වගකීම මෙයින් ඉටු කර නැති බව පෙනේ.
මුල් ජනවරමේ පොරොන්දු වූ වැඩපිළිවෙළ අඩක් පමණක් නිම කොට, නැවතත් තමන් නොකළ කරුණ ම ඉදිරිපත් කොට, තමුන් අහොසි කරන්නට නියම කළ ජනපති ධූරයට අකාලයේ ඉල්ලීම කවුරුන් වෙනුවෙන් කරන්නක් ද? ජනාධිපතිවරයා කර ඇත්තේ ඔහුගේ රැකියාවේ ජනතාව විසින් නියම කළ රජකාරීයෙන් කොටසක් ඉටු කිරීම පමණ. ඔහු හමුදා නිළධරයකුට වඩා වැඩි යමකට ජනතාව පත් කොට නැත. ඒනිසා ජනතාව ඔහුට ණය නැති; මහා අබිමන් ලෙස කෘතඥ වී, නැවත පත් කිරීමට ද කිසිඳූ සාධාරණ සදාචාරමය වගකීමක් ජනතාවට නැත. ප්රජාතන්ත්රවාදී පාලනයක රජ්ජූරුවන් දේශපාලකයන් නොව, ඔවුන් පත් කොට ඔවුන්ගේ අත් බල ගන්වන මහජනතාව ම ය. අප රජුන් මිස, යටත් අසරණ පිළිසරණක් ලැබියුතු වහල් යට වැසියන් සේ පරාජීත දීන මානසිකත්වයකින් කටයුතු නොකළ යුතු ය. පක්ෂනාකයන් හෝ තමුන් පත්කරන දේශපාලකයන්ට "සර්" හෝ "මැඩම්" කිය කියා දෙකට තුනට නැමෙන්නට කොන්ද කෙළින් ඇති මහජනතාවට අවශ්ය නැති වග මතක තබා ගත යුතු ය. මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් නොවන බව දේශපාලකයන් මනා සේ තේරුම් ගත යුතු කාලය එළෙඹ ඇත. එසේ ම, මහජනතාව ද තමුන් දේශපාලන පක්ෂාක්ෂිකත්වය හා ගැලරි කියන සුරංගනා කතා නැමැති කෙවිටෙන් දක්කන, මී ගොන් රැලක් නොවන බව ද එත්තු ගත යුතු ය.
Thursday, November 19, 2009
ජනපතිගේ රාජාභිෂේකයට ඔටුන්නක් සහ මංගල අසිපතක්
දිවයින පුවත් පතේ පළ වූ ලිපියකින් දැක් වූයේ, අතිගරු ජානාධිපති මහින්ද රාජපක්ෂ වෙත දිගාමඩුල්ලෙන් ඔටුන්නක් ත්යාග කළ බව යි:
ශ්රී ලංකාවේ පවතින්නේ රාජාණ්ඩු පාලනයක් නොව, ප්රජාතන්ත්රවාදී පාලනයකි. එවන් පාලන තන්ත්රයක් තුළ, එකාධිපති රජකම් කිරීමට කිසිත් අයෙකුට වරම් නැත. ජනාධිපති වේවා නැතහොත් වෙනත් මහජන නියෝජන ඍජු ව වගකියන්නේ ඔවුන් පත් කළ සහ නිල වශයෙන් ඒ ධූරයන් සඳහා අවසර දුන් මහජනතාවට ය. ඒ හෙයින් දීන ලෙස, මහ ජන නියෝජිතයන් පාමුල දණින් වැටිය යුතු නැත. විවිධ ප්රශස්ති ගායනා කොට, ප්රසාද ත්යාග ප්රධාන කොට, ඔවුන්ගේ අහම, ආත්මාර්ථය කිතිකවා රාජ ප්රසාද ලැබීමට කැස පොට ගසා ගත යුතු නැත.
ළඟක සිට, කොඳු නාරටි නැති, සෙවෙල නුගත් දූර්වලයන්ගේ උත්සහය මහින්ද ජනජති රජකමට ඇන්දීම ට ය. අවුරුදු විසිපහකට රජ ව සිටින්නැයි, රෝහණ ජනරංජන සම්මාන මොහොතේ, සංඝ රුවණක් කී වග මට මතක ඇත. මේ ප්රකාශය පක්ෂ වාදී විනා, ප්රජාතන්ත්රවාදී නොවේ. මිනිසුන් මෙසේ පාදඩ තත්ත්වයට පත් වන්නේ මන්දැයි මට තේරුම් ගත නොහැක. මේ සා පහත් තත්ත්වයකට වැටී, දේශපාලකයන්ගේ පා ලෙව කන තත්ත්වයට පත් වීම අතිශය සංවේගාත්මක ය. රාජකීයක්වය පැමිණෙන්නේ ජම්මලාභයෙන් මිස, මහජන ඡන්දයෙන් නොවේ. ලොවේ පහළ වූ බහුතර රජවරු ලංකාව ඇතුලු ව රටේ සිටි ප්රධාන චණ්ඩින් සහ ධාමරිකයන් ය.
රාජතන්ත්රය තුළ මානව හිමිකම් නැත. ඉඩම් අයිතිය මෙන් ම, මිනිසුන්ගේ ජීවිත මෙන් ම, අඹුවන්ගේ අයිතිය ඇත්තේ රජ වෙත ය. රාජකාරීය තුළ මෙසේ අධ්යාපනය නිසා සමාජයේ පර තෙරට පැමිණි පහත් කුළ වල ජනයා, ලංකාවේ රාජාණ්ඩුවක් තිබුණේ නම් තව ම අමුඩ ගසා ගෙන රාජකාරී කරනු ඇත. රාජකියත්වට නෑකම් දක්වන උඩරැටියන් කිහිපදෙනා හැර, අනෙකුත් ජනපති සිට පාර්මේන්තුවේ සෑම සියලු නියෝජීතයෝ අද ලබන වරප්රසාද නොමැති ව, යටත් අතවැසියන් ලෙස රාජකාරී කරනු ඇත. රාජතන්ත්ර පාලනයක වූ භයානකත්වය නොදන්නවුන් එය විචිත්ත්රභූත කරති.
අවසාන රජ්ජුරුවන් වහන්සේ පවා දී, පිළිමතලාවේ රාජාභරණ ඇද, ඔටුනු පැළදී සේ, රජකමට උරුම නැති, නරුමෝ රාජාභරණ ඇද, මා රජූ ය යි කීම, අපට පුදුම විමට කරුණක් නොවේ. ජේ.ආර්. "ස්වර්ණ සූත්ර" නමින් පොතක් ලීයා රාජවංශය පිළිවලින් සඳහන් කොට, එහි තම නම රාජ පාලකයන් හා ඒ ගොන්නට එකුතු කළේ තමා නිල නොවන රජ බව හුවා දැක්වීමට විය හැකි ය. ප්රේමදාස හා බැදී විවිධ කටකතා වලින් පෙනෙනුයේ එතුමාගේ රාජකීයත්වයට තිබූ ඇල්ම යි. මහින්ද මා රජේකු නොව භාරකාරයකු කීමේන්, වක්රාකාර ව, බුදු වදනේ සහ දේවානම්පිය තිස්ස රජ්ජුරුවන් වහන්සේ හා සමාන වෙමින් තමුන් ද නිල නොවන රජයයි එත්තු ගැන්වීමට උත්සහ කළේ ය.
මෙවන් ගැඹුරු ලෙස ඉතිහාසය හා තත්කාලීන සිදුවීම් විමර්ශනය කළනොහැකි වූවන්, මෙවන් කරුණු ලඝු කොට සිතන්නට පිළිවෙන. එහෙත් අන්තවාදය හා එකාධිපති වාදයට උඩගෙඩි දෙන්නේ මෙවන් අමනෝඥ ක්රියා ය.
ලාංකික ජනතාව පුරවැසියන් ලෙස වෙත තමුන්ගේ වටිනාකම, අයිතිවාසිකම් හා වගකීම් තේරුම් ගැනීමට හැකිව ලැබ කොදුනාරටියක් සහික කෙලින් අභිමානවත් ලෙස සිතීමට හා කටයුතු කිරීමට වරප්රසාදය ලැබේවා යන්න මගේ පැතුම...
["පටු අදහස් නම් පවුරෙන්" ගීතය සඳහා යොදා ඇති රූප කතුවරයාගේ ප්රසාදයට හේතු නොවූ බව කිව යුතු ය (රූප ගොනු කර ඇති ආකාරයෙන් පටු අදහස් මතු කර තිබෙව බව ලිපියේ රචකයා ද පිළි ගනී). එයින් මේ ලිපියේ දැක්වෙන අදහස් හැල්ලුවේ නම් මාගේ කණගාටුව පළ කරන්නට කැමති යි. ඔහුගේ බලාපොරොත්තුව ගීයේ දැක්වෙන නිවහල් අභිමානය ඇති කිරීම පමණි]
Wednesday, November 18, 2009
ලාංකික ජනතාව වෙත වදනක්
- විධායක ජනාධිපති ධූරය සඳහා සංවර්ධනය වන රටකට අවශ්ය වටිනා නිලයකි. එයින් පාර්ලිමෙන්තුවේ ප්රමාදයන්ගෙන් තොර ව, වේගවත් දේශපාලන හා පරිපාලන ක්රියාවලියක් ඇති කළ හැකි ය. ජේ. ආර් මෙකී නිලය ඇති කරන විට කල්පනාවට ගන්නට ඇත්තේ එයින් කළ හැකි සංවර්ධන ක්රියාවලිය යි. ඔහුගේ දැක්මේ ආකාරයට විවෘත ආර්ථිකය සමඟ වේගවත් සංවර්ධනය සඳහා පාදක වූයේ මෙකී ස්වාධීන නිල තලයයි. විවෘත ආර්ථික පිළිබඳ විවිධ කතිකා හා කියවීම් තිබෙන නමුත්, වරක් කොමියුනිස්ට් හෝ සමාජවාදී රටවල් අද, අර්ධ වශයෙන් හෝ ආර්ථිකය විවෘත කොට ඇත.
- ජේ. ආර්. 1978 ව්යවස්ථාව ගෙනෙන කල්හි, කල්පනා කළේ තමුන් ගැන පමණි. එහිදී හැකිතාක් බලය රදවා ගැනීම සඳහා හෙතෙම උත්සහ දැරී ය. රටක මාහැගී ව්යවස්ථික, පරිපාලන හා ආර්ථික ලියවිල්ල ස්වකීය බලලෝභිත්වය සලකා සැකසීමේ ආදීනවය අද මතු පරපුර ගෙවමින් පවති. ජේ. ආර් දිවියෙන් සමුගෙන ඇතග එහෙත් ඔහු ඇති කළ පටලැවිල්ල තවමත් ලිහා ගත නොහැකි ව, මහජනතාව දුක් වෙති; දුක් විඳිති.
- අවුරුදු 6ත් ධූරකාලයක් ඇති කර ගැනීමේ, ලෝභිත්වය අද ප්රශ්න රාශියකට හෙතුවේ, ආකාර්යෂම දේශපාලකයන් දෙදෙනෙකු යටතේ දිවි ගෙවන දරුවෙකු 24 අවුරුද්දක් හෙවත් ඔහුගේ තරුණ ජීවිතය ගේවා ඇත. තව මෙවැනි අයෙක් පත් වූවොත් ඔහුගේ වයස 36 වන තුරු අදූරදර්ශි පාලනයකට යටත් ව ජීවත් විය යුතු ය. ඒ හෙයින්, ලෝකයේ බලවත් රටක් වන ඇමරිකාව මෙන්, අවුරුදු 4ක් ධූර කාල දෙකක් හෝ පිලිපිනය මෙන් අවුරුදු 6ක ධූර කාල එකක් බවට ජනාධිපති ධූරය වහාම පත් කළ යුතු ය. අවුරුදු 12ක කිසිවෙකුට වගකීමක් නොදෙන, පාර්ලිමෙන්තුවට වග නොකියන, සිතූ දේ කළහැකි පාලනයක් යනු එතැන ම ඒකාධිපතීත්වයක් මහජන ආශිර්වාදයෙන් ම ඇති කොට ඇත්තේ ය.
- ජනාධිපති ධූරයේ වූ අසීමාන්තික බලය, ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්, පාර්ලිමෙන්තුව මගිනි අධීක්ෂණට සහ වගකීමට බැදී තිබිය යුතු ය. මෙයට වඩා පාර්ලිමේන්තුව දේශපාලන හා ආර්ථික දූෂණය වැළැක්වීමට ක්රියාකාරී ලෙස දායකත්වයක් දැක්විය යුතු ය.අනොක් අතට මහජනතාව උසාවි භාවිත කරමින් ස්වකීය අයිතීන් දිනා ගත යුතු ය. කිසිවෙක් මහජනතාවගේ අයිතින් නොමිලේ ලබා දෙන්නේ නැත. ඒවා දීනා ගැනීම සඳහා අප කැපවීමෙන් සහ අවධියෙන් ක්රියා කළ යුතු ය. ඡන්දයක දී පුද්ගලයන් පත්කොට අත්බැඳ, කළකිරීමෙන් බලා සිටිනු වෙනුවට, පොදුජන මෙහෙවර සඳහා ඔවුන් හට බලපෑමක් කළ යුතු ය. කිසිවක් රජක් මගින් නොමිලේ පසයන්නේ නැත. ඔව්හු සියලු ආකාර, සේවාවන් කරන්නේ ජනතාව මගින් එසේ කරන ලෙස ඉල්ලාසිටින නිසාවෙන් සහ එසේ කිරීම ඔවුන්ගේ පරම යුතු කමක් නිසාවෙන් ය.
- ස්වකීය වාසියට හා සුඛිතමුදිත බව තකා පිල්මාරුකරන දේශපාලඥයා ජනමතය කෘතිම ලෙස විකෘති කරයි. දැනට නියෝජනය වන පාර්ලිමෙන්තුව, ජනමතයෙන් ඇති වූවක් නොවේ, ස්වකීය මැති ඇමතිකම් තකා සකසා ගත් කෘතිම විකෘති පාර්ලිමෙන්තුවකි. ආණ්ඩුවට සහයෝගය දැක්වීම විපක්ෂයේ සිට ඇමතිකම් නොගෙන, මහජන මුදල් නිකරුනේ කාබාසිනියා නො කර කළ හැකි ව තිබිණි. මතු පැමිණෙන ඡන්දයේ දී, මෙසේ පිල් මාරකළ වුවන් ගෙදර යැවීම, මහජන මතයට ගරුකරන සැමගේ යුතු කමකි. මෙසේ දේශපාකයන්ට පාඩමක් ඉගැන්වූවේ නැති නම්, ඔව්හු මෙසේ ජනමතයට ගරුනොකර ස්වකීය අභිමතාර්ථ සඳහා පිල් මාරු කරනු ඇත. කරු වැන්නවුන් නැවත එ.ජා.ප. හැරී පැමිණියත්, මගේ අදහස නම් ඔහු වැන්නේකුට විනයට පත් කිරීමත් තකා ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු ය. එවිට මෙසේ, එහෙට මෙහෙට පනින ගෙම්බන්, ඉස්සන් පැනීමෙන් වැළකෙනු ඇත. එස්.බී. වැන්නවුන් පිල්මාරු කළේ බලය හෝ පාර්ලිමෙන්තු අසුනක් නොමැති අවස්ථාවක බැවින් එවැන්නන් ගැන අපට සලකා බැලිය හැකි ය.
- මහජන මුදල් අති මහත් ප්රමාණයක් නාස්තිකරන, මෙවැනි කැබිනට්, නොන් කැබිනට්, ඇමතිකම් ද, නියෝජ්ය ඇමතිකම් ද දී, මහින්ද අමාරුවෙන් බලය තබා ගැනිම වෙර දරන්නේ කවර, ජාතික මෙහෙවක් සඳහා ද? ඒ මෙහෙවර, ජාතික නොව ස්වාර්ථ හෝ ස්වඥාති මෙහෙවර කි. මෙවැනි අමනොඥ විකෘති කිරීම සඳහා නිසි දණ්ඩනයක් මහජන උසාවියෙන් නුදුරේදී ම ලබා දිය යුතු ය.
- පාර්ලිමෙන්තු සම්ප්රදාය තුළ හැසිරීමට තරම් විනයක් නොමැති, මවීන් වැන්නවුන් වහාම පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතු ය. චණ්ඩින් හා දාමරික කම් ඇසුරෙන් ස්වකීය බලපුළුවන් කම හුවා දක්වන, දේශපාලන මහජන නියෝජීතයන් ද, ගෙදර යැවිම සාමකාමී මහජනතාවගේ යුතු කමකි.
- මහ ජනතාව තමුන් පත් කරන නියොජීතයන් පිළිබඳ වගකීම ගන්නා තුරු, හා ඔවුන් ස්වකීය පොරොන්දු යුතුකම් හා වගකීම් මත නියමිත අයුරු ගමන් කිරීමට පොළඹවන තුරු වගකීමකින් යුතු දේශපාලනක් අපට ලැබෙන්නේ නැත.
- ලාංකීක ජනතාව තම බඩවියතින් සහ තමුන්ගේ වාසියෙන් ඔබ්බට පොදු ජන වාසිය ගැන සිතන තුරු, දේශපානඥයන් ස්වකීය සේවයේ නිවැරදී ලෙස වගකීමෙන් යෙදීමට පොළඹවන තුරු මේ රට දීන වනු මිස ඉදිරියක් නැත.
ලොව පැරණිතම මත්කාරකය: බලකාමය
බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...