Friday, February 23, 2018

දහවැනිදා ප්‍රතිපලය අරුත: ගෙවිඳුට පිළිතුරක්


ගෙවිඳු කුමාරතුංගයන් විසින් රිවිර පුවත් පතකට ලියූ ලිපියෙන් දක්වන්නේ මෙකී ප‍්‍රතිපල මගින් දක්වන්නේ රනිල් වික‍්‍රමසිංහ මැති තුමා අගමැති කමෙන් ඉවත් කිරීමත්, වත්මන් ආණ්ඩුව ගෙදර යායුතු බවත්, මහින්ද රාජපක්ෂයන් ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ගෙන ජනබලවේගයක් මෙහෙය විය යුතු බව ය. එහෙත් ගෙවිඳු මූලිකත්වය දැක් වූ බලවේගයේ අභිමතය මෙය විය හැකි නමුත්, මෙම මැතිවරණය ප‍්‍රාදේශ සභාවන්හි හා නගර සභාවන්හි නියෝජිතයන් පත් කිරීමට ය. ගෙවිඳු පුනපුනා කියන්නේ මෙය ජනමත විචාරයක් බවටත්, එකී ඉල්ලීම කරන්නේ පොහොට්ටුව හා එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමක් ලෙසින් ය.
පළමුවෙන් ම දැක්විය යුතු කරුණ වන්නේ මෙකී ඡන්දය ජනමත විචාරයක් නොව, වත්මන් ආණ්ඩුව පිළිබඳ ජනඅප‍්‍රසාදය පළ කිරීමක් බව ය. දැනට අගමැතිකම නොඉල්ලා විපක්ෂ නායකත්වය සොයන්නා වූ මහින්ද පිළිබඳ පොහොට්ටුව දැක් වූයේ ‘මහින්ද රාජපක්ෂ අගමැති කරමු’ යනුවෙන් ය. ඒ හෙයින් මෙය ජනමත විචාරයක් නම් මහින්ද අගමැති විය යුතු ය. එහෙත් ජනමත විචාරක් වශයෙන් පිළි ගැනීම සඳහා 50% [ඒකාන්ත බහුතර (ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, 85 (3))]වැඩි ඡන්ද ප‍්‍රමාණයක් තිබිය යුතු වෙයි. එහෙත් එසේ ඡන්දය භාවිතා වී නොමැති බව දැක්විය හැකි ය.
බමුණන් හා බමුණු කේවට්ටයන් විසින් පවසන සේ සලකන මෙම ඡන්දය ගමේ ඡන්දයක් කීම එතුමා ප‍්‍රතික්ෂේප කරන්නේ රටේ ජනතාව රටේ තත්ත්වය පිළිබඳ සිතා කළ ඡන්දයක් ලෙසින් ය.
ගෙවිඳු හට අමතක වූ කරුණක් වන්නේ එක්සත් ජාතික පක්ෂය ඡන්දයේ මූලික වශයෙන් සමාජ කළ පණිවුඩය වන්නේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමට සහයෝගය ඉල්ලීමකි. මෛත‍්‍රිපාල ජනපති තුමන් ගේ ප‍්‍රධාන පණිවුඩය වූයේ දුෂණ හා සොරාකෑම් පිළිබඳ කටයුතු කිරීම සඳහා නිදහස් පක්ෂයකට හා එක්සත් සන්ධානය ඡන්දය දෙනන යනු ය. ජනතා විමුක්ති පෙරමුණ සමාජ කළ පණිවුඩය වූයේ ‘එවුන් මුන්’ දෙගොල්ලන්ගේ දුෂණයෙන් රට බෙරා ගැනීමට ඡන්දය දෙන්න යනු ය.  ඒ හෙයින් ජනපති තුමා හා ජනතා විමුක්කි පෙරමුණ පැහැදිලි වශයෙන් සමාජ ගත කළේ රටේ හොරා කෑමට විරුද්ධ වන ලෙස ය. එසේ නම් ජනතාව ප‍්‍රතික්ෂේප කළේ ‘දුෂණය හා හොරා කෑම’ සෙවීමේ උත්සහය ය.

එහෙත් මහින්ද ප‍්‍රමුඛ පොහොට්ටු පක්ෂය ප‍්‍රකාශ කළේ කුමක් ද? පළමුවෙන් ම ඔවුන් දැක් වූයේ මුල් අවස්ථාව මෙන් සොරා නොකන බවට ප‍්‍රතිඥාවක් දුන්නේ ය. ඔහු යන යන තැන කීවේ පොල් ගණන් ය; හාල් ගණන්ය; මිනිසුන්ට ජීවත් විය නොහැකි බව ය. තමුන් ගත් අධික පොලී ණය වාරික ගෙවීම ගැන නොකියා, වත්මන් රජය අපට වඩා ණය ගත් බව ය. එසේ ම ඔහු ප‍්‍රකාශ කළේ අපි සොරා කෑවාට වඩා වත්මන් රනිල් ඇතුලූ මහේන්ද්‍රන් හා ඇලොසියස් නඩය වඩා වැඩියෙන් මුදල් සොරා කෑ බව ය. අනෙක් අතට ජාතිවාදීත්වය හා ඉලාමය නැවත හට ගන්නා බවට කළ ප‍්‍රකාශයකි. මිනිසුන් ඡන්දය දුන්නේ ද, ජාතිය උදෙසා හෝ මහින්ද හොරා කෑවාට වැඩක් කළා; අපට කන්න බොන්න තිබුනා යනුවෙන් ය. සමහර අය දැක් වූයේ මහින්ද නඩය හොරා කෑ කොටසක් තමන්ට ද, ලැබුණු බව ය. එක් කාන්තාවක් මා සමඟ ගොවිඳු මැතිඳු සහය දෙන්නේ ජාතීවාදී නාමයෙන් හොර මැර කල්ලියකට ය.

ගෙවිඳු පවසන පරිදි කුරහන් වර්ණයෙන් නෙළුම් පොහොට්ටුව රටෙහි තුනෙන් දෙකක් දිනා දෙමින් කියන්නේ මහින්ද අගමැති කරන්නට හෝ ජනපති කරන්නට ය. රටේ ජනපති ලෙස පත්වී පාර්ලිමෙන්තු මන්ත‍්‍රිවරයෙන් පමණට පහතට වැටෙන්නට ලැජ්ජාවක් නැති මහින්ද රාජපක්ෂ හට බලකාමීත්වය නිසා අගමැති වීමේ හෝ හැකි නම් ව්‍යවස්ථාව වෙනස් කොට ජනපති වෙන්නට හෝ සිහිනයක් ඇත. ගොවිඳු වැනි බමුණු කෙවට්ටයන් ආවඩන්නේ එවැනි සිහින දැකීමට ය.

ගෙවිඳු පවසන පරිදි අගමැති තුමාගේ කාර්යය වූයේ ඡන්දය පරාද වීම නිසා, නොපමාව ඉල්ලා අස්වීම ය. ජනාධිපති තුමා ගේ කාර්යභාරය වූයේ වහාම පක්ෂ නායකයන් කැඳවා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීම ය. එසේ ම ගොවිඳුගේ යොජනාව වන්නේ දිනේෂ් ගුණවර්ධන හෝ චමිල් රාජපක්ෂයන් භාරකාර ආණ්ඩුවේ අගමැති කිරීම ය. මෙවැනි සිහින ලෝකවල සිටින පුද්ගලයන් සිතා සිටින්නේ ප‍්‍රාදේශිය ඡන්දයක 46% පමණ ගත් කල, පාර්ලිමෙන්තුව වසර සතරක් සඳහා ඇති ප‍්‍රතිපාදන අවලංගු වන බව ය. එසේ නම් එක් ඡන්දයකින් සියල්ල ම, ඉටු කළ හැකි ය. මෙයින් පෙනෙන්නේ තමුන් උර දෙන්නවුන් ඉක්මනින් බලයට ගෙන ඒමේ අභිලාශය යි.

ඉතිහාසය විකෘති කිරීම වෙමැන් බමුණු කේවට්ටයන් ගේ මනෝරාජ්ජික පැතුම් ඉටු කිරීම සඳහා කරන ක‍්‍රියාවකි. ඔහු පවසන්නේ වත්මන් ජනපති තුමා විසින් ඞී. බී. විජේතුංග කළාක් මෙන්, වහා මැතිවරණයක් කැඳවා ජනමතය පරිදි ඉතිහාසගත විය යුතු බව ය. එහෙත් ගෙවිඳුට අමතක වන්නේ ඞී. බී. විජේතුංග ජනපතිතුමා විසින් කළේ නිමා වූ ජනපති ධූර කාලය සඳහා ජනපතිවරණයක් කැඳවා, ඒ සඳහා මහින්ද මෙන් බලකාමයෙන් තරඟ නොකරපු බව ය. මහින්ද තෙවන වරටත් ජනපති වීමේ උත්සහය වසර දෙකකට කලැන් කරන්නට ගොස් අවසානයේ පැරදී, ලැජ්ජා නැති කමට තවම ‘රජ්ජුරුවන්’ වීමට කැස කවයි. මහින්ද හට රට දැයට හිතවාදයක් නැත; ඇත්තේ රජ වීමේ සිහිනයක් පමණි.

ගෙවිඳු විසින් තවත් ඉතිහාස කරුණක් විකෘති කරයි. ඒ නම් ඩෙවිඞ් කැමරන් ගේ යුරෝපා සංගමයෙන් ඉවත් වීම පිළිබඳ පැවති ජනමත විචාරය පැරදීමෙන් පසුව අගමැති කමෙන් ඉවත් වීම ය. එය බි‍්‍රතාන්‍ය වැසියන් ගේ අප‍්‍රසාදයට ලක් වූ කරුණක් විය. එම කාල පරිච්ෙඡ්දය තුළ ලියැවුණු බි‍්‍රතාන්‍ය පුවත්පත්වල දැක් වූයේ ඔහු විසින් ජනතාව විසින් කළ පත් කිරීමකට විරුද්ධ වීමක් ලෙසින් ය. කැමරන් ඉල්ලා අස්වීමේ දී ප‍්‍රකාශ කළේ තමුන්ට යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ දී කළ යුතු ගණුදෙණු මැනවික් කර ගැනීම සඳහා ඉඩකඩ සැලසීමට ඉල්ලා අස්වන බව ය. එය පැහැදිලිව ම බි‍්‍රතාන්‍ය ජනයාගේ අප‍්‍රසාදයට ගක් වූ තීරණයක් විය. ඒ හෙයින් ඔහු ගේ කියවීම ඒ සම්බන්ධයෙන් වැරදිය; කෙසේ වෙතත් මෙවැනි කේවට්ටයෝ හැම විට ම කතා දමන්නත්,  කතා පෙරළිමටත් සමර්තයෝ ය.

අවසානයේ ලිපිය ලියන්නේ ජනපති අරඹයා ය. එයින් පවසන්නේ ජනමතයට හිස නමා මහා මැතිවරණයක් කැඳවා ඇතිවිය හැකි විනාසයෙන් වැළකිය යුතු බව ය. වසර හතරාහමාරකට පත් කළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් පොහොට්ටු ඇත්තන්ට නැත. තුනෙන් දෙකක බලයක් හා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් පමණක් මහා මැතිවරණයක් කැඳවිය හැකි ය (ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, 70 (1)). පොහොට්ටු පක්ෂය උත්සහා කරන්මේ මාර්තු 6වෙනිදා සිට, මහා මැතිවරණයක් සඳහා රැළි පැවැත් වීමට හා බැසිල් නැමැති සොර දෙටුවා පෙරටුකොට උද්ඝෝෂණ පැවැත් වීමට ය. පෙර මෙන් ගෙවිඳුත් කුමාරතුංගයන් ද මෙවැන් තැන්හි දැක ගත හැකි චරිතයක් වනු නොවනුමාන ය.

මහින්ද දැන් පවසන්නේ එක්සත් සන්ධානයේ හා එක්සත් ජාතික පක්ෂයේ ලියවිල්ල පෙන්නන ලෙස ය. එසේ පෙන්නීමට ඇති නොහැකියාව නිසා රටද පාලනය කළ නො හැකි බව ය. මෙවැනි අග මුල නැති සම්බන්ධතා දැක්වීමට මහින්ද සමත් ය. එක් දෙයක් නම් සත්‍යය වසර තුනක් නො කළ දෑ තව වසර එකහාමාරකින් (දවස් 500කින්) සම්පූර්ණ කරියි යයි සීතීම එතරම් ම නිසකතාවයක් නොමැති චින්තාවකි. කෙසේ වෙතත් දැන් ආණ්ඩුව සිටින්නේ ‘කරන්න’ හෝ ‘මැරෙන්න!’ (do or die!) යන අවස්ථාවෙ ය.

No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...