බලකාමය යනු
ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින්
බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ලිපියකින්
වත්මනේ රටෙහි පවතින මහා වියවුලට හේතුව අන් කිසිවක් නො ව, බලකාමය යි. තිසරානී
විසින් පැහැදිලි ව රටේ වත්මන් තත්ත්වයට හේතුව නායකයන් තිදෙනෙකු ගේ බලකාමී ව්‍යාපෘතිවල
යෙදවීම් ය. ඒ නායකයන් තිදෙනා මෛත්‍රී, රනිල්, හා මහින්ද යන තිදෙනා ය.
1. බලකාමී
මෛත්‍රී
අදවත්මනේ රට ඇද දැමූ වියවුලේ මුල් වැරදි කරුවා වන්නේ මෛත්‍රී ජනාධිපති තුමා බව පැහැදිලි ලෙස ජෙ.වී.ප.ය විසින් සර්වපාක්ෂික හමුව ප්‍රතික්ෂේප කිරීමෙන් යැවූ ලිපියේ සඳහන් ය. එහි කේවල වගකීම යොමු කරන්නේ වත්මන් ජනාධිපති තුමාට ය. මෛත්‍රීපාල ජනපති ධූරයට පත්වන්නේ ඉතා පිවිතුරු ශුද්ධ අභිලාශයන් පෙරටු කර ගෙන ය. ඒ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ බලතල අඩු කිරීමේ චේතනාවෙන් ය. මෙසේ බලයට පැමිණි ජනාධිපති වරුන් දෙදෙනෙකු වූ බව ඉතාහාසය සාක්ෂි දරයි. එයින් එක් කෙනෙකු වන්නේ චන්ද්‍රීකා කුමාරතුංගය; අනෙකා මහින්ද රාජපක්ෂ ය. ඒ දෙදෙනාම ජනාධිපති ධූරයේ වූ විධයක බලතල වලින් උම්මතක වී වියුරු වැටී ස්වකීය පොරොන්දු අමතක කළ හ. එහෙත් මෛත්‍රී පැමිනි සැනින් ඒ සඳහා පියවර ගනී. හෙතෙම දෙවන වරට ජනාධිපති වීමට තරඟ නොකරන බවට පොරොන්දු වෙයි. ඩනපති ධූරය අහොසි කිරීමට නෛතික ප්‍රතිපාදන නොමැති වූ කල, එහි බලය සිඳලීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ ය. ඒ සඳහා දැඩි ස්ථාවරයක සිට විරුද්ධ වන්නේ මහින්ද පාර්ශවයේ ඒකාබද්ධ විපක්ෂය යි. ඒ ජාතික ආරක්ෂාව නැමති මහා කඩතුරාවෙන් මුවා කොට, අසීමිත බලය ඇති ජනපති ධූරය රැකීමට උත්සහ කරයි. එහෙත් ජනාධිපති වී වසර දෙකක් සම්පුර්ණ වූ කල, වත්මන් ජනපති බලකාමයෙන් ඔදවැටී ස්වකීය ධූරකාලය වසර 5ක් ද, නැතහොත් 6ක් දැයි උපරිමාධිකරණයෙන් විමසීමක් කරයි. එහෙත් උපරිමාදිකරණය කීන්දු කරන්නේ ජනපති ගේ ධූරකාලය වසර 5ක් බව ය.
කරුණ එසේ නම්
ජනපති ගේ ධූරය අවසන් කිරීමේ හැකියාව 2019 ජනවාරි 8 වන දින ආරම්භ වන බැවින්, ධූරය අත්හරින්නට සිතන්නේ නම් ජනාධිපති
වරණයකට යා හැකි ය. එහෙත් වත්මන් ජනපති හට දෙවන ධූරකාලය පිළිබඳ ලොබ බැදීම නිසා 2020
ජනපති අපේක්ෂකත්වයට අවසරයක් රනිල් ගෙන් ගත හැකිදැයි විමර්ශනයෙන් පසු වි ය. රනිල්
එනමුත් ජනපති වීමේ අභිලාශයෙන් සංවර්ධන කටයුුතු ආදිය කරමින් ජනාධිපති සිහිනයෙන් මත්
වී සියින බැවින් ඒ සඳහා යුතු ප්‍රතිචාරයක් නො දක්වන්නේ ය. ඒ සේ ම, 2018 පළාත්පාලන
මැතිවරණය මගින් ජනතාව ද පවතින ආණ්ඩුව මට්ටු කිරීම සඳහා කටයුතු කළ බැවින් මෛත්‍රීට වුවද
පසක වන සත්‍ය වන්නේ දෙවන ධූරයක් එ.ජා.ප. හවුලෙන් නෙලා ගත නො හැකි බව ය. පොහොට්ටුවේ 40.47% හා ශ්‍රිලනිප/එජානිස 12.1% එක්කළ විට යාන්තමින් 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගත හැකි ය. මෙය පැහැදිලි අවාසිදායක තත්ත්වයකි.
රනිල් පැහැදිලි ප්‍රතිචාරයක් නොදෙන විට, මෛත්‍රී කරන්නේ ඔහු ගේ චරිතය ඝාතනය වන පරිදී සාමුහික තීරණ සඳහා තමුන් පංගුකාර නොවූ බව දැක් වීම ය. මෛත්‍රී හා රනිල් අතර දේශපාලන විරසකය ආරම්භ වන්නේ එසේ ය. දෙදෙනා අතර දේශපාලන භාවිතයේ හා සංස්කෘතික පසුබිමේ වෙනස් කම් ඇති හෙයින් රනිල් මට්ටු කරන ආකාරයේ තීරණ හා තිණ්දු කිහිපයක් ජනපති ප්‍රකාශට පත් කරයි. මෙයින් අගමැති හා ජනාධිපති අතර බලගැටුමක් ඇති බව සාමාන්‍ය ජනතාවට පෙනුමට දක්නට පිළිවින් වි ය. මෙයින් මෛත්‍රී රනිල් පාලනයෙන් ඈත් වීමට උත්සහ ගෙන, තමුන්ට ම අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්නට උත්සහ කරයි. අනෙක් අතට පොහොට්ටු කඳවුරද බලවත් වී, මැතිවරණයක ජය අපේක්ෂාවෙන් හා අභිමුව සිටගෙන සිටින්නේ ය. එහෙත් පෞද්ගලික විරසක වීම මෙතරම් ඌග්‍ර ව්‍යසනයකට පාදක වෙයයි කවුරුවත් සිතුවේ නැත. බලකාමයේ ප්‍රතිපල මෙසේ ය; බලකාමීන් කිසිවිටකත් ඔහුවන් ගේ බලකාමීත්වයෙන් ඇතිවන ව්‍යසන හෝ අතුරු ප්‍රතිපල ගැන නොසිතයි. මෛත්‍රී හට වූවේ ද එවැන් දෙයකි.
රනිල් පැහැදිලි ප්‍රතිචාරයක් නොදෙන විට, මෛත්‍රී කරන්නේ ඔහු ගේ චරිතය ඝාතනය වන පරිදී සාමුහික තීරණ සඳහා තමුන් පංගුකාර නොවූ බව දැක් වීම ය. මෛත්‍රී හා රනිල් අතර දේශපාලන විරසකය ආරම්භ වන්නේ එසේ ය. දෙදෙනා අතර දේශපාලන භාවිතයේ හා සංස්කෘතික පසුබිමේ වෙනස් කම් ඇති හෙයින් රනිල් මට්ටු කරන ආකාරයේ තීරණ හා තිණ්දු කිහිපයක් ජනපති ප්‍රකාශට පත් කරයි. මෙයින් අගමැති හා ජනාධිපති අතර බලගැටුමක් ඇති බව සාමාන්‍ය ජනතාවට පෙනුමට දක්නට පිළිවින් වි ය. මෙයින් මෛත්‍රී රනිල් පාලනයෙන් ඈත් වීමට උත්සහ ගෙන, තමුන්ට ම අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්නට උත්සහ කරයි. අනෙක් අතට පොහොට්ටු කඳවුරද බලවත් වී, මැතිවරණයක ජය අපේක්ෂාවෙන් හා අභිමුව සිටගෙන සිටින්නේ ය. එහෙත් පෞද්ගලික විරසක වීම මෙතරම් ඌග්‍ර ව්‍යසනයකට පාදක වෙයයි කවුරුවත් සිතුවේ නැත. බලකාමයේ ප්‍රතිපල මෙසේ ය; බලකාමීන් කිසිවිටකත් ඔහුවන් ගේ බලකාමීත්වයෙන් ඇතිවන ව්‍යසන හෝ අතුරු ප්‍රතිපල ගැන නොසිතයි. මෛත්‍රී හට වූවේ ද එවැන් දෙයකි.
දෙවන ජනාධිපති
ධූරය සඳහා රනිල් උපකාර නොවන්නේ නම්, එ.ජා.ප.ය දෙකඩ කොට බලය නතු කර ගැනීමේ කූඪ ව්‍යාපාරය වෙත මෛත්‍රී එළඹෙන්නේ සජිත් ප්‍රේමදාස
ඇතුලු කණ්ඩායමක් ඩැහැ ගැනීමට ගන්නා උත්සහයෙන් ය. එහෙත් සජිත් ඒ සඳහා අනුබල දෙන්නේ
නැත; එයට හේතුව ජේෂ්ටත්වය අනුව වත්මනේ ප්‍රමුකව සිටින තරුණ නායකයා ඔහු වන බැවින්
ය. රනිල් ජනපති වී ධූරය අත්හරින කල වන විට, සජීත් ඒ සඳහා සූදානම් විය හැකි ය. ඒ
අවස්ථාව සිඳු නොවන බව අවබෝධ කර ගැනීමෙන් මෛත්‍රී ඊළඟට ප්‍රවේශ වන්නේ කරුජයසූරිය
වෙතට ය. කරු වනාහි ජාතීහිතශයකි; දිගුදුර දැක්මක් ඇත්තෙකි. කරුජයසූරිය ද එය ප්‍රතික්ෂේප
කරන නිසාවෙන් මෛත්‍රී ගේ ජනපති සිහිනය සිග්‍රයෙන් බොද වීමට පටන් ගනී. ඒ සඳහා දළ
හැකි ඊළඟ විකල්පය වන්නේ මහින්ද අගමැති ලෙස පත් කිරීම ය. දැන් සිඳුව ඇත්තේ එය යි. ඒ හෙයින් මෛත්‍රී 2015 මිලියන 6.2 අමතක කොට පසමිතුරු කඳවුර දෙස නෙත් යොමු කළේ ය.
2. බලකාමී
රනිල්
රනිල් බලකාමය
විදහා දක්වන්නේ කෙසේදැයි ඔබට ගැටලුවක් පැමිණෙනු ඇත. රනිල් කල්පනා කළේ ශ්‍රී.ල.නි.ප.ය
දෙකඩ කිරීමෙන් බලය අල්ලා ගැනීම ය. ඒ සඳහා කළේ මහින්ද ඇතුළු හොර රැළේ අපරාධ සඳහා
උසාවි කටයුතු ප්‍රමාද කිරීම ය. එමගින් ඔහු කල්පනා කළේ ඒකාබද්ධ විපක්ෂය තුළින් හා
මහින්ද, පොහොට්ටුව තුළින් මෛත්‍රී හට පිඩනයක් ඇති කිරීම ය. මෙ සඳහා ඔහු සොරුන් ගේ
හා විවිධ අපරාධ කරුවන්ගේ ආරක්ෂකයා බවට පත් වි ය. විමල් වීරවංශගේ පාස්පොර්ට් ප්‍රශ්නයේ
දී රනිල් යුක්තිය ඉටු වීම නතර කොට ප්‍රමාද කළේ උත්ක බලාපොරොත්තුව පෙරදැරි කොට ය.
රනිල් 2020හි
ජනාධිපති වීමේ ව්‍යාපෘතියේ නියැළුනේ තමුන්ට එදිරිව පැමිණෙන ප්‍රතිවාදීයා ඉවත්
කිරීමේ අපේකෂාවෙන් ය. එය කිරීමට ඔහු යොදා ගන්නට වෑයම් කළේ විශේෂයෙන් පිහිට වූ
අධිකරණ පද්ධතිය ය. දෙසැම්බර් 4වන දින අභිනයෙන් ආරම්භ විමට නියමතව තිබුණේ ඩී. ඒ.
රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව දිනපතා අසා අවසන් කිරීමට ය. මෙෙලසින් තමුන්
විසින් මුලින් ආරක්ෂ කළ, අය එකින් එකා ස්වකීය බල ව්‍යාපෘතිය තකා දංගෙඩියට යැවීමට
රනිල් සැලසුම් කළ විය හැකි ය. වසර දෙකක් තුළ ජනතා හිත දිනා ගැනීම තකා විශාල වශයෙන්
මුදල් ස්වකීය මන්ත්‍රීවරුන් හරහා විශාල ලෙස මුදල් ප්‍රතිපාදන ජනසතු කිරීම ආරම්භ
කළේ ය. පැහැදිලි ලෙස රනිල් ජනාධිපති අසුනට යෑමේ පෙර නිමිති පහළ වන්නේ වට පිටාවේ
සියලු ම දෑ පෙරළා ගෙන ය. වේගයෙන් දිව යන රනිල් කකුල් මාට්ටු දමා පෙරළා දැමීමේ
හැකියාව ඇත්තේ මහින්ද වැනි ශුරයකුට පමණි. ඒ බැව් මෛත්‍රී ද ප්‍රසිද්ධියේ පවසා ඇත.
මහින්ද ද
ඉක්මන් බලග්‍රහණයක සාපිපාසයෙන් පසු වු අතර, ගොඨාභය නඩු නිමිත්තකට තල්ලු කිරීම
රාජපක්ෂ පවුලට හානිදායක හා අනතුරු ඇඟවීමක් බඳුන් වි ය. වැලේ වැල් නැති මෛත්‍රී ද
එල්ලෙන්න අත්තක් සොයමින් සිටියේ ය. අවසානයේ රනිල්ගේ බල ව්‍යාපෘතිය උඩු යටිකුරු වී
ආණ්ඩු බලය 2011 මෙන් අත් හැරණු තත්ත්වයකට පත් වි ය. රනිල්ගේ බලකාමයේ හා අධිමානයේ ප්‍රතිපලය
තමුන් අසරණ වීම ය.
3. බලකාමී
මහින්ද
මහින්දගේ බලකාමය ගැන ලියන්නට අවශ්‍ය නැත. චන්ද්‍රිකා කුමාරතුංගයන් විසින් ස්වකීය ධූරකාලය අවසන් වූ පසුත් ජේ.ආර්. මෙන් වැඩිපුර වසරක් සිටින්නට උක්සහ කළ අවස්ථාවේ දී යම් බලහත්කාරයක් පා ක්‍රමයෙන් ඇය පක්ෂයෙන් පිටමං කරන කොන්තරාත්තුවක් මහින්ද කළේ ය. ඔහු ධර්මික පාලකයකු සේ පිළිඹිබුවක් පොදු ජනතාවට ප්‍රදර්ශනය කළේ ජනතාව හා සමඟ වෙසෙන බව මවා පාමින් ය.
කුඹුරේ මඩ
සුවඳත්, කුරහන් සාඨකයත් ඔහු ගේ පොදු ජන අනන්‍යතාවයේ සංකේත වි ය. මේ සියල්ල කොළඹ
වැඩි කාලයක් ගත කළ, එහෙත් ගැමියෙකු හා ගැමි සුවඳ දත් බව හුවා දැක්වීමට කළ ක්‍රියා
ය. මවා පෑම පමණක් ලක් ජනතාවට වැදගත් ය; ප්‍රතිපත්ති හෝ කී දෑහී ක්‍රියාවන් වැදගත්
නැත. ඒ හෙයින් පොරොන්දු දේශපාලනයකට අවස්ථාව ලංකාවේ ඕකෑ තරම් ඇත්තේ ය. පොරොන්දු
දෙති; ඊළඟ මැතිවරණයටත් එම පොරොන්දුව ම කටකොනින් හිනාවක් පා කියති; මිනිසුන් ද ඌණ
බුද්ධි ඇත්තන් සේ අසති.
මහින්දගේ
බලකාමයේ කීරීටප්‍රාප්තිය දක්නට ලැබුණේ 18 වන ව්‍යවස්ථා සංශෝධයෙන් ය. එයින් එයට පෙර
පැවති ව්‍යවස්ථා කොමිෂන් සභා මගින් ජනපති බලය සිමා කළ 17 වන ව්‍යවස්ථාවන් ද අහොසි
කීරීමත්, දිවි ඇති තාක් ජනපති වීමට අවස්ථා නිර්මාණය කිරීමත් ය. අවසානයෙ ජනපති
ඡන්දය පැරදුන විට සාමාන්‍ය මත්‍රීවරයකු වශයෙන් පැමිණෙයි. විවිධ කුමණ්ත්‍රන රාශියක
ප්‍රතිපලයක් ලෙස මහින්ද රජකමට පත් වීමට යතුන දැරී ය. ඒ කිසිවක් ඉටු නොවන කල,
පිදුරු ගහෙත් ඒල්ලෙන පමණ අසරණ වී සිටි මෛත්‍රී, මහින්ද නම් පිදුරු ගසේ එල්ලෙයි.
බොහෝ විට මෛත්‍රී සමඟ ඇති ඩීල් එක වනනේ දෙවන වර ජනාධිපති ධූරය ඔහුට කිරීමට දීම ය.
මහින්ද බලය කතා ඕනෑම දෙයක් කිරීමේ හැකියාවක් ඇති බව ප්‍රකට වෙයි.
මහින්ද ඇතුලු පාර්ෂවයට
අවශ්‍ය කරන්නේ කුමක් ද? පාර්ලිමේන්තුව තුළ අති මහත් බහුතරයක් ය. එය පසක් වන්නේ
ගොඨාභය විසින් පැවසු වදනකින් ය. ඔහු පවසා සිටියේ තමුන් ජනතාව වෙත යන්නේ තුනෙන්
දෙකක බලයක් පතා බව ය. ඔවුන්ට බහුතර බලයක් මදි ය; ඔවුනට වුවමනා කරන්නේ අතිමහත්
බහුතරයක්. කුමකට ද? රටක් පාලනය සඳහා සාමාන්‍ය පමණ බහුතරයක් ප්‍රමාණවත් ය. තුනෙන්
දෙකක් අවශ්‍ය වන්නේ කුමකට ද? තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන්නේ ව්‍යවස්ථා සංශෝදනයකට
ය. ජනාධිපතිවරයා හට දොෂාභියොගයක් සම්මත කර ගැනීමට ය. එතනින් මෙපිටට තුනෙන් දෙකක්
වැදගත් නැත. මුදල් පනතක් හෝ අයවැය සම්මත කර ගැනීමට බහුතර ඡන්දයක් ප්‍රමානවත් ය.
එයින් පවසන්නේ 19වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කොට ජනාධිපති වරයකුට ඇති බලය අසීමිත
ලෙස වර්ධනය කර ගැනීමට ය. දෙවනු ව මෛත්‍රී හට දෝෂාභියොගයක් දමා ධූරයෙන් නෙරපීමට ය.
වත්මන්
වතාවරණය ඇති වන ප්‍රවණතාවන් පිළිබඳ අදහස් දක්වන තිසරානි ගුණසේකර ඇඩොල්ෆ් හිට්ලර් ගේ
බලයට පැමිණිම ඇතිවිය හැකි තත්ත්වයන් සඳහා උදාහරණ වශයෙන් දක්වයි. තිසරාණි දක්වන්නේ
ඡන්දය දිනා ගැනීම සඳහා "රයිස්ටග් ගින්න" වැනි යමක් කිරීමෙන් ක්ෂත්‍රයේ
තත්ත්වයන් වෙනස් කර ඇති බැවින් ය. එහෙත් රයිස්ටග් ගින්න පිළිබඳ අවබෝධයක් නොමැති පාඨකයන් හට ඒ
පිළිබඳ වචන ස්ල්පයක් ලියන්නට ද මම කල්පනා කළෙමි.
පළමු ලෝක
යුද්ධය අවසානයේ ජර්මනිය අතාශයින් ම පරාජිත හා විශාල වන්දියක් ගෙවීමට නියම විණි.
ඒහෙයින් ජර්මන් ජනතාව නිරන්තරයෙන් පීඩිත තත්ත්වයන්ට පත් වූයේ අධික ආර්ථික
අපහසුතාවන් නිසාවෙන් ය. ආර්ථික අවපාතනය ප්‍රයෝජනයට ගනිමින් ඇඩොල්ෆ් හිට්ලර් 1930
පැවතුණු ඡන්දයෙන් පාර්ලිමෙන්තුවේ වැඩිම ඡන්ද සංඛ්‍යවක් ලබා ගත්තේ ය. හිට්ලර් ඔස්ට්‍රියන්
ජාතිකයකු වූ බැවින් 1925දී හෙතෙම ස්ව පුරවැසි බව අත්හැරිය අතර, වසර 7ක් පුරාවට
ජර්මන් පුරවැසිභාවයක් ලබා ගත්තේ නැත. 1932 පෙබරවාරි මස 25වන දින බර්න්ස්වික් හි
පුරවැසියෙකු වශයෙන් පිළිගෙන ජර්මන් පුරවැසියකු බවට පත් විය .
1932 පැවති
ජනාධිපතිවරණයෙන් හිට්ලර් ජයග්‍රහණය පැතුව ද, එය අසාර්ථක කරමින් පොල් වොන්
හින්ඩර්බර්ග් සභාපත්තිවයට පත් වි ය. එහෙත් ආණ්ඩුවක් තැනීමට බලය ඔහුට නොවූ නිසා
හිට්ලර් සමඟ හවුල් සන්ධානයක් ගොඩ නඟ බලය රදවා ගත්තේ ය. හිට්ලර් සමසමාජවාදීයෙකු වූ
අතර, හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් රාජ්‍ය පාලනය සඳහා අහිතකර
අංගයක් ලා සැලකී ය. සමාජවාදී නාසි පක්ෂයේ ප්‍රධාන ම එදිරිවාදීන් වූයේ සමස්වභාවයක්
ඇති කොමුනිස්ට් පක්ෂය යි. හිට්ලර් ගේ අභිලාශය වූයේ තනිපක්ෂයක් වශයෙන් බලය සතු කර
ගැනීම ය. පාර්ලිමේන්තුවේ වැඩි ප්‍රමාණයක් ආසන දිනා සිටි හිට්ලර් ගේ පක්ෂය හා වෙනත්
දේශපාලන බල ක්‍රිපෙරළිම් තුළින් හිට්ලර් ජර්මනියේ චාන්සලර්වරයා බවට 1932 ජූලි මස පත්
වි ය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිට්ලර් ඇතුලු නාසි පක්ෂයට නොවූ හෙයින්
ස්ව අභිමාථාර්ත වූ ප්‍රජාතන්ත්‍රවාදය ජර්මනියෙන් මුලින් උපුටා දැමීමට නොහැකි වි ය.
ඒහෙයින් ක්‍රමයෙන්
හා විවිධ වූ බල ගැටුම් තුළින් වසරක පමණ කල්ක පත් වූ ජර්මන් පාර්ලිමේන්තුව විසුරුවා
හැරීමට පොල් වොන් හිව්ඩර්බර්ග් පොළඹවනු ලැබ, 1933 ජනවාරි මස 30වන දින
පාර්ලිමේන්තුව විසුරුවා හරුණු ලැබී ය. නැවතත් හිට්ලර් ජර්මන් පාර්ලිමේන්තුවේ වැඩි
ආසන සංඛ්‍යවක් නො ව, බහුතර බලය අල්ලා ගැනීමට උත්සහ ගනු ලැබිණ. එහෙත් පෙබරවාරි 27වන
දින කවුරු හෝ ජර්මානු පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ල වූ රයිස්ටග්බරන්ඩ් ගිනිබත්
කරනු ලැබි ය. ඒ අසල සිට කොමුනිස්ට් නායකයකු අතු අඩංගුවට ගත් අතර, හිට්ලර් ඇතුලු
නාසි පක්ෂය විසින් කොමියුනිස්ට්වරුන් විසින් පාර්ලිමෙන්තුව ගිනිබත් කොට දැන් මුලු
ජර්මනිය ම යටත් කරන ආක්‍රමණයක් කරන බවට ප්‍රවාදයක් හා භිතියක් ප්‍රචාරය කරන ලදී.
මුලු ජර්මනිය ම භිතියෙන් ඇළලි ගිය මොහොතක, හිට්ලර් විසින් පොල් වොන් හින්ඩන්බර්ග්
වෙත බල කර සිටින්නේ මෙකී ව්‍යසනයකින් රට බෝරා ගැනීමට ජර්මන් වෙහෙමාර් ජනරජ ව්‍යවස්ථාවේ
48 වන වගන්තිය බල ගන්වා සිවිල් අයිතිවාසිකම් අත්හිටුවන ලෙස ය.
1933 පෙබරවාරි
28 වන දින රයිස්ටග් ගිනි ආඥාව නැමැති ආඥා පනතක් මගින් සිවිල් අයිතිවාසිකම්
ජනාධිපතිවරයා විසින් 48 වන වගන්තිය බල ගන්වා සිවිල් අයිතිවාසිවාසිකම් (ව්‍යවස්ථාපිත
මූලීක මානව අයිතිවාසිකම්) අත්හිටවනු ලැබී ය. හිට්ලර්ගේ පෙළඹවීම මත කොමියුනිස්ට් අවධානමෙන්
රට බේරා ගැනීමේ ලා කෲර ලෙස ජර්මන් කොමියුනිස්ට් පාර්ෂිකයෝ (KPD) සිරගත කොට විවිධ
බඳබන්ධනවලට ලක් කළ හ. රයිස්ටග් ගින්නට දින 6කට පසුව පැවති පාර්ලිමේන්තු ඡන්දයෙන් හිට්ලර්
ගේ පක්ෂය බහුතර බලයක් ලබා ගත්තේ ය. කෲරකම්, මර්ධනය හා ඇති කළ ජනතා භිතිකාව මගින් හිට්ලර්
වෙත තිබූ අවාසිය හැරවුමකට ලක් කොට බහුතර බලය අල්ලා ගත්තේ ය.
1933 මාර්තු 5
හිට්ලර් පාර්ලිමේන්තු බලය අල්ලා ගෙන ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් භාවිත කොට ප්‍රජාතන්ත්‍රවාදය
අහෝසිකොට එක් පක්ෂයකට බලය ඇති පාලයක් ඇති කළේ ය. එහෙත් හිට්ලර් හට වෙහිමාර් ජනරජ
ව්‍යවස්ථාව අහොසි කිරීමට නොහැකි වි ය. එහෙත් හිට්ලර් ෆියුරෝ (අධිරාජ්‍යයා) ලෙස කේවල
ලෙස ආඥාවන් නිකුත් කිරීමටත් නීතී පනත් ගත කිරීමේ හැකියාව ''පොදු ජනතාවගේ හා
රෙහික් (පාලනයේ) දොම්නසට පිළියම් සඳහා නීතිය" යන පනත තුළින් මෙසේ අසීමිත
බලයක් අධිරාජ්‍යයා වෙත ලබා දෙනු ලැබි ය.
හිට්ලර් බලයට
පත් වීමට යොදා ගනු ලැබූ "රයිස්ටග්බරන්ඩ් ගින්න" හා පසු දින ඇති කළ "රයිස්ටග්
ගින් ආඥා පනත" 1945 හිට්ලර් ජීවිතක්ෂයට පත්වන තුරු අහොසි කළේ නැත. ඡන්දය සඳහා
පවතින ක්ෂේත්‍රය වෙනස් කිරීමේ මතවාදීය හා ආවේගශිලී හැඟුම් පාලන ආකාරය "රයිස්ටග්
ගින්න" ලෙසින් හැඳින් වෙයි. දැනටමත් TNA හා එ.ජා.ප. මෙහෙයවන බවටත්, ඉදිරියේ දී එය කොටි
ඩයස්පොරාව දක්වා දිගු කරනු ඇත. ජනාධිපති වරයා ගේ ජීවතයට ඇති අවධානම යන මතවාදය ගෙන
අවනීතීමය ලෙස පවතින ආණ්ඩුව පෙරළන ලදි. පාර්ලිමේන්තු ඡන්දයක් පැමිණි විට, මතවාදී
ලෙස ජතවිඥානය මෙහෙයවමින් භිතිකාවක් හා ආවේග ලෙස වගකීමක් නොමැති ලෙස ඡන්දය භාවිතා කිරීමට
හිට්ලර් පෙළඹවූ අයුරින් පෙළඹවීමට පිළිවණ. තිසරාණි
දක්වන පිළිවෙලට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වුව ද නැවත බල ගන්වා මානව අයිතින්
අභිභවා ක්‍රියා කිරීමට බලය යොදා ගත හැකි ය.
පසුගිය දවසක
ජනාධිපති තුමා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රින්ට දන්වා සිටියේ තමුන් බහුතර සකසා
ගන්නා ලෙස ය. පසුගියදා (2018.11.23) පාර්ලිමෙන්තුවේ
කාර්යය සඳහා පත්කරන ලද කමිටුවේ සමාජීකයන් සංඛ්‍යාව සඳහා බහුතරයක් ලබා ගැනීමට නොහැකි
වි ය. එකී කමිටුව 121 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන් සම්මත වූයේ ඊනියා ජනපතිගේ ආණ්ඩු පක්ෂය පාර්ලිමෙන්තුව
වර්ජනය කළ අවස්ථාවක දී ය. ආණ්ඩුව යයි කියා ගන්නා නීතී විරෝධි ඊනියා ආණ්ඩු පක්ෂය හට
98කට වඩා සොයා ගත නොහැකි බව පෙනෙන්නේ එදින පාර්ලිමේන්තුවට නොපැමිණි හයදෙනා සැලකූ
විට ය. ඒ හෙයින් ජනාධිපති වරයා ද දැන දැන
ම ව්‍යවස්ථා උල්ලංඝනය කරන බව පෙනේ. බලකාමයෙන් මත් වූ තිදෙනෙකු ගේ මාරක නැටුමෙන්
අවසානයෙන් විනාස වන්නේ රට ය; රටෙහි ජනතාව; රටෙහි අනාගතය ය෴