"ජනාධිපති ජය සපථ කිරීමට කලාකරුවෝ එක්වෙති" , මේ ආණ්ඩුවේ පුවත්පතක එක් සිරස් තලයකි. ඒ යටතේ පළ කොට තිබුණේ ජනාධිපතිවරයා කලාකරුවන් සමඟ ගත් ඡායාරූපයකි. ඡායාරූපය දැකපු ගමන් මේ රටේ සියලූ කලාකාරයන් ජනාධිපතිට ජය සපථ කරන්නට සැරසෙන බවක් කිසිවකුට හැඟී යා හැකිය.
ඡායාරූපවලින් දැක්වෙන්නේ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයට රැස්ව සිටි දෙදහසකට ආසන්න කලාකරුවන් අතරින් කිහිප දෙනකු සමඟ සුහදව කතා කරන අයුරුය. රටේ ජනාධිපතිවරයා තමන් අසුන්ගෙන සිටිත තැනට එනවිට අසුනින් නැගිට සුහදව කතා බහ කිරීම සාමාන්‍ය සිරිතකි.
එම පුවත්පතේ ඡායාරූප සටහනේ දැක්වෙන්නේ "මේ සියලූ කලාකරුවෝ එක්ව අරලියගහ මන්දිරය සොඳුරු රැයක් කළහ. ජනාධිපති ඒ සියල්ලන් සමගම කතා බහ කළේය." යනුවෙනි.
ආණ්ඩුවේ පුවත් පත කියන්නේ අල්ලේ පැලවෙන බොරුවකි. ජනාධිපතිවරයා කලාකරුවන් හමුවූ අවස්ථාව සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි ඇසූ දුටු වෙනත් අය අප වෙත වාර්තා කෙළේ මෙබන්දකි. ජනාධිපතිවරයා එදා කතා බහ කළේ රැස්ව සිටි කලාකරුවන්ගෙන් අතලොස්සකට පමණි. රැස්ව සිටි පිරිසේ හැටියට ඔහුට මේසයෙන් මේසයට යන්නට සිටියා නම් පැයකට වැඩි කාලයක් ගතවනු ඇත. ඉඳින් ජනාධිපතිවරයා කතා බහ කරන්නට ගියේ රැස්ව සිටි කලාකරුවන්ගෙන් තමන්ට පහසුවෙන් ලංවෙන්නට හැකි අය වෙත පමණය. ඔවුන් අන් කවුරුවත් නොව දැනට ජනාධිපතිවරයාගෙන්ම විවිධ වරප්‍රසාද ලබමින් ඔහුට කඩේ යන පිරිසම බව "දිනමිණ" ඡායාරූප පිටුවෙන් ද සනාථ වන්නේය.
ඡායාරූපවල ජනාධිපතිවරයා සමඟ කැකිරි පලන්නේ කවුරුන්ද? මාලිනී ෆොන්සේකා, ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩග්ලස් සිරිවර්ධන, පාලිත සිල්වා, ගීතා කුමාරසිංහ සහ තවත් සුප්‍රකට පිරිසකි. මේ පිරිස් ලබාගෙන ඇති සහ දැනට ලබමින් සිටින වරප්‍රසාද අනුව ඔවුන්ට ජනාධිපතිගේ ජය සපථ කිරීමෙන් තොර ආත්මයක් තිබේද?
මේ ඡායාරූපවලට ඇතුළත් නොවූ පිරිසක් ද මේ අතර සිටියහ. ඔවුන් සියල්ලන්ම ආවේ ජනාධිපතිවරයාට ජය පතන්නට නොවේ. පකෂ භේද නොසොයාම කලාකරුවන් බොහොමයකට එදා අරලියගහ මැදුරට ඇරියුම් කොට තිබුණේය. එසේ ඇරියුම් කළේම සිතාමතා විය යුතුය. මොකද පකෂ පාට තෝරා බේරාගෙන ඇරියුම් කළේ නම් එතැනට එකතු කරගන්නට ලැඛෙන්නේ අර ජැක්සන්ලා, ශ්‍රියන්තලා, ඩග්ලස්ලා වැනි පිරිසක් පමණි.
ඉතින් ඇරියුම් ලැබුණු කලාකරුවන් බොහෝ දෙනකු ආවේ ජනාධිපතිවරයා පවත්වනවා කියූ සාකච්ඡාවට සහභාගී වීමේ අදහසිනි. ඒ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්නට බොහෝ අදහස් ඔවුන්ට තිබුණේය. ප්‍රශ්න තිබුණේය. එහෙත් ඇරියුම් පතේ තිබුණු අන්දමේ සාකච්ඡාවක් තිබුණේ නැත. ඇරියුම් ලත් කලාකරුවන්ට කෙලින්ම යන්නට තිබුණේ ප්‍රණීත භෝජන සංග්‍රහයකට සූදානම් කර තිබූ දැවැන්ත ශාලාවකටය. එන අය පිළිගන්නට සුදු රෙදි ඇතිරූ මේස සැදී පැහැදී සිටියාක් මෙන් විය.
මේස වටා හිඳගත් අයට පැයක් පමණ බලා ඉන්නට සිදුවූ අතර ඉන්පසු ජනාධිපතිවරයා පැමිණි බවට නිවේදනය කෙරුණේය. නිවේදනය පුන පුනා කීවේ සියලූ කලාකරුවන් හමුවන්නට එතුමා පැමිණෙන බවකි. එහෙත් ජනාධිපතිවරයා ශාලාව මැදින් වූ ආසනවල සිටි පිරිසට කතා කරමින් සිටියදී යළිත් නිවේදකයා කීවේ දැන් කාට කාටත් තමා ළඟම සූදානම් කොට තියෙන තැනින් ආහාර ගත හැකි බවය. කාට කාටත් ජනාධිපතිවරයා අමතක වුවාසේය. හැමෝම අසුන්වලින් නැගිට බුෆේ එකට පෝලිම් ගැසුණහ. මතට තිත වෙනුවෙන් හඬ තැලු අයද විස්කි,වයින් සහ බියර් ඛෙදා දුන් තැනට රොක් වූහ. මත්පැන් බොමින් රැස්ව සිටි අය රස මසවුළු බුදින්නට පටන් ගනිද්දී ජනාධිපතිවරයා ඒ ස්ථානයෙන් අතුරුදහන්වී සිටියේය.
බඩ පිරෙන්න සප්පායම් වුණු කවුරු කවුරුත් රෑ බෝ වෙත්ම ආපසු ගියා මිස ජනාධිපතිගේ ජය සපථ කරන බවක් කීවේ නැත.
එසේ යන අයගෙන් සමහරෙක් කියා ඇත්තේ "ජනාධිපතිතුමා රටේ ප්‍රධාන පුරවැසියා, ඔහු ආරාධනා කළ නිසා අපි ආවා. කන්න දෙන්නෙත් මහජන මුදල් වලින් නිසා අපි හොඳට කෑවා. යාළු මිත්‍රයන්ගේ සාදයකට ඇරියුම් ලැබුණම අතිනුත් වියදම් කරලා තෑගිත් අරගෙනයි සප්පායම් වෙන්න පුළුවන්. ඒත් මේ සාදයේදී තෑගි නැතිව හොඳට සප්පායම් වෙන්න ලැබුණා." යනුවෙනි.
ඒ කතාවල තිබුනේ නිර්දය උපහාසයකි. ආණ්ඩුවේ පත්‍රය කියන්නාක් මෙන් එදා අරලියගහ මන්දිරයට රැස්වු හැම කලාකාරයෙක්ම එහි ගියේ එතුමා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න බව සපථ කරන්නට නොවේ. නමුත් රාජ්‍ය මාධ්‍ය හැම එකකින්ම වාර්තා කළේ එදා රැස්වූ සියලූ කලාකරුවන් එක පිලකට රොක්ව ජනාධිපතිගේ ජය පතන්නට එකතු වූ බවකි.
අරලියගහ මැදුරට ගිය කලාකරුවන්ගේ ඡායාරූප පිටුවට අමතරව එම පත්‍රයේ කතුවැකිය ද ඒ වෙනුවෙන් වෙන් කොට තිබුණේය.
"තාරකා වලට කන් දෙන්න" මැයෙන් ලියූ ඒ කතුවැකියේ සඳහන් වන්නේ "කලාකරුවන්ට මෙතරම් සමීප වූ රාජ්‍ය නායකයකු මෑතදී ශ්‍රී ලංකාවේ පහළ වී නැත." යනුවෙනි. ඊළඟට ජනාධිපතිවරයා කලාකරුවන්ට සමීප වූ බවට කතුවැකියේ සඳහන් අපූරු උදාහරණ මෙසේය.
"හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන පණ්ඩිත් අමරදේවයන්ගේ උපන්දිනය දා ඔහු ඔහුගේ නිවසට ගොඩ වී සුබ පතන්නට තරම් මහින්ද මහතා නිහතමානී විය. වසර තිහකට පසු නැවත වේදිකා ගතවූ ඒකාධිපති නාට්‍ය නැරඹීමට ගිය මහින්ද මහතා එහි නිර්මාතෘ ධර්මසිරි බණ්ඩාරනායක මහතාට සුබ පැතීය."
එම පත්‍රය කියන විදියට රටේ නායකයා කලාකරුවන්ට "සමීප" වූයේ එලෙසය. වැරදීමකින් හෝ කතුවැකියෙන් ඇත්තක්ද කියැවී තිබේ. ඒ මෙසේය. "කලාකරුවන්ගෙන් වැඩි දෙනා බලය ඉදිරියේ දණ නොනමති. සෘජුභාවය යහපත් කලාකරුවාගේ ප්‍රධාන ලකෂණයකි."
-අකිල අරවින්ද-
machang meka lanka e news eke lipiyak neda
ReplyDeleteඔය සිද්දිය ටිවි එකේ යනකොට මම පුදුම හිතුන ලංකාවෙ මෙච්චර කලාකාරයො ඉන්නවද කියල, මුන් කොච්චර හිටියත් අපිට හරියට බලන්න ච්ත්‍රපටියක් ටෙලිනාට්යක් තියෙනවද , මෙගොල්ලො කලාකරයො කියන්නෙ මොන වගේ හැකියවන් මෙගොල්ලොන්ට තියෙනවටද කියල හිතගන්න බැහැ මොකද බලුබැල්මටනම් මට පෙන්නෙ මුදලාලිල ටිකකුයි බේබද්දො ටිකකුටි ග**වො ටිකකුයි වගේ එහේම නැතුව හරි කලා රසයක් තියෙන අය කියල මෙගොල්ලන් ගේ පෙනුමෙන්වත් වැඩවලින් වත් පෙන්නෙ නැහැ.
ReplyDeleteමුන්ට හරියට ටෙලියක් චිත්‍රපටියක් හදන්න බැරිනම් පිටරටින් එන එකක්වත් හරියට බලන්න ඉඩදෙන්න ඔන එක කරවන්නවත් ඔලුවක් නැති කලාකාරයො තමයි ඔයවගේ තැන්වල ඉන්නෙ
ane ratakata giya kalak . .. .
ReplyDeleteතරමක වෙහෙසකින් ලියූ නමුත් සපුරා නිරවද්යව යැයි කියනු බැරි සාරාංශ කිරීමක්. මෙය විග්රාහයක් කියා කීමට තරම් දෙයක් මෙහි නැති නිසා සත්යා වශයෙන් ම ලිවූයේ මේ කාලවකවානු වල මූලික සිද්ධීන්ගේ සාරාංශ ගතකිරීමක් පමණක් බව මට පෙණුනු හෙයිනි.
ReplyDeleteඔබගේ සියලුම කරුණු ගැන ලිවීමට කාලයක් නොමැති නිසා පහත උපුටා දක්වන කොටස ගැන පමණක් යමක් කීමට සිතුවෙමි.
" එයින් පසුව එළැඹි මහින්ද යුගය අපට ගෙනෙන වැදගත් ම ලාංකෛය සන්ධිස්ථානය වන්නේ තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් ය. ඒ සඳහා වූ විශේෂ ගෞරවය ඔහුට හිමි ය. එහෙත් මහින්ද යුගයේ කැපී පෙනෙන සංවර්ධන තත්ත්වයන් ඇති වී නැති බව කිව යුතු ය. ජෙ.වි.පි.ය සමග වැව් දහස, මග නැගුම, ගම නැගුම, උතුරු වසන්තය, අපි වවමු ආදී ලේබල් සමුදායක් විනා කැපී පෙනෙන ජාතික සංවර්ධන ඉලක්කයක් කරා රට ගමන් කිරීමට හැකියාවක් නොවිණ. මා විසින් මෙම තීරයේ නිතර නිතර ප්රරකාශ කළ පරිදි, මහින්ද පාර්ලිමෙන්තු සංයුතිය කෘත්රීකම ව වෙනස් කර ගත්තේ ඇමති නියෝජ්ය ඇමතිකම් ලබා දීම මගින් ය. එසේ ම, විරුද්ධ තීණ්ඳු දුන් ජේ. ආර් නඩුකාරයන්ට ගල් ගැසූවාට වඩැ ඉදිරියට යමින්, ස්වාධීන අධිකරණයට අත පෙවීම් සහ අභියෝග කරනු ලැබුවේ ශ්රේෂ්ඨාධිකරණ තීන්ඳු ක්රිවයා නොකර හැල්ලු කිරීමෙන් ය. "
01. යුද්ධයට අදාල ගෞරවය මහින්දගෙන් උදුරා ගැනීම ගැන සතුටුයි. එය යම් කරුණක් දෙස ඔබගේ ඇති දැක්ම තුළ ඇති මැදහත් බව විදහා දක්වනවා
02. මහින්ද යුගය "UNP යුගයට වඩා ආර්ථික වශයෙන් පලදායී කීම තවදුරටත් වලංගු නොවේ. සාමාන්යපයෙන් පෙරමුණු ආණ්ඩු ආර්ථික කළමණාකරණයට දුර්වල වුවත් මහින්ද යුගය අතිවිශිෂ්ට ශක්යමතාවයක් ආර්ථික කළමණාකරණය කෙරෙහි දැක්වූ බව පිළිගත යුතු ය. එය පොදුවේ රටට හානිකර ලිබරල්වාදී ආර්ථික මොඩලයකින් ද වියුක්තව සිදුකිරීම එය වඩාත් තහවුරු කරයි. මේවායින් බොහොමයක් ජයග්රථහණ නිවැරදි ප්රලතිපත්තිමය හැසිරිවීම් මගින් ලබාගෙන ඇත. අනවශ්යය කරුණු දැක්වීම් නැතිව ඒ සඳහා ජාතික නිෂ්පාදිතය, ඒක පුද්ගල ආදායම, තාක්ෂණය රටතුළ පැතිරීමේ වේගය හා ලොව බොහෝ ප්ර්බල රටවල් රාශියක්ම අසාර්ථක වූ ආර්ථික අවපාතයේදී බිඳ වැටීම් වලින් තොරව රටේ ආර්ථිකය පවත්වාගෙන යාම දෙස බැලීම පමණක් වුව ප්ර්මාණවත් බව මගේ හැඟීමයි.