Friday, January 22, 2010

සරසවි ඇදුරන්ගේ වන්දිබට්ටකම්


අද දිවයින පුවත්පතේහි සඳහන් වූයේ වත්මන් ජනාධිපති වරයා 60% ඡන්දය ලබා ගන්නා බවත්, ඔහුගේ ප්‍රතිගාමියා වූ විශ්‍රාමික ජෙනරාල් වරයා 38% ලෙස සඳහනක් මහින්ද වෙත කත් අදින, ආචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ප්‍රකාශ කොට තිබුණි. හෙතෙම, පැහැදිලි ලෙස මහින්ද වෙත වන්දිපබ්ටකම් කරන්නේකු බව රජයේ වෙබ් අඩවියක හේ සඳහන් කළ "ගෝලිය බමුණුකුලය බිඳ දැමූ ශ්‍රී ලාංකේයිය සලකුණ" නැමති ලිපියෙන් ම පෙනේ.


මෙවැනිම තවත් සමික්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ආචාර්ය වරුන් කිහිපදෙනෙකුගේ සහභගීත්වයෙන් ද කර දිණමිණ පුවත් පතේ පළ කොට තිබිණි. එහි ප්‍රතිපල වූයේ මහින්ද 74% ද සරත් 35% ද ගන්නා බව ය.

මේ ලෙස බෙගල් දෙසා බා ස්වකීය විශ්ව විද්‍යලවල කීර්ති නාමය කෙලෙසන මෙවැනි ඇදුරන් සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව යම් පියවරක් ගත යුතු ය. නැතහොත් එකී ආයතන පිළිබඳ විශ්වාසනීයත්ව සමාන්‍ය ජනතාව කෙරෙන් ගිලිහි යනු ඇත. කෙසේ වෙතත් මෙසේ කරලියට පැමිණෙන්නේ ලංකාවේ අධ්‍යපන ක්ෂත්‍රය වැටි ඇති අගාදය මිස වෙන කුමක් ද? නිවැරදි ලෙස ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කර ගත නොහැකි කලාප අධ්‍යපන අංශ ද, නිවැරදි ලෙස උසස් පෙළ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර කටයුතු කළ නොහැකි ආචාර්ය වරු ද, සිඝ්‍රයෙන් වැසෙමින් පවතින ග්‍රම්‍ය පාසල් ද, උසස් පෙළ සහ උපාධි පෞද්ගලික පන්ති පවත්වන විශ්විද්‍යල ආචාර වරුන් ද, දේශපාලකයන්ට පිරිනමන සැදී තිබෙන ගෞරව උපාධින් ද, තඹ සතයකට නොවටින යල්පිනූ අධ්‍යාපනයක් කර පින්නා පිටවන උපාධි ධරයන් ද, කියා පාන්නේ රටේ සුබ ම සුබ ආනාගත ය. මා දන්න තරමට, පැරණි විශ්ව විද්‍යාල ආචාරවරු කිසි විටකත් අතීතයේ දේශපාලකයන් ඉදිරියේ නැමි පාද ලෙව කා නැත. එහෙත් අද තත්ත්වය වෙනස් ය. ඒ සඳහා ස්වකීය අධ්‍යාපන ගෞවරවය පවා දෙන සරසවි ඇදුරන් රොතු පිටින් ඇත. අධ්‍යපනය ද දේශපාලනකරණයට පත්ව ඇත. එනිසා නිදහස් අධ්‍යපනය වල පල්ලට යෑම තව ස්ල්ප කාලයකින් සිඳුවනු ඇත.


මෙවන් ඇදුරන් ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය, මෙවන් මහත් රැවටීමක් කරන්නේ මහජනතාව කවුරුන් ලෙස සිතා මතා ද?


වෙනත් සබැදුම්: W3 සටහන; දිනමිණ ලිපිය

3 comments:

  1. මේ සරසවි ඇදුරෝ මෝඩයන් නොවෙති. පට්ටම පට්ට කට්ටයෝ ය. තම වාසිය තකා මෙලෙස අමනයන් ලෙසින් හැසිරෙති.

    ලංකාවේ අති මහත් බහුතරයෙන් අඩක් පමණ මේ ආකාරයේ කට්ටයෝ ය. අනිත් අඩ අමුම අමු මොට්ටයෝ ය.

    අනේවාසික
    http://anewasika.blogspot.com/

    ReplyDelete
  2. සරසවි ඇදුරන්ගේ මේ ක්‍රියාකලාපය මේ රටේ පිරිහීමේ ලක්ෂණයක් බව පෙනී යයි. මෙවන් බුද්ධිමතුන් සැබෑ කලාකරුවන් කඩේ යා යුත්තේ මනුෂ්‍යත්වය ගොඩනැගීමටයි. දේශපාලනය යනු පහත්ම මනසක ආශාවක් පමණි. දේශපාලනික මනසින් ඔබ්බට ගමන් කල විට පමණි සැබෑ මනුෂ්‍යත්වයකට මාවතක් හමුවන්නෙ. එහෙත් දේශපාලකයින් සැම විටම උත්සාහ කරනු ලබන්නේ ඒ ගමන අහුරාලීමටයි. මන්ද ඔවුන්ව අදහන ජනතාවක් නොසිටියෝ ඔවු‍න්ගේ දේශපාලනික අවශ්‍යතා ඉටු කර ගැනීමට නොහැකි වන අතර, නිවහල් ජනතාවක් බිහිවුණොත් ලංකාව වගේ රටක පවතින පවිටු දේශපාලනය තරයේම ප්‍රතික්‍ෂේප කරනු ඇති බැවිනි. එහෙත් ඒ සඳහා පෙරමුණ ගත යුත්තන්ම වහඵන් බවට පත්වී සිටින්නේ පටු ආත්මලාභයක් උදෙසා මනුෂ්‍යත්වය පාවා දෙමිනි. ඉතිහාසයේ මහම පාවා දීම එය මිස වෙන කිසිවක් නොවේ.

    ReplyDelete
  3. ඔබ හරි. නලින් ද සිල්වා වැනි ආචාර්‍ය වරුන් මර්වින් සිල්වා වැන්නනවුන්ටත් හපන් යැයි සිතේ. රෝහණ ලක්ෂ්මන් පියදාසද තවත් එවැනිම අයෙක් පමණක් විය. නමුත් ඔහු ශ‍්‍රී ලංකාවේ බලය බෙදීම් ගැන නිතර කතා කළ, ආචාර්‍ය කුමා රූපසිංහගේ යුධ විරෝධී පෙරමුණේ දේශන සඳහාද සහභාගී වූ එකළ සිටි මහා ප‍්‍රාඥයෙකුද වී සිටීම ඔහුගේ මේ අළුත්ම විගඩම සමග ගෙන බලන කල්හී උභතෝකෝටිකක් නිර්මාණය කරයි. නමුත් එයට අප පුදුම විය යුතු නැත්තේ රාජිත හා බදුල්ලේ වඳුරු ඇමතිතුමා මෙන්ම එකළ සිටි සියලූම ෆෙඩරල්වාදීන් පවා මේ වන විට ඇත්තේ මහින්දගේ ඔඩොක්කුවේ නිසාය. මහින්දගේ කරේ එල්ලෙන්නට බලාපොරොත්තුවෙන් සිටි කුමා රූපසිංහට පළමු දුරකථන ඇමතුම ලැබුණු පසු වසර 5ක් යුධ විරෝධී පෙරමුණේ සිටි අසහාය නායකයා ‘‘මම යුද්ධයට විරුද්ධ නැහැ’’ කියාද කීවේය. ඉතිං තවත් කතා කුමටද? මෙලෙසම පියදාස ආචාර්‍යතුමාද කෙටිකාලීන ආතල් එකක් ගැනීමට මේ මාර්ගය තෝරාගෙන ඇත.

    ReplyDelete

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...