Friday, May 14, 2010

කඩතුරා හැරී හෙළයේ හෙළුව දිටිම්!



සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහලයන් තරම් අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ජන කොට්ඨාශයක් මා දැක නැත. මා සිංහලයකු බැවින් මා උපන් ජාතිය විවේචනය කිරීමේ අයිතිය ඇත්තේ ය. පසුගිය දිනක මා අනුරාධපුරය දක්වා පෞද්ගලික බසයකින් ගමන් කෙළෙමි. දිළිඳුකමේ අඟට ම මිරිකුණු ජනතාව රැස් කකා බස් රියට ගොඩ විය. අතුරු සිදුරු නැති වන පමණට බස් රිය පිරී ඉතිරිණි. පැය හයක කාලයක් බස් රථයේ හුදී ජනයා සමඟ ගමන් කිරීමෙන් අප්‍රසාදී අත්දැකිම් රාශියකට මුහුණ දීමට සිඳු විය. එයින් සටහන් තැබිය යුතු වැදගත් කරුණු සතරකි. පළමුවැන්න, නම් අපගේ අකාරුණිකත්වය යි. වැඩිහිටියන් කිහිපදෙනෙකු ම අසුනක් අහිමි ව මුළු ගමන්දුර ම සිට ගෙන ගමන් කරනු ලැබී ය. අන්තිම අසුනේ මා සිර වී සිටිය බැවින් මගේ අසුන ද, ඔවුන්ට පරිත්‍යාග කිරීමට තරම් තබා හුස්ම ගැනීමට ඉඩක්වත් නොවී ය. අසුන් හිස් වන විට ළඟන් හුන් සවි ශක්තිමත් තරුණයෝ පැන ඒ අසුන් හි හිඳ,ගත්තේ වැඩිහිටියන් දෙස අල්පමාත්‍රයක වන අනුකම්පාවක් නොතබා ය. මා දැනට සංවර්දිතයයි සලකන එහෙත් අදික ලෙස පෞද්ගලික අත්මාර්ථකාමී ලෙස සැලකෙන ඇමරිකාව හා එංගලන්තයේ සංචාරය කොට ඇත. සැම විටකදී ම, වහසක අයෙකු පොදු ප්‍රවාහන සේවයේ දී දිටි විට ළඟින් වුන් මගියා නැගිට අසුන පරිත්‍යාග කරයි. මහා ශිෂ්ට සංස්කෘතියක් ඇතයි පාරම්බාන, දිවා රාත්‍රියේ රූපවාහිනයෙන් මඩ සෝදන ලාංකික වත්මන් පරපුරට වැඩිහිටියන් ට සැලකීමට තරම්වත් පරාර්ථකාමයක් නැත. දෙවැන්න, යමෙකුගේ පය පැගෙන විටක දී හෝ යමෙක් ඉඩ ඉල්ලූ විට අනෙක් මගියාගේ ප්‍රතිචාර, වළියක් ඇද ගැනීමට ය. ඔහු අසන්නේ “ඇයි මොක ද?” යනුවෙන් ය. අපගේ ශබ්දකෝෂයේ “සමාවන්න!”, “කරුණාකර . . .” වැනි වචන නැත. බස්රියට නැගි කොළුවන් තම අත් මළු ඉඳගෙන සිටින්නන් වෙත දමා ගසති; ඉඳ ගෙන හුන් පුද්ගලයා මල්ල ඇඟ වැදී, ගැස්සී එය ‍තවෙකු වෙත විසි කර යි. මෙය හරියට පන්දු කෙලින්නාක් මෙන් ය. මා මෙ දෙස පුදුමයෙන් බලා සිටියෙමි. තවෙකුගෙන් අයෙක් වතුර ඉල්ලී ය. හේ නැතයි පිළිතුරු දුණි. මා මානවදයාවෙන් වතුර බෝතලය ඔහුට දුන්නේය. කිසි ගරුසරුවක් නොදක්වා ඔහු වතුර බෝතලයෙන් අඩක් හිස්කොට මා වෙත දිගු කළේ තමාගේ වතුර බෝතලය මට දෙන්නාක් මෙන් ය. “ස්තූති!” යන්න කියන්න තරම් වත් සභ්‍යාත්වයක් නොවිණ. මට සිතුණේ මෙවැන් අත්මාථකාමියකු වෙත වතුර බෝතලය දීමේ මෝඩකම ය; මට ම මා බැණ ගත්තෙමි. කුඩා දරුවන් ද පුදුමාකාර දුෂ්ඨකමකට පත් වී ඇති සේ ය. එක් දරුවෙන් නැඟි වේලාවේ සිට, ස්වකීය මව් හට නොදුන් වඳයක් නැත. ඇය ගේ කොණ්ඩය ඇද කැඩී ය; අත් කොණ්ඩයෙන් ඈත් කළ විට කොණ්ඩය ඉල්ලා විලාප දුන්නේ ය. එසේ නොලැබුණ විට පයින් පැගී ය; අත් කොනිත කොනිතා වඳ දුන්නා ය. පසුව ඈ ඇගේ මුත්‍රා කළා ය; විලාප නැගුවා ය. මගේ ඇගේ ලේ වතුර කේතලයක් උතුරන්නා සේ උතුරන්නට පටන් ගති. ඉතා අමාරුවෙන් මා මගේ හැඟිම් පාලනය කොට එක්තැන්හි සන්සුන් ව සිටියෙමි. දරුවන් ද හැදෙන්නේ වැඩිහිටියන් මෙන් ය. ඒ ආත්මාර්ථයෙන් මිරිකී, අන් අයට වඳ දෙන නියාවෙන් ය.

14 comments:

  1. What a ridiculous article. There may be the case that some people won't give a seat to the elderly, but more often than not they do.

    And that water incident is just one.

    Lastly you generalize and criticize Sinhalese because a child acted like a child?

    Oh and let me tell you, I live in Japan and nobody gives the seat to an elderly passenger here.

    ReplyDelete
  2. wtf...this is ridiculous. What you say is not common in here in UK.
    From my point of view you hate Sri Lanka for some reason and try to see the bad side of it. Have you ever try to use a bus in rural India or Bagaladesh?
    Even in London people rarely give seat to others..and if you do so some people think its an offence, because we think they are weak.
    Talking about children have you ever seen the how children behave here in UK? They act like real jerks and you go out during evening you can have a clear picture.

    And again here we are talking about 5 hour journey in jam packed bus. Gimme one example bus route in UK or USA, you have to travel 5 hours in a jam packed bus/coach?
    Don't bullshit dude

    ReplyDelete
  3. It is really sad to hear about Japan. However, this true experience I faced, is not mare generalization of one incident. This is the trend that Sri Lanka is heading. I have seen people who have good norms but now new generation is growing with utter selfishness and self-centeredness. I have seen youth are encroaching and setting in a position that would take two persons place.

    ReplyDelete
  4. @ gray,

    I have no hate for my country, thats why I am here and working for much less pay grade. I just want to point out that the way the country is heading. I came back to Sri Lanka after little more than a two years and the changed that happened in this two years is over whelming. I spend little more that one month in cold stricken UK in this January and also I have visited several time earlier. My friend, I have not had the opportunity to travel 5 hours in a bus in UK or USA. However, the little time in UK, and even in rush hours I have observed generosity of many people in the tube lines (especially Indians, or rather, dark colored people). I don't need to compare India or Bangladesh to boast about my country. However, when we see a fault we should address it rather justifying it, like politicians do in Sri Lanka. My purpose is not to utter bullshit Bro, But open the eyes of the good to do something instead of the bad corrupts the lot.

    ReplyDelete
  5. මේ මහත්මය ලන්කාවේ බසයක යන්නෙ කලාතුරකින් වගෙ..සතියකට වරක්වත් ඔහොම අත්දැකීම් අනන්තවත් දකින මට නන් ඔය ලිපියෙ ලියල තියන තරම් දරුනුව ( අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය) අපේ ශ්‍රී ලාන්කිකයන්ව පෙනෙන්නෙ නෑ.ඇයි ඔබ යුරෝපයෙන් පමනක් ආදර්ශ ගන්නෙ,ගන්නකො උදාහරනයක් ඉන්දියාවෙන්(අපිටත් වඩා ඉතිහාසයක් ඇතැයි කියන මහා භාරතය ),පකිස්තානයෙන්.අපි හැමෝටම තියෙන්නෙ ඔබ කිවු ආකාරයෙ සංස්කෘතියෙ හෝ වෙනයම් වැරද්දක් නොවෙ.තියන පහසුකම් හා සමගාමීව ඔබ ඔය පවසන ආකාරයට කිරීමට නොහැකියාවයි තියෙන්නෙ.ඔබ දැක ඇති යුරෝපයෙ බස් රථයෙත් ලන්කාවෙ දුර ගමන් රථයෙත් වෙනස්කම් බලන්න,අපේ රටෙ බසයක පටවන මගීන් හෙවත් "කෑලි"ගනනත් ඔබ ඔය දැක්ක යුරොපියානු බසයෙ මගීන් ගනනත් අතර වෙනසම ඇති එහෙයි මෙහෙයි වෙනස තේරෙන්න.එසේම කුඩා දරුවෙක් ගැනද ඔබ පවසයි.දාඩිය දමාගෙන,පැය හයක ගමනක් යන ළදරුවෙක්ගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නෙ කුමක්ද,ඔය හැසිරීම නැත්තම් තමා පුදුම විය යුතු.

    ReplyDelete
  6. 70 දශයකයේ උපන් අයට වඩා සාපේක්ෂව 80 දෂකයේ උපන් අය මානව දයාවෙන් අඩු බවක් දක්නා නමුත් ඉන් පසු උපන් අය අද දවසේ 15-20 තරුණ තරුණියන් මානව දයාව ආදී ගතිගුන අතින් 70,80 දෂක වල අයටත් වඩා ඉදිරියෙන් සිටින බවයි මට හැඟුනේ. 80 දෂකයේ උපන් අයට මුහුන දීමට සිදුවූ තදබල තරඟකාරීත්වය ඒ අයගේ මානව දයාවේ සෝදාපාලුවට හේතු වූ බව සිතුනත් අද ලෝකයේ ඊට වඩා තරඟකාරීත්වයක් ඇතිමුත් කුමක්දෝ හොඳ හේතුවක් නිසා (සමහර විට අන්තර්ජාලය මඟින් හෝ උසස් රසවින්දනයක් ලැබීමට හැකිවී ඇති නිසා විය හැකියි ) ඒ අය සියල්ලන්ටම වඩා මානව දයාඅ ගුන දම් ඇතිව ඇතැයි සිතේ.

    ඔබ මුහුන දුන් සිදුවීම් එකක් හෝ දෙකක් ඇසුරින් නිගමනක් කල නොහැකි බව සැබේ මුත් ඔබේ පරමාර්ථය ගුනදම් පිරි සමාජයක් බිහිකිරීමේ අරමුණ හෙයින් මීට වටා පුලුල් කතිකාවක් ඇති කිරීම යහපත් බව මගේ හැඟීමයි

    ReplyDelete
  7. රවීන් අයියා ගොඩක් කාගෙකින් බස් එකක ගිහින් වගේ. අයියා.. මම නම් මට පුලුවන් නම් සීට් එක දෙනව. නැත්තම් නිකම් ඉන්නව. කවුද දන්නෙ කාට කාට මොන මොන ලෙඩ අමාරුකම් තියෙනවද කියල.
    අනික මේ දේවල් දැකලා ලේ කෝප කරගන්න එක නරක අපිටමයි.
    පුංචි දරුව ගැන නම් අහිතක් හිතන්න එපා අයිය. පොඩි දරුවො මොනා දන්නවද...
    ලිගිය ලියල තියෙන්නෙ හරිම ආවේගෙකින් ....

    ReplyDelete
  8. " සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකිකයන්, විශේෂයෙන් ම සිංහලයන් තරම් අශිෂ්ට, අශිලාචාර, අවනීත, අත්මාර්ථකාමී, අසභ්‍ය ජන කොට්ඨාශයක් මා දැක නැත "

    ඔබ කෙදිනකවත් එසේ දකින එකක්ද නැත. මන්ද යත් ඔබේ බුද්ධිමත්භාවය හා ජීවන අත්දැකීම් අනුව ( සටහන ලියා ඇති ආකාරයට එය අපට සිතාගත හැක ) ඔබට යමක් කමක් තේරෙන මට්ටමට ඒමට තව සෑහෙන කාලයක් ගතවනු ඇත. ඇමරිකාව හා එංගලන්තයේ සංචාරයක යෙදුන පමණින් ඔබ සමාජය ගැන පරිණත යැයි කියන්නේ කෙසේද ?.

    ඔබේ සටහන ඉතාම ළදරැ මට්ටමේ අදහස් දැක්වීමක් ලෙසයි මම දකින්නේ. ඔබට උගත්කම හා මිල මුදල් නොව, බුද්ධිය ලැබේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි... ප්‍රතිචාරය ගැන සතුටුයි...

      Delete
  9. අනේ මේ මහත්මයා හොඳටම වලිගෙ පාග ගෙන වගෙයි. ලංකාවෙන් පිට මමත් අවුරුදු 38ක් ජීවත් වෙලා තියෙනව. ලෝකයේ ඇවිදල තියෙනව. මගේ අදහස නම් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයා, අනුකම්පා සහගත, මානව දයාවෙන් පිරි, දුප්පත් වුවත් හැකි පමනින් අසල්වාසියාට උදව් කරන උතුම් මනුශ්‍යයෙක් බවයි. ඔහු සාමාන්‍ය සුද්දා තරම් (ඇමෙරිකාව, එංගලන්තය ආදී රටවල ) කපටි නැත, ආත්මාර්ථකාමීද නැත. මේ මහත්මයා, අධ්‍යානඥයෙක්ලු! ලංකාවෙ නැති එක ලංකාවෙ වාසනාවක්!

    ReplyDelete
  10. ඇත්තටම මමත් උඩ කමෙන්ට් කරපු බොහෝ දෙනා එක්ක එකඟයි. එක දවසක් බස් එකේ ගිහින්, ඔහොම තීරණයකට එන එක සාධාරණ නෑ.
    ඕක වැරදි අදහසක් සහෝදරයා. අපේ රටේ බල්ලාට ගියපු දේවල් තියෙනවා, ඒත් තාමත් ඔය කියන තරමටම නම් ඔය දේවල්, බල්ලාට ගිහින් නෑ.
    මම දන්නේ නෑ, ඔබ කියන රටවල් ගැන නම්. ඒත් මම යුරෝපයේ රටවල් 5-6කට විතර ගිහින් තියෙනවා. ඒ එක රටකවත් ඔය කියන ආකාරයේ වැඩිහිටියන්ට සැලකීමක් නම්, මම දැකලා නෑ.

    ReplyDelete
  11. හැම දෙනම රට තවමත් බල්ලාට ගිහින් නැතැයි කියමින් හිත හදා ගනිති. අපි විතරක් නෙවෙයි ඉංදියාවත් මේ වගේ මයි කියමින් බර හෑල්ලු කර ගනිති. නමුත් දිනෙන් දින බල්ලාට යන රට, බල්ලාට යෑම වැලැක්වීමට කිසිදු උත්සාහයක් නොගනිති. උත්සාහ ගන්නන් සහ විවේචකයන් ගරහති.
    මෙම ලිපිය දකින තෙක්, මම ද දින පතා බස් වලදී හා සමාජයේ නොයෙකුත් අවස්ථා වලදී සිදුවන සිදුවීම් දෙස නෑසූ කන්ව සිටියෙමි. පසු ගිය දිනක බස් රථය තුලදී එක් දියණියක් තම පොත් මිටිය මාගේ උකුලට දමා ගැසුවේ එය ඈ සතු දෙයක් ලෙස දකිමිනි. ඇය නැවත පොත් බෑගය ලබා ගැනීමේදී ඇය අමතා
    පුතේ මී‍ට පස්සේ කෙනෙකුට බෑග් එක දෙන්න කලින් පොඩ්ඩක් බෑග් එක තියා ගන්න පුලුවන්ද කියලා අහන්න. පොඩි කාලෙම සිරිත් විරිත් ඉගෙන ගන්න
    යයි පැවසීමි.නමුත් මා ළමා පරපුර කෙරෙහිම සෙනෙහසින් කියූ දේ බැනීමක් ලෙස බාරගත් බව ඇගේ මුහුණින් පෙනිණි.
    අවවාදය සහ දොස් කීම වෙන් කර ගන්නට වත් බුද්ධියක් නොමැති පරපුරකට කවර අවවාදද?
    පහසු කම් නැති එක හොඳ සිරිත් පිළි පැදීමට බාධාවක්ද?
    ළදරුවෙකු වඩාගෙන බසනගින මවට තම අසුන පිරිනමන්නේ, සමහර විට බොහො දුර යන අයෙකු විය හැක. නමුත් ඇය බසයෙන් බැස යන්නේ නැවත අසුන ලබා දීම තබා ස්තුති කිරීමක් හෝ නොමැතිවය. අසුන ලබා දුන් තැනැත්තා අසුන ලබා දීම පිළිබඳව පසු තැවෙමින් හිට ගෙනම ගමනේ යෙදේ.
    මේ අපේ ර‍ටේ හැටිය. තවත් සිදුවීම් අනන්තය. පිටරැටියන් අපට වඩා ආත්මාර්ථකාමී බව හැබෑය නමුත් විනය අතින් අපට අහලකට වත් යාමට තබා සිතීමට වත් නොහැකිය.
    දිනක බස් රථයකින් ගමන් ගනිමින් සිටියදී එක් පිට රැටියෙකු තමන් ආහාරයට ගත් බිස්කට් වල අසුරණය දැමීමට වටපිට බලනු දුටු අපේ රටේ බූරුවෙක් එය ඉල්ලාගෙන ජනේලයෙන් පිටතට විසි කිරීමට සූදානම් විය. නමුත් ඔහුට දොස් පැවරූ පිට රැටියා එය තම බෑගය තුලම දමා ගත්තේය. පිට රැටියන් අප රටට පැමිණි විටද තම විනය එලෙසම රැක ගනිති. අප රැටියන් පිට රටදී විනය රැක අප රටට පැමිණි වහා එම හොඳ පුරුදු අමතක කරති. ඉන් නොනැවතී ඒ පිළිබඳ අදහස් දක්වන්නන්ට විලිස්සති.

    ReplyDelete
  12. ඇද්ද අහගත්තා. දැං ඉතිං කුම්බලා මාළු කෑව වගේ තමයි.

    ඔයා අහලා නැද්ද මෙයා ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා.

    ඔයා නිකං දේශද්‍රෝහියෙක් වගේ නේ කතා කරන්නේ.

    එල්ලලා මරනවා අරීද ඩෝ?

    අනේවාසිකයා

    ReplyDelete
  13. තමන්ගෙ අම්ම තාත්තා අදුරන්නෙ නැති.. ජාතියක් ජම්මයක් නැති, ආගමක් නැති ජෙප්පෝ මේ රටේ බිහිවෙන්නේ මේ රටේ හොඳකම නිසාමය. හැම මනුස්සයෙකුගේම අදහස් වලට ගරු කරන බැවිනි.. මේක මානසික රෝගයක්. පිස්සා තමා පිස්සෙක් බව කවදාවත් පිලිගන්නේ නැත.. රවීන් කල්දේරා, කිසිම පිලිසරණක් නොමැති තැන, ඔබට තිසරණ සරණ පතමි...

    ReplyDelete

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...