Thursday, February 22, 2018

සයිටම් නම් රජය පටලා ගත් නූල්පන්දුව


අද දින ආණ්ඩුව මගින් සයිටම් සිසුන් සඳහා ජෙනරාල් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යලය වෛද්‍ය පීඨයට ඇතුලත් කිරීමට තීරණය කර ඇති බව ප‍්‍රකාශ විණ. මෙහිදී සුදුසුකම් පරික්ෂා කරමින් පසු යුතු සුදුසුකම් ඇත්තන් එසේ ඇතුළු කිරීමට යෝජනා වූ බව පෙනේ. කෙසේ වෙතත්, සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් මෙම රජය විසින් ගෙන ගිය පිළිවෙත කිසි ලෙසවත් ප‍්‍රසාදයට පත් කළ යුත්තක් නො වේ. මෙයින් පෙනෙන්නේ වත්මන් රජයේ දේශපාලන අභිමතයේ ඇති දුර්යවලතාවය යි.

රජයේ අධ්‍යපන ප‍්‍රතිපත්තිය දේශපාලන පක්ෂක සහය ලත් විශ්වවිද්‍යාල සංවිධානය හෙවත් ජා.වි.පෙ. සහය ගත් අන්තර් විශ්වවිද්‍යාල සංගමයේ පෙළපාලි හා විරෝධතාවන් ද, රජයේ වෛද්‍ය සංගමයේ මාෆියාවට යටපත් වූ රජය, විශේෂයෙන් ම ජනපති තුමා පසුගිය ජනපති මහින්ද රාජපක්ෂ විසින් පළමු ශිෂ්‍යත්ව දහයක් දෙමින් ආරම්භ කළ සයිටම් අහොසි කළේ ය. මෙසේ අධ්‍යපන ප‍්‍රතිපත්තියක් මගින් එක් වෘතිතිකයන් ගේ ඒකාධිකාරය සවිමත් කරමින් කළ අමනොඥ කි‍්‍රයාවේ ප‍්‍රතිපල ඉදිරි විරෝධතාවන් මගින් ද තව දුරටත් රජය අපහසු තත්ත්වයට පත් කරනු ඇත. දැනටමත් අන්තරය මගින් වෛද්‍ය විද්‍යාලයන් සඳහා වූ අවම ප‍්‍රමිතින් අවලංගු කිරීමට යයි කියමින් පසුගිය දවසක පෙළපාලි ගිය හ. රජය විසින් වෛද්‍යවරුන් ගේ හිඟය පිය වීමේ පරමු යුතු කමක් ඇත්තේ ය. දැනට ඇති වෛද්‍ය වෘත්තිකයන් ගේ හිඟය 100% පමණ ඉහළ දැමීමෙන් අවම මට්ටමේ වෛද්‍ය සේවයක් ලබා දිය හැකි ය. එහෙත් ඒ සඳහා වෛද්‍ය විද්‍යාල නිර්මාණය කිරීමේ නොහැකියාව නිසා රජයේ විශ්ව විද්‍යාල මගින් පමණක් මෙය සපුරා ගත නො හැකි වෙයි.

මෙසේ ශිෂ්‍ය සංගමයන් ඉදිරීයේ හා රජයේ වෛද්‍ය සංගමය වැනි මස් රාත්තල ඉල්ලා නිතීය ඔසවා ගෙන දඟලන්නන් ඉදිරියේ දණ නැමීම අතිශයිම කණගාටුදායක ය. සයිමටම් වෛද්‍ය විද්‍යලය ගත් කල, වෙනත් සමහර විශ්ව විද්‍යාලවලට වඩා ඉහළ ප‍්‍රමිතියක් ඇති ආයතනයක් බව, පසුගිය කාලයේ දී ඇති වී සංවාදවලින් ප‍්‍රකාශ විණි. මෙහිදී මේ පිළිබඳ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ ප‍්‍රමිති සාධනය සඳහා කළ ඇඟයීමේ දී, ජයවර්ධනපුර විශ්ව විද්‍යලයට අනුබද්ධ එක් වෛද්‍යවරයකු විසින් ඒ සඳහා වෛද්‍ය කණ්ඩායම සමඟ නොගොස් පසුව පෞද්ගලික ලෙස ගොස් එකී වාර්තාව තුළ යම් යම් අඩුපාඩු පිළිබඳ ප‍්‍රකාශ කොට අවසානයේ දී පිළි ගැනීම පිළිබඳ ප‍්‍රශ්න ඇති කළේ ය. මෙහිදී සායනික පුහුණුවේ ඇති අඩාපාඩු හා ප‍්‍රජා වෛද්‍ය සේවය පිළිබඳ දැනුම හෝ පුහුණුව නොමැති වීම එක් දුර්වලතාවක් බව ප‍්‍රකාශ විණි. එහෙත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විසින් කළ නොහැකි ප‍්‍රජා වෛද්‍ය සේවය පිළිබඳ පුහුණුවත්, රජයේ රෝහල්වලට වෛද්‍ය සිසු සිසුවියන්ට පැමිණිම බාධා කොට, වැළැක් විය.

මෙසේ අතිශයින් ස්වකීය අභිමතයන් ඇති කිරීමට, ස්වකීය ඒකාධිකාරය හා රදලත්වය ඇති කිරීම සඳහා කි‍්‍රයා කිරීම නිසා රටෙහි වෛද්‍ය වෘත්තිකයන් පුහුණු කිරීම අඩපණ කොට ඇත්තේ ය. විදේශ වෛද්‍ය විද්‍යාලවලින් පැමිණෙන්නන් දේශිය ප‍්‍රජා වෛද්‍ය සේවය පිළිබඳ පුහුණුවක් ඇත් ද? එසේ ම, බංගලදේශය, පකිස්ථානය, නේපාලය, නැගෙනහිර යුරෝපිය (මුල් රැසියානු ජනපද) හා විවිධ අප‍්‍රිකානු වෛද්‍ය විද්‍යලයන්හි පැමිනෙන්නන් ගේ සායනික පුහුණුව පිළිබඳ විශ්වාසක් අපට කෙසේ තබා ගත හැකි ද? 

මෙසේ ආණ්ඩුව විසින් කර තිබෙන්නනේ රාගම වෛද්‍ය පෞද්ගලික විද්‍යලය ජනසතු කිරීමේ වැනි ඉතාමත් හානිකර, අගතිගාමී, අමනෝඥ තීරණයකි. දහසකට අාසන්න සිසුන් සංඛ්‍යාවක් කොතලාවල අාරක්ෂක විශ්වවිද්‍යාලයට අැතුලත් කරන්නේ  කෙ‍ස්‍ෙ ද? ඒ ‍‍සේම, සයිටම් වෛද්‍ය විද්‍යලයේ ඇති පහසුකම් හා වෛද්‍ය අධ්‍යපනය සඳහා ඇති සම්පත් අවම වශයෙන් භාවිත කොට රාජ්‍ය මට්ටමේ හෝ රජය හා පෞද්ගලික එක් වී කරන වෛද්‍ය අධ්‍යපනයක් කරනු ඇතයි මා යෝජනා කරන්න කැමැත්තෙමි. හැඟුමට ක්‍රියා කිරීම රජයක රාජ්‍ය පාලනය නොවේ.     

No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...