- සමහර වගන්ති පළාත් සභාවන් ගේ බලය අභියෝගයට පත් වි ය. වේගයෙන් පළාත් සභාවෙන් සභාවට ආණ්ඩුවේ පක්ෂපාතිත්වයන් මගින් දිවි නැගුම පනත සම්මත විය. එහෙත් උතුරු පළාත් සභාවක් නො මැති හෙයින් එහි සම්මතයට බාධා විණි.
- පළාත් සභාවන් පනත් කෙටුම්පත සඳහා බාධා වූ විට පළාත් සභාවන් ඇති කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට උත්සහ කිරීම. මෙහි දී මෙම පනත් කෙටුම්පත් සමඟ ම ප්‍රධාන පළාත් සභාවන් රාශියක් වසරකට පෙරාතුව විසරුවා නව පාළාත් සභා ඡන්ද පවත් වා රුපියල් බිලියන ගණණින් මුදල් කාබාසිනියා කළේ ය. එයින් ඇති වූ සාධනීය ප්‍රතිපලයක් නොමැති බැව් මා වරක් සදහන් කොට තිබිණි.
- අග්‍රවිනිශ්චයකාර වරියට එරෙහි විවිධ අවස්ථාවන්හි බලපෑම් කිරීම හා එතැනින් නො නැවති, ඇයගේ ගුරුවරයකු වූ හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයට ඈ කැඳවා ගෙන පැමිණි ජී. එල්. පීරීස් ඇමති තුමා ගේ ප්‍රධානත්වයෙන් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ාගෙන ඒම.
- පනත් කෙටුම් පත නීතිගත කිරීම වස් තවත් මුදල් බිලියන ගණනක්වියදක් කොට ජනමත විචාරයක් පැවත් වීමට උත්සහ කිරීම.මෙම කරුණු පිළිබඳ ව ද, අමාත්‍ය වරයා හට ලැබෙන ස්වෛරි ලෙස හා තම අභිමතයන්ට අනුව බිලියන 100කට අධික මුදල් පරිපාලන හැකියාව දෙස බලන විට කාගේ සංවර්ධනයක් උදෙසා දේශපාලන අධිකාරය කැස කවන්නේදැයි සැකයක් මතු වෙයි.වැඩි විස්තර සඳහා දිවයින බලන්න.
ලාංකෙයිය සත්දින දේශපාලන හා සමාජීය සිඳුවිම්වල විචාරාත්මක සටහන
Tuesday, November 6, 2012
දිවි නැගුම හා ළඟම එන ඡන්දයක පෙර නිමිති
Sunday, September 23, 2012
මුස්ලිම් කොන්ග්‍රසයේ රහස් අවබෝධතාව හා ඡන්ද පිළිබඳ විශ්වාස
Wednesday, September 19, 2012
මුස්ලිම් ග්‍රහණයට හසු වූ නැගෙනහිර පළාත් සභාව
Wednesday, August 8, 2012
රාජපක්ෂ බලෑනියේ හරඹ කෙළිය
මිනිසුන් ගේ අවධානය හොරා ගෙන, ඇස්බැන්දුම් කරැවන් සේ දුරමුඛ ක්‍රියාවන්හි යෙදීමේ ප්‍රතිපලය අත විඳින්නේ අති සුඛ විහරණයේ යෙදෙන රාජපක්ෂවරුන් නො ව, ඔවුන් බලයට පත් කර එවූ, දරිද්‍රතාවයට පත් කොට ඇති සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පැලැන්තිය යි. තව කොපමණ කල් ඇස්බැන්ඳුමෙන් ආශ්චර්ය කළ හැකිදැයි අපි සියල්ලෝ උපේක්ෂාවෙන් බලා සිටිමු෴
Monday, May 30, 2011
උගතුන්ගේ සංස්‌කෘතියට
එරෙහි තර්ජනය
විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්‌කෘතියක් බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.
කාල්මාක්‌ස් විසින් 1835 සැප්තැම්බර් 24 දින ටි්‍රයෙර් උසස් ශාස්‌ත්‍රාලයෙහි උගනිමින් සිටියදී ලියූ "Reflections of a Youth on Choosing an Occupation", නමැති රචනාවක් වෙයි. එය, මහාචාර්ය ඩෙස්‌මන් මල්ලිකාරච්චි විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ 2003 දී නිකුත් වූ "මාක්‌ස්‌වාදී රචනා" නම් පොතේ ඇතුළත් වෙයි. එහි එක් තැනක මෙසේ කියෑවේ.
"උගතෙකුට ගෞරවනීයත්වය ලබාදිය හැක්‌කේ කිසියම් බලයක දීන අතකොළු නොවී, ඔවුනට තම විදග්ධ වපසරිය තුළ ස්‌වාධීනව ක්‍රියාකළ හැකි වෘත්තියකටය. ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක් විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලබනු ඇත."
මාක්‌ස් මෙම ලියවිල්ල ලියා මේවනවිට වසර 176 ක් පමණ, එනම් ශතවර්ෂ එකහමාරකට වඩා ගතවී තිබේ. එහෙත් මාක්‌ස් එයින් ඉඟිකළ අවදානම මේ වනතුරුද පහවී නැත. මේ ලිපිය ලියන මම, තවමත් වියපත් නැති, මැදි තරුණ වියක පසුවන්නෙක්‌මි. කිසිදු ලෙසකින් ශිල්ප අලෙවියේ නොයෙදෙන්නෙක්‌මි. කිසිදු අයුරකින් මගේ වෘත්තියට අතිරේකව රජයේ හෝ රාජ්‍ය නොවන ආයතනයකින් වේතනයක් නොලබන්නෙක්‌මි. රටේ ඒ ඒ සමයේ සිදුවන ජනතා හිතෛෂී වෙනස්‌කම් හමුවේ රජය හෝ වේවා අන්කිසි සමාජ බලවේගයක් වේවා සිදුකරන යහපත් කර්තව්‍ය අගය කරමින් ලිපි ලියා ඇත්තෙමි. නිදසුනක් ලෙස දක්‌වතොත් ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සම්බන්ධයෙන් මවිසින්, එසේ වඩා සාධනීය ලිපි පළ කරනු ලැබිණි. ඒ හැර මම, කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවෙමි. මේ කියන්නා වූ මධ්‍යස්‌ථභාවයේ සිටිමින් මා සහ මා වැනි තවෙකෙකු අදහස් දක්‌වන්නේ නම් එය කාගේ හෝ මෙහෙයවීමකින් සිදුවන කටයුතතක් සේ නොසැලකීමට තරම් මෙය කියවන්නාද මධ්‍යස්‌ථ විය යුතු වේ.
විශ්වවිද්‍යාල ආචාර්වරයෙකුගේ භූමිකාව අන් කවර වෘත්තිකයෙකුගේ වෘත්තීය තත්ත්වයකට වඩා වෙනස් වේ. ඔහුගේ රාජකාරිය උදේ අට හෝ හවස හතර අතරතුර පමණක් සීමා නොවන්නකි, අවසන් වසර ශිෂ්‍යයන් සිය පර්යේෂණ නිබන්ධන ලියන විටකදී ඔවුහු මිටි ගණන් පරිච්ඡේද ගෙනැවිත් ආචාර්යවරුනට භාරදෙති. එක් ඇදුරෙකුට එවන් ශිෂ්‍යයන් හතක් අටක් පමණ අධීක්‍ෂණය පැවරෙයි. එවිට උදේ සිට හවස්‌වනතුරු දේශන පවත්වා හවස පටන්ගෙන රෑ වනතුරු අර නිබන්ධන වල හරි වැරදි බැලිය යුතුය. ඊට අමතරව හැම සමාසිකයකට වරක් දෙන පැවරුම් 20 - 30 ක් පමණ එක් ඇදුරෙකුට පැවරෙයි. ඊටත් අතිරේකව ඔහු පසු දිනට ඇති දේශන සඳහා සූදානම් විය යුතුය.
ඇතැම් දේශපාලකයන්, මාධ්‍ය අබියසදී ඔවුනට කැමැති ඕනෑම දෙයක් කීමට නිදහස භුක්‌ති වින්දත්, සරසවි ඇදුරන් වන අපට කැමැති ඕනෑම දෙයක් ශිෂ්‍යයන් ඉදිරියේ කිව නොහැක. අපි නිතරම, නව දැනුම සමග සිසුන් හා ගැවසෙමු. එය එසේ වන ලෙස සියලු පද්ධතීන් සකස් වී ඇත. යම් විෂයක් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් අදාළ ආචාර්යවරයා තුළ තහවුරුව පවතින බවට, ඔහු ආයතනයේ පසුකරන කඩඉම් විසින් සනාථ කෙරෙනු ඇත. සහාය කථිකාචාර්යවරයෙකු තෝරා ගැනෙන්නේ අදාළ විෂයට පළමු පංති සාමාර්ථයක් ගත් අයෙකු පමණි. එවැන්නෙකුට ස්‌ථිර කථිකාචාර්යවරයෙකු විය හැක්‌කේ විශාල වශයෙන් ශාස්‌ත්‍රීය ලිපි ලේඛන ලියා ශාස්‌ත්‍රීය භූමිකාවක් නිර්මාණය කරගතහොත් පමණි. ඔහුට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන්නට නම් වසර හය හතක් තුළ පශ්චාත් උපාධි පර්යේෂණයක් කළ යුතුමය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු වැනි ශ්‍රේණිය සඳහා පශ්චාත් උපාධිය ඇතුළු ශාස්‌ත්‍රීය පර්යේෂණ සලකා බැලේ. මහාචාර්යවරයෙකු වීමට ආචාර්ය උපාධිය ((PhD)) සමග විශාල ශාස්‌ත්‍රීය පර්යේෂණ හා පතපොත ලිවීම අවශ්‍යය.
තත්ත්වය මෙසේ නමුදු, ස්‌ථිර කථිකාචාර්යවරයෙකු ලබාගන්නා ආරම්භක වැටුප රු. 26000 කි. පංති සාමාර්ථයක් කිසිත් නැතිව මූලික උපාධිය පමණක් සහිත උපාධිධාරියෙකුට කෙටි පුහුණුවක් සහිතව මධ්‍යම බැංකුවේ ලැබෙන ආරම්භක වැටුප 37,000 කි. මා දන්නා තවත් නිදසුනක් කියමි. එක්‌තරා පෞද්ගලික ව්‍යාපාරයක සේවය කරන උසස් පෙළ පමණක් ඇති, වෙළෙඳ නියෝජිතයෙකුට ඉන්ධන ගාස්‌තුද සහිතව රු, 40,000 ක වැටුපක් ලැබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට ලැබෙන්නේ 65000 - 70000 ත් අතර වැටුපකි. මෙය අප දන්නා සත්‍යම කාරණය වේ. සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කළ යුතු බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ පවා නොයෙක් ආන්දොaලන සිදු වුවද එවැන්නක් සඳහා මේ වනතුරු කිසිදු පියවරක් ගෙන නැති බව කාරුණිකව සඳහන් කළ යුතුය. සරසවි ඇදුරන්ට වැඩ වර්ජනයක් කිරීම ප්‍රායෝගික කාර්යයක් නොවේ. සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන අධීක්‍ෂණය කිරීමේ පටන් ඉගැන්වීම දක්‌වා කාර්යයේ මේ වනතුරුද අපි යෙදී සිටිමු. එහෙත් කිසිදු ස්‌වෙච්ඡා තනතුරක් දරන ආචාර්යවරයෙකුට ඒ සඳහා අතිරේක ගෙවීම් සරසවි පද්ධතිය තුළ නැත. සාධාරණ වෘත්තීය කාරණයක් පිළිබඳ මතක් කරමින්, ඒ පිළිබඳ නිතර නිතර සිදුවූ අපේක්‍ෂා භංගත්වය තුළම සියලු ආචාර්යවරු සිය රාජකාරිමය භූමිකා තුළම විනා ඉන් පරිබාහිර උද්ඝෝෂණයක නියෑළී නොසිටිති. ස්‌වෙච්ඡාවෙන් සිදුකරන ඇතැම් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කිසිවකුට බල කළ නොහැක. ඒ කටයුතු අඩාල වුවද නැතද අපට නම්, රාජකාරියට අදාළ කටයුතුවල නිමක් නැත. එසේ තිබියදීත් මේ මස වැටුපටද අපි හිමිකම් නොලබමු. රටේ ඉහළම බුද්ධි ස්‌ථරය වූ අපි, රටේ තීරණාත්මක තත්ත්ව වලදී දායක වූ සම්පත් දායකයන් වූ අපි, අද ඒ සියල්ලට පොහොනා පරිදි ඉහළම සැලකුම් ලබමු·
මාක්‌ස් ගේ "Reflections of a Youth on Choosing an Occupation", නම් ලේඛනයෙන් උපුටා අවධාරණය කළ පරිදි ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක් විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලැබ තිබේ. මෙවන් වැටුපක් ලබමින් සියලු ඇදුරනට සිය විදුලි බිල්, වතුර බිල් ගෙවීමටද, දරුවන් පාසලට දැමීමටද, කුමක් හෝ වාහනයක් ගමන් බිමන් සඳහා යොදා ගැනීමටද සිදුවේ. ඇතැම් රාජ්‍ය හා එසේ නොවන උත්සව, සම්මන්ත්‍රණවලදී, ලැබෙන ආරාධනා සඳහා අපේම ඉන්ධන වැයකරමින් අනන්ත, අප්‍රමාණ ගමන් බිමන් ගොස් ඇත්තෙමු. අපට ඉන්ධන වියදම් දෙන්නෝ නැත්තාහ. The Mysterious Universe නම් ග්‍රන්ථයේ කර්තෘ Sir Games Jenas මෙසේ කියා තිබේ. "කටමැත දෙඩීමට මිනිසා බොහෝ කැමතිය. එසේ කළ විට එහි වැදගැම්මක් ඇති දෙයක් නැති බැවින් වගකීමක්‌ද නැත. ගැඹුරු හා ස්‌ථිරසාර කථා කරන මිනිසුන්ගෙන් පමණි මිහිතලයට යහපතක් සිදුව ඇත්තේ".
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක කුලපති වූ සර් අයිවර් ජෙනිංග්ස් ලියූ ,"The Kandy Road" කෘතියේ තැනක මෙසේ දක්‌වයි.
"The autonomy or essential independence of a University community is not an end in itself.It involves the gurantee and the protection of the freedom to think,speak,read and write".
එහි සරල අරුත වන්නේ, "සරසවි ප්‍රජාවක් සතු අවශ්‍යතම බලය හෝ ශක්‌තිය එතෙකින් නිමාවට නොයයි. (එහි වූ ඉදිකිරීම් පද්ධතියට සමගාමීව) ඔවුනට නිදහසේ සිතන්නට, කථා කරන්නට, කියවන්නට හා ලියන්නට ඇති අයිතිය හා වගකීම ආරක්‍ෂාවීමද ඊට ඇතුළත්ය.
විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්‌කෘතියක් බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.
සරසවි ඇදුරෙකුගේ වාහනයක්, යම් හෙයිකින් අධිවේගයෙන් යන දේශපාලන මැරයකුගේ වාහනයක යාන්තම් ගැටුනොත්, (වරද මැරයාගේ වුවද) අපහසුවට පත්වන්නේ ඇදුරාය. ඕනෑම හීලෑ මස්‌කන වර්ගයේ සතෙකුට මිනීකෑමට ඉගැන්විය හැකිය.
උගතකු අතින් මානුෂික වැරදි සිදුවිය හැකිය. මන්ද ඔහු පෘථග්ජන බැවිනි. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණද මේ කරුණට සාක්‍ෂි දරයි. ඕනෑම උගතෙකුගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු පැවතිය හැකිය. ඔහුට ආදරය, ප්‍රේමය සම්බන්ධ අත්වැරදි පැවතිය හැකිය. එබඳු මානෂික දුබලකමකදී වුවද උගතා, ඊට පහළ නූගත්, අවස්‌ථාවාදී, බලකාමී මැරයකුගේ තත්ත්වයට පත් නොවේ. කෝපයකදී, ශෝකයකදී මානුෂික හැඟීම් මත පිහිටා සිටියද උගත්කම නමැති ශික්‍ෂණය, මේ රටේ අන් සියලු ශික්‍ෂණ ක්‍රම අභිබවා ඉදිරියෙන් සිටී.
උගතුන්ගේ සංස්‌කෘතිය හෑල්ලු කරන, කටට ආවක්‌ම කියන ඕනෑම අයෙකුට කාරුණිකව සිතා බැලිය යුතු කරුණක් වේ. තමන් මොනතරම් අවස්‌ථාවාදී වුවද, තම දරුවන් වඩා උගත් වඩා උසස් වඩා ශික්‍ෂිත අයවළුන් කිරීම ඔවුන්ගේ අවංක ප්‍රාර්ථනය විය හැකිය. එවන් දරුවෙකුට සරසවියට පැමිණීමට සිදුවනු ඇත. එවිට ඔවුනට ශිල්ප දිය යුතු වන්නේ අර ඇදුරන්ටමය. ගුරු යනු ලෝකය පාලනය කරන්නා යන අදහස එක් ශ්ලෝකයක ඇත. "ග" කාරාඋච්‍යතෙ විෂ්ණුඃ" ගුරු යන්නෙහි "ග" අකුරින් ලොව පාලනය කරන විෂ්ණු හැඳින්වෙයි. ලොව පාලනය කරන්නාට පහර දුන්විට ලෝකයේ ආධ්‍යාත්මික පැවැත්ම විනාශ වේ.
ආචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
විශ්‍රාමය හා විජ්ජුම්බරය

ජනතාවට වැඩි ප්‍රතිලාභ සහිත
විශ්‍රාම වැටුප් පනතක් ගෙන එන්න
ජාතික වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිට දන්වයි
පියසේන දිසානායක
පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ්‍රාම වැටුප් පනත වහා අහෝසි කර වැඩ කරන ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජාතික වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිත දැනුම්දීමක් කර ඇත. නව විශ්‍රාම වැටුප් පනතක් සැකසීමේදී එමගින් සේවකයන් දැනට භුක්‌ති විඳින වරප්‍රසාද සහ අරමුදල් සියල්ල සුරක්‍ෂිත වියයුතු බව ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ. වේලායුදන් මහතාගේ අත්සනින් යුතුව මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවන ලද ලිපියේ සඳහන්කොට ඇත.
යෝජිත විශ්‍රාම වැටුප් පනතට අනුව සේවකයකුගේ වැටුපෙන් 2% ක්‌ද, සේවා යෝජකයාගෙන් 2% ක්‌ද, අර්ථසාධක ප්‍රතිලාභවලින් 2% ක්‌ද, පාරිතෝෂිතයෙන් 10% ක්‌ද, සමුපකාර සේවකයන්ගේ ඉපයීම්වලින් 10% ක්‌ද සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදලේ වාර්ෂික ලාභයෙන් 10% ක්‌ද වයස අවුරුදු 70 ඉක්‌මවූ අයගේ අක්‍රීය ගිණුම්වල සියලු මුදල් ද විශ්‍රාම වැටුප් අරමුදලට ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් සේවකයන්ගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ මුදල් මෙලෙස අරමුදලට ලබාගැනීම නීති විරෝධී ක්‍රියාවක් බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විශ්‍රාම වැටුප් පනතට අනුව අදාළ අරමුදලට සේවකයන්ගෙන් කපා ගන්නා මුදල් ප්‍රමාණය විෂයභාර ඇමැතිවරයාගේ කැමැත්ත අනුව ඕනෑම අවස්‌ථාවක වැඩි කළ හැකි බවත් එය සේවකයන්ගේ පැත්තෙන් ඉතා භයානක අනතුරක් බවත් වේලායුදන් මහතා ජනාධිපතිවරයා වෙත යෑවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.
විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබීමට වයස අවුරුදු 60 සම්පූර්ණ වන තෙක් සිටිය යුතු බව පනතේ සඳහන්ව තිබෙන බවත් ඒ අනුව වයස 55 දී විශ්‍රාම යන පිරිමි පාර්ශ්වයට වසර පහකුත්, වයස 50 දී විශ්‍රාම යන කාන්තා පාර්ශ්වයට වසර 10 කුත් යෝජිත විශ්‍රාම වැටුප ලබාගැනීමට බලාසිටිය යුතු බවත්
රැකියාවෙන් ඉවත්වූ සේවකයෙක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව එවැනි කාලයක් බලාසිටින්නේ කෙසේදැයි එම ලිපියෙන් පෙන්වා දී ඇත.
විශ්‍රාම වැටුප ජීවිත කාලයටම ලබාදිය යුතු වුවත් යෝජිත විශ්‍රාම වැටුප් පනතට අනුව සේවකයාගෙන් කපා ගන්නා ලද තැන්පතු මුදල් අවසන් වන විට විශ්‍රාම වැටුප් ලබාදීමත් නතර කෙරෙන බවත්, විශ්‍රාම වැටුපට රජය කිසිදු දායකත්වයක් නොදක්‌වන බවත් එA අනුව යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් සේවකයාට කිසිදු ප්‍රතිලාභයක් අත්නොවන බවත් එම ලිපිය මගින් සිහිපත් කර ඇත.
Wednesday, December 15, 2010
චීන බෙර පදයට අඩව් අල්ලන අපේ ඈයෝ: ලියු ෂාබො ගැන පසුවදනක්

ලංකා දීප පුවත් පතෙහි තිළිණි ද. සිල්වා විසින් “ලංකාවත්නොබෙල් උළෙලට ලංකාවත් නෑ” රචිත සටහනක ලංකාව නොබෙල් තාග්‍ය ප්‍රධානෝත්සවය වර්ජනය කිරීමට තීණ්දු කර ඇතයි ලියා තිබිණි. එය මෙසේ ය: “නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර දී අනිද්දා (10) පැවැත්වෙන නොබෙල් සාම ත්‍යාග ප‍්‍රදානෝත්සවය වර්ජනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කැර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. චීන සිරකරුවකු වන ලියු ෂියා ඕ බෝ එම සම්මානයට තෝරා ගැනීම ගැන චීනය විරෝධය පළකරයි. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින”
කෙසේ වෙතත්, මේ සියලු ක්‍රියාවලියන් මගින් මතුවන්නේ චීන කොමුනිස්ට් ආණ්ඩුවේ ඇති ව්‍යජ වෙස් මුහුණ ය. චීනය මධ්‍යස්ථ රටක් ලෙසින් විසි එක්වෙනි සියවසේහි නැගී සිටින බව, ඔලිම්පික් උත්සවය සමඟ ඔවුන් රඟ දැක් වූ ව්‍යජ ජවනිකාව ය. ඔවුන් පෙනි වූයේ චීනය නවීකරණය වූ ප්‍රගතිශිලි රටක් ලෙසින් ය. එහෙත් විකල්ප මත දැරීම හෝ ජාතික රජයේ අදහසට විරුද්ධ මත දැරීම හෝ නිදහස් භාෂණය තදින් ම පගා දමා තිබෙන, සත්‍ය විකෘති කොට ආණ්ඩුවට පක්ෂ මතයන් වඩවා ගන්නට උත්සහ කරන පාලනයක් බව මෙකී තාග්‍යය සමඟ නැවත මතු වී පැමිණින. ලංකාව වැනි රටක මිහිදු දේශපාලනය චීනය ආදර්ශයට ගෙන මැරෙන තුරා රජකම් කිරීමට පාර කපමින් සිටි යි. උතුරු කොරියාවේ කිම් ඉල් සුන් (1912-1994) සහ කිම් ජොන් ඉල් (උ. 1941), කියුබාවේ කැස්තෝ, ලිබියාවේ ගඩිපි, සිම්බාබුවේ රොබට් මුගාබේ (උ. 1924) ආදීන් පිඩිත ජනතාවගේ කර මතින් පාලන බලයට පැමිණ අද දක්වා ම, ස්වකීය බලය ආරක්ෂා කරගැනීමේ සාහිතිශය පිඩයන් වී සිටිති. අතීතයේ ද බ්‍රිතන්‍ය පාලනයට එරෙහි ව සටන් වැද, රාජ්‍ය බලය නතු කර ගත් ඉඩි අමින් අවසානයේ මිලියන ගණනක් ස්වකීය ජනතාව මරා දැමී ය. අපේ ජනපතිගේ මිතුරන් මොවුන් වැන්නවුන් ය.
ලූ ෂිබෝ හට නොබෙල් ත්‍යග ප්‍රධානය පිළිබඳ චීන විදේශ කටයුතු භාර අමාත්‍යවරිය ජියන් යූ පසුගිය දිනක පැවසුවේ, “චීන නිතීය යටතේ වරදකාරුවෙකු වූ සිරකරුවෙකු නොබෙල් තග්‍ය ප්‍රධානය කිරීමට තීරණය කිරීම, චීනය තුළ ධාමරිකකම් කිරීමට ප්‍රසිද්ධියේ කරන ධෛර්යමත් කිරිමකි; චීනයේ නීති පද්ධතිය හැල්ලුවකට ලක් කිරීමකි. චීනයේ නෛතික ස්වරීත්වය එල්ල කළ දරුණු පහරකි.”
නිදහස් භාෂණය සඳහා චීන ජනතාවට අයිතිය ඇත්තේ නීතීයේ සීමාවන්ට යටත් ව ය; ඒ කොමියුනිස්ට් පක්ෂයේ මතයට හානියක් හෝ විවේචනයක් නොමැති ව ය. පසුගිය දිනක ගූගල් සෙවුම් පද්ධතිය ද චීනයෙන් ඉවත් වී ගියේ ඔවුන්ගේ පාදඩ සීමාවන්ට තව දුරටත් හිස නැමිය නොහැකි නිසාවෙන් ය. චීනය දැනටමත් “ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයට (World Wide Web)” විකල්ප අන්තර්ජාල පද්ධතියක් පිහිටුවා ගෙන ඇත. පසුගිය වසරේ නොබෙල් තග්‍යය ජනාධිපති ධූරයට පත් වී වසරක් ද නො ගෙවූ ඔබාමා වෙත ප්‍රධාන කිරීම මා ඇමරිකාවේ සිටිය දීම දැඩි සේ විවේචනය කළෙමි. එයට හේතුව මා දේශපාලන වශයෙන් ප්‍රතිපාක්ෂිකු වූ නිසා නො ව, ඔහු සැබවින් ම කළ දෙයක් නො වූ නිසා ය. මුස්ලිම් රාජ්‍යන් කිහිපයක්ට ගොස්, ඉස්ලාම් ආගම ගැන කථිකා කළා හෝ ඇමරිකන් හමුදා ආපසු ගෙන්වා ගන්නේයයි පුරන් බැවා මිස, පවතින සාම ක්‍රියාකාරකමක් නො කළේ ය. ඔහුට වඩා නොබෙල් සාම තග්‍යයට සුදුසු අයවළු සිටිය හ. අද ඔබාමා ගේ කිර්තිය සිග්‍රයෙන් බැසයමින් පවති.
ලියූ ෂාබො දේශපාලඥයකු නො ව, ශාස්ත්‍රඥයෙකි; ලේඛකයකි. හෙතෙම කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නො වූ, පවතින පාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ ලා දේශපාලන බල අරගලයන්ට දායක නො වූ චරිතයකි. ඔහු ගේ දායකත්වය වන්නේ 2008 වර්ෂයේ දී, “චීනය ’08 ප්‍රඥප්තිය” යන මැයින් කළ ලියවිල්ලට ය. එයින් චීනයේ පවතින කොමයුනිස්ට් පාලනය විසින් සැලකිය යුතු ප්‍රතිසංවිධානයක් කළ යුතු බවටත්, ප්‍රජාතන්ත්‍රවාදීත්වයට ගරු කළ යුතු අතර, නිදහස් භාෂණය ඉඩ සැලසිය යුතු බවත් ප්‍රකාශ කළේ ය. අවුරුදු එකළොසක් සිරබත් කෑමට වරදකාරයෙකු වූ යේ මෙකී රචනය හවුල් කතුවරයකු වීම නිසාවෙන් ය; “ඔන්න, චීන නීති පද්ධතියේ තරම!”
ත්‍රස්තයන්ගෙන් මුදවාගත් ලංකාවේ දකුණ චීනයට, උතුර ඉන්දියාවට ය!!! එනයින් අපට තවත් මොන කතා ද?
2009 දෙසැම්බර් මස පැවති නඩු විභාගයේ දී, ලියූ ෂාබො මෙසේ කී වචන පෙළින් මා මෙම ලිපිය අවසන් කරමි:
2010 නොබෙල්තග්‍ය ප්‍රධානෝත්සවය වීඩියෝව (පැය 1:27)
එක්සත් ජාතින්ගේ සංගමයේ හිටපු මහා ලේකම් කොෆි අන්නාන් (2001)
ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමි කාටර් (2002)
ඉරාන මානව අයිතින් ක්‍රියාකාරිනිය ශිරාන් එබාඩි (2003)
හරිත පට ව්‍යාපාරය නිර්මාතෘ වන්ගාරී මුටා මාතායි (2004)
ඉරාන මානව අයිති ක්‍රියාකාරී මොහොමඩ් එල්බාරාඩයි (2005)
බංගලදේශ මහාචාර්ය හා ශුද්ධ මුල්‍ය ව්‍යාපරයේ නිර්මාතෘ මොහොමඩ් යානුස් (2006)
ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ඇල් ගොර් සහ IPCC (2007)
ෆින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ට්ටි අහටිසාරි (2008)
ඇමරිකාවේ වත්මන් ජනාධිපති බරක් ඔබාමා (2009)
මෙවර නොබෙල් තග්‍යය ලාභී:
[1] “I, filled with optimism, look forward to the advent of a future, free China. For there is no force that can put an end to the human quest for freedom, and China will in the end become a nation ruled by law, where human rights reign supreme” (Nation 2, Sunday December 12, 2010: 6).
Wednesday, December 8, 2010
ලාංකේය ජාතිහිතවාදීත්වය හෙවත් දේශපාලන අවස්ථාවාදී දීනත්වය
දිවයින පුවත් පතට “එදා මොකද වුනේ!” මැයින් විශේෂාංගයක් ලියමින් සමන් ගමගේ එංගලන්ත වැසියවන් පිළිබඳ මෙසේ පවසයි: “වැසිකිළි කැසිකිළි ගොස් කොළ කැබැල්ලකින් පශ්චාත්භාගය පිස දා ගැනීමට පුරුදුව සිටිනා බව කියන සුද්දන් යනු තවමත් ගඳ සුවඳ නොහඳුනන ජාතියක් බව පසුගියදා රාජ්‍ය නායකයකු ලෙස බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරටදී සිදු වූ කෙනහිලකම් මගින් බ්‍රිතාන්‍යයන් මුළු ලෝකයටම යළි පසක් කර තිබේ.” සමන් ගමගේ අමතක කරන අතීතය නම් වැසිකිලි කැසිකිලි යාමට “අහල පහලට” හෝ “කැළැවැද” හෝ “ගං ඉවුරක” ශරීර කෘත්‍යය කරගත් සිංහලයන්ට ඉගැන් වූයේ සුද්දන් බව ය.
ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝ වරින් වර කතා මවා ජනතා අවධානය සුක්ෂම ලෙස තත්‍ය ජීවන අර්බුදයෙන් ඉවත් කරන්නට මාන බලති. මෙම ව්‍යාපෘතියේ පෙර ගමන්කරුවන් සේ ක්‍රියා කරන්නේ විමල් වීරවංශ ය. හෙතෙම කිහිපවිටක් සිරස්තල නිර්මාණයේ ලා ක්‍රියා කළේ, ව්‍යාජ මාරාංතික උපවාසයක් රඟ දක්වා සහ විවිධ වූ තානාපති කාර්යාලයන් ආක්‍රමණය කරන්නා සේ චණ්ඩි පාට් දැමීමෙන් ය. දැන් ඒ අමන මඩ ව්‍යාපාරයට බොරළුගොඩ සිහ පරම්පරාවද එක් වී ඇත්තේ, සිය පන පවා දී ජනපති රකිත’යි පුරම්බාමින් ය. එයට හොරණෑ හඬ සපයන අනතවාදී ජඩ මාධ්‍යයන්ට ආණ්ඩුවේ මාධ්‍යජාලයට අමතර ව, පෞද්ගලික පක්ෂග්‍රාහීන් ද එක් වී ඇත. වතමන් ආණ්ඩුවේ තේමා පාඨය හා ක්‍රියාකාරී ක්‍රමවේදය ධාමරික පාට් දැමීම ය. ඒ සඳහා ආරම්භය ලබා දුන්නේ අපගේ ම ජනපතිවරයා යි. ඔහුගේ චණ්ඩි කතාවන් සේ ම, අන් අයගේ අවවාද නොතකා කරන අපරිස්සම් සහගත දුර්වල තීරණ නිසා සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකික ජන ප්‍රජාව ම අපකීර්තියට පත් වේ. අපගේ ජනපති හට කරණු ලබන කවර තරාතිරමක වූව ද, කෙනෙහිලිකම් ඍජුව ම අපට බලපාන හෙයිනි. අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා තමාට එරෙහි ඇති විරෝධතාවය සහ උත්‍ඝෝෂණ පෙළපාලි සඳහා මුහුණ දීමට සූදානමෙන් එංගලන්තය බලා යන්නට ඇත. එයදු එක්තරාකාර අතකට දෙමළ ඩයස්පොරාවට චණ්ඩි පාට් දැමීමකි. එහෙත් ඒ චණ්ඩි පාට් නිම වූයේ දෙමළ ඩයස්පොරාවේ චණ්ඩි පාට්වලට බිය වූ ඔක්සවර්ඩ් යුනියන් හි පසුබැසීම සමඟ ය.
තමුන් කරනා යුද්ධය මනා සේ තෝරා බේරා කළ යුතුය’යි ආප්තෝපදේශයක් ඇත. එසේ නොකරන්නෝ අවසානයේ ලැජ්ජාව කරපින්නා ආපසු එති. ඒ ලැජ්ජාව වසා ගැනීමටත්, ආණ්ඩුව අයවැය අර්බුදයෙන් ගළවා ගැනීමටත්, වීරවංශ ඇතුලු අවස්ථාවාදී කාඩ්බෝ වීර චණ්ඩින් අවැසි ය. එහෙව් දුබුළු චණ්ඩි ඇති තැතතත්, නැති තැනත්, එහේ මෙහේ අතගා ගෙන අවසානයේ සුද්දන් කොළ කැබැල්ලෙන් පිදසා ගත් දෑ, ඇඟ පුරාත්, අවට සිටින ජාතීහිත්‍යශින් මතත් ගාගනිති. එවැනි දීන ගැලරියට විසිල් තබන්නට කරන වීර ජවනිකා ඔවුගේ පසුපස ලෙව කකා යන, ගැත්තන්ට නම් අගනේ ය. අපට නම් පුහු හාස්‍ය ජනක මූඨ ප්‍රලාපයන් ය.
එකී පුවත්පතේ ම, කතුවැකිය නම්කොට තිබුණේ “පස්වන ඊළාම් යුද්ධය (පණ්‌ඩක හටන)” යනු වෙනි. එයින් ද බැට දීමට අපේෂිත ඉලක්කය සිංහල ජනසමාජයේ විකල්ප මතදාරී කොටස් කිහිපයකි. සමහරු දක්ෂිනාංශක විදේශ ගැති ය; තවකෙක් වාමංශික සමසමාජ කොටස ය; මේ අතරට එක් කළ අනෙක් කොටස නම් “විපක්ෂය” ය. එහෙත් ගල්ගැසීමට ගල් අතට දෙන්නේ මේ සියල්ලට ම වඩා නාමමාත්‍ර දේශහිත්‍යශින් ය. ඔව්හූ දස දෙස අන්ධයන් සේ පහර දෙති. ඔවුන් ගේ පහර දීමට ඉලක්ක ගත දෙමළ ඩයස්පොරාව හසු නොවේ. එහෙත් ස්වකීය ජනප්‍රසාධය වඩවා ගැනීම පිණිස, ඝෝෂා පවත්වමින්, නොසන්ඩාල රැලක් සේ කටයුතු කරති. අවසානයේ කළ දෙයක් නැත. තමුන් බොරැවට කෑ ගසා මහජන අවධානය ලබා ගත්තේ’යයි දිවාසිහින දකිමින් සතුටු වෙති. දෙමළ ඩයස්පොරාවට අභියෝග කිරීමට ඇවසි නම්, ජනපති සමඟ එංගලන්තයට පියඹන්නට විරවංශට තිබිණි. ජනපති සමඟ සකළ සබ්බමනාවට ම යන හේ එංගලන්තයට ගොස්, තවත් දේශහිත්‍යශින් ගොන්නක් එකතු කොට දෙමළ ඩයස්පොරාවට අභියෝග කරන්නට ඉඩ තිබිණි. එහෙත් බොරුවට ලංකාවේ සිට තානාපති කාර්යාලයට ආක්‍රමණය කරන්නට යන ලෙස මවා පාන්නට අවැසි නැති. රණ්ඩුවකට යන්නන් කවුරු හෝ තමුන් අල්ලා ගත්විට දෙගුණ තෙගුණ ලෙසින් චණ්ඩිකම් පාති. මේ ව්‍යජ ජාතිහිත්‍යශින් ද එලෙස ය. ඔවුන් මෙතුවක් කළ උත්ඝොෂණවලින් ලබා ගත්තේ කුමක් ද? කවුරුන් මට්ටු කළො ද? ඔවුන් මට්ටු කළේ සාමාන්‍ය ජනතාව ය. මහා පුරාජෙරු කම් පා අද එංගලන්තයට විසා ගැනීම සඳහා විදේශ ගමන් බලපත ඉන්දියාවට යැවිය යුතු ය. දින තුනෙන් ලබා ගත හැකි විසාව සඳහා අද, සති තුනක් පමණ බලා හිඳිය යුතු ය. දිවයින කතුවරයා කියන පරිදි, දේශද්‍රොහින් දැන්, “ශ්‍රී ලංකාවට එරෙහි සකල දේශෙද්‍රහීන් දැන් ලන්ඩනයේ කුණුකාණු දිගේද, යුරෝපයේ වෙනත් රටවල තැන්තැන්වලද "ලිප්ටන් වටරවුම්" තනමින් සිටින්නෝය.” මගේ ආරාධනය ව්‍යාජ ජාතිහිත්‍යශින්ට ලන්ඩනයට ගොස් උත්ඝෝෂණය කරන ලෙස ය. වළං බිඳින්නේ පාළු ගෙදර ය; බිඳිනවා නම් වළං බිඳිය යුත්තේ අයිතිකරුවන් සිටින තැනක ය. එහෙත් කිවයුතු සත්‍ය නම් මෙකී උත්ඝෝෂණ සඳහා සපයා ගන්නවුන්ගෙන් එකෙක් දෙන්නෙකුට හැරුණු කොට, උත්ඝෝෂණ තබා එංගලන්තය කරා යාමටවත් හැකියාවක් නැත. ඒ හෙයින් ඔවුන් ගේ පරම අභිලාශය එලෙස යාමට හැකි, විදේශගත ලාංකිකයන් හට එවන් රටවල දොර කවුළු වසා දැමීම ය. “උඹළාත් මේ නරා වලේ ම ලැගපල්ලා!” යන්න ඔවුන් ගේ දර්ශනය ය. අනෙක් අතට මඩ ගසන්නේ, කලක් ජපතිගේ දෑත් සවිකිරීමට එක් වූ කරු ජයසූරීය වැන්නවුන්ට ය.
ජාතීහිතවාදීන්ගේ මතකය කෙටි ය; ඔව්හු සාතිශය අවස්ථාවාදී යෝ ය.
කරු ජයසූරියගේ මේ වචනවලින් මා මෙ ලිපිය අවසාන කරමි:
“දේශප්‍රේමියෙක් කියලා බෝඩ් එකක් එල්ල නොගත්තාට මමත් රටට ආදරය කරනවා. අවුරුදු හතක් මම හමුදා සේවයේ හිටියා. එල්.ටී.ටී.ඊ.ය මාවත් ඝාතනය කරන්න උත්සාහ කළා. මේ විදිහට බොරුවට මෙය දේශපාලනීකරණය කරන්න එපා. මේක මුව හමට තඩි බානවා වගේ වැඩක්. මම කිව්වේ මේ ගැන ලෝකයට කරුණු පැහැදිලි කරන්න කියලායි. සරත් ෆොන්සේකාව ද්‍රොහියෙක් කරලා හිරේ දැම්මා නම් මාව ද්‍රොහියෙක් කරන එක එතරම් දෙයක් නොවේ. තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කරලා බලි ඇරලා හූ කියලා මේවා කරන්න බැහැ. මමත් තානාපතිවරයෙක්‌ව ඉඳලා තියෙනවා. මම මේ රටට ආදරෙයි. මගේ ඇටකටු මිහිදන් කරන්නෙත් මේ රටේ.”
සැබෑ දේශප්‍රෙමියෝ සැබෑ ලෙසට ම මේ මාතෘ භූමිය ආදරේ ය; සත්‍යවාදී ය.
Friday, December 3, 2010
Wikileaks සහ ලාංකේය දැක්ම

ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය සහ ඇමරිකානු ජනාතාව ජිවන දෘෂ්ටිය යන පරස්පරි විරෝධි අන්දර දෙකක් බව තේරුම් ගත්තේ ඇමරිකාවේ ගත කළ ස්වල්ප කාලය තුළ දී ය. රටක විදේශ ප්‍රතිපත්තිය හසුරුවන්නේ නිළධාරිදූරාවලිය හා දේශපාලන අණ්ඩු පක්ෂය විසිනි. දේශපාලකයන් පත් කරනු ලබන ජනතාව ගේ අභිලාශයන්ට වඩා ස්වකීය බල ක්ෂත්‍රය පතුරුවාලීමේ ව්‍යාපාරක යෙදෙන ඔව්හූ එකී බල ව්‍යාප්තියට එරෙහි ව නැගී සිටින්නන් කවරෙකු හට ද නිර්දය ලෙස පහර එල්ල කර යි. ඇමරිකාව පැවතීමට නම් ඔවුන්ට අවශ්‍ය සම්පත් හූරා කෑම සඳහා මර්ගයන් විවෘත කොට පවත්වා ගත යුතු ය. පරිභෝජනය අතින් පරිභෝජන දාමයේ ඉහළින් වැජබෙන ඇමරිකානු ජන සමාජය එලෙසින් ම පවත්වා ගැනීම සඳහා අවශ්‍ය දෑ සපයා දීම තුළ ස්වකීය බලය රදවා ගැනීමට දේශපාලන රෙජීම උත්සහ ගනී. මේ සා විශාල දේශයක් සතුටින් පවත්වා ගැනීමටත්, ඔවුන් ගේ වෙළෙඳ ව්‍යාපාරයන්, සම්පත් නෙලා ගැනීම් තහවුරු කිරීමේ ලා පරම වගකීම ඉෂ්ට කිරීමට උත්සහ කරන ආණ්ඩු, එසේ කිරීමේ ලා ලෝකයේ ස්වෛරී රාජ්‍යයන් කෙරෙහි අනිසි ලෙස අත් පෙවීම් කරයි. ලෝකයේ ඇති වී ඇති මහත් සමාජීය හා ජාතියන්තර ව්‍යසන සඳහා ප්‍රස්තුතය සකසා ඇත්තේ බොහෝ විට ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය නිසා ය. එක් වරක් කියුබාව හා න්‍යෂ්ටික යුද්ධක් ඇති කර ගැනීම දක්වා ඇමරිකානු විදේශ ප්‍රතිපත්තිය මුඨ වි ය. මෙවර ඇමරිකාවේ විදේශ ප්‍රතිපත්තිය සඳහා අතුල් පහරක් දුන්නේ “විකිලීක්ස්” යන අන්තර්ජාල අඩවිය යි. එයට ප්‍රවේශ වීම විවිධ ආණ්ඩු විසින් අවහිර කොට ඇති අතර, ඇමරිකානු ජනතාව එය කියවීම රාජ්‍ය ද්‍රොහි ක්‍රියාවක් ලෙස සලකා, රැකී රක්ෂා පවා අහිමි විය හැකි බවට “අනතුරු අඟවා” ඇත. එ සේ ම, රාජ්‍ය සහ රාජ්‍ය නොවන අයතනයන්ට විකීලික්ස් අන්තර්ජාල අඩවි ප්‍රවේශය අහුරන ලෙසට ද උපදෙස් දී ඇත.
විකීලීක්ස් හි ලංකාව සම්බන්ධවයන් වූ සඳහන ද්වීතීය මුලාශයක් භාවිත කොට කරන ලද්දක් වන අතර, එහි නිරවද්‍යතාවය පිළිබඳ දැඩි සැකයක් මතු වේ. එයින් අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඇතුළු පවුලේ කිහිප දෙනෙකු සහ ජෙනරාල් සරත් ෆොන්සෙකා යුධ අපරාධ සඳහා චෝදනාවන්ට ලක් කොට ඇත. එහෙත් එකී ලියවිල්ලේ සම්භවයේ නිරවද්‍යතාව සම්බන්ධයෙන් අතිශයින්ම සැක පහළ වේ. ඔබගේ අධ්‍යනය සඳහා එකී ලියවිල්ල පහත දක්වා ඇත:
Sri Lanka - Ambassador reports Sri Lankan President responsible for "alleged war crimes"
WikiLeaks Staff, 1 December 2010, 19.00 GMT
Sri Lankan President Mahinda Rajapaksa and his family are responsible for alleged war crimes against the Tamil, according to a cable sent by US ambassador to Sri Lanka Patricia Butenis.
Butenis said complicity in alleged war crimes by the president and leader of the opposition was stalling progress in launching investigations into the country’s civil war.
The long running conflict between the government of Sri Lanka and the LTTE, also known as the Tamil Tigers, was ended in May 2009 after the Sri Lankan army defeated LTTE leaders in an area known as the “no fire zone”.
The cable, dated 15 January 2010, updated the Secretary of State on war crimes accountability following the end of the country’s long and bloody conflict.
Ambassador Butenis noted there had been some limited progress in investigating potential war crimes, but noted:
“There are no examples we know of a regime undertaking wholesale investigations of its own troops or senior officials for war crimes while that regime or government remained in power.
“In Sri Lanka this is further complicated by the fact that responsibility for many of the alleged crimes rests with the country’s senior civilian and military leadership, including President Rajapaksa and his brothers and opposition candidate General Fonseka.”
With regard to alleged LTTE war crimes, Butenis noted:
“Most of the LTTE leadership was killed at the end of the war, leaving few to be held responsible for those crimes. The Government of Sri Lanka (GSL) is holding thousands of mid- and lower-level ex-LTTE combatants for future rehabilitation and/or criminal prosecution. It is unclear whether any such prosecutions will meet international standards.”
The revelations coincide with a visit by President Rajapaksa to the United Kingdom. Rajapaksa, who has been in the UK since Monday, is due to meet with UK Defence Secretary Liam Fox.
Rajapaksa was also scheduled to speak at the Oxford Union on Thursday until the university issued a statement cancelling the event on Wednesday afternoon. The statement cited “security concerns” due to the large number of protestors expected to picket the event.
ලොව පැරණිතම මත්කාරකය: බලකාමය
බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...
