ලාංකෙයිය සත්දින දේශපාලන හා සමාජීය සිඳුවිම්වල විචාරාත්මක සටහන
Friday, August 2, 2013
පුර්වාදර්ෂ
Tuesday, November 6, 2012
දිවි නැගුම හා ළඟම එන ඡන්දයක පෙර නිමිති
- සමහර වගන්ති පළාත් සභාවන් ගේ බලය අභියෝගයට පත් වි ය. වේගයෙන් පළාත් සභාවෙන් සභාවට ආණ්ඩුවේ පක්ෂපාතිත්වයන් මගින් දිවි නැගුම පනත සම්මත විය. එහෙත් උතුරු පළාත් සභාවක් නො මැති හෙයින් එහි සම්මතයට බාධා විණි.
- පළාත් සභාවන් පනත් කෙටුම්පත සඳහා බාධා වූ විට පළාත් සභාවන් ඇති කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට උත්සහ කිරීම. මෙහි දී මෙම පනත් කෙටුම්පත් සමඟ ම ප්‍රධාන පළාත් සභාවන් රාශියක් වසරකට පෙරාතුව විසරුවා නව පාළාත් සභා ඡන්ද පවත් වා රුපියල් බිලියන ගණණින් මුදල් කාබාසිනියා කළේ ය. එයින් ඇති වූ සාධනීය ප්‍රතිපලයක් නොමැති බැව් මා වරක් සදහන් කොට තිබිණි.
- අග්‍රවිනිශ්චයකාර වරියට එරෙහි විවිධ අවස්ථාවන්හි බලපෑම් කිරීම හා එතැනින් නො නැවති, ඇයගේ ගුරුවරයකු වූ හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයට ඈ කැඳවා ගෙන පැමිණි ජී. එල්. පීරීස් ඇමති තුමා ගේ ප්‍රධානත්වයෙන් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ාගෙන ඒම.
- පනත් කෙටුම් පත නීතිගත කිරීම වස් තවත් මුදල් බිලියන ගණනක්වියදක් කොට ජනමත විචාරයක් පැවත් වීමට උත්සහ කිරීම.මෙම කරුණු පිළිබඳ ව ද, අමාත්‍ය වරයා හට ලැබෙන ස්වෛරි ලෙස හා තම අභිමතයන්ට අනුව බිලියන 100කට අධික මුදල් පරිපාලන හැකියාව දෙස බලන විට කාගේ සංවර්ධනයක් උදෙසා දේශපාලන අධිකාරය කැස කවන්නේදැයි සැකයක් මතු වෙයි.වැඩි විස්තර සඳහා දිවයින බලන්න.
Sunday, September 23, 2012
මුස්ලිම් කොන්ග්‍රසයේ රහස් අවබෝධතාව හා ඡන්ද පිළිබඳ විශ්වාස
Wednesday, September 19, 2012
මුස්ලිම් ග්‍රහණයට හසු වූ නැගෙනහිර පළාත් සභාව
Wednesday, August 8, 2012
රාජපක්ෂ බලෑනියේ හරඹ කෙළිය
මිනිසුන් ගේ අවධානය හොරා ගෙන, ඇස්බැන්දුම් කරැවන් සේ දුරමුඛ ක්‍රියාවන්හි යෙදීමේ ප්‍රතිපලය අත විඳින්නේ අති සුඛ විහරණයේ යෙදෙන රාජපක්ෂවරුන් නො ව, ඔවුන් බලයට පත් කර එවූ, දරිද්‍රතාවයට පත් කොට ඇති සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පැලැන්තිය යි. තව කොපමණ කල් ඇස්බැන්ඳුමෙන් ආශ්චර්ය කළ හැකිදැයි අපි සියල්ලෝ උපේක්ෂාවෙන් බලා සිටිමු෴
Monday, May 30, 2011
උගතුන්ගේ සංස්‌කෘතියට
එරෙහි තර්ජනය
විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්‌කෘතියක් බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.
කාල්මාක්‌ස් විසින් 1835 සැප්තැම්බර් 24 දින ටි්‍රයෙර් උසස් ශාස්‌ත්‍රාලයෙහි උගනිමින් සිටියදී ලියූ "Reflections of a Youth on Choosing an Occupation", නමැති රචනාවක් වෙයි. එය, මහාචාර්ය ඩෙස්‌මන් මල්ලිකාරච්චි විසින් සිංහල බසට පරිවර්තනය කරනු ලැබ 2003 දී නිකුත් වූ "මාක්‌ස්‌වාදී රචනා" නම් පොතේ ඇතුළත් වෙයි. එහි එක් තැනක මෙසේ කියෑවේ.
"උගතෙකුට ගෞරවනීයත්වය ලබාදිය හැක්‌කේ කිසියම් බලයක දීන අතකොළු නොවී, ඔවුනට තම විදග්ධ වපසරිය තුළ ස්‌වාධීනව ක්‍රියාකළ හැකි වෘත්තියකටය. ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක් විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලබනු ඇත."
මාක්‌ස් මෙම ලියවිල්ල ලියා මේවනවිට වසර 176 ක් පමණ, එනම් ශතවර්ෂ එකහමාරකට වඩා ගතවී තිබේ. එහෙත් මාක්‌ස් එයින් ඉඟිකළ අවදානම මේ වනතුරුද පහවී නැත. මේ ලිපිය ලියන මම, තවමත් වියපත් නැති, මැදි තරුණ වියක පසුවන්නෙක්‌මි. කිසිදු ලෙසකින් ශිල්ප අලෙවියේ නොයෙදෙන්නෙක්‌මි. කිසිදු අයුරකින් මගේ වෘත්තියට අතිරේකව රජයේ හෝ රාජ්‍ය නොවන ආයතනයකින් වේතනයක් නොලබන්නෙක්‌මි. රටේ ඒ ඒ සමයේ සිදුවන ජනතා හිතෛෂී වෙනස්‌කම් හමුවේ රජය හෝ වේවා අන්කිසි සමාජ බලවේගයක් වේවා සිදුකරන යහපත් කර්තව්‍ය අගය කරමින් ලිපි ලියා ඇත්තෙමි. නිදසුනක් ලෙස දක්‌වතොත් ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රාප්තිය සම්බන්ධයෙන් මවිසින්, එසේ වඩා සාධනීය ලිපි පළ කරනු ලැබිණි. ඒ හැර මම, කිසිදු දේශපාලන පක්‍ෂයක ක්‍රියාකාරී සාමාජිකයෙක් නොවෙමි. මේ කියන්නා වූ මධ්‍යස්‌ථභාවයේ සිටිමින් මා සහ මා වැනි තවෙකෙකු අදහස් දක්‌වන්නේ නම් එය කාගේ හෝ මෙහෙයවීමකින් සිදුවන කටයුතතක් සේ නොසැලකීමට තරම් මෙය කියවන්නාද මධ්‍යස්‌ථ විය යුතු වේ.
විශ්වවිද්‍යාල ආචාර්වරයෙකුගේ භූමිකාව අන් කවර වෘත්තිකයෙකුගේ වෘත්තීය තත්ත්වයකට වඩා වෙනස් වේ. ඔහුගේ රාජකාරිය උදේ අට හෝ හවස හතර අතරතුර පමණක් සීමා නොවන්නකි, අවසන් වසර ශිෂ්‍යයන් සිය පර්යේෂණ නිබන්ධන ලියන විටකදී ඔවුහු මිටි ගණන් පරිච්ඡේද ගෙනැවිත් ආචාර්යවරුනට භාරදෙති. එක් ඇදුරෙකුට එවන් ශිෂ්‍යයන් හතක් අටක් පමණ අධීක්‍ෂණය පැවරෙයි. එවිට උදේ සිට හවස්‌වනතුරු දේශන පවත්වා හවස පටන්ගෙන රෑ වනතුරු අර නිබන්ධන වල හරි වැරදි බැලිය යුතුය. ඊට අමතරව හැම සමාසිකයකට වරක් දෙන පැවරුම් 20 - 30 ක් පමණ එක් ඇදුරෙකුට පැවරෙයි. ඊටත් අතිරේකව ඔහු පසු දිනට ඇති දේශන සඳහා සූදානම් විය යුතුය.
ඇතැම් දේශපාලකයන්, මාධ්‍ය අබියසදී ඔවුනට කැමැති ඕනෑම දෙයක් කීමට නිදහස භුක්‌ති වින්දත්, සරසවි ඇදුරන් වන අපට කැමැති ඕනෑම දෙයක් ශිෂ්‍යයන් ඉදිරියේ කිව නොහැක. අපි නිතරම, නව දැනුම සමග සිසුන් හා ගැවසෙමු. එය එසේ වන ලෙස සියලු පද්ධතීන් සකස් වී ඇත. යම් විෂයක් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් අදාළ ආචාර්යවරයා තුළ තහවුරුව පවතින බවට, ඔහු ආයතනයේ පසුකරන කඩඉම් විසින් සනාථ කෙරෙනු ඇත. සහාය කථිකාචාර්යවරයෙකු තෝරා ගැනෙන්නේ අදාළ විෂයට පළමු පංති සාමාර්ථයක් ගත් අයෙකු පමණි. එවැන්නෙකුට ස්‌ථිර කථිකාචාර්යවරයෙකු විය හැක්‌කේ විශාල වශයෙන් ශාස්‌ත්‍රීය ලිපි ලේඛන ලියා ශාස්‌ත්‍රීය භූමිකාවක් නිර්මාණය කරගතහොත් පමණි. ඔහුට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන්නට නම් වසර හය හතක් තුළ පශ්චාත් උපාධි පර්යේෂණයක් කළ යුතුමය. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පළමු වැනි ශ්‍රේණිය සඳහා පශ්චාත් උපාධිය ඇතුළු ශාස්‌ත්‍රීය පර්යේෂණ සලකා බැලේ. මහාචාර්යවරයෙකු වීමට ආචාර්ය උපාධිය ((PhD)) සමග විශාල ශාස්‌ත්‍රීය පර්යේෂණ හා පතපොත ලිවීම අවශ්‍යය.
තත්ත්වය මෙසේ නමුදු, ස්‌ථිර කථිකාචාර්යවරයෙකු ලබාගන්නා ආරම්භක වැටුප රු. 26000 කි. පංති සාමාර්ථයක් කිසිත් නැතිව මූලික උපාධිය පමණක් සහිත උපාධිධාරියෙකුට කෙටි පුහුණුවක් සහිතව මධ්‍යම බැංකුවේ ලැබෙන ආරම්භක වැටුප 37,000 කි. මා දන්නා තවත් නිදසුනක් කියමි. එක්‌තරා පෞද්ගලික ව්‍යාපාරයක සේවය කරන උසස් පෙළ පමණක් ඇති, වෙළෙඳ නියෝජිතයෙකුට ඉන්ධන ගාස්‌තුද සහිතව රු, 40,000 ක වැටුපක් ලැබේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකුට ලැබෙන්නේ 65000 - 70000 ත් අතර වැටුපකි. මෙය අප දන්නා සත්‍යම කාරණය වේ. සරසවි ඇදුරන්ගේ වැටුප් වැඩි කළ යුතු බව සඳහන් කරමින් පාර්ලිමේන්තුවේ පවා නොයෙක් ආන්දොaලන සිදු වුවද එවැන්නක් සඳහා මේ වනතුරු කිසිදු පියවරක් ගෙන නැති බව කාරුණිකව සඳහන් කළ යුතුය. සරසවි ඇදුරන්ට වැඩ වර්ජනයක් කිරීම ප්‍රායෝගික කාර්යයක් නොවේ. සිසුන්ගේ පර්යේෂණ නිබන්ධන අධීක්‍ෂණය කිරීමේ පටන් ඉගැන්වීම දක්‌වා කාර්යයේ මේ වනතුරුද අපි යෙදී සිටිමු. එහෙත් කිසිදු ස්‌වෙච්ඡා තනතුරක් දරන ආචාර්යවරයෙකුට ඒ සඳහා අතිරේක ගෙවීම් සරසවි පද්ධතිය තුළ නැත. සාධාරණ වෘත්තීය කාරණයක් පිළිබඳ මතක් කරමින්, ඒ පිළිබඳ නිතර නිතර සිදුවූ අපේක්‍ෂා භංගත්වය තුළම සියලු ආචාර්යවරු සිය රාජකාරිමය භූමිකා තුළම විනා ඉන් පරිබාහිර උද්ඝෝෂණයක නියෑළී නොසිටිති. ස්‌වෙච්ඡාවෙන් සිදුකරන ඇතැම් සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කිසිවකුට බල කළ නොහැක. ඒ කටයුතු අඩාල වුවද නැතද අපට නම්, රාජකාරියට අදාළ කටයුතුවල නිමක් නැත. එසේ තිබියදීත් මේ මස වැටුපටද අපි හිමිකම් නොලබමු. රටේ ඉහළම බුද්ධි ස්‌ථරය වූ අපි, රටේ තීරණාත්මක තත්ත්ව වලදී දායක වූ සම්පත් දායකයන් වූ අපි, අද ඒ සියල්ලට පොහොනා පරිදි ඉහළම සැලකුම් ලබමු·
මාක්‌ස් ගේ "Reflections of a Youth on Choosing an Occupation", නම් ලේඛනයෙන් උපුටා අවධාරණය කළ පරිදි ගෞරවනීයත්වයෙන් තොර වෘත්තියක් විසින් අපව අපේ උගත්කම්වලට නොසරිලන සේ පහතට ඇද දමනු ලැබ තිබේ. මෙවන් වැටුපක් ලබමින් සියලු ඇදුරනට සිය විදුලි බිල්, වතුර බිල් ගෙවීමටද, දරුවන් පාසලට දැමීමටද, කුමක් හෝ වාහනයක් ගමන් බිමන් සඳහා යොදා ගැනීමටද සිදුවේ. ඇතැම් රාජ්‍ය හා එසේ නොවන උත්සව, සම්මන්ත්‍රණවලදී, ලැබෙන ආරාධනා සඳහා අපේම ඉන්ධන වැයකරමින් අනන්ත, අප්‍රමාණ ගමන් බිමන් ගොස් ඇත්තෙමු. අපට ඉන්ධන වියදම් දෙන්නෝ නැත්තාහ. The Mysterious Universe නම් ග්‍රන්ථයේ කර්තෘ Sir Games Jenas මෙසේ කියා තිබේ. "කටමැත දෙඩීමට මිනිසා බොහෝ කැමතිය. එසේ කළ විට එහි වැදගැම්මක් ඇති දෙයක් නැති බැවින් වගකීමක්‌ද නැත. ගැඹුරු හා ස්‌ථිරසාර කථා කරන මිනිසුන්ගෙන් පමණි මිහිතලයට යහපතක් සිදුව ඇත්තේ".
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරම්භක කුලපති වූ සර් අයිවර් ජෙනිංග්ස් ලියූ ,"The Kandy Road" කෘතියේ තැනක මෙසේ දක්‌වයි.
"The autonomy or essential independence of a University community is not an end in itself.It involves the gurantee and the protection of the freedom to think,speak,read and write".
එහි සරල අරුත වන්නේ, "සරසවි ප්‍රජාවක් සතු අවශ්‍යතම බලය හෝ ශක්‌තිය එතෙකින් නිමාවට නොයයි. (එහි වූ ඉදිකිරීම් පද්ධතියට සමගාමීව) ඔවුනට නිදහසේ සිතන්නට, කථා කරන්නට, කියවන්නට හා ලියන්නට ඇති අයිතිය හා වගකීම ආරක්‍ෂාවීමද ඊට ඇතුළත්ය.
විශ්වවිද්‍යාල සමාජයෙහි වූ බුද්ධි සංස්‌කෘතිය, කිසිවකුගේ බලයකට වැරදි අර්ථ දීමකට හෝ තර්ජනයකට යටපත් විය යුත්තක් නොවේ. අවශ්‍යතන්හි වැදගත් සම්පත් දායකත්වයක් සේ එහි ශක්‌තිය අවංකව යොදා ගැනීම රජයකද වගකීම වේ. විශ්වවිද්‍යාල සංස්‌කෘතියක ඇති ස්‌වාධීන බව සටහන් කරන ලද්දේ විදේශික උගතකු විසිනි. ඒත් අපේ රටේ ඇතැම් බලවේග, එහි වූ ස්‌වාධීන බව අකාමකා දැමීමට කටයුතු කළහොත් සිදුවන්නේ, මාකට් සංස්‌කෘතියක් බිහිවීමය. රටක තාක්‍ෂණය හා මානව ශාස්‌ත්‍ර හා සෞන්දර්යය සමබර විය යුතුය. මානව ශාස්‌ත්‍ර භාෂා, දර්ශන වලින් එක්‌වරම වෙළෙඳපළ වටිනාකම් සෙවිය යුතු නැත. එබඳු විෂයයන්ගෙන් ඉතා සුගැඹුරු හා බහුශ්‍රැත ඥන සම්පත් බිහිකිරීම සිදුවේ. එහි ඵලප්‍රයෝජනය දීර්ඝ කාලීන වේ, අදූර දර්ශී ඇතැමුන් විසින් රටක උගතුන් හා බද්ධ සංස්‌කෘතිය හෑල්ලු කරන විට, ඊට පහළින් සිටින සියලු අසංස්‌කෘත බලවේග උඩපනිමින් ඊට පහරදෙනු ඇත.
සරසවි ඇදුරෙකුගේ වාහනයක්, යම් හෙයිකින් අධිවේගයෙන් යන දේශපාලන මැරයකුගේ වාහනයක යාන්තම් ගැටුනොත්, (වරද මැරයාගේ වුවද) අපහසුවට පත්වන්නේ ඇදුරාය. ඕනෑම හීලෑ මස්‌කන වර්ගයේ සතෙකුට මිනීකෑමට ඉගැන්විය හැකිය.
උගතකු අතින් මානුෂික වැරදි සිදුවිය හැකිය. මන්ද ඔහු පෘථග්ජන බැවිනි. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණද මේ කරුණට සාක්‍ෂි දරයි. ඕනෑම උගතෙකුගේ පෞද්ගලික ජීවිතයේ ගැටලු පැවතිය හැකිය. ඔහුට ආදරය, ප්‍රේමය සම්බන්ධ අත්වැරදි පැවතිය හැකිය. එබඳු මානෂික දුබලකමකදී වුවද උගතා, ඊට පහළ නූගත්, අවස්‌ථාවාදී, බලකාමී මැරයකුගේ තත්ත්වයට පත් නොවේ. කෝපයකදී, ශෝකයකදී මානුෂික හැඟීම් මත පිහිටා සිටියද උගත්කම නමැති ශික්‍ෂණය, මේ රටේ අන් සියලු ශික්‍ෂණ ක්‍රම අභිබවා ඉදිරියෙන් සිටී.
උගතුන්ගේ සංස්‌කෘතිය හෑල්ලු කරන, කටට ආවක්‌ම කියන ඕනෑම අයෙකුට කාරුණිකව සිතා බැලිය යුතු කරුණක් වේ. තමන් මොනතරම් අවස්‌ථාවාදී වුවද, තම දරුවන් වඩා උගත් වඩා උසස් වඩා ශික්‍ෂිත අයවළුන් කිරීම ඔවුන්ගේ අවංක ප්‍රාර්ථනය විය හැකිය. එවන් දරුවෙකුට සරසවියට පැමිණීමට සිදුවනු ඇත. එවිට ඔවුනට ශිල්ප දිය යුතු වන්නේ අර ඇදුරන්ටමය. ගුරු යනු ලෝකය පාලනය කරන්නා යන අදහස එක් ශ්ලෝකයක ඇත. "ග" කාරාඋච්‍යතෙ විෂ්ණුඃ" ගුරු යන්නෙහි "ග" අකුරින් ලොව පාලනය කරන විෂ්ණු හැඳින්වෙයි. ලොව පාලනය කරන්නාට පහර දුන්විට ලෝකයේ ආධ්‍යාත්මික පැවැත්ම විනාශ වේ.
ආචාර්ය සාලිය කුලරත්න
පේරාදෙණිය විශ්වවිද්‍යාලය
විශ්‍රාමය හා විජ්ජුම්බරය

ජනතාවට වැඩි ප්‍රතිලාභ සහිත
විශ්‍රාම වැටුප් පනතක් ගෙන එන්න
ජාතික වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපතිට දන්වයි
පියසේන දිසානායක
පෞද්ගලික අංශය සඳහා යෝජිත විශ්‍රාම වැටුප් පනත වහා අහෝසි කර වැඩ කරන ජනතාවට වැඩි ප්‍රතිලාභ ලැබෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ජාතික වෘත්තීය සමිති සම්මේලනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලිත දැනුම්දීමක් කර ඇත. නව විශ්‍රාම වැටුප් පනතක් සැකසීමේදී එමගින් සේවකයන් දැනට භුක්‌ති විඳින වරප්‍රසාද සහ අරමුදල් සියල්ල සුරක්‍ෂිත වියයුතු බව ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති කේ. වේලායුදන් මහතාගේ අත්සනින් යුතුව මහින්ද රාජපක්‍ෂ මහතා වෙත යවන ලද ලිපියේ සඳහන්කොට ඇත.
යෝජිත විශ්‍රාම වැටුප් පනතට අනුව සේවකයකුගේ වැටුපෙන් 2% ක්‌ද, සේවා යෝජකයාගෙන් 2% ක්‌ද, අර්ථසාධක ප්‍රතිලාභවලින් 2% ක්‌ද, පාරිතෝෂිතයෙන් 10% ක්‌ද, සමුපකාර සේවකයන්ගේ ඉපයීම්වලින් 10% ක්‌ද සේවා නියුක්‌තිකයන්ගේ භාරකාර අරමුදලේ වාර්ෂික ලාභයෙන් 10% ක්‌ද වයස අවුරුදු 70 ඉක්‌මවූ අයගේ අක්‍රීය ගිණුම්වල සියලු මුදල් ද විශ්‍රාම වැටුප් අරමුදලට ලබාගැනීමට සැලසුම් කර තිබෙන බවත් සේවකයන්ගේ අනුමැතියකින් තොරව ඔවුන්ගේ මුදල් මෙලෙස අරමුදලට ලබාගැනීම නීති විරෝධී ක්‍රියාවක් බවත් එම ලිපියෙන් පෙන්වා දී ඇත.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව විශ්‍රාම වැටුප් පනතට අනුව අදාළ අරමුදලට සේවකයන්ගෙන් කපා ගන්නා මුදල් ප්‍රමාණය විෂයභාර ඇමැතිවරයාගේ කැමැත්ත අනුව ඕනෑම අවස්‌ථාවක වැඩි කළ හැකි බවත් එය සේවකයන්ගේ පැත්තෙන් ඉතා භයානක අනතුරක් බවත් වේලායුදන් මහතා ජනාධිපතිවරයා වෙත යෑවූ ලිපියෙන් පෙන්වාදී තිබේ.
විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලැබීමට වයස අවුරුදු 60 සම්පූර්ණ වන තෙක් සිටිය යුතු බව පනතේ සඳහන්ව තිබෙන බවත් ඒ අනුව වයස 55 දී විශ්‍රාම යන පිරිමි පාර්ශ්වයට වසර පහකුත්, වයස 50 දී විශ්‍රාම යන කාන්තා පාර්ශ්වයට වසර 10 කුත් යෝජිත විශ්‍රාම වැටුප ලබාගැනීමට බලාසිටිය යුතු බවත්
රැකියාවෙන් ඉවත්වූ සේවකයෙක් කිසිදු ආදායම් මාර්ගයක් නොමැතිව එවැනි කාලයක් බලාසිටින්නේ කෙසේදැයි එම ලිපියෙන් පෙන්වා දී ඇත.
විශ්‍රාම වැටුප ජීවිත කාලයටම ලබාදිය යුතු වුවත් යෝජිත විශ්‍රාම වැටුප් පනතට අනුව සේවකයාගෙන් කපා ගන්නා ලද තැන්පතු මුදල් අවසන් වන විට විශ්‍රාම වැටුප් ලබාදීමත් නතර කෙරෙන බවත්, විශ්‍රාම වැටුපට රජය කිසිදු දායකත්වයක් නොදක්‌වන බවත් එA අනුව යෝජිත විශ්‍රාම වැටුප් ක්‍රමයෙන් සේවකයාට කිසිදු ප්‍රතිලාභයක් අත්නොවන බවත් එම ලිපිය මගින් සිහිපත් කර ඇත.
Wednesday, December 15, 2010
චීන බෙර පදයට අඩව් අල්ලන අපේ ඈයෝ: ලියු ෂාබො ගැන පසුවදනක්

ලංකා දීප පුවත් පතෙහි තිළිණි ද. සිල්වා විසින් “ලංකාවත්නොබෙල් උළෙලට ලංකාවත් නෑ” රචිත සටහනක ලංකාව නොබෙල් තාග්‍ය ප්‍රධානෝත්සවය වර්ජනය කිරීමට තීණ්දු කර ඇතයි ලියා තිබිණි. එය මෙසේ ය: “නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර දී අනිද්දා (10) පැවැත්වෙන නොබෙල් සාම ත්‍යාග ප‍්‍රදානෝත්සවය වර්ජනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කැර ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. චීන සිරකරුවකු වන ලියු ෂියා ඕ බෝ එම සම්මානයට තෝරා ගැනීම ගැන චීනය විරෝධය පළකරයි. චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින”
කෙසේ වෙතත්, මේ සියලු ක්‍රියාවලියන් මගින් මතුවන්නේ චීන කොමුනිස්ට් ආණ්ඩුවේ ඇති ව්‍යජ වෙස් මුහුණ ය. චීනය මධ්‍යස්ථ රටක් ලෙසින් විසි එක්වෙනි සියවසේහි නැගී සිටින බව, ඔලිම්පික් උත්සවය සමඟ ඔවුන් රඟ දැක් වූ ව්‍යජ ජවනිකාව ය. ඔවුන් පෙනි වූයේ චීනය නවීකරණය වූ ප්‍රගතිශිලි රටක් ලෙසින් ය. එහෙත් විකල්ප මත දැරීම හෝ ජාතික රජයේ අදහසට විරුද්ධ මත දැරීම හෝ නිදහස් භාෂණය තදින් ම පගා දමා තිබෙන, සත්‍ය විකෘති කොට ආණ්ඩුවට පක්ෂ මතයන් වඩවා ගන්නට උත්සහ කරන පාලනයක් බව මෙකී තාග්‍යය සමඟ නැවත මතු වී පැමිණින. ලංකාව වැනි රටක මිහිදු දේශපාලනය චීනය ආදර්ශයට ගෙන මැරෙන තුරා රජකම් කිරීමට පාර කපමින් සිටි යි. උතුරු කොරියාවේ කිම් ඉල් සුන් (1912-1994) සහ කිම් ජොන් ඉල් (උ. 1941), කියුබාවේ කැස්තෝ, ලිබියාවේ ගඩිපි, සිම්බාබුවේ රොබට් මුගාබේ (උ. 1924) ආදීන් පිඩිත ජනතාවගේ කර මතින් පාලන බලයට පැමිණ අද දක්වා ම, ස්වකීය බලය ආරක්ෂා කරගැනීමේ සාහිතිශය පිඩයන් වී සිටිති. අතීතයේ ද බ්‍රිතන්‍ය පාලනයට එරෙහි ව සටන් වැද, රාජ්‍ය බලය නතු කර ගත් ඉඩි අමින් අවසානයේ මිලියන ගණනක් ස්වකීය ජනතාව මරා දැමී ය. අපේ ජනපතිගේ මිතුරන් මොවුන් වැන්නවුන් ය.
ලූ ෂිබෝ හට නොබෙල් ත්‍යග ප්‍රධානය පිළිබඳ චීන විදේශ කටයුතු භාර අමාත්‍යවරිය ජියන් යූ පසුගිය දිනක පැවසුවේ, “චීන නිතීය යටතේ වරදකාරුවෙකු වූ සිරකරුවෙකු නොබෙල් තග්‍ය ප්‍රධානය කිරීමට තීරණය කිරීම, චීනය තුළ ධාමරිකකම් කිරීමට ප්‍රසිද්ධියේ කරන ධෛර්යමත් කිරිමකි; චීනයේ නීති පද්ධතිය හැල්ලුවකට ලක් කිරීමකි. චීනයේ නෛතික ස්වරීත්වය එල්ල කළ දරුණු පහරකි.”
නිදහස් භාෂණය සඳහා චීන ජනතාවට අයිතිය ඇත්තේ නීතීයේ සීමාවන්ට යටත් ව ය; ඒ කොමියුනිස්ට් පක්ෂයේ මතයට හානියක් හෝ විවේචනයක් නොමැති ව ය. පසුගිය දිනක ගූගල් සෙවුම් පද්ධතිය ද චීනයෙන් ඉවත් වී ගියේ ඔවුන්ගේ පාදඩ සීමාවන්ට තව දුරටත් හිස නැමිය නොහැකි නිසාවෙන් ය. චීනය දැනටමත් “ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයට (World Wide Web)” විකල්ප අන්තර්ජාල පද්ධතියක් පිහිටුවා ගෙන ඇත. පසුගිය වසරේ නොබෙල් තග්‍යය ජනාධිපති ධූරයට පත් වී වසරක් ද නො ගෙවූ ඔබාමා වෙත ප්‍රධාන කිරීම මා ඇමරිකාවේ සිටිය දීම දැඩි සේ විවේචනය කළෙමි. එයට හේතුව මා දේශපාලන වශයෙන් ප්‍රතිපාක්ෂිකු වූ නිසා නො ව, ඔහු සැබවින් ම කළ දෙයක් නො වූ නිසා ය. මුස්ලිම් රාජ්‍යන් කිහිපයක්ට ගොස්, ඉස්ලාම් ආගම ගැන කථිකා කළා හෝ ඇමරිකන් හමුදා ආපසු ගෙන්වා ගන්නේයයි පුරන් බැවා මිස, පවතින සාම ක්‍රියාකාරකමක් නො කළේ ය. ඔහුට වඩා නොබෙල් සාම තග්‍යයට සුදුසු අයවළු සිටිය හ. අද ඔබාමා ගේ කිර්තිය සිග්‍රයෙන් බැසයමින් පවති.
ලියූ ෂාබො දේශපාලඥයකු නො ව, ශාස්ත්‍රඥයෙකි; ලේඛකයකි. හෙතෙම කිසිදු දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නො වූ, පවතින පාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ ලා දේශපාලන බල අරගලයන්ට දායක නො වූ චරිතයකි. ඔහු ගේ දායකත්වය වන්නේ 2008 වර්ෂයේ දී, “චීනය ’08 ප්‍රඥප්තිය” යන මැයින් කළ ලියවිල්ලට ය. එයින් චීනයේ පවතින කොමයුනිස්ට් පාලනය විසින් සැලකිය යුතු ප්‍රතිසංවිධානයක් කළ යුතු බවටත්, ප්‍රජාතන්ත්‍රවාදීත්වයට ගරු කළ යුතු අතර, නිදහස් භාෂණය ඉඩ සැලසිය යුතු බවත් ප්‍රකාශ කළේ ය. අවුරුදු එකළොසක් සිරබත් කෑමට වරදකාරයෙකු වූ යේ මෙකී රචනය හවුල් කතුවරයකු වීම නිසාවෙන් ය; “ඔන්න, චීන නීති පද්ධතියේ තරම!”
ත්‍රස්තයන්ගෙන් මුදවාගත් ලංකාවේ දකුණ චීනයට, උතුර ඉන්දියාවට ය!!! එනයින් අපට තවත් මොන කතා ද?
2009 දෙසැම්බර් මස පැවති නඩු විභාගයේ දී, ලියූ ෂාබො මෙසේ කී වචන පෙළින් මා මෙම ලිපිය අවසන් කරමි:
2010 නොබෙල්තග්‍ය ප්‍රධානෝත්සවය වීඩියෝව (පැය 1:27)
එක්සත් ජාතින්ගේ සංගමයේ හිටපු මහා ලේකම් කොෆි අන්නාන් (2001)
ඇමරිකාවේ හිටපු ජනාධිපති ජිමි කාටර් (2002)
ඉරාන මානව අයිතින් ක්‍රියාකාරිනිය ශිරාන් එබාඩි (2003)
හරිත පට ව්‍යාපාරය නිර්මාතෘ වන්ගාරී මුටා මාතායි (2004)
ඉරාන මානව අයිති ක්‍රියාකාරී මොහොමඩ් එල්බාරාඩයි (2005)
බංගලදේශ මහාචාර්ය හා ශුද්ධ මුල්‍ය ව්‍යාපරයේ නිර්මාතෘ මොහොමඩ් යානුස් (2006)
ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ඇල් ගොර් සහ IPCC (2007)
ෆින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ට්ටි අහටිසාරි (2008)
ඇමරිකාවේ වත්මන් ජනාධිපති බරක් ඔබාමා (2009)
මෙවර නොබෙල් තග්‍යය ලාභී:
[1] “I, filled with optimism, look forward to the advent of a future, free China. For there is no force that can put an end to the human quest for freedom, and China will in the end become a nation ruled by law, where human rights reign supreme” (Nation 2, Sunday December 12, 2010: 6).
ලොව පැරණිතම මත්කාරකය: බලකාමය
බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...
