Saturday, March 17, 2018

කම්කරු මැදුරේ මහදැන මුත්තා ගේ බේරුම්කරණය


මා එක්තරා අතකට විප්ලවවාදියෙක්මි. අනෙක් අතට මානව අයිතින්, යුක්තිය පිළිබඳ උමත්තක වූවෙක්මි. මා සැම විටම සිතා සිටියේ ලංකාවේ කම්කරු නීතීය සාධාරණ හා කම්කරුවන් සඳහා යුක්තිය ඉටුවන බවකි. සමහර කතා මා අසා තිබුනේ ආයතන මගින් අල්ලස් හෝ යම් වරප්‍රසාධයන් භාවිත කොට නීති කණපිට හරවන බවකි. අනෙක් අතට සමහර අර්ථසාධක ගැනීමට ලතවන වයස් ගත පුද්ගලන්ගේ කතා පිළිබඳ ඇසීමෙක් මුළු කම්කරු අමාත්‍යංශය පිළිබඳ දැඩි පිළිකුළක් හා වෛරයක් ඇති වෙයි. එහෙත් පසුගිය දිනක කම්කරු  අමාත්‍යංශයයේ සේව්‍ය-සෙවක බේරුම්කරණය පිළිබඳ කැකිල්ලේ නඩු තීණ්දුවක් අසන්නට  ලැබිණි. ඒ මා වැඩ කරන ආයතනයේ ය.

මා වැඩ කරන්නේ අධ්‍යපනය සඳහා සම්බන්ධ ආගමික ආයතනයක ය. එහි වසර පහළොවකට වැඩි කාලයක් වැඩ කරමි. ඒකී ආයතනය ආරම්භ කළ කාලයේ සිට ම, ඉතා සමීපව වැඩ කළ අතර, වසර හතක පමණ අධ්‍යපනය හදාරා පසුව පශ්චාත් උපාධිය කිරීමේන පසු ද, දිගට ම ඒ ආයතනයේ ඉගැන් වීම් කටයුතුවල නිරත වි ය. මේ කතාව ආරම්භවන්නේ දැනට වසර හත අටකකට පමණ පෙර සිට ය. එකී ආයතනයේ අධ්‍යපනය ලැබීමට නියුන් සහෝදරයන් දෙදෙනෙකු දකුණු ප්‍රදේශය සිට පැමිණේ. ඔවුන් කලින් අධ්‍යපනය ලැබූ ආයතයේ මෙන් ම, රැකියා කළ ආයකනවල චොදනා නිසා ඉවතට දැමූ හෝ කොන් කරනු ලැබූවෝ වූ හ. ඒ හෙයින් බහුතර ගුරුවරුන් ගේ විරෝධතා මැද ඔවුන් අධ්‍යපනය සඳහා අවස්ථාවක් දෙන සේ අයඳුම් කළ කෙනෙක් ද මා ය. ඒ මගේ විප්ලව වාදීත්වය හා මනුෂ්‍යත්වය පිළිබඳ වූ විශවාසය නිසා ය. මා සිතන්නේ කවරෙකු හෝ යහපත් අවස්ථාවන් හා ආගමික ආභාසයන් ලැබූ විට යහපතට හැරෙන බව ය (මා බොළඳ අදහස් ඇත්තෙකු සේ ඔබට සිතෙන්නට ඇත). කෙසේ වෙතත්, ඒ පිළිබඳ මට කණගාටුවක් නොවන්නේ එයින් එක් සහෝදරයකු අද ගෞරවනීය සේවයක් කරනා බැවින් ය.මේ කතාව අනෙකා ගැන ය.

ඔවුන් ශිෂ්‍යන් ව සිටි සමයේ අපගේ එක් ප්‍රධානියකු විසින් ඔවුන් ගේ දුක නිතර නිතර අසා, කාරුණික හදවතින් ආයතනයේ පොත් විකිණිම සඳහා යම් ගාස්තුවක් ගෙවීමට තීරණය කරයි. ආරම්භයේ සිට ම, ඔවුන් ශිෂ්‍යයන් බැවින් ඒ භූමිකාවෙන් පොත් විකිණිම හා බෙදා හැරීම සඳහා යොදා ගන්නා ලදී. කිසි විටකත් ඔවුන් ආයතනයේ සෙවකයකු නොවී ය. එකී කාලය තුළ ඔවුන් ගාස්තු ගෙවා ඉගෙන ගත් අතර, ඔවුන් හඳුනවා දෙන පිණිස ලිපියක් මෙම ප්‍රධානියා විසින් දී තිබිණි. මෙසේ අධ්‍යපනය ලබන අඩු ආදයම් ලබන ලාභින් තවත් සිසුන් හය දෙනෙකු ද මෙසේ පොත් බෙදා හැරීමට යොදා ගනී. අවසානයේ දී ‍වසරක හෝ දෙකක කාලයක් තුළ මෙම උපකාර ක්‍රමය අත්හැර දමුනු ලැබේ. එහිදී ඔවුන් ගේ සමඟ ම වැඩ කරන කෙනෙකු ආයතනයට බඳාවා ගන්නා අතර, ඔහුට යම් යම් වර ප්‍රසාද ප්‍රධානියා තුළින් ලැබේ. මේ පිළිබඳ දැඩි ඊර්ෂ්‍යවෙන් පසුවන කතා නායකයා ද විවිධ වූ දක් ගැහැ‍ට කියා කීය කීය හෝ තඩා වඩා ගැනීමට පටන් ගනී. අවසානයේ මෙම ප්‍රධානියා තාවකාලික වශයෙන් වැඩ කළ බැවින්, ඔහු නික්ම ගිය පසු, තවත් ප්‍රධානියකු පත්වන අතර, ඔහු විසින් නිල වශයෙන් ඔහු ගත් දෑ නැවත භාර දෙන ලෙස ඉල්ලා සිටි. අවසානයේ දී පොලිස්සිය දක්වා දුර දිග යාමෙන් ඔහු පොලිස්සියේ දී තමුන් සන්තයේ තබා ගත් පොත් භාර දෙයි. ඒතැන් පසුව ඔහු විසින් විවිධ ආයතන ලබා පදී ගැනීමේ ව්‍යාපෘතියක එළඹෙයි. පළමුවෙන් ම පැමැනේනේ පාරිභෝගීක අධිකාරීයේ නියෝජිතයන් ය. ඔවුන් විභාග කොට පෙන්වා දෙන්නේ මෙම පොත් වල මිල මුද්‍රණය නොකර ඇති බවකි. ඒ සඳහා දඩයක් නියම කළා දැයි මතන නැත. දෙවනුව, තොවනුව, මෙසේ රජයේ අධිකාරීන් අප අයතනය හඹා විටින් විට කඩා පනී. මේ සියල්ල එක් දුෂ්ට පුද්ගලයකු ගේ පලි ගැනීමේ ව්‍යාපෘතිය ගෙතු කතාවන් ය.

එහෙත් කතාවස්තුව මස්තක ප්‍රාප්තවන්නේ කම්කරු අමාත්‍යංශයේ ඔහු විසින් කරන ලද පැමිණිල්ලකින් ය. ඔහු එහිදී කියා සිටින්නේ තමුන් මෙම ආයතනයේ සේවයකු බවත්, ඔහු වැඩ කළ කාලය සඳහා අයවිය යුතු අර්ථසාධන නො ගෙවා ඇති බවත් අයුතු ලෙස ඉවත් කොට ඇති බවත් ය. මෙහිදී විමර්ශනයක් මෙහෙය වන අතර රාජ්‍ය නිළධාරීයා විසින් ආයතනය හට දොෂාරෝපනය කිරීමට පටන් ගෙන විමර්ශනය ආරම්භ වීමටත් පෙර, තීරණය ගෙන ඔහු සේවකයකු බව දක්වයි. ඒ සඳහා ඔහු විසින් දක්වන්නේ ආයතනය විසින් දුන් හඳුන්වා දෙන ලිපිය ය. ඒ අවස්ථාවේදී ඔහු විසින් ආයතනයට සේවකයාව අයවිය යුතු මුදල ලෙස නමදහසක පමණ මුදලක් අය විය යුතු බව දක්වයි. ‍ විමර්ෂණය විධිමත් ව ආරම්භ වීමට පෙර, ඒකපාර්ෂිය ලෙස නඩුඅසා, ජූරී තීර්ණය කොට, වරද කරු කොට දණ්ඩනයක් ද නියම කර නිදහසට කරුණු දක්වන්නයි මේ රාජ්‍ය නිළධාරියා ආයතන ප්‍රධානියාට දක්වයි. ඉතා පහසුවෙන් මේ මුදල ගෙවීම හැකියාව තිබුණ ද, මා සේවය කරන ආයතනය ආගමික ආයතනයක් බැවින් මුදල ගෙවීමට ප්‍රතික්ෂේප කරන්නේ වංචාවට හා අයුක්තිමය තීණ්දුවක් නිසාවෙන් ය.

වසරක දෙකක් පමණ කාලයක් මෙම විමර්ෂණය දික් ගැස්සෙන අතර, එක් අවස්ථාවක දී මෙම ලිපිය පිළිබඳ මතභේදයක් හට ගනී. මෙම ලිපිය අපගේ සේවකයන් හට ලබාදී ඇති ලිපියක් නොවන බවට කරුණු දැක් වූව ද, එක එල්ලේ ම, නිළධාරියා පැවසුවේ ලිපිය වලංගු බව ය. මෙයට අමතර ව උක්ත පුද්ගලයා ස්වකීය සේවකභාවය සඳහා ඉදිරිපත් කළේ ව්‍යාජ හැඳුනුම් පතක් සහ සොරා ගත් රිසිට් පොතකි. එහෙත් අප අයතනය මගින් පැමිණිමේ ලේඛනය, සේවකයකු දෙන ස්ථිර කිරීමේ ලිපිය, අර්ථසාධක ලියවිලි, සත්‍ය හැඳුනුම්පත්, ඔහු සමඟ වැඩ කළ අයගේ දියුරුම් ප්‍රකාශ හා ශිෂ්‍යභාවය සනාථ කරන ලිපිලේඛන ආදී සාක්ෂි රාශියක් ඉදිරිපත් කළේ ය. එහෙත් රාජ්‍ය නිළධාරීයා විසින් සොරා ගත් රිසිටි හා ව්‍යාජ සේවක හැඳුනුපත් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්සියට අල්ලා දිය යුතු පුද්ගලයා විපක්ෂව ඇති සාක්ෂි රාශිය පරදා සේවකයකු බව ඒකමතිකව පිළි ගන්නා ලදී. ආයතනය විසින් ආයාචනයට ඉල්ලූ විට ඔහුට ඉහළින් ඇති නිළධාරියකු වෙත ඉදිරිපත් කළ අතර, වැසි සැලකිල්ලක් නොගෙන ම, ඔහු සේවයකු බව තිරණය කොට උසාවියේ තීරණ්ය සඳහා යොමු කෙ‍රිණි. ස්වභාවික යුක්තිය මෙසේ අමු අමුවේ මරණු ලැබ, කැකිල්ලේ තීණ්ඳුවක් දෙනු ලැබිණි.
එවිය ආයතනය සිතා සිටියේ උසාවියෙන් යුක්තියක් ඉටුවනු ඇති බවකි; එහෙත් සිඳු වූයේ අනෙකකි. උසාවිය දන්වා තිබුණේ සමථයට පත් වීම සඳහා කටයුතු කර ඇති බැවින් ද, යුක්ති සහගත ලෙස තිණ්ඳු කර ඇති බැවින් ද, උසාවිය මගින් ගත් තීරණය ක්‍රියාවට  නැංවීමේ නියෝගය දීම පමණක් සිඳු කරන බව ය. එහිදී පුන පුනා අසාධාරණය ගැන පැවසුව ද, නෛතික ප්‍රතිපාදන මගින් එවැනි තීරණයක් හැරවිය නොහැකි බව දැක් වි ය.  අවසානයේ දණ්ඩණය පත් කොට, ඇප ගෙවන තුරු සමාජයේ ඉතා ඉහළ පිළිගැනීමක් ඇති ප්‍රධානියා කූඩු කරනු ලැබි ය. උසාවියේ දී ගෙවිය යුතු මුදල් ගෙවා අවසානයකට පත් කරණු ලැබිණි.

එහෙත් ගැටලුව එතැනින් අවසන් වූයේ නැත; වසර පහක කාලය තුළ වරින් වර කම්කරු අමාත්‍යංශයෙ බේරුම් කරුවන් විසින් වැරදි ලෙස ගණනය කර ඇති බව දක්වමින්, වරින් වර මුදල් ගෙවීමට අණ කරනු ලැබිණි. එක වදකට (නොකළ සහ යුක්තිය කනපිට පෙරළු) කිහිපවරක් දඩ ගෙවීමට සිඳු වි ය. අවසාන සිඳුවීම සිඳු වූයේ පසුගිය සතියේ ය. නැවත වරක් ගෙවිය යුතු මුදල වැරදි ලෙස ගණණය ‍කර ඇති බව දක්වමින් තවත් මුදලක් ගෙවීමට විමර්ෂණයක් ඇති බව දන්වා තිබිණි. එහිදී ප්‍රධානියා දැක් වූයේ පහසුවෙන් මුදල ගෙවිය හැකි වුව ද, ආගමික ආයතනයක් බැවින් යුත්තිය සාධාරණත්වය වෙනුවෙන් ප්‍රතිපත්ති ගරුඛ විය යුතු නිසා වසර පහක පමණ කාලයක් අන්සි ලෙස දුක් ගැහට විදිනට ද, චිත්ත පීඩාවට විඳින්නට සිඳු වූ බවත්, අතිශයින් ලජ්ජා සහගත ලෙස අයුක්ති සහගත ලෙස උසාවි කූඩුවට දැමූ බවටත්, රජයේ නියෝජිතයකු ලෙස මෙසේ රජය රටේ වෘත්තිකයන්ට කරණ පිඩාව පිළිබඳ දුක්වන පවසා පැමිණ ඇත. තවද කම්කරු අමාත්‍යංශයේ එකී නිධාරින්ට තමුන් ගේ ගණණය කිරීම වැරදි බව දක්වා ලිපියක් එවන සේ පවසා පැමිණ ඇත. එකම වරදකට කිහිපවිටක්මේ වරින්වර දණ්ඩනයන් ඉදිරිපත් කිරීමක් කළ නොහේ. එය ස්වභාවික යුකතියට හෝ ව්‍යවස්ථාවේ ඇති සම්පාදනයන්ට එරෙහි ය. උක්ත ගැටලුවෙහි  අවසානයක් නැතිවනු නොවනු මානය; කම්කරු මහදැන මුත්තලාගේ දඪුවන් දීමේ හා අලාභ ගෙවීමේ නියමයන් ගේ අවසානයක් ද නොමැති වනු ඇත. 

මෙයට ප්‍රධාන හේතුව වන්නේ යුක්තිය පසඳලීම, සාක්ෂි විභාගය හා මෙහෙයවීම, විනිශ්‍ය ප්‍රධානය වැනි විශේෂඥ දැනුමක් ඇතිව කළ යුතු කාර්යයක්, නිළධාරීවාදයෙන් පිරි, අකාර්යෂ්‍යම, අදම, මුග්ධ, රාජ්‍ය නිළධාරි තන්ත්‍රයක යටතේ පැවතීම ය.

එක් කම්නිකරු ළධාරික් පැවසුවේ 3000ක සේවක පිරිසකගෙන් යුත් කර්මාන්ත ශාලාවක එක් සේවකයකු විසින් වෛරි සහගත ලෙස කළ පැමිණිල්ලක් වසර ගණනාවක් ඇද ගෙන විත් එහි ප්‍රධානියා කම්කරු නිළධාරින් විසින් අධික ලෙස වෙහෙසට පත් කළ බව ය. අවසානයේ ඇති වූ බේරුම් කරණයේ දී, කර්මාන්ත ශලාව වසා දැමීමට සිඳු විය. ඒ නිසා අවසානයේ එක් සේවකයකුට යුක්තිය පසඳලීමේ මුවාවෙන් 3000ක සේවක පිරිසකට රැකියා අහිමි කළේ ය. මෙවැනි අත්තනෝමතික ක්‍රියාවන් වැළැක්වීම සඳහා දේශපාලනය දර්ශනයකු හෝ අභිමකයක් නොමැත. ඒ හෙයින් අනාගතයේ දී ද කැකිල්ලේ නඩූ තීණ්ඳුවල අවසානයක් නැත.

මා ව්‍යාපරාකයන්, කර්මාන්ත කරුවන් සහ වෙනත් සේවකයන් යොදා ගෙන කටයුතු කරන අය වෙත අවවාදයක් ලියා තබන්නට කැමැත්තෙමි. ඒ නම් කම්කරු බේරුම්කරණයකට ඔබට යාමට සිඳු වේ නම් ඔවුන් විසින් දෙන කිසිඳු ලියවිල්ලක අත්සන් නොකරන්න. ඔබ යුක්තියක් වන්නනේයයි සිතා විමර්ශනයට කැමැත්ත පළ කොට අත්සන් කළේ නම් අත්තනොමතික නිළධාරියකු ගේ අමනෝඥ, බොළඳ, සුදුසු කමක් නොමැති ලාමක තීරණ සඳහා අවධානමක වැටේ. මොවුන් නීති ක්ෂෙත්‍රයේ හෝ  යුකිත්තිය පසඳලීම පිළිබඳ කිසිදු සුදුසුකමක් නැති නිළධාරීවාදීන් ය. ඒ හෙයින් ඔවුන් ‍ගේ තීර්ණ අසාධාරණ බව දැක් වීමට හෝ අභියාචනකය කළ හැකි නිසි බුද්ධිමත් නිඝධාරින් සහිත ක්‍රමවේදයක් නැත. අනෙක් අතට අල්ලස් අතිනත මාරුවන්නේදැයි අපි නොදනිමු. එහෙත් යමක් විශවාසයෙන් කිව හැකි කැකිල්ලේ තිරීණයක් නම වසර ගණනක කල් මැරීමෙන් පසු ඇතිවෙයි. මෙය කියවන්නෝ මුලින් කී මුදල ගෙවා බෙරෙන්නට තිබුනේයයි  තර්ක කළ හැකි ය. එහෙත් ඒ අය විසින් වරනි වර ගණන් බැලීම වැරඳුන බව පවසා නාවත නැවත මුදල් ඉල්ලීම් එයින් අවසන් වන්නේ නැත. උක්ත සිද්ධියෙදී සිව්වතාවක් ගණන් හදා වරින් වර මුදල් ගෙවීමට තිණ්ඳු දී ඇත. ඒ හෙයින් කැකිල්‍ලේ තිණ්ඳු නිසැක ය. කිසිඳු ලියවිල්ලකට අත්සන් නොකරන්න වඟ බලා ගන්න. එවිට මෙවැනි මොඩ නිළධාරින්ට උසාවියේ දී ඔබ කූඩූ කිරීමේ හැකියාවක් නැත. උසාවියෙන් අඩුම තරමේ යුක්තිය පසඳලීමට සුදුසු පුහුණුලත් විනිශ්චය කරුවන් ඇති බැවින් යම් සාධාරණයක් හෝ ලැබෙනු ඇත.

සමථ මණ්ඩල පිළිබඳ කියන්නට ඇත්තේ ද මෙවැනි ම කතාවකි. සමථ මණ්ඩපවල සිටින්නන් නිසි අධිකරණය හා යුක්තිය පසඳලීමට සුදුසු කමක් ඇතිතෝ නොවන නිසා බලවත් අයට පහසුවෙන් සමථයට පත් කිරීමක් කර ගත හැකි ය. වින්දිතයාව විරුද්ධ දණ්ඩනය පැවැත් වීම ද, යුක්තිය ඉටු නොවීම බහුලව සිඳු වෙයි. මමථ මණ්ඩලවල දුර්වලතා ගැන යම් යම් දේ විවෘත විශ්වවිද්‍යලයේ අපගේ කතිකාචාර්යවරයකු වූ අචාර්ය සේපාලිකා වැලිකල මහත්මිය කියනු මට මතක ය. මේ සඳහා හොඳම නිදර්ශනය දක්නට ඇත්තේ ප්‍රගත් එක්නැලිගොඩ ඝාතන නඩුවේදී ඔහුගේ භාර්යාවට ඥානසාර හිමියන් විසින් කළ බැණ වැදීමක් සමථ මණ්ඩලයට යොමු කරනු ලැබිණි. එහිදී සමථ මණ්ඩලට ඥානසාර හිමියන් වැඩම ("වැඩම" යන වචනය යෙදීමට පමණ නොවටින නමුත්, චිවරධාරී නිසා යොදමි) කළ විට, මුළු සමථ මණ්ඩලයේ සාමාජීකයන් ම අපේ හාමුදුරුවනේ කියා වැඳ වැටී, සමථ මණ්ඩලයේ අසුන් ගත් හ. අවසානය් ඔවුන් ගේ උපදේශ වූයේ මෙවැනි මහණ හිමි නමකට විරුද්ධ උසාවිය නොගොස් සාමාදාන වන ලෙස ය. අවසානයේ එක්නැලිගොඩ මහත්මිය කියා සිටියේ තමුන් උසාවියෙන් සාධාරණත්වය අපේක්ෂා කරන බවත් තමුන්ගේ ආත්ම ගරුත්වය කෙළසමින්, බොදුණු තමට නිගා කරමින් හැසිරුණු කොනෙකු සමඟ සමාදාන නොවන බව ය.

නොදන්නා අයගේ යුක්තිය පසඳලීම විසිදෙවන ශතවර්ශයේ මහදැන මුත්තලාගේ නඩූ විසදීම් වගේ නොවේ ද?


No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...